මුහුණ ලස්සන කරගන්න මෙන්න මේ ස්වභාවික රහස් වට්ටෝරු භාවිතා කරන්න

අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන කියලා දෙනවා අදත් අපි ඔබ්ට් ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන දැනුවත් කරන්න යන්නේ ඒ තමයි කොල්ලෝ කෙල්ලොන්ට පහසුවෙන් ලස්සන වෙන්න තියෙන ස්වභාවික ක්‍රම හා වෙනත් ක්‍රම භාවිතා කරලා ලස්සන වෙන විදිය ගැන ……ඔබත් මේ ගැන දැනගන්න ලිපිය කියවන්න…

මුහුණ ලස්සන කරගන්න ස්වභාවික සත්කාර

ලෙමන්…

ලෙමන් විටමින් “සී” බහුල පළතුරක්. හිරු එලිය නිසා සමේ ඇති වී තිබෙන පිලිස්සීම්වලට පමණක් නොවෙයි, සමේ මැරුන සෛල ඉවත් කරල සම පැහැපත් කරනවා. ඒ වෙනුවෙන් ඉතා පහසුවෙන් ඔබට මේ දේවල් කරන්න පුලුවන්.ලෙමන් යුෂවලට වතුර තේ හැදි බාගයක් එක් කර ගෙන එය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 ක් 15 ක් අතර කාලයක් මේ මිශ්‍රණය මුහුණේ තබා ගෙන එයින් පසුව සෝදා හරින්න.

ලෙමන් යුෂ තේ හැන්දකට මීපැණි ත් හැදි දෙකක් එකතු කරන්න. මුහුණ සෝදා පිරිසිදු කර ගෙන මේ මිශ්‍රණය ආලේප කරන්නත් පුලුවනි. මීපැණි සමේ තෙතමනයට ආරක්ෂාවට ඉතා වැදගත්.පිපිඤ්ඤා යුෂ තේ හැදි දෙකකට මී පැණි හැන්දක් එකතු කරල හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප කරන්න පුලුවනි.පිපිඤ්ඤා කැබලි ලෙමන් යුෂ එක් කරගෙන බ්ලෙන්ඩරයකින් අඹරා ගෙන මුහුණේ ආලේප කරන්න. පිපිඤ්ඤා හමේ තෙතමනය වගේම හම පිරිසිදු කරන ශක්තිය ඇති එළවළුවක්.

ටිකක් පරිස්සම් වෙන්න..

ලෙමින් ආලේප කරන විට හමේ දැවිලි ගතියක් ඇති වෙන්න පුලුවන්. තුවාල මුඛ නිසාත් මේ විදිහට අපහසුතාවයන් ඇති වේවි. ලෙමන් යුෂ හැන්දෑ කාලයේදී හෝ හෝ රාත්‍රියේදී ආලේප කරන්න.

පැපොල්…

පැපොල්වල අන්තර්ගත “පැ‍පේන්” එන්සයිමය ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට සමට ගුණදායකයි. සමේ පැහැපත්බව වගේම දීප්තියටත් මේ එන්සයිමයෙන් වඩාත් ප්‍රතිකාරයක් ලැබෙනවා. අඹරා ගත් පැපොල් සමේ ගල්වා ගෙන විනාඩි 20 කින් සෝදා හරින්න.
පැපොල් පල්පය සමග ලෙමන් යුෂ තේ හැදි බාගයක් එක් කරගෙන සමේ ආලේප කරන්න.විනාඩි 20 කින් සෝදා හරින්න. මෙය දිනපතා වුනත් කිරීමෙන් ගුණ ලැබේ.සමේ තෙල් ගතිය උරා ගෙන සමට පැහැපත්බවක් වගේම ලප කැලැල් නැති කිරීමටත් හේතු වෙනවා.
පැපොල් පල්පයට මීපැණි තේ හැන්දක් එක් කරන්න. මීපැණි හමේ වියලි බව නැති කරනවා.විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා මේ ප්‍රතිකාරය කිරීමෙන් ඔබට ලස්සන සමක අයිතිය නොදැනීම ලැබේවි.

කහ…

අද බොහෝ ආලේපන වලට කහ එකතු කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබටත් කහ ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට මේ අන්දමින් යොදා ගත හැකියි. කහ විටමින් “සී” බහුලයි. කුල ලප, කැලැල්, පැලල්ම් ඉවත් කරනවා.කොලැජන් වර්ධනය කරනවා. කහ කුඩු තේහැන්දකට ලෙමන් යුෂ සහමී පැණි එකතු කර මෘදු මිශ්‍රණයක් තනා ගන්න.මෙම මිශ්‍රණය ගෙල, මුහුණ ආදී ප්‍රදේශයන්හි ආලේප කර විනාඩි 30 කින් සෝදා හරින්න. මෙය දිනපතා කිරීමෙන් සමේ තෙල් ගතිය නැති වෙනවා.හමේ තෙතමනය ආරක්ෂා කරනවා පමණක් නොව දිදුලන සහ පැහැපත් සමක් ඇති වේවි.කහ කුඩු තේ හැදි බාගයක් සමග කෝමාරිකා ජෙලි ගතිය එකතු කර ගෙන ආලේප කරන්න.සමේ වියලි බව නැති කිරීමට කෝමාරිකා ඉතා ගුණදායකයි.

කෝමාරිකා

සුදු වෙන්න සිතන ඔබට
කෝමාරිකා මද සාරය කෝප්ප බාගයක්
දෙහි යුෂ තේ හැදි 02 ක්
මුදවන ලද කිරි මේස හැන්දක්

කෝමාරිකා මද සාරය භාජනයකට දමා හොදින් පොඩි කර ගන්න. පසුව එයට කිරි හා දෙහි යුෂ එක්කොට හොදින් මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණයට කහ කුඩු ස්වල්පයක් එක් කර නැවත මිශ්‍රණය හොදින් කලවම් කරන්න. පසුව මෙම සාදා ගත් ආලේපනය මුහුණේ හා ගෙළ පෙදෙසේ හොදින් ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කෝමාරිකා තුළ ඇති Gel එක මුහුණෙහි ආලේප කර විනාඩි 15-20 කට පසු මද උණුසුම් වතුරෙන් සෝදා හැරීමෙන් මුහුණේ ඇතිවන Wrinkles නැති කර ගත හැකියි

පිපිඤ්ඤා සහ බිත්තර

කුඩා පිපිඤ්ඤා ගෙඩියක බාගයක් පමණ කුඩා කැබැලි වලට කපා බ්ලෙන්ඩර් කර ගන්න. එයට එළකිරි හෝ ප්‍රේෂ් මිල්ක් මේස හැදි 02ක් එක් කරන්න. පසුව බිත්තර සුදු මදය ද එක්කර හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා සෝදා හරින්න.

දොඩම් සහ කෙසෙල්

කපා ගත් ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක් හොදින් පොඩි කර ගන්න. එයට දොඩම් යුෂ සහ මී පැණි මේස හැන්දක් බැගින් එකතු කරන්න. පසුව හොදින් පිරිසිදු කරගත් මුහුණේ ඉහත මිශ්‍රණය ආලේප කර විනාඩි 15-20 තබා මද රස්නය ඇති ජලයෙන් සෝදා ඉවත් කරන්න.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් සමග මී පැණි මිශ්‍ර කර ආලේපකිරීමෙන් ඇස් වටා සහ නළල මත ඇති Wrinkles සහ Fine Lines ඉවත් කර ගත හැකි වෙයි.

 

මුහුණේ රැළි ස්වභාවයෙන් මිදීමට.

මෙහිදී අයිස් ඔබගේ රුධිර සංසරණය වේගවත් කරන අතර අකලට මුහුණේ සැදුනු රැළි ස්වභාවයට විදසුමක් ලබාදෙනවා. ඔබයේ මුහුණට මේකප් භාවිත කිරීමට පෙර මිනිත්තුවක් මුහුණ අයිස් වලින් සම්බාහනය කරන්න පමණයි ඔබට තියෙන්නේ.

 

ඔබගේ මුහුණේ සිදුරු වසා දැමීමට.

අයිස් භාවිතයෙන් ඔබගේ මුහුණ මිනිත්තු 2-3 අතර කාලයක් සම්බාහනය කරන්න. දින කිහිපයකින් මෙහි සැබෑ ප්‍රතිපල අත්විදිය හැකිය.

කිරි සහ කහ සත්කාරය

කිරි තේ හැඳි 1 ක්, කහ කුඩු ½ ක් සහ අමන්ඩ් ඔයිල් බින්දු 2 – 3 ක් හොඳින් මිශ්‍ර කරන්න.

හොඳින් මිශ්‍ර කිරීමෙන් අනතුරුව ඔබේ ඇඟිලිවල හා ඇඟිලි පුරුක්වල ආලේප කරන්න.

ක්‍රියාකාරී වීමට විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් හොඳින් සෝදා හරින්න.

උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙම ප්‍රතිකාරය සතියට තුන් වරක් පමණ සිදු කරන්න

සමේ අඳුරු පැල්ලම් ඉවත් කළ හැකි ළුණු සත්කාරය

සමේ අඳුරු පැල්ලම් එහෙමත් නැත්තම් කළු පැහැති පැල්ලම් ඔයාගේ සමේ පෙනුම නැති කරනවා. ඉතිං ඔයාගේ සමේ තියෙන අඳුරු පැල්ලම්වලට සාර්ථක විසඳුම් ගෙදර ඉඳලා ළුණු වලින් ලබා ගන්න පුළුවන්. ළුණු වල අන්තර්ගත විටමින් C සමේ අඳුරු ලප පැල්ලම් ඉවත් කරන්න උපකාරී වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. ඔයාගේ සම ගොඩක් මෘදු නම් ළුණු යුෂ විතරක් භාවිත කරනන්න එපා. කහ යුෂ, කිරි පිටි තේ හැන්දක සමග අමු ළුණු යුෂ හැන්දක් සමග මිශ්‍ර කරන්න. එවිට ඔයාගේ සමට කිසිදු හානියක් සිදු වෙන්නේ නෑ.

මුහුණේ වයසක පෙනුම අවම කර තරුණ පෙනුමක් ලබාගත හැකි සත්කාරය

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රබල ගැටළුවක් තමයි මුහුණට වයසක පෙනුමක් එකතු වීම. මේ ගැටළුවට විසඳුමක් විදිහට ළුණු භාවිත කළ හැකියි. ළුණු වල ලූණු, A, C හා E විටමින් ආම්ලික ද්‍රාවණයන් යහමින් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන නිසා හිරු එළිය සහ UV කිරණ මගින් ඔයාගේ සමට හානී වීම වළක්වනවා. ඔයාගේ සම රැලි වැටීම අවම කර වයසක පෙනුම දුරලමින් තරුණ පෙනුමක් ලබා දෙනවා.

ලප කැළැල් මැකීම සදහා

විටමින් ඊ තෙල් ස්වල්පයක් හෝ කරලක ඇති තෙල් ගෙන ඔබේ ලප කැළැල් ඇති ස්ථානයන්හී ගල්වා හොදින් සම්භාහනය කොට විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න. නිසි ප්‍රතිඵල ලබා ගැනීමට දිනකට දෙවරක් වත් මෙය සිදු කරන්න

යෝගට් සත්කාරය

යෝගට් කියන්නෙ ආහාරයට ගන්න දෙයක් වුනත් සෞඛ්‍යයට බෙහෙවින් හිතකර ස්වභාවික ලස්සන වැඩි කර ගන්න පුළුවන් ලැක්ටික් අම්ලය හා විරංජන ගුණ පිරි සමේ පැහැපත් බව රැක ගැනීමට උපකාරි වන සංයෝගයක්. යෝගට් ස්වල්පයක් ගෙන එයට මී පැණි එක් කොට මිශ්‍ර කර ඔබගේ මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර විනාඩි 15 පමණ සෝදා හරින්න. මී පැණි නැතත් යෝගට් තනිව මුහුණේ ආලේප කොට උණුසුම් ජලය මගින් සෝදා දැමීමට ද ඔබට පුළුවන් . සතියකට එක් දිනක් වත් මෙම යෝගට් ප්‍රතිකාරය සිදු කරන්න ඔබට හැකියි.

දොඩම් සත්කාරය

සමේ තානය දියුණු කිරීම සදහා විටමින් සී වලින් වන සේවාව ඉතා අගනේය. දොඩම් ලෙලි කිහිපයක් ගෙන එය කුඩක් ආකාරයට කුඩු කර සාදා ගන්න. පසුව එයට කහ ස්වල්පයක් එකතු කොට තැඹිලි යුෂ සමග මිශ්‍ර කර ආලේපයක් ලෙස සාදා ගෙන එයට අවශ්‍ය නම් යෝගට් හැන්දක් ද එකතු කොට විනාඩි 20 පමණ මුහුණෙහි ආලේප කර තිබෙන්නට හැර සෝදන්න.

පිපිඤ්ඤා සත්කාරය

සූර්යාගෙන් සමට වන බලපෑම අවම කිරීමට හැකි මූලික ස්වභාවික අමු ද්‍රව්‍ය ලෙස පිපිඤ්ඤා හදුන්වා දිය හැකිය. පිපිඤ්ඤා යුෂ සමග මී පැණි මිශ්‍ර කර මුහුණෙහි ආලේප කිරීමෙන් අදුරු පෙනුම මග හරවා ගත හැකිය. එමෙන්ම ඇස් වටා කළු වීම අවම කර ගැනීමට ද පිපිඤ්ඤා පෙති උපකාරී කර ගත හැකිය.

පළතුරුවලින් පැක් එකක්

ඉහත ආලේපයට වඩා මෘදු ලෙස සාදාගත හැකි Face Packs වර්ගද ඇත. මේවා පළතුරු හෝ එළවළු යොදාගෙන සාදාගත හැකිය. සමට හොඳ රුධිර සැපයුමත්, සම පිරිසුදු කිරීමත් හා විටමින් හා ඛනිජ ලවණ සැපයීමත් මෙමගින්ද සිදුවේ. මේ සඳහා කෙසෙල්, ඇපල්, මුද්දරප්පලම්, ඉදුණු ගස්ලබු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ආදී පළතුරැත් දෙහි, කැරට්, පිපිඤ්ඤා වැනි එළවළුත් බහුලවම භාවිත කෙරේ.

තක්කාලි සත්කාරය

එක් රැයකින් සමේ සියළු අප ද්‍රව්‍ය ඉවත් කොට සම දීප්තිමත් කර ගැනීමට තක්කාලි ඔබට උපකාරී වේ. තක්කාලි අළුත් සෛල නිපද වීමට උපකාර වන අතර තක්කාලි යුෂ ස්වල්පයක් ගෙන එයට ලෙමන් යුෂ එක් කර අදුරු ස්ථාන වල ආලේප කර පසුව සෝදා හරින්න.තෙල් සහිත සමකට නම් තක්කාලි යුෂ මී පැණි සමග යොදා මුහුණේ ගා පසුව සීතල වතුරින් සෝදන්න. එය කුරුලෑ වලටද හොද ප්‍රතිකාර ක්‍රමයකි.

බිත්තර සත්කාරය

මුහුණෙහි රැලි වැටීම වැලැක්වීමට හා සුදු සමක් ලබා ගැනීමට බිත්තර උපකාරී වේ. බිත්තර සුදු මදය ගෙන එය හොදින් ගසන්න. පසුව බෙල්ලෙහි හා මුහුණෙහි එය තවරා මිනිත්තු 20 පසුව ඇල්මැරුණ ජලයෙන් සෝදා හරින්න

අලිගැට පේර සත්කාරය

ලප කැලැල් ඉවත් කොට දීප්තිමත් සමක් ලබා ගැනීමට අලිපේර උපකාරී වේ. අලිපේර ගෙන තලපයක් සේ සාදා පිපිඤ්ඤා යුෂ හා මී පැණි ස්වල්පයක් එකතු කොට මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර මිනිත්තු 20 පමණ සෝදා හරින්න.

කඩල පිටි සත්කාරය

විරංජක ගුණ ඇති කඩල පිටි සමෙහි දීප්තිය රැක දේ. කඩල පිටි ස්වල්පයකට රෝස වතුර එක් කර මිශ්‍ර කොට මුහුණු ආවරයක් ලෙස මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර විනාඩි 20 පමණ තිබෙන්නට හැර සීතල වතුරින් සෝදා හරින්න.

කිරි සත්කාරය

කිරි ඔබේ සමේ පැහැය වැඩි කරයි.සම සෞඛ්‍ය සම්පන්න කරයි. කිරි වලට මී පැණි ස්වල්පයක් එක් කොට මිශ්‍ර කර මුහුණෙහි ආලේප කර විනාඩි 15 පමණ සෝදා හරින්න. සතියකට වරක් මෙම ක්‍රමය භාවිතා කළ හැකිය.

මී පැණි භාවිතා කරලා මුණ ලස්සන කරන සත්කාර

 

 

සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

කිසිවක් මිශ්‍ර නොකරන ලද පිරිසිදු මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මඳ රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට හැකිවේවි.

රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

මී පැණි කෝප්ප භාගයකට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට හැකිවේවි. මී පැණි සහ යෝගට් මිශ්‍රකර මුහුණේ ආලේප කිරීම විශ්මයජනක ප්‍රතිඵල ලබාගත හැකි බව පැවසෙනවා. ඒ සඳහා මී පැණි සහ යෝගට් මිශ්‍රණයක් සාදාගෙන මුහුණේ ආලේප කර මඳ වෙලාවක් මුහුණ මත තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් මුහුණේ රැළි වැටීම් වළක්වාගත හැකියි.

ඔබගේ ආහාර හා ඇවැතුම් පැවැතුම් හේතුවෙන් රුධිරයට විෂ සාන්ද්‍රණ එකතුවේ. එය සමේ වර්ණවත් බවට හානිපමුණුවයි. ඒ සඳහා රක්ත ශෝධනය කළ යුතුය. රක්තශෝධනය සඳහා පොකුරු වදමල් උණුවතුරට දමා තැම්බුණු පසු මල ඉවත් කොට එයට සීනී හා දෙහි යුෂ ස්වල්පයක් ද දමා පානයකිරීම සුදුසුවේ.

නෙල්ලි‍- රසකිඳ තේ වෙනුවට පානය සමේ නිරෝගී බවට උපකාරයකි. දවස‍කට නෙල්ලි ගෙඩියක් ආහරයට ගැනීම හෝ නෙල්ලි ස්වල්පයක් තම්බා බීම මගින් සමේ තරුණ බව රැක ගැනීමටත්, සම රැළිවැටීම වළක්වාගැනීමටත් සමේ වයස් ගත පෙනුම ඉවත් කර ගැනීමටත් හැකිය.

ඉරමුසු, පොල්පලා, රණවරා ආදිය යම් ද්‍රව්‍යක් අමතරව පිපාසය සංසිඳවා ගැනිම සඳහා දිනකට වරක් දෙවක් පානය කිරීමෙන් රුධිරය පිරිසුදු වී සම පැහැපත් හා නීරෝගී කරයි. රණවරා මල් හා පොතු තම්බා බීමෙන් හමේ නීරෝගී බවට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමට ද උපකාරීවේ.‍ බොන්න කී පමණින් මේ කිසිදු ද්‍රව්‍යක් මුට්ටි ගණන් තම්බා පානය නොකළ යුතුය. දිනකට එක් ද්‍රව්‍යක් තම්බා පිපාසය සංසිඳවා ගැනීමට පානය කිරීම යෝග්‍ය වේ.

සුදු හඳුන් හම පිරිසුදු කර ගැනීමට මෙන්ම සමේ වර්ණය පැහැය වඩවා ගැනීමට ද උපකාරීවේ. සුදුහඳුන් කුඩු දෙහි ඇඹුල් ස්වල්පයක් සමග මුහු‍ණේ හා සමේ අලේප කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිවේ. සමට මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම හා මුහුණ පිරිමැදීමේ දී හා පිරිසුදු කිරීමේ දී සුළැඟිල්ල හා වෙදඟිල්ල භාවිත කිරී මුහුණේ සම ප්‍රබෝධමත් කිරිමට උපකාරීවේ.

උළුහාල්

උළුහාල් තේ හැදි 2-3 හොදින් කුඩු කර වතුර සමග මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20 ට පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සමේ පැහැය වැඩි කිරීම

උණුකළ නැවුම් එළකිරි වීදුරුවකට, මඳක් නිවුණු පසුව දෙහි ගෙඩියක ඇඹුල් සහ ග්ලිසරින් තේ හැඳි 01ක් දමා මිශ්‍රකර මුහුණ ඇතුළු ශරීරයේ ආලේප කරන්න. කැමැති නම් රාත්‍රි නින්දට යෑමට පෙර මෙය කළ හැකිය. මෙය දිනපතා කළ හැකි නම් එමඟින් සම නිරෝගී වී තරුණ පෙනුමක් ලබාදෙයි.

‍ෙදාඩම් ඉස්ම සමේ පැහැපත්බව වැඩිකරයි. පිරිසුදු නැවුම් ‍ෙදාඩම් ඉස්ම මුහුණේ ආලේප කළ හැකිය. එසේම පැසුණු ‍ෙදාඩම් බික් පවනේ වියළා කුඩුකර සාදා ගන්නා ආලේපය රාත්‍රි නින්දට පෙර ආලේප කිරීමෙන් සම පැහැපත් වේ. එමෙන්ම කුරුළෑ ඉවත් වෙයි.

පැණිකොමඩු ඉස්ම සමේ ඇති කුණු ඉවත් කිරීමට යොදයි. මේවා සමේ ආලේපකර විනාඩි 15ක් පමණ තිබෙන්න හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ඉදුණු තක්කාලි ඉස්ම මුහුණේ ආලේපකර පැයකට පමණ පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනපතා කළ හැකි නම් හම පැහැපත් වේ.

• පිපිඤ්ඤා ගෙඩියක් පොඩිකර මුහුණ, නළල, බෙල්ල ආදී ස්ථානවල ආලේපකර විනාඩි 20කට පමණ පසුව සෝදා හරින්න. මෙයින් සමේ වියළි බව තුරන් වේ. කුරුලෑ, ලප, කැළැල් ආදිය ඉවත් වෙයි.

• කොට්ටම්බා ඇට, අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ආලේප කරන්න. මේ මඟින් සම පිරිසුදු වේ. සමට පෝෂණය ලැබේ. සම වියළීම වළක්වා තරුණ පෙනුම ලබාදෙයි.

• මීකිරි ස්වල්පයක් ගෙන උදෑසන මුහුණේ (ශරීරයේ) ආලේප කරන්න. පසුව විනාඩි විස්සකින් පමණ ඉවත් කර සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙමඟින් සම පැහැපත් වේ. මීකිරිවලට දෙහි ඇඹුල් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

• රතු පරිප්පු ස්වල්පයක් පොඟවා මීකිරි සමඟ අඹරා මුහුණේ ගනව ආලේප කර විනාඩි 20ක් පමණ තබා ඉවත් කරන්න. මෙමඟින් සම පිරිසුදුවී, දීප්තිමත් බවක් ඇතිවේ. ලප කැළැල් ඉවත් වේ. මෙම මිශ්‍රණයටම කොහොඹ කොළ ඉස්ම ස්වල්පයක් එක්කරන්නේ නම් එමඟින් කුරුලෑද සුවවේ.

• මීපැණි, ඔලිව් තෙල්, සුදු හඳුන් කුඩු හා කහකුඩු මිශ්‍රණය ආලේප කිරීමෙන් සම ප්‍රාණවත් වේ. මෙමගින් සමේ මියගිය කොටස් ඉවත් වී පිරිසුදු වේ. සම පැහැපත් වේ.

මේ ආකාරයට ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් නිරතුරුවම සමට සත්කාර කරන්නේ නම් සම දිරාපත්වීමේ ක්‍රියාවලීන් ප්‍රමාද කර සම පැහැපත් වේ. නිරතුරුවම පිරිසුදුව සිටීමද, පෝෂ්‍යදායී ආහාර ගැනීමද සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සම වයසට යෑම ප්‍රමාද කිරීමට හේතු වේ.

මුහුණ ලස්සනට තියාගන්න මේ උපදෙස් පිළිපදින්න

මුහුණේ සම ආරක්ෂා කිරීමට

මුහුණේ පැහැපත් බව පවත්වා ගැනීම සඳහා මූලිකවම සිදුකළ යුත්තේ මුහුණේ සම ආරක්ෂා කර ගැනීමයි. ආයුර්වේදීය ක්‍රමයට අනුව මුහුණේ සම ආරක්ෂා කර ගැනීම සඳහා යොදනු ලබන ප්‍රතිකාර පහත ආකාරයට පියවර කිහිපයකින් හඳුනාගත හැකිය. ඒවා නම් පිරිසුදු කිරීම (Cleaning) සම්බාහනය (Massage) ඖෂධ මගින් ස්වේද කිරීම (දුම් ඇල්ලීම – Herbal Steam) සමට කරන සත්කාරය (Neutrisying Pack) රසායන (Toring) තෙත් ගතිය ඇතිකිරීම ආදියයි.

මුහුණෙහි පිරිසිදු බව ඉතා වැදගත්

එදිනෙදා රාජකාරි කටයුතුවලදී නිතරම එළිපහළියට යන්නට සිදුවන බැවින් දුම්, දූවිලි වැනි අපද්‍රව්‍යයන් නිරතුරුවම මුහුණේ සම මත තැන්පත් විය හැකිය. මෙම අපද්‍රව්‍ය මත බැක්ටීරියා වැනි විෂබීජ වර්ධනය වීමටද හැකියාව ඇත. සම පවිත්‍ර කිරීම හරහා එම අපවිත්‍ර ද්‍රව්‍ය මෙන්ම සම මතුපිටින් ඇති මැරුණු සෛලද ඉවත් කිරීමත් සිදුකෙරෙන අතර එමගින් සමට නැවුම් බවක් ඇතිවේ.

මුහුණට සබන් අහිතකරයි

මුහුණ පිරිසුදු කිරීම සඳහා සබන් වර්ග යොදාගැනීම එතරම් යෝග්‍ය වන්නේ නැත. එබැවින් මුහුණු පිරිසුදු කර ගැනීම සිදුකරගත යුත්තේ ඖෂධීය සංයෝගයක් මාර්ගයෙනි. ආයුර්වේදයේදී මේ සඳහා චූර්ණයන් භාවිත කරන අතර මෙම චූර්ණය ජලයෙන් හෝ ඖෂධීය ද්‍රව්‍ය තම්බාගත් ජලය භාවිත කිරීමෙන් තලපයක් සේ සකස් කර (Scrub) මුහුණේ ආලේප කළ හැකිය. මේ සඳහා ක්ලෝරින් සහිත ජලයට වඩා සුදුසු වන්නේ ගලාගෙන යන පිරිසුදු ජලයයි.

ආලේපය තවරා විනාඩි 10ක් පමණ එය කවාකාරව ඇතිල්ලිය යුතුය. ඉන්පසු ශීත ජලයෙන් සෝදාහැරිය හැකිය. මුහුණට කරන මෙම ප්‍රතිකාර බෙල්ල ප්‍රදේශයට සිදුකළ යුත්තේ මුහුණට සමාන වර්ණයක් එම ප්‍රදේශයේදී තිබිය යුතු වන බැවිනි. එසේ නොවුණහොත් මුහුණත් ගෙලත් අතර ඇති වෙනස කැපී පෙනෙනු ඇත. මෙම ඖෂධ සංයෝග භාවිත කිරීමේදී මුහුණේ සමට රුධිර සංසරණය හොඳින් සිදුවේ. මේ හේතුවෙන් මුහුණේ සෞම්‍ය බව වැඩිවීමත්, කැළැල් ලප ආදිය ඉවත්වීමත්, සම පැහැපත් වීමත් සිදුවේ. මෙය දිනපතා වුවද සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එමගින් මුහුණේ බැඳෙන දුම්, දූවිලි ආදිය ඉවත්වී පිරිසිදු හා නැවුම් ගතියක් ලබාදෙයි.

මුහුණට මසාජ් එකක්

ශරීර වර්ධනයට ආහාර අවශ්‍ය වන්නා සේම සම්භාහනයද ශරීර වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. ඒ අනුව මුහුණේ සමටද සම්භාහනයක් අවශ්‍ය වේ. මුහුණ සම්භාහනය කිරීමේදී අනවශ්‍ය හා වැරදි ආකාරයට සම්භාහනය කිරීම වඩාත් නුසුදුසු වන අතර මෙහිදී පාවිච්චි කළ යුතු වන්නේ ඇඟිලි තුඩුය. සාමාන්‍යයෙන් සම්භාහනයේදී මඳ උණුසුම් තෙල් වර්ගයක් භාවිත කළ හැකිය. තල තෙල්, ඔලිව් තෙල් ආදිය මේ සඳහා සුදුසු වන අතර ඒවා තෝරාගත යුත්තේ සමේ ස්වභාවය අනුවය.

නිවැරදි සම්භාහනය

මුහුණ සම්භාහනය කිරීමේදී පළමුව නිකට මැද ප්‍රදේශයෙන් ආරම්භ කළ යුතුය. මෙහිදී අත් දෙකෙහිම ඇඟිලි භාවිත කළ යුතුය. මුහුණ සම්භාහනයේදී නිකට යට ප්‍රදේශය උද්දීපනය කිරීම වැදගත් වන අතර බාහිරින් අතේ මුල ප්‍රදේශය හා සෙම්ගෙඩි තිබෙන ප්‍රදේශය උද්දීපනය කිරීම හරහා එම ප්‍රදේශවල බැඳී ඇති සෙම් පදාර්ත බුරුල්වීමත්, එම ප්‍රදේශවල තද ගතිය අඩුවීමත් සිදුවේ. ඉන්පසුව ක්‍රමයෙන් මුහුණේ ඉහළ ප්‍රදේශය සම්භාහනය කළ යුතුයි. සම්භාහනයේදී ඇඟිලි තුඩු දක්ෂිණවර්තව රවුමට චලනය කළ යුතුය. මෙම සම්භාහනයේදී ආයුර්වේදයේ දක්වා ඇති නිල උත්තේජනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

දුම් ඇල්ලීමත් හොඳ ප්‍රතිකාරයක්

දුම් ඇල්ලීම මුහුණ පැහැපත් කර ගැනීම සඳහා ඇති තවත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය මිටක් හෝ දෙකක් ගෙන වතුර පයින්ට් 1කට මිශ්‍රකර තම්බා ගැනීමෙන් පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීම සිදුකළ හැකිය. මෙහිදී වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ මූඩියකින් වසන ලද මුට්ටියක මෙම ද්‍රව්‍ය තම්බා යෝග්‍ය ස්ථානයක තැබීමෙන් අනතුරුව මූඩිය ඉවත්කළ විට පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීමය.

දුම් ඇල්ලීමේදී එය ආවරණය කිරීම සඳහා තුවායක් වැනි රෙද්දක් භාවිත කළ හැකිය. එමෙන්ම විනාඩි පහක් පමණ දුම් ඇල්ලීම ප්‍රමාණවත්ය. මෙම ක්‍රියාවේදී මුට්ටියේ සිට අඩියක, අඩි එකහමාරක පමණ දුරකින් මුහුණ බේරාගත යුතු වන අතර මෙහිදී ඖෂධ වශයෙන් සුදු හඳුන්, වැල් මී, දොඩම් ලෙලි, දශමූලවලට අයත් ඖෂධ ද්‍රව්‍ය භාවිත කළ හැකිය.

දුම් ඇල්ලීමෙන් සමේ පවතින අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත්වීමෙන් එයට හොඳ රුධිර සම්පාදනයක්ද මෙහිදී සමේ සිදුරු හොඳින් විවෘත වන නිසා පසුව යොදන ඖෂධ සමට උරාගැනීමට හොඳින් ඉඩකඩ ලැබේ. මෙම ප්‍රතිකාරය දිනපතා සිදුකිරීම නුසුදුසු වන්නේ මෙමගින් සම වියළීම සිදුවන නිසාය. වඩාත් යෝග්‍ය වන්නේ දුම් ඇල්ලීම සතියකට වරක් හෝ මසකට දෙවරක් පමණ කිරීම යෝග්‍යය.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *