19 වෙනි ශතවර්ෂයේ සිදු වුනු විශිෂ්ටතම සොයාගැනීම් ටිකක් මෙන්න…

නව සොයාගැනීමක් බෝහෝ විට ක්‍රියාවලියක් , ක්‍රමයක් , සංයෝජනයක් හෝ එහෙමත් නැත්නම් විවිධ කාර්යන් වෙත ලඟා වෙන්න යොදාගන්න උපකරණයක් හෝ වීමට පුළුවන්. එය සම්පුර්නයෙන්ම අලුත් නිර්මාණයක් වෙන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි වන ලෙස වැඩි දියුණු කල උපකරණයක් වීමටත් ඉඩ තියනවා. මානව වර්ගයාගේ ආරම්භයත් සමඟම ඔවුන් පරිසරය තමන්ට අවනත කර ගැනීම සඳහා විවිධ ආයුධ සහ ක්‍රියාවලින් නිපදවීම සිදු කර තිබෙනවා. අද වන විටත් ලෝකය හැඩගස්සවා ගන්න තාක්ෂනය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අතීතයේ ඉදන් මේ වනතෙක් ලෝකයට විවිධ නිර්මාණ බිහි වෙමින් පවතිනවා . ඉදිරියටත් අලුත් අලුත් දේවල් මේ ලෝකයට දසදහස් ගණනින් බිහි වේවි . අපි මේ කියන්න සුදානම් වෙන්නේ 19 වෙනි සියවසේදී මේ ලොවට දායාද වුනු විශ්මිත සොයාගැනීම් කිහිපයක් ගැන ඔබට කියන්නයි .

ටයිප්රයිටරය
ටයිප්රයිටරය එහෙමත් නැත්නම් මුද්‍රණ යන්ත්‍රය මානව සන්නිවේදනයේ වැදගත් සන්ධිස්ථානයක් බවට හඳුන්වන්න පුළුවන්.බ්‍රිතාන්‍ය ජාතික නවනිර්මානකරුවෙකු වූ හෙන්රි මිල් නම් පුද්ගලයා විසින් තමයි 1714 දී යතුරු ලියනය සඳහා පේටන්ට් බලපත්‍රය හිමි කරගන තියන්නේ. නමුත් Christopher Sholes නම් පුද්ගලයා විසින් තමයි Samuel Soule සහ Carlos Glidden යන දෙදෙනාගේද උදවු ඇතිව 1867 දී , භාවිතයට ගත හැකි ප්‍රථම යතුරු ලියනය නිර්මාණය කරලා තියන්නේ.1874 දී Sholes විසින් මේ වාණිජමය යතුරු පුවරුවට හිමි පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා.

විදුලි බැටරිය
නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනී‍මත් සමගය.එම වෝල්ටීය පුංජය මගින් අනවරත සහ විශ්වසනීය විදුලි ප්‍රවාහයක් නිර්මාණය වුනා. සෝඩියම් ක්ලෝරයිඩ් පෙඟවූ කඩදාසියක් දෙපසට සින්ක් සහ කොපර් තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවීම ඔහු විසින් සිදු කරනු ලැබුවා.

දුරකථනය
දුරකතනය කියන්නේ අද වන විට නැතුවම බැරිදෙයක් බවට පත් වෙලා තියනවා.මයිකල් ෆැරඩේගෙ හිතේ තමයි මුලින්ම මේ දුරකතනයේ ක්‍රියාවලිය පිළිබඳව අදහස හිතේ ඇති වෙන්නේ.නමුත් ඔහුගේ මේ අදහස ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ අනුවම පළමු දුරකථනය නිපදවීමේ ගෞරවය හිමි වෙන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්ට. ඒ 1876 මාර්තු 10 වෙනිදා ඔහුගේ ඒ දුරකථනයෙන් පළමු වචනය සම්ප්‍රේෂණය කිරීමෙන් අනතුරුව.

මහන මැසිම
1800 මුල් භාගයේදී ජනගහනයෙන් බෝහෝ පිරිසකට ඇඳුම් මිලදීගැනීමට තරම් වත්කමක් තිබී නැහැ. එම නිසා බෝහෝ දෙනෙක් අන්න්දුම් මසා ගත්තේ අතින්මයි. නමුත් Elias Howe නම් පුද්ගලයා විසින් මේ සියල්ල වෙනස් කරනු ලැබුවා 1846 දී මහන මැෂිමට පේටන්ට් බලපත්‍රය ලබා ගනිමින්. පේටන්ට් බලපත්‍රය අලුත් වුනත් මේ මහන මැෂිමේ සංකල්පය නම් අලුත් එකක් නෙවෙයි.

චුවින්ගම්
සමහර යට ඇබ්බැහියක් වෙලා තියන මේ චුවින්ගම් වල ඉතිහාසය ගැන නිකමට වත් හිතල බලල නැතුව ඇතිනේ ඔයා. මුල්ම චුවින්ගම් එක හඳුන්වා දී තියන්නේ Thomas Adam නම් පුද්ගලයෙක් විසින්.
1870 දී තමයි ඔහුට මුලින්ම මේ අදහස ඇති වි තියන්නේ සහ ඒ වෙනුවෙන් කර්මාන්තශාලාවක් විවෘත කිරීමට අදහස පහල වෙන්නේ. මේ ක්‍රියාවලියට අදාළ පේටන්ට් බලපත්‍රය ඔහු ලබා ගන්නේ 1871 වසරේදී.ඔහු 1880 දී මුලින්ම නිපදවූ චුවින්ගම් එක නම් කර තිබෙන්නේ ‘’Black Jack’’ යන නමින්.

මේ නිපැවුම් වලට අමතරව කොකා කෝලා , කඩදාසි අමුණනය , Telegraph , ඇස්ප්‍රින් සහ කැමරාව වැනි දේවල් වල ආගමනයත් සිද්ද වෙලා තියන්නේ 19 වෙනි සියවසේදියි. ඒ කාලයේ සොයාගැනුණු උපකරණ තමයි වර්තමානය වන විටත් විවිධ ආකාරයට පරිනාමය වෙමින් මිනිසාගේ එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් කර ගැනීමට සහය ලබා දෙන්නේ. ඇතැම් සොයා ගැනීම් විවිධ ක්ෂේත්‍ර වල විශාල වෙනස්කම් ඇති කරන්න පවා මේ වන විට සමත් වෙලා තියන බව අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *