විශ්වයේ උපත පිළිබඳ ලොව පිළිගත් මතයක්

එඩ්වින් හබල් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ක්‍රි.ව 1929 දී පමණ දුරේක්ෂ ආධාරයෙන් තාරකා නිරීක්ෂණයේදී අපූරු දෙයක් සොයා ගත්තා. එනම් විශ්වයේ ඈත ඇති තාරකා සහ මන්දාකිණි සියල්ලම වාගේ ඉතාමත් ඉහළ වේගයකින් එකිනෙකාගෙන් ඈත්වී යන බවයි. මේ අනුව තහවුරු වුනේ අප මේ සිටින විශ්වය ඉතාමත් වේගයෙන් ප්‍රසාරණය වන ඉවයි. මීට පසුව විද්‍යාඥයින් විසින් එක් එක් තාරාකාවන් සහ මන්දාකිණි වෙන වෙනම අධ්‍යනය කිරීමේදී ඔවුන් සොයා ගත් කාරණයක් වූයේ විශ්වය ප්‍රසාරණය වන්නේ සෑම වස්තුවක්ම එකිනෙකාගෙන් ඉවතට ඇදී යන පරිදි අපූර්ව ආකාරයකටය. මේක හරියටම බෝම්බයක් පුපුරනවා වාගේ සංසිද්ධියක් එහිදී සිදුවන්නේ සෑම අංශුවක්ම එකිනෙකාගෙන් හැකිතාක්ව ඈත්ව ගමන් කිරීමයි.

තාරකා දහස් ගණනක් ඒවා ප්‍රසාරණය වන ආකාරය නිරීක්ෂණය කර දත්ත පරිගණක ගත කරනු ලැබුවා. ඉන් පසු පරිගණකය ආධාරයෙන් විශ්වය ප්‍රසාරණය වන ආකාරය ගොඩනැගුවා. යම් කිසි වස්තුවක් ඉදිරියට යන ආකාරය ඔබ දනී නම් ඒ ඔස්සේ අපට එම වස්තුව මීට පෙර ගමන් කළ ආකාරයත් පරිගණක ආශ්‍රයෙන් සොයා බැලිය හැකියි. මෙය උදාහරණයක් ලෙස පැවසුවහොත් ඔබ රූපවාහිනියේ නරඹන චිත්‍රපටියක් ආපස්සට ගමන් කරවා (Rewind) බැලීමට සමානයි. මෙසේ විශ්වය ප්‍රසාරණය වන ආකාරය ආපස්සට ගමන් කරවා බැලූ විට දුටු දෙයින් විද්‍යාඥයින් මවිතයට පත් වූණා. මීට හේතුව වුනේ සෑම අභ්‍යවකාශ වස්තුවක්ම ගමන් කරන ආකාරය පසු පසට ගමන් කරවා බලන විට ඒවා ක්‍රමයෙන් එකිනෙකා වෙත ලංවීමයි. ඉතාමත් පසුපසට මෙම ගමන් මාර්ගය අධ්‍යනය කළ විට සෑම අභ්‍යවකාශ වස්තුවක්ම ප්‍රසාරණය වීම ආරම්භවී තිබුනේ එක ලක්ෂයකිනි. එනම් විශ්වය ආරම්භවී තිබෙන්නේද එක ලක්ෂයකිනි. ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩා මෙම ලක්ෂය ආරම්භක මොහොතේ තිබූ විශ්වයයි. අප සිටින පෘතුවිය ග්‍රහ ලෝක, තාරකා ඇතුළු සියල්ලක්ම විශ්වය ආරම්භ වූ මෙහොතේ මෙම ඉතා කුඩා ලක්ෂය තුළ ගැබ් වී තිබිය යුතුයි. මීට වර්ෂ බිලියන 14 කට පමණ ඉහත දී මෙම ලක්ෂයේ සිදු වූ මහා පිපුරුමකින් අප මේ සිටින විශ්වයේ සියළුම පදාර්ථ අවකාශයට මුදා හැරී තිබුණා විය යුතුයි. සැබවින්ම කියනවානම් අප අද අත්දකින කාලය සහ අවකාශය යන සියළුම දෑ නිර්මාණය වූයේද මෙලෙස විශ්වය මහා පිපුරුමකින් ආරම්භ වූ මොහොතේ සිට විශ්වය ප්‍රසාරණය වූ ආකාරයටයි.

මහා පිපිරුම සිදුවී විශ්වය බිහිවූ මුල් අවස්ථාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ට්‍රිලියන ගණනක් අධික ඝනත්වයකින් යුතු පදාර්ථ ක්‍රමයෙන් ඈත් වී ඒවායේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවී සිසිල් වීමට ලක්වුණි. වසර බිලියන ගණනක් ගතවත්ම ගුරුත්වාකාර්ෂණ බලය හමුවේ අංශු එකිනෙකා වටා ආකාර්ෂණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද අප දකින තාරකා, ග්‍රහලෝක සහ ඔබත් මමත් සිටින මේ පෘතුවිය බිහිවූ බවට විශ්වාස කෙරෙනවා. එසේ අළුත් වස්තූන් බිහි වුනත් සෑම වස්තුවක්ම නොකඩවා එකිනෙකාගෙන් ඈතට ප්‍රසාරණය වෙමින් පවතිනවා.

උපුටා ගැනීම =* විශ්වය දෑතට * Wishvaya dhathata

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *