විදුරු මස් ආසාදන පිළිකා වලට එරෙහිවන මැංගුස්



දම්පාටින් බබළන හුරුබුහුටි මැංගුස් ගෙඩි මේ දිනවල සුලබ දසුනක් බවට පත්වෙලා. බාහිර පෙනුමින් ඕනෑම කෙනකුගේ සිතක් ආකර්ෂණය කර ගැනීමට මැංගුස්වලට පුළුවන්. ලස්සන වගේ ම එහි පවතින ගුණ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.

මැංගුස්වල ජලය ග්රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්රෑම් 41ක්, මේදය ග්රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒවාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලි ග්රෑම් 12ක්, යකඩ මිලි ග්රෑම් 0.30ක්, මැග්නීසියම් මිලි ග්රෑම් 13ක්, පොස්පරස් මිලි ග්රෑම් 8ක්, පොටෑසියම් මිලි ග්රෑම් 48ක්, සෝඩියම් මිලි ග්රෑම් 7ක් සහ සින්ක් මිලි ග්රෑම් 0.21 ක් අන්තර්ගතයි.

මැංගුස්වල විද්‍යාත්මක නාමය වන්නේ Garcinia mango stana යි.

මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මිනිස් සිරුරෙහි වියපත් බව දුරලමින් තරුණබව රැක ගැනීමට උපකාර කරයි. එහි අඩංගු සංතෘප්ත මේදය හේතුවෙන් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පවත්වා ගැනීමට පුළුවන.

මැංගුස් ග්රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 63ක් වැනි ප්‍රමාණයකි. එමනිසා මිනිස් සිරුරේ අන්තර්ගත මේද ප්‍රමාණය මැංගුස් ආහාරය ගැනීමෙන් පාලනය කරගත හැකි ය. ස්ථුලතාවයෙන් දුක් විඳින පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීමෙන් තම ශරීර බර අඩුකර ගැනීමට පුළුවන. මැංගුස් ග්රෑම් 100කින් මිනිස් සිරුරට අත්‍යවශ්‍ය විටමින් සී 12%ක් පමණ ලබා ගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. රතු රුධිර සෛල වර්ධනය කර ගැනීමට මැංගුස් ආහාරයට ගැනීමෙන් හැකියාව ඇත. රුධිර නාළවල ධමනි හීනි වීමේ තත්ත්වය මඟහරවා ගැනීමට ද , මැංගුස් වඩාත් උචිත පලතුරකි.

මැංගුස් මඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට හැකි ය.එමඟින් රෝග වළක්වා ගැනීමට ද හැකිවේ. මැංගුස්වල අන්තර්ගත තඹ, මැග්නීසියම්, ඛනිජ ලවණ හා පොටෑසියම් නම් වූ පෝෂ්‍ය පදාර්ථ මඟින් අධික රුධිර පීඩන තත්ත්ව වළක්වාගත හැකි ය. එසේ ම හෘද ස්පන්ධනය මනාව පාලනය කර ගැනීමට පුළුවන.

මැංගුස්වල අඩංගු විටමින් සී හේතුවෙන් ඇසේ ඇතිවන සුද තත්ත්වය වළක්වා ගත හැකි බව වෛද්‍යවරු ප්‍රකාශකර කරති.

දේශීය වෛද්‍යවරුන් ද, මැංගුස් මදය පමණක් නොව, එහි ලෙල්ල තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබේ.

මැංගුස් ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාරයට ගුණදායක ය. එපමණක් ද නොව, ඔසප් සිදුවීමේදී ඇතිවෙන වේදනා මඟහරවා ගැනීමට ද මැංගුස්වලින් විවිධ දේශීය බෙහෙත් වර්ග පිළියෙළ කරනු ලබයි. මැංගුස්වල කොළ සහ පොතු මඟින් මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට සඳහා බෙහෙත් වට්ටෝරු සාදනු ලැබේ.

මැංගුස් ආහාරයට ගැනීමෙන් මුහුණේ ඇතිවන කුරුළෑ වැනි ආසාදන තත්ත්ව අවම කර ගැනීමට පුළුවන. විවිධ චර්ම රෝග සුවවීම වේගවත් කරන අතරම, සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාව ද මැංගුස්වල පවතී.

මෙහි අඩංගු xanthones නමැති සංඝටකය හේතුවෙන් මිනිස් සිරුරට බලපාන දිලීර, වෛරස් ආසාදන තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන. පිළිකා රෝග සඳහා ද මැංගුස් ඉතාමත් ම ගුණදායක පලතුරකි.වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට, ගර්භණී සමයේදී මැංගුස් ආහාරයට ගැනීම එතරම් ගුණ දායක නොවේ.

ප්‍රතිඔක්සිකාරකයක් වීම
විවිධ විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මැංගුස් සතුව වර්ග දෙකක “xanthones” වන “alpha mangosteen” සහ “gamma mangosteen” යන සංයෝග අන්තර්ගත වන බව සොයාගෙන තිබෙනවා. “xanthones” මගින් ශරීරයේ දැවිල්ල වැනි තත්වයන් සමනය කිරීම ඇතුළුව විවිධ වර්ගයේ හෘද රෝග සුවපත් කරන බවත් අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. ප්‍රතිඔක්සිකාරක බලයන්ද වන මෙම සංයෝග මගින් විවිධ රෝග කාරක නිසා ශරීරයේ හානි වූ සෛල සුවපත් කිරීම, අකලට ශරීරය වියපත් වීම වැළක්වීම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කිරීම සහ කායික සහ මානසික සෞඛ්‍යය වර්ධනය කිරීම පවා මැංගුස් මගින් සිදු කරනවා.

කැලරි අවම වීම
කැලරි සහිත ආහාර තෝරා බේරා ආහාර ලබා ගන්නා අයට මැංගුස් කදිම පළතුරක්. මැංගුස් තුල අන්තර්ගත වන්නේ කැලරි ඉතා අඩු අගයක්. (මැංගුස් ග්‍රෑම් 100 තුල කැලරි 63 ක් අන්තර්ගත වනවා) ඒ වගේම, මැංගුස් සතුව සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් සුළු ප්‍රමාණයක්වත් අන්තර්ගත වන්නේ නෑ. එපමණක් නොවෙයි, මැංගුස් තන්තු වලින්ද පොහොසත් පළතුරක් වනවා. (ග්‍රෑම් 100 තුල 13% පමණ) ශරීරයේ බර පාලනය කිරීමට උත්සහා කරනන් සඳහාත් මැංගුස් ඉතා උසස් පළතුරක්.

විටමින් C
මැංගුස් විටමින් C වලින් පොහොසත් පළතුරක්. (ග්‍රෑම් 100 තුල විටමින් C 12%). ජලයේ දියවන ප්‍රතිඔක්සිකාරකයක් වන මෙම විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් අපව ආරක්‍ෂා කරන අතර වෙනත් රෝග කාරක වලින්ද අපව ආරක්‍ෂා කරනවා. විටමින් C සපිරි මැංගුස් ආහාරයට ගැනීම මගින් ශරීරයේ නව සෛල වර්ධනයත් ඇතිකරනු ලබනවා. ගර්භණි සමයේදී කාන්තාවකට මේ ආකාරයේ විටමින් C අතිශය වැදගත් වන අතර කපාටක රෝග සඳහාත් මැංගුස්ඉතා හොඳඖෂධයක් වනවා.

රුධිරය සංසරණය
මැංගුස් මගින් ශරීරයේ රතු රුධිර සෛල වර්ධනය කරන අතර රක්තහීනතාවය දුරු කරනවා. රුධිර නාලිකා ශක්තිමත් කර රුධිර සංසරණයත් නිසි ලෙස සිදු කිරීමට මැංගුස් තුල අන්තර්ගත වන සෞඛ්‍යය සම්පන සංඝටක දායක වනවා. මැංගුස් සුලභව අහාරයට ගැනීම මගින් තියුණු පපුවේ වේදනාව, අධික කොලෙස්ටරෝල් මට්ටම, “atherosclerosis” සහ හදවතේ රුධිර නාලිකා සිර වීම වැනි රෝග සුවපත් කර ගන්නට පුළුවන්.
මැංගුස් ආහාරයට ගැනීම මගින් ඇසට සිදුවන රුධිර සංසරණය නිසි ලෙස සිදුවීම නිසාත්විටමින් C නිසි ලෙස ශරීරයට සැපයීම නිසාත් “cataracts” වැනි අක්‍ෂි රෝග (මෙයඇසේ කාචයේ විනිවිද පෙනෙන ස්වභාවය වැඩිවීම නිසා පෙනීම බොඳ වන රෝගයක්) වලින් පහසුවෙන්ම ආරක්‍ෂා වන්නට පුළුවන්.

අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම
මිනිස් ශරීරයේ අන්තරගත වන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස අඩු කර හදවතේ නිසි ක්‍රියාකාරීත්වය රැක ගන්නට මැංගුස් ජීවක ඔසුවක් වනවා.

Tuberculosis
මැංගුස් සතු බැක්ටීරියා නාශක බලයන් සහ දිලීර නාශක බලයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමත් “Tuberculosis” වැනි බැක්ටීරියා නිසා පෙනහල්ල තුල ඇතිවන රෝග නැසීමත් සිදු කරනවා.

පිළිකාව
පිළිකාව පාලනයට සමත් වන්නේ මැංගුස් තුල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලයයි.

රුධිර පීඩනය
මැංගුස් සතු කොපර්, මැන්ගනීස් සහ මැග්නීසියම් යන ඛනිජ වර්ගමගින් හද ගැස්ම සහ රුධිර පීඩනය නිසි ලෙස පවත්වා කිරීටක හදවත් රෝග සහ ආඝාතය වැනි දරුණු රෝගී තත්වයන් වලින් ආරක්‍ෂා කිරීමක් සිදු කරනවා.

වේදනා නාශක බලය
ඖෂධ පානය කිරීම මගින් සුව කල නොහැකි සයට්කා වේදනාව මැංගුස් තුල අඩංගු වන වේදනා නාශක බලය විසින් සුව කරනු ලබනවා. ඔබත් සයටිකා වේදනාව වැනි ශරීර වේදනා වලින් පසු වන පුද්ගලයෙක් නම් දිනකට දෙතුන් වතාවක් මැංගුස් ආහාරයට ගන්න. ඔබේ ශරීර වේදනාවන් සුවපත් වේවි.

“Alzheimer’s” රෝගය
“Alzheimer’s” රෝගය යනු මොළයේ පරිහානිය නිසා ඇතිවන මානසික රෝගී තත්වයක්. මෙම රෝගයේ රෝග ලක්‍ෂණ වන්නේ ව්‍යාකූල බව, වික්ෂේපය සහ කරුණු මතකයෙහි රදවා තබා ගැනීම අපහසුවීමයි. මැංගුස් ආහාරයට ගැනීම මගින් ලැබෙන තවත් වටිනා සෞඛ්‍යය වාසියක් වන්නේ “Alzheimer’s” රෝගය සුවපත් වීමයි.

කුරුලෑ
මැංගුස් සතු ස්වභාවික බැක්ටීරියා සහ විෂබීජ නාශක බලයන් මගින් කුරුලෑ වැනි සම මත ඇතිවන ආසාදනයන්ට සුවය ගෙනෙනවා.

සෛල නවත සැකසීම
අනෙත් පළතුරු හා සසඳන විට මැංගුස් පළතුරේ ලෙල්ලේ “Xanthone” සංයෝගය වැඩි වශයෙන් අන්තර්ගත වනවා. මෙම සංයෝගය මගින් ශරීරයේ හානි වූ සෛල නැවත සකසා ආරක්‍ෂා කරනු ලබනවා.

ශරීරයේ බර අඩු කිරීම
මැංගුස් ලෙල්ලේ අන්තර්ගත වන “Xanthone” සංයෝගය මගින් අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේබර වැඩි වීම පාලනය කරනු ලබනවා.

විදුරු මස් වල ඇතිවන ආසාදන දුරලීම
මැංගුස් ආහාරයට ගැනීමෙන් “periodontitis” වැනි විදුරු මස් ආසාදනයන් සුව කර ගන්නටත් පුළුවන්.

ඔසප් වේදනා සමනය කිරීම
කාන්තාවකට ඔසප් වීමක් අසන්න වන විට හිස කරකැවිල්ල, මනෝභාවය වෙනස් වීම, රුධිර පීඩනය වැඩි වීම වැනි විවිධ පීඩාකාරී ලක්‍ෂණමතු වනවා. මැංගුස් මුල මගින් මෙවන් ඔසප් වේදනා සමනය කරන බවට මැලේසියාවේ සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

උදරාබාධ සුව කිරීම
මැංගුස් විශාල ලෙස වගා කරන රටක් තමයි පිලිපීනය. ඔවුන් මැංගුස් උදරය ආශ්‍රිත රෝග සුව කිරීම සඳහා නිතරම භාවිතා කරනවා. ඔවුන් මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ මැංගුස් ශාකයේ පත්‍රයි. මැංගුස් පත්‍ර භාවිතයෙන් පාචනය, බඩවැල් තුල හට ගන්නා “dysentery” රෝගය සහ මුත්‍රා රෝග සුව සුව කරනු ලබනවා.

වියපත්වීම පාලනය කිරීම
මැංගුස් සතු “catechin” වැනි ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරය අකලට වියපත් වීම වලකා තරුණ පෙනුම රැකදෙනවා.

ශක්තිය වර්ධනය කිරීම
ඔබව ප්‍රබෝධමත් කර මුළු දවසම ශක්තිමත්ව තැබීමට මෙම පළතුරට හැකියාව තිබෙනවා. මෙහි අඩංගු වන පෝෂණ ගුණය නිසයි ශරීරය ප්‍රබෝධමත් කර ශක්තිය වර්ධනය කරනු ලබන්නේ.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *