හෘදයාබාධ රෝග ලක්ෂණ

ශරීරයේ ඇති කොලෙස්ටරොල් ප්ර්මානය සම්මත ප්රමානයට වඩා ඉහල අගයක නම් හෘදයාබාධ ඇතිවීමේ ප්රවණතාවක් ඇත.

හෘදයාබාධ රෝග ලක්ෂණ ……

එක් එක් පුද්ගලයන්ට ඇති හෘද රෝග තත්වයන්ට අනුව මෙහි ලක්ෂණ පෙන්නුම් කෙරේ.

කෙසේවෙතත්, පොදු ලක්ෂණ වන්නේ පපුවේ වේදනාව, හුස්ම හිරවීම සහ හෘද අභිස්පන්දනයයි.

හෘද රෝග බොහෝමයකම පොදු ලක්ෂණ ලෙස පපුවේ වේදනාව ලෙස ඇන්ජිනා හෝ ඇන්ජයිනා පෙක්ටෝරිස් ( angina, or angina pectoris) ලෙස වන අතර හෘදයට අවැසි ඔක්සිජන් නොලැබීම මෙයට හේතුවේ.

මානසික පීඩනයකදී හෝ අධි කායික ක්රියාකාරකම්හිදීද ඇන්ජයිනා තත්වයන් විනාඩි 10 කට වඩා අඩු කාලයක් ඇතිවිය හැක. එය බිය වීමට කරැණක් නොව

විවිධ හෘද රෝගවල ප්රතිඵලයක් ලෙස හෘදයාබාධ ඇතිවිය හැක. හෘදයාබාධයක ඇතිවන ඇන්ජයිනා සංකෝචන සලකුණ, විවේක කාලයේදී සිදුවිය හැකි වන අතර, එය වඩාත් බරපතල තත්වයක් විය හැකිය.

හෘදයාබාධ ලක්ෂණ අතර සමහර අවස්ථාවලදී උදර කැක්කුම (බඩ රිදුම, දැවිල්ල, ඔක්කාරය, වමනේයාම) ඇති විය හැකි මෙන්ම පපුවේ දැඩි හැඟීමක් ඇතිවිය හැකිය.

සමහර හෘදයාබාධ තත්වයන් කිසිදු රෝග ලක්ෂණයකින් තොරවද ඇති විය හැකි අතර, විශේෂයෙන්ම වැඩිහිටියන් හා දියවැඩියාව ඇති පුද්ගලයින්ට මෙම තත්වය පෙන්නුම් කරයි.

නමුත් සාමාන්ය හෘද රෝග ලක්ෂණ ලෙස….

අධික දහඩිය දැමීම, අධික විඩාව, ශ්වසනය සහ නාඩි වේගවත් වීම, හුස්ම හිරවීම, පපුවේ වේදනාව, සම නිල් පැහැ ගැනීම, ඇගිලිතුඩු අග විශාල වීම වැනි ලක්ෂන පෙන්නුම් කරනු ඇත.

හෘදයාබාධයකදී දැකිය හැකි වෙනත් ලක්ෂණ……….

• පපුවේ සිට ගෙල, බෙල්ල, පිටුපස, උදරයේ හෝ හකු යේ සිට ශරීරය හරහා ගමන් කරන වේදනාව

• හිස රුදාව හා කැරකිල්ල

• දහඩිය දැමීම

• ඔක්කාරය හා වමනය

• රුධිරය සංසරණය දුර්වල වන අවස්ථාවලදී හුස්ම හිරවීම සිදුවිය හැක.

හෘද රෝග වලට හේතූන්…….

මුළු හෘදය හෝ අර්ධ වශයෙන් හෘදයට හානි වීමෙන්, කිරීටක ධමනි වලට හානි වීමෙන් හෝ පෝෂ්ය පදාර්ථ හා ඔක්සිජන් හෘදයට සැපයීමේ ඌනතාවකදී හෘද රෝග අවදානමක් ඇතිවිය හැකිය.

ජානමය හෘද රෝග තත්වයන් මෙන්ම උපතින්ම ඇතිවන හෘද දෝෂ (පුද්ගලයකු ඉපදීමට පෙර සිදු විය හැකි තත්වයන්)

එලෙසම හෘද රෝගවල අවදානම වැඩි කළ හැකි ජීවන රටා ගණනාවක් ඇත.

ඒවාට ඇතුළත් වන්නේ……..

• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල්

• දුම්බීම

• බර හෝ තරබාරුකම

• දියවැඩියාව

•පවුලේ ඉතිහාසය

• කෘතිම ආහාර

• වයස

• ගර්භණී සමයේදී පූර්ව preeclampsia ඉතිහාසය

• රැකියාවට අනුව දීර්ඝ කාල පරිච්ඡේදයක් එකම ස්ථාපිතයෙහි සිටීම වැනි (වාඩිවී සිටීම වැනි) අවස්ථාද අධ්යයනය කර ඇත.

මෙම අවදානම් සාධකවලින් හෘදයාබාධ අවධානම වැඩි කරයි. වයස, වැනි ඇතැම් කාරණා නොවැළැක්විය හැකිය.

නිදසුනක් වශයෙන්, කාන්තාවන්ගේ වයස අවුරුදු 55 ඉක්මවූ පසු හෘදයාබාධ අවධානම වැඩි වීමක් සිදු වේ.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )

උපුටා ගැනීම -උපුටා ගැනීම -‎ Widu Lowa Nursing school

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *