හෙළයන්ගේ සටන් ක්‍රම

කතා මාලාවෙ දෙවන කතාව ලෙස හෙලයේ සුවිශේෂී ජාන ගැන කෙතරම් කතා කලද අවසානයක් නම් දකින්නට නොලැබේ මෙම කතාව සරලව සහ ඔබට දැනෙන අවශ්‍යම විශේෂ අවස්ථාවන් පමණක් හොවා දක්වමින් ඉදිරියට යන්නට උත්සාහ කරන්නෙ තවත් මෙගා කථා මාලාවක් අපට අවශ්‍ය නොමැත බැවින් නමුදු මේ දේශයේ අතීත කතාව කියා හෝ ලියා කෙටියෙන් අවසන් කල නොහැක එසේ කරනවානම් බොහෝ තැන් මග හැරීමට සිදුවෙනවා මෙන්ම නිවැරදි ඉතිහාසය ඔබෙ සිතට කාවැද්දීම අපහසු වෙනවා නොයෙකුත් රාජ්‍යයන් මේ හෙල භූමිය අයිති කර ගැනීමට වෙර දැරූ බව අපි පලමු කොටසෙන් සඳහන් කලා.නමුත් බොහෝ රටවල් හෙලයාගෙ අද්විතීය සටන් ක්‍රම සහ උපක්‍රම හමුවේ සුනඛයන් සේ අසරණව රට හැර ගියා අපගෙ ප්‍රධාන යොමු වීම මේ අතරින් ඉංග්‍රීසි පාලන සමය පිලිබඳවයි.මන්ද ඔවුන්ට පමණයි මේ හෙල දේශය අයිති කර ගැනීමට හැකි උනෙ බටහිර ආක්‍රමණ වලින්සුද්දා උනත් බොහෝ අවස්ථාවල මුහුදුබඩ ප්‍රදේශ වලින් රට තුලට පැමිණීමට මහත් පරිශ්‍රමයක් දැරුවා.ඔවුන් කොතෙක් උත්සහා දැරුවද බොහෝ උත්සහයන් ව්‍යර්ථ වී ගියා යම් අවස්ථාවන් වල හෙල සෙන්පති වරුන් කෙතරම් උපායශීලී ද පැවසුවහොත් තම කණ්ඩායමේ සිටිනා අති දක්ෂ සෙබලෙක් ඉංග්‍රිසීන්ට මාර්ගොපදේශකයෙක් ලෙස යවා ඔවුන්ගෙ කණ්ඩායමක් සමග කන්ද උඩරට එනවා ඔහු මොවුන්ව රැගෙන එන්නෙ ඉතා වෙහෙසකර මාර්ගයක් හරහායි.දින ගනන් කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීමට සිහින දකින සුද්දන් කෙටය වගුරවමින් මේ සෙන්පතියා පසු පස යනවා ඔහු මොවුන්ව වෙහෙසට පත් කර විටෙක අතරමං කර ඔවුන්ගෙ කණ්ඩායමෙ එකින් එක විනාශ කරනවා අවසානයේ මහා ඝන කැලෑව මැද සුද්දන් රංචුව ක්ම නොදරුවන් සේ අවසන් සුසුම් හෙලනවා එවන් අභීත හෙල සෙන්පති වරු ගැනද අදටත් ජනශ්‍රැතිය තුල විවිධ අභීත කතා තිබෙනවා කෙසේ වෙතත් ඉංග්‍රිසින් විවිධ උපක්‍රම භාවිතා කලද ඔවුන්ගෙ හෙල දේශය අල්ලාගැනීමෙ සිහිනය එන්න එන්නම සිහිනයක්ම පමණක් වෙමින් පැවතිණි.මේ අවස්ථාවෙ ඔවුන් අවසන් උත්සහය ලෙස බ්‍රිතාන්‍ය තුල සිටින දක්ෂම සෙබල සේනාංකය සහ ඉන්දිය සෙබළුන් අති විශාල පිරිසක් ද ගෙන්වාගෙන (මේ වන විට ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතිණි) ඉතා විශේෂ කණ්ඩායමක් සූදානම් කර ගන්නවා රට අල්වා ගැනීමට ඔවුන්ගෙ සියළු බල තල භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණ වන අතර අවි ආයුධ කාලතුවක්කු දස දහස් ගනන් සූදානම් කරගනිමින් උඩරට ජය ගැනීමට සේවා සංවිධානය කරනව ඉංග්‍රීසින්ගෙ අති විශේෂ හමුදා සේනාංක කන්ද උඩරට රාජධානිය යටත් කරගත් ආකාරය මිලඟ කොටසින් අප කථා කරමු……..

Author: admin