හේවිසි හඩ ඇසුණු කැලයෙන් හමු වූ බෙල්ලන්විල රජමහා විහාරය

බෙල්ලන්විල රජමහා විහාරය කියන්නේ ලංකාවේ තිබෙන්නා වූ වෙහෙර විහාර අතරින් එක් ප්‍රධාන පුජනීය ස්ථානයකි.

විහාරස්ථානය ගැන කිරීමට පෙරාතුව මෙම ප්‍රදේශයට බෙල්ලන්විල යන නාමය පටබැඳුණු ආකාරය ගැන අවධානය යොමු කිරීමේදී ඒ සඳහා ජනප්‍රවාදයක කිහිපයක් වාර්තා වනවා.

ඒ අතර මෙම රජමහා වෙහෙරට නැගෙනහිර ප්‍රදේශයට වන්නට වෙලක් පිහිටා තිබූ බවත් එම වෙල්යාය මැද බෙල්ලන් සිටියාවූ විලක් පැවති බවත් ඒ හේතුවෙන් විල අයිතිව පවතී ගමට බෙල්ලන්විල යන නම සෑදුණු බව පැරැන්නන්ගේ මතය වනවා.

එමෙන්ම බෙලිවනය, කුඹුරුයාය හේතුවෙන් “ බෙල්ලන්විල” යන නම පටබැඳුණු බව තවත් මතයකි.

විහාරස්ථානය ගැන කතා කිරීමේදී එය දේවානම් පියතිස්ස රාජ්‍ය සමය දක්වා දිව යන බව සඳහන් වනවා.

බෝධි වංශයේ සඳහන් වන්නේ දේවානම් පියතිස්ස රජ දවස මහමෙවුනා උයනේ රෝපණය කළා වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් පැන නැගුණා වූ දෙතිස් මහා බෝධීන් වහන්සේ අතරින් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුජා භූමියේ රෝපණය කළ බවයි.

නමුත් ඉතිහාසයේ පෘතුගීසින් විසින් කෝට්ටේ යුගයේ පැවතුනා වූ විභූතිය විනාශ කිරීම හේතුවෙන් බෙල්ලන්විල ද වනගත ප්‍රදේශයක් බවට පත් වී තිබූ බවත්, ජනශුන්‍යව සියවස් දෙකක පමණ කාලයක් පැවති බවත් සඳහන් වනවා.

1850 වර්ෂයේදී පමණ මේ නැවත සොයා ගන්නේ ලද්දේ තේන්ගොඩගෙදර හිමිපාණන් විසින් බව වාර්තා වනවා. ඒ වගේම ලන්දේසීන්ගේ සමයේ ප්‍රවාහන කටයුත්ත උදෙසා බෙල්ලන්විල රජමහා විහාරය අසළින් වැටී තිබෙන කටු ඇළ භාවිතා කර තිබෙන බව සඳහන් වනවා.

තේන්ගොඩගෙදර හිමිපාණන් විසින් මෙම ස්ථානය සොයා ගැනීම හා සම්බන්ධව අපූරු ජනප්‍රවාදයක් වාර්තා වනවා.

හිමිපාණන් විසින් තොටියෙකු සමඟ පැපිලියාන දෙසට ඔරුවක ගොස් තිබෙනවා. මෙහෙම ගමන් කරද්දී කැළය දිහාවට වන්නට හේවිසි හඬක් ඇසී ඒ ඔස්සේ ගමන් කර තිබෙනවා. ඒ අනුවයි බෙල්ලන්විල ඓතිහාසික බෝ සමිඳුන් හමුවී තිබෙන්නේ. එමෙන්ම මෙම බෙල්ලන්විල බෝ සමිදුන්ට අධිගෘහිත බල සම්පන්න දෙවියෙකු සිටින බවත්, වනගත සමයේ දෙවි දේවතාවුන් පුද පුජා පැවැත් වූ බවත්, හිමි නමට ඇසුන බෙර හඬ දෙවියන් දෙවියන් විසින් කරන ලද්දක් බවත් සඳහන් වනවා. පුදබිම සොයා ගැනීමෙන් අනතුරුව තේන්ගොඩගෙදර හිමිපාණන් එහි විහාරාධිපති ධූරය දරා තිබෙනවා.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ගොඩනැගිලි අතර ප්‍රතිමාඝරය, ස්තූපය, දේවාල මන්දිරය, ධාතු මන්දිරය යනාදී විහාරංග වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

1948 වසරේදී පමණ ප්‍රතිමාඝරය ඉදි කිරීම සිදු කෙරුණා. ඒ වගේම නව ප්‍රතිමාඝරය ඉදි කිරීමට පෙර බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන ලද්දේ කුඩා ගොඩනැගිල්ලක් තුළයි. ඉන් අනතුරුව පොළොන්නරුවේ ජේතවනාරාම ගොඩනැගිල්ලහි සැලැස්ම සිහිපත් වන ආකාරයෙන් නිර්මාණය කෙරුණා. එය කැටයම් වලින් අලංකාර කර තිබෙන අතර, එමඟින් සිහිපත් වනුයේ පොළොන්නරු යුගයේ කැටයම් කලාවයි. හස්ති රූප, හංස රූප, මුරගල, සඳකඩ පහණ ආදී සියලුම අංග ඉදිකිරිම සඳහා අතීත රජ දවස ආභාෂය පාදක වී තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර යුගයේ රජකම් කළ රජවරුන්ගේ පිළි රූ නිර්මාණය කර තිබෙනවා.

අනුරාධපුර යුගයේ අවුකන බුදු පිළිම ආකෘතියට අනුව නිර්මාණය කෙරුණු දහඅට රියන් පමණ උසැති බුදු පිළිමයක් ද පිහිටා තිබෙනවා. පොළොන්නරු යුගයේ ගල් විහාරයේ පිරිනිවන් මංචකයේ පිළිරුව ආකාරයට ඉදි කෙරුණු අඩි 27කින් පමණ යුක්ත පිරිනිවන් මංචකයක් ද වනවා.

ස්ථූපය ගැන අවධානය යොමු කිරීමේ දී එය ඝන්ඨාකාර හැඩයකින් යුක්ත වනවා. අටපට්ටම් වේදිකාවක් මත පිහිටා තිබෙන මෙය පේසා වළලු 3 කින් ද, ගර්භයෙන්ද, හතරැස් කොටුවෙන්ද, දේවතා කොටුවෙන් ද කොත් කැරැල්ලෙන් ද කොතින් ද, සිළුමිණෙන් ද අන්තර්ගත වනවා. වැලිමළුව , වාහල්කඩ, චිත‍්‍ර හා කුළුණු ආදියෙන් ද සමන්විත වන්නා වූ බෙල්ලන්විල රජමහා විහාරයේ දේව මන්දිරය ඉදි කර තිබෙන්නේ පොළොන්නරු යුගයේ කලාංග භාවිතා කර ගෙනයි.

ධාතු මන්දිරය සහිත සීමා මාලකයත් , සංඝාවාසයත් , දෙමහල් ධර්ම ශාලාවත්, ගන්ඨා කුළුණත් ආදිය මඟින් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා. ඒ වගේම 63න් වසරක අත්දැකීම් හා මහනුවර ඇසල පෙරහැරේ ලක්ෂණ අනුව බෙල්ලන්විල ඇසල පෙරහැර පවත්වන බව සඳහන් වනවා.

ඒ වගේම විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, සමන් දේවාලය, පත්තිනි දේවාලය, නාථ දේවාලය, ගණපති දේවාලය, දැඩිමුණ්ඩ දේවාලය හා ගම්භාර දේවාලය යනුවෙන් විහාරස්ථානයේ දේවාල වලින් ද සමන්විත වනවා.

බෙල්ලන්විල පෙරහැරේ සතර මහා දේවාල පිළිවෙලින් ගමන් කරන බවත් සඳහන් වනවා.

බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයක් තිබෙන බවට බොහොමයක් බැති මතුන් ප්‍රකාශ කරනවා.

මෙසේ තිබෙන විශ්වාසය හේතුවෙන් ලංකාවේ සතරදිග් බාගයෙන් සෙත් ශාන්තිය පතා බෝධි පුජා පැවැත්වීමට ද පැමිණෙනවා.

(උපුටා ගෙන සංස්කරණය කර ඉදිරිපත් කර ඇත)

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *