සවස 5ට පොඩි විවේකයක් ගන්න වකුගඩු රෝග හැදෙන්නේ නෑ

වකුගඩු රෝග…

මම භාවනා කරන්න යනවා මහනුවර මහකන්දේ ධම්මකූඨ භාවනා මධ්‍යස්ථානයට. එහි දින දහයේ භාවනා පාඨමාලා පැවැත්වෙනවා. දෛනිකව පාන්දර 4 ට අවදි වන්නට ඕනි. 4.30 සිට භාවනා වැඩසටහන් පැවැත්වෙන අතර කඩින් කඩ විවේක ලැබෙනවා. හවස 5 ට භාවනාව පැය දෙකකට විතර නවත්වනවා. ඉන්පසු කෙටි භාවනාවක් සහ ධර්මදේශනාවක් තමයි තියෙන්නේ. රාත්‍රී 9 ට නිදා ගන්නට යනවා. මේ දින දහය ගෙවලා අවසන් වුන පසු කායිකව සහ මානසිකව විශාල වෙනසක් තේරෙනවා.

අපි අද කතා කරන්නේ භාවනාව ගැන නම් නෙවෙයි. ඒත් මම මෙහිදී සදහන් කලා සවස 5 සිට පැය දෙකක පමණ කාලයක් විවේකයක් ලැබෙන බව. මේ පැය දෙක තුල අපේ ශරීරයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. ඒ තමයි අපේ වකුගඩු දෙක පිරිසිදු කරනවා. එය ඉතාමත් වැදගත් වෙනවා. අපි දවස පුරා භාවනා කරලා මනසේ ඇති විෂ ඉවත් කරන්නට වෙර දරන විට ශරීරයද විෂ ඉවත් කරන බව අපි දැක තිබෙනවා. මේ විෂ ඉවත් කරන ප්‍රධානම ඉන්ද්‍රිය තමයි වකුගඩු කියන්නේ. වකුගඩු නිරෝගිව තබා ගන්නට මේ කාලය විවේකීව ගත කරන එක හරිම වැදගත්.

ඉස්සර කුඹුරක වැඩට යන ගොවියා සියලු වැඩ නිමකර සවස ගෙදර ඇවිත් විවේක ගන්නවා නේද? අද ගොවියාට එසේ විවේක ගන්නට බැහැ. රැකියාවක් කරන කෙනෙක් වැඩියෙන්ම ආතතියට ලක්වෙන වෙලාවක් තමයි මේ. හැකි ඉක්මණින් ගෙදර යන්නට ඕනි. දරුවන් බලාගෙන ඉන්නවා. පොලෙන් බඩු ගන්නත් ඕනි. බස් එකේ කොන්දොස්තරගේ ගෝරනාඩුව අහගෙන ඉන්නත් ඕනි. ඔෆිස්එකේ කරන්න බැරිවුන වැඩ ටික තවම ඔලුවේ. පාරේ ට්‍රැෆික්. ප්‍රශ්න ගොඩයි. ඒ මදිවට අද රෑට ටෙලි නාට්‍යයේ මොනවා වෙයිද දන්නේ නැහැ. ප්‍රශ්න ගොඩයි. දැන් මේ ප්‍රශ්නත් එක්ක වකුගඩු වලට නිවාඩු දෙන්නේ කොහොමද? එයා තවම වැඩ. එපමණක් නොවයි වකුගඩු වල ඉහලින් පිහිටා ඇති ඇඩ්රිනල් ග්‍රන්ථි මෙමතත්වය පාලනය කරන්නට දිගටම හෝමෝන නිකුත් කරනවා. ඉතිං කොහොමද නිවාඩු දාන්නේ.

නිවාඩු දෙන්න නම් විදිහක් නැහැ. මේ තමයි අපි වකුගඩු රෝග ඇති වෙන්නට එක හේතුවක්. මේ ගැන කවදාවත් හිතලා නැතුව ඇති නේද? හවසට දරුවන් සමග ටිකක් හුරතල් වෙන්නට ඇත්නම්. සිතේ ඊර්ෂ්‍යා, වෛර ක්රෝධ දුරුකරගෙන මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන පන්සලකට යන්නට ඇත්නම්, පල්ලියකට යන්නට ඇත්නම් මොනතරම් අගේද? නමුත් එය සිහිනයක් පමණයි මේ සමාජ ක්‍රමය තුල. කරන්නට දෙයක් නැහැ. අපි පිලිතුර සෙවිය යුත්තේ ප්‍රශ්නය ඇතුලේමයි. ඒ නිසා අපි ඒ ගැන සිත යොමු කරමු.

අපගේ සිරුරේ ඇති ඉන්ද්‍රියයන් විෂ හරණය කරන වේලාවන් පහත දැක්වෙනවා. එය හොදින් ධාරණය කරගන්න.ඔබට මෙහි ඇති යම් වෙලාවක යම් අපහසු තාවයක් ඇත්නම් ඒ කියන්නේ අදාල ඉන්ද්‍රියේ යම් ගැටලුවක් වෙන්නට පුලුවන්. ඒ ගැනද සැලකිලිමත් වන්න.

බලන්න වකුගඩුවක් කියන්නේ මොනතරම් කුඩා ඉන්ද්‍රිියක්ද? එය නරක් වුනාම අපිට ඩයලසිස් කරන්න වෙනවා. නැත්නම් අපේ ශරිරයෙන් රුධිරය ඉවත් කර එය පිරිසිදු කර නැවතත් ආපසු ශරිරයට ලබා දෙන්නට වෙනවා. බලන්නකෝ පහත ඇති පින්තූර දෙස. මේතරම් කුඩා වකුගඩුව මගින් කරන කාර්‍ය්‍ය කරන්නට හදන්නට වෙලා තියෙන මෙෂින් එකේ විශාල. මේක තමයි සත්‍ය්‍ය. අපේ ශරිරය විසින් කරන කාර්‍යයන් විද්‍යාඥයන් තවම දන්නේ නැහැ. අපේ ශරීරය තුල ඇති වකුගඩු වලට මානසික ශක්තියක් දිය හැකි වුවත් මෙෂින් එකට එහෙම නැහැ. මෙහිදී මනස විසින් කරන කාර්‍යය භාරය ගැන ඔබට යම් වැටහීමක් ඇතිවේවි යැයි සිතනවා. ඔබ ලේ කෝප කරන සිතිවිලි වලින් යුතු නම් වකුගඩු වලට එන බලපෑම වැඩියි. පිටතින් එන ආසනික් වලට වඩා තම චිත්ත සංථානය තුල ඇතිවන විෂ ඉතා දරුණුයි. ගොවියන් තමන්ට කන්න වස විස නැතිව වෙනම කොටසක් වගා කරනවා. මිනිස්සුන්ට කන්න දෙන්න වස විෂ සහිතව වෙනම කොටසක් වගා කරනවා. මොනතරම් කෘර සිතක්ද? අද බලන්න වැඩියෙන්ම වකුගඩු රෝග වලට ගොදුරු වෙලා තියෙන්නේ කවුද කියලා. හේතුව ආසනික් වලට දාලා තිබුනත් ඇත්ත හේතුව තිබෙන්නේ සිතේ. ඒත් සමාජය විසින් ඔවුන්ව එතනට තල්ලු කර හමාරයි. සමාජය යම් දවසක වැඩි මුදලක් ගෙවා හෝ කාබණික ආහාර මිලට ගන්නට සූදානම් වන දාට මේ ගැටලුව විසදේවි.

පහත තියෙනවා නේද වකුගඩුවක මුත්‍රා පෙරෙන ආකාරය දැක්වෙන රෑප සටහනක්. එය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වකුගඩු රෝග ගැන දැනගැනීමේදී. එම රෑප සටහනේ රතුපාටින් කෝප්පයක් වැනි කොටසක් තියෙනවා නේද? මේ කොටසට වෘක්කීය ධමණි ඇවිල්ලා ඉතාමත් කුඩා කේෂ නාලිකා බවට පත්වෙලා ගුලියක් සේ පවතිනවා. ඊලගට තියෙන රෝසපාට රෑපයේ දැක්වෙන්නේ ඒ ගුලියක් වැනි කොටස අනිවීක්ෂයක් ආධාරයෙන් බැලුවම පෙනෙන ආකාරය. එහි තද පාට ඩොට් ඩොට් තියෙනවා නේද? ඒ තමයි රතු රුධිරාණු.

මේ කේෂනාලිකාවක් තුල ඉදිරියට යා හැක්කේ රතුරුධිරාණුවක් තරම් කුඩා සෛල වලට සහ ඊට වඩා කුඩා අංශු වලට පමණයි. මේ කෝප්පයක් වගේ තියෙන කොටසට රුධිරයෙන් එක් එක් කොටස් සහ ජලය මුදා හරිනවා. එය සිදු කරන්නේ කේෂනාලිකා බිත්ති හරහා. ඒ සදහා අවශ්‍ය පීඩණය තමයි අපි රුධීර පීඩණය කියන්නේ. යම් හෙයකින් මෙම කොටසින් අදාල පෙරීම සිදු කරන්නට නොහැකි නම් වකුගඩු වලින් හෝමෝනයක් නිකුත් කරනවා රෙනින් කියලා. මේ හෝමෝනය මගින් තවත් පීඩණය වැඩි කරනවා. මේ විදිහට රුධිරයේ ඇති ඉවත් කල යුතු කොටස් ඉවත් වන තෙක් පීඩණය වැඩි කරනවා. දැන් හිතලා බලන්න යම් හේතුවක් නිසා වෘක්කීය ධමණියෙන් එන රුධිරය, කෝප්පයක් වගේ තියෙන ගුච්ඡිකා පෙරණය නම් වූ කොටසේදී පෙරා ගන්නට බැරි නම් අපගේ රුධීර පිඩණය වැඩි කර හෝ ඒ දේ සිදු කරගන්නවා නේද කියලා. දැන් අපි සොයා බැලිය යුතු වන්නේ මේ පීඩණය වැඩි වන්නට හේතුවයි. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

ඔය කෝප්පයක් වගේ තියෙන කොටසට පසුව ඇති කහ පාට නාලයෙන් තමයි ලේ වලින් පෙරෙන ප්ලාස්මාව ඉදිරියට ගෙනියන්නේ. එහිදී සිරුරට අවශ්‍ය සහ අනවශ්‍ය කොටස් ගුච්ඡිකාපෙරණයෙන් පෙරෙනවා. නමුත් මේ කහපාට නාලය තුල සිදු කෙරෙන ක්‍රියාවලියේදී නැවතත් 99% ක් පමණ ආපසු රුධීර නාල වලට අවශෝෂණය වෙනවා. මෙම කහපාට කොටස සෙන්ටිමිටර් 3 ක් විතර දිගයි. එසේම මෙවැනි ඉතාම කුඩා කොටස් මිලියනයක් විතර අපේ වකුගඩු වල තියෙනවා. මේ දිග වැඩි ගරලා ගත්තහම කිලෝමීටර් 120 ක් පමණ වෙනවා. හිතලා බලන්න කෙතරම් සංකිර්ණ පද්ධතියක් ද කියලා. ඩයලසිස් මෙෂින්එකේ ඇති බට වල දිග කොපමණ ඇද්ද?

‍මෙසේ නැවතත් ප්‍රති අවශෝෂනය වන රුධිරය වෘක්කීය ශරාවට එකතු වී නැවතත් රුධිර ධාරාවට එක්වෙනවා. මේ විදිහට තමයි අපේ වකුගඩු වල රුධිරය පෙරෙන්නේ. මෙහි ඇති වීඩියෝ නරඹා මෙම කාර්‍ය්‍ය මනාව වටහා ගන්න.

අපි මීට පෙර කතා කලා කොලෙස්ටරෝල් වලින් හෘදය වස්තුවේ කිරීටක ධමණි අවහිර වෙන ආකාරය. අපි එය ටිකක් කෙටියෙන් කතා කරමු. විස්තරාත්මකව දැනගන්නට අදාල ලිපිය කියවන්න. එසේ නැතිව මේතනින් ඉදිරියට තේරුම් ගැනීමට බැරිවෙලා මට බණින්න එපා. ඔබ මේතාක් කල් දැනගෙන සිටි දේවල් මේ කතාවෙන් බොරු වෙනවා. අදාල ලිපියේ ඊට අවශ්‍ය විද්‍යාත්මක සාධකද ඉදිරිපත් කර ඇති නිසා තමන් සතු දැනුමෙන් තීරන්‍ය කරන්නේ නැතිව ඒ ලිපියත් කියවන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

අපි කොලෙස්ටරෝල් චෙක් කරන්නට රුධිරය ලබාදෙන්නේ අතේ ඇති ශිරාවක්න්. ශිරා වල කොලෙස්ටරෝල් තැන්පත් වන බවක් අපි අසා නැහැ. සෑම විටම කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ ධමණියකයි. මේ රුධිර නාල වල ගමන් කරන රුධිරයේ ඇත්තේ එක් ප්‍රධාන වෙනසක් පමණයි. ශිරා වල රුධිරයේ කාබන් ඩයෙක්සයිඩ්ද, ධමණි වල රුධිරයේ ඔක්ෂිජන්ද දියවී තිබෙනවා.කාබන් ඩයොක්සයිඩ් ඇති මාධ්‍යයකදී මළ බැඳීමේ ක්‍රියාවලිය නැත්නම් ඔක්සිකරණ ක්‍රියාවලිය සිදු නොවන අතර ඔක්ෂිජන් සහිත මාධයයක ඔක්සිකරණ ක්‍රියාවලිය සිදුවෙනවා. ඔක්සිකරණය යනු ඔක්ෂිජන් මගින් පිටතින් ඉලෙක්ට්‍රෝන ලබා ගෙන ස්ථායි වීමයි. මෙහිදී ධමණි ඇතුලත ගමන් කරන රුධිර පල්ස්මාවේ දියවී ඇති ඔක්ෂිජන් ධමණි බිත්තියේ ඇතුලත ස්ථරය වන එන්ඩොතීලියම් ස්ථරයේ සෛල අතර ඇති ඉලෙක්ට්‍රෝන සොරාගන්නවා. මේනිසා අදාල ස්ථානය ඔක්සිකරණය වෙනවා. නැත්නම් මළ බැ‍ඳෙනවා. මේ අවස්ථාවේ අදාල ස්ථානයේ යම් අභ්‍යන්තර රුධිර ගළනයක් ඇතිවීම වැලැක්වීමට අපගේ මොළය පියවර ගන්නවා. අක්මාවට සංඥාවක් නිකුත් කරනවා අදාල ස්ථානය ආරක්ෂා කරන ලෙසට. මේ නිසාවෙන් අක්මාව LDL / VLDL වැනි අපි නරක කොසේටරෝල් කියලා හදුන්වන කොලෙස්ටරෝල් එවලා අදාල හැඩැස් ඇති ස්ථානයට යටින් කොලෙස්ටරෝල් තැන්පත් කරලා අපේ ජීවිතය බේරාගන්නවා. නමුත් මෙය දිගින් දිගටම සිදුවීම නිසා අදාල ස්ථානයේ ප්ලාක් එකක් නිර්මාණය වෙනවා. අවසානයේ අපේ ශරිරයත් කර කියාගන්නට බැරි තත්වයකට පත්වෙලා ලෝකයේ වැඩිම කොටසක් මිය යන හෘද රෝගයක් හැදෙන්නට පාර සැකසෙනවා.

දැන් මේ අනතුර වලක්වා ගත හැක්කේ කෙසේද? අදාල අනතුර පහවන තුරු මේ LDL වගේ නරක යැයි සම්මත කොසේටරෝල් නිපදවනවා. අපි බාහිිරින් ඒක නවත් වන්නට බෙහෙත් දුන්නට ශරිරය විසින් සිදු කරන්නේ ජිවිතය බේරාගැනීමේ සටනක් නිසා එන්න එන්නම මේ නරක යැයි සම්මත කොලෙස්ටරෝල් නිපදවනවා. අවසානයේ කරන්නේ ස්ටැටිං ඩ්‍රග්ස් භාවිතා කරලා කොලෙස්ටරෝල් නිපදවන ෆැක්ට්‍රිය වහලා දානවා. කෙතරම් ණුවනක්කාර වැඩක්ද? තමන්ගේ ණුවනින් විමසා බලන්න. අපි කල යුතු වන්නේ මේකද? මෙය දියුණු යැයි සම්මත නූතන බටහිර විද්‍යාව විසින් හිතාමතා අමතක කර ඇති බවයි මා සිතන්නේ.

ප්‍රශ්නය ඔක්සිකරණය නම් අපි කල යුුතු වන්නේ ප්‍රතිඔක්සිකාරක ලබා දිමයි. ප්‍රතිඔක්සිකාරක වැඩියෙන්ම තියෙන ලැයිස්තුවක් මම ලිපි කිහිපයක දැක්වූවා. අපේ රටේ තමයි ලොව හොඳම ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර තියෙන්නේ. මේ ගැන වැඩි විස්තර මා කොලෙස්ටරෝල් ගැනලියපු ලිපියේ දක්වලා තියෙනවා. එය අනිවාර්‍යෙයන් කියවන්න. ප්‍රති ඔක්සිකාරක යනු ඉලෙක්ට්‍රෝන ප්‍රධානය කල හැකි විටමින් සහ සෙලේනියම් වැනි මූලද්‍ර්‍ය්‍යන්. ඒවා ශරිරයට ගත් විට ඉලෙක්ට්‍රොන සොයන ෆ්‍රී රැඩිකල් වලට ධමණි බිත්තියේ ඇති ඉලෙක්ට්‍රෝන ගලවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. රුධිර ධාරාව තුලම අදාල ඉලෙක්ට්‍රෝන දායකයන් සිටින නිසා. අපි ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ගන්නට පටන් ගත් විගසම මොළය දැනගන්නවා මෙතෙක් තිබූ අනතුර දැන් පහව යන බව. මේ නිසා තවත් සිග්නල් එකක් නිකුත් කරනවා අක්මාවට. දැන් අර අනතුර නැහැ කරුණා කරලා එතන තැන්පත් ගන කොලෙස්ටරෝල් නැවත ගෙන්ව ගන්න කියලා. මේ අනුව HDL කියලා කැප්සියුලයක් නිර්මාණය කරන අක්මාව අදාල ස්ථානයට යවනවා අර මුලින් තමන්ම නිපදවූ කොලෙසටරෝල් නැවත ගෙන එන්නට. එය එසේම සිදු වෙනවා. අපි මොකද කරන්නේ. LDL කොලෙස්ටරෝල් අඩු කෑම සහ HDL වැඩි කෑම සොයනවා. ඇත්තටම විද්‍යාව දියුණුද කියලා හිතෙනවා.

HDL නිපදවන නිශ්පාදනාගාරය තමයි ඉස්සර අපේ කුස්සියේ තිබුණු මිරිස් ගල. අපේ ආච්චිලා උදේම ලොකු මිරිස් තුනපහ ගුලියක් අඹරනවා නේද? ඒවා කෑම වලට දැම්මා නේද? අද අපි යොා්ගට් හැන්දෙන්නේ තුනපහ දාන්නේ. මම කියන දේ තේරෙනවා ඇති කියලා හිතෙන නිසා මේ ගැන මම තවත් කතා කරන්නේ නැහැ. ඉහත කීලිපිය කියවලා තේරුම් ගන්න.

කිරිටක ධමණි වලට වඩා ඉතාම කුඩා කේෂ නාලිකා තමයි වකුගඩු වල තියෙන්නේ. ප්‍රශ්නය වෙන්නේ මේවා ධමණි වීමයි. ඉතිං අර අපි ඉහත දැක්වූ ප්‍රශ්නය මේ ධමණි ඇතුලත ඇතිවෙනවා. ධමණි බිත්තියේ ඇතුලත ඇති එන්ඩොතීලියම නම් සෛල ස්ථරයට යටින් කොලෙස්ටරෝල් තැන්පත් විම නිසා මෙම කේෂනාලිකා ඇතුලත ඉඩකඩ මදි වෙනවා. එසේම ධමණිවල බිත්ති දැන් ඝණකම වැඩියි. දැන් මොකද වෙන්නේ. කෙසේ හෝ අදාල අපද්‍රව්‍ය පිට කරන්නත් ඕනි. වකුගඩු විසින් රුධිර පීඩණය වැඩි කරනවා තමන්ගේ කාර්‍ය්‍ය කරගන්නට අවශ්‍ය නිසා. මේ විදිහට රුධිර පීඩණයත් එන්න එන්නම වැඩි වෙනවා. ඔබ පහත ඇති වීඩියෝ නැරඹුවා නම් පෙනෙනවා ඇති අර කෝප්පයක් වගේ කොටසට මුදා හරින්නට පුලුවන් ඉතා කුඩා අංශු විතරයි. ප්‍රොටීන් වගේ ඒවා මුදු හරින්නට බැහැ. නමුත් රුධිර පීඩණය වැඩි වත්ම ප්‍රෝටීන් වලට පවා එලියට එන්නට හැකි වෙනවා. නමුත් ඒවා නැවත ප්‍රති අවශෝෂනය කරගන්නට අපහසුයි. මොකද අදාල පිඩණය මුත්‍ර නාල වල නැති නිසා. වීඩියෝ දෙක කිහිප සැරයක් බැලුවා නම් මෙය තේරුම් ගන්නට පුලුවන්. දැන් සිදු වන දේ ඔබට පැහැදිලි ඇති.

දැන් රුධිරයේ තිබිය යුතු පෝෂ්‍ය කොටස් මෙලෙසට මුත්‍රා සමග සිරුරෙන් පිටවෙනවා. අපි බෙහෙත් කරන්නට ඕනි රෝග මූලය ඇත්තේ කොහේද? අපි බලන්නේ කුමක් දෙසද? අපි ප්‍රොටීන් පිටවන එක නත්වන්නට ප්‍රෝටින් ආහාර ගන්න එක සීමා කරනවා. ඉතිං ලෙඩේ හොදවෙලාද?

ෆ්‍රී රැඩිකල් නැත්නම් මුක්ථ කණ්ඩක තමයි මේ ප්‍රශ්නයට මුල වුනේ. මුලින්ම මේවා එන මාධයයන් වසා දමන්නට ඕනි. ක්ලෝරීන් සහිත ජලය පානය කිරීම, කෘෂිරසායන, නයිට්රේට්, වර්ණ කාරක, රස කාරක, කල්තබාගැනමේ රසායනික සහිත ආහාර අනුභවය, දූෂණය වූ වාතය ආග්‍රහනය කිරීම, දුම් පානය සහ මත්පැන් පානය. කෘතීම ඖෂධ වගේ ක්‍රම සහ තවත් ක්‍රම වලින් තමයි මේ ෆ්‍රී රුඩිකල් අපේ රුධිරයට එක්වෙන්නේ. ආශ්වාස කරන ඔක්ෂිජන් වලින් ඇතිවන ෆ්‍රීරැඩිකල් තවත් එක් ප්‍රශ්නයක්. කෙසේ වුවත් මේ සියලු ෆ්‍රී රැඩිකල් යමක් ඉල්ලනවා. ඒ තමන්ට ස්ථායි වෙන්න ඕනි නිසා. ඒ තමයි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ටෝන ලබා දෙන්නට හැක්කේ ප්‍රතිඔක්සිකාරක වලට පමණයි.

දැන් වකුගඩු රෝගයක් ඇති කෙනෙක් මුලින්ම කල යුතු වන්නේ කුමක් දැයි සිතාගත හැකි යැයි සිතනවා. මෙම තත්වය වැරදියට වටහාගෙන වකුගඩු ඉවත් කරන්නට සිදුවන තැනට වැඩ සිද්ධ කරගන්නේ ඔබ තුල මේ දැනුම නැති නිසයි.

වකුගඩු ප්‍රශ්නයට තවත් එක් හේතුවක් තමයි අපි පානය කරන ජලයේ ඇති ක්ලෝරීන් . ඒ ගැනත් මම මීට දින කිහිපයකට පෙර ලියපු ලිපියක සදහන් කලා. එය පහද කමෙන්ට් වල දක්වන්නම්. එයද කියවන්න. ක්ලෝරීන් නිසා ජල අංශු වල ප්‍රමාණය විශාල වන බවත් ලිං වතර පානය කිරිමෙන් එම අනතුර පහකර ගත හැකි බවත් එහි දැක්වෙනවා. ජපානය විසින් මේ ප්‍රශ්නයට මුහුන දෙන්නට නිපදවා ඇති කන්ගන් වෝටර් යන්ත්‍රය ගැනද මා එහිදී කතා කලා. මා එම යන්ත්‍රය අලෙවි කරන කෙනෙක් නෙවෙයි . නමුත් මම එය පාවිච්චි කරනවා. එයින් ප්‍රතිඵල අත්විදිනවා. ඒ නිසයි මම ඔබලාට එම යන්ත්‍රය ගැන මතක් කලේ. එහෙම කිව්වේ නැත්නම් මේලිපියේ තියෙන සියලු කොටස් අමතක කර කන්ගන් වොටර් මෙෂින් එක ගැන තමයි කට්ටිය කතා කරන්නේ.

කන්ගන් වොටර් යන්ත්‍රෙයන් නිකුත් කරන ජලයේ සියළු විශ ඉවත් කරලයි තියෙන්නේ. ඊට අමතරව ජල අංශුව ඉතාමත්කුඩා ප්‍රමාණයට කඩලා වෙන් කරනවා. එම ජලයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ග්‍රීන්ටී එකක වගේ තුන් ගුණයක් වෙනවා. එසේම භාෂ්මිතකාවය නිසා රුධිරයේ ඝනත්වය අඩු කරගන්නටත් හැකි වෙනවා. මේ සියලු කාරනා නිසා වකුගඩුවේ ඇති ප්‍රශ්නය ඉකිමනින් නිරාකරනය කරගත හැකියි.

ඉදිරියේදී සෑම නිවසකම තිබිය යුතු අනිවාර්‍ය යන්ත්‍රයක් වේවි ඩයලසිස් යන්ත්‍රය. ඊට පෙර සත්‍ය්‍ය දැනගෙන ගමකට එක කන්ගන් වොටර් යන්ත්‍රයක් වත් තිබීම නම් වටිනවා. එමගින් මෙම රෝගී තත්වය සුව කරගත හැකි බව මා අත්දැක තිබෙනවා. ඔබලාට අවශ්‍ය නම් සතියක කාලයක් අප සතුව ඇති කන්ගන් වොටර් යන්ත්‍රෙයන් නොමිලයේ ජලය සැයයිය හැකියි. දිනකට නිකුත් කල හැක්කේ සීමිත ජලය ප්‍රමාණයක් නිසා කලින් වෙලාවක් වෙන්කරගෙන ගල්කිස්සේ ඔෆස් එකට යන්න. දුරකතන අංකය 0112735621

‍මෙය අලුත් අත්දැකීමක් නිසයි මෙසේ පැවසුවේ. සමහර විට මා බිස්නස් එකක් කරන්නට මේ කතාව කියනවා කියලා හිතෙන්න පුලුවන්. එවැනි පාපකාරී සිතිවිල්ලක් ඇති නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.

වකුගඩු රෝග හැදෙන්නට හේතු වන තවත් කරුණු කිහිපයක් කෙටියෙන් කියනවා නම්

රුධිරයේ ඝණත්වය වැඩිවීම

ආම්ලිකතාවය වැඩිවීීම

ජලය පානය අවම වීම

ලිංගික උත්තේජනය සදහා වේසෝ ඩයලේටර්ස් භාවිතා කිරීම

දියවැඩියා තත්වයන්.

කෙටි හුස්ම ගැනීම.( කෙටි හුස්ම ගන්නා විට රුධීරයේ භාශ්මිකතාවය අඩුවේ. ආම්ලික පැත්තට බරවේයි)

වකුගඩු වල ගල් ඇතිවීම ගැන අපි මින් පෙර කතා කල නිසා මම මෙහි ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔබලාට යම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හෝ ඉන්බොක්ස් ඇවිත් අහන්න.

මා සමග පුද්ගලිකව කතා කරන්නට අවශ්‍ය නම් ඔබගේ දුරකතනයට Telegram app එක ඩවුන්ලෝඩ් කරගෙන පහත ලින්ක් එකෙන් මාගේ පුද්ගලික ගෘප් එකට එක්වන්න. එහිදී ඔබට ඕනෑම ගැටලුක් ඇසිය හැකියි.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *