වික්ටෝරියා ජලාශයට යටවූ එදා තෙල්දෙණිය ගම මෙන්න

භාතිය පියංකර (මේ අදහස් පරණ පොත් කියවන අයගේ නොවේ)
උදේ හවහා වික්ටෝරියා ජලාශය අයිනෙන් යන මට සශ්‍රීකව දියෙන් පිරී බබලන, ටර්බයින් වලට හැල්මේ වතුර පිඹින වික්ටෝරියා සේම ගිලන්ව කෘෂව, දැවැන්ත කෝන්ක්‍රීට් බැම්ම දිහා ශෝකීව බලන් ඉන්න, පැරණි තෙල් දෙණිය නගරයේ නටබුන් කුසයේ දරාගෙන ඉන්න වික්ටෝරියාත් දකින්න ලැබෙනවා. ඔය හැමදාකම වගේ මට හිතෙන එකක් තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කාලේ කොහොම තියෙන්න ඇතිද කියන එක.. 


වික්ටෝරියාවට යට වෙච්ච පරණ තෙල්දෙණිය නගරයේ මිනිස්සු මේ සංවර්ධනය කොහොම දකින්න ඇත්ද කියන එක. අපි රට ගොඩ ගන්න පරිත්‍යාගයක් කරා කිහලා හිතන්න ඇතිනේද ? මට යාන්තමට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ තුන ශ්‍රේණියේ හො හතර ශ්‍රේණියේ සිංහල පාඩමක් තිබ්බා වික්ටෝරියාවට යට උන ගම්මාන වල මිනිස්සු ලොරිවල බඩු පුරවගෙන අලුතෙන් දුන්න ඉඩම් වලට පදිංචිය යන සිද්දියට අදාලව කතාවක්. පුංචි බලු පැටියෙක් හා කුඩා දරුවෙක් ඉන්න පවුලක් කතාවක්.

ඇත්තටම ඒ යුගයේ ආණ්ඩුවෙන් කියන්න ඇති අපි මේ ව්‍යාපෘතිය ඉවර කරලා උඹලාට යුරෝපයේ , ඇමෙරිකාවේ ජීවන තත්වය ලබා දෙනවා කියලා. ලංකාව ඉහල ආදායම් උපයන රටක් කරනවා කියලා. මේ ජලාශ වලට මුල් ගල් තියෙන තැන ඉඳන් අවසානයේ මේවා විවෘත්ත කරනකන් ඔය කතාව කියන්න ඇති. වියලි කලාපය සශ්‍රීක කරන හැටි මිනිස්සුන්ගේ හිත්වල මවලා පෙන්වන්න ඇති. ඇත්තටම එවකට ඉඳපු ආර්ථිකඥයෝ, ඉංජිණේරුවන්, අචාර්‍ය් මහාචාර්‍යවරු වගේම දේශපාලකයනුත් ඕක විස්වාස කරන්න ඇති.


වික්ටෝරියා වේල්ල කියන්නේ අදටත් දැවැන්ත ගොඩ නැගීමක්. කොන්ක්‍රීට් ඝණ මීටර් මිලියන ගණනක්. ගල් වැලි සිමෙන්ති මිනිස් ශ්‍රමය අති දැවැන්ත ප්‍රමාණවලින්. වික්ටෝරියානු දියවර මංගල්‍යයෙන් දශක හතරක විතර කාලයකට පසු අපි මේ සිද්දිය දිහා නැවත හැරිලා බැලුවොත්. ඊට පස්සේ වෙච්ච කරපුදේ එක්ක. වෙලා තියෙන දේ දිහා බැලුවොත්. 


මේ රටේ ජනතාව විදිහට පොදු මහජනයාට ලබලා දීලා තියෙන අවිවේකී ආතතියෙන් පිරුණ ජීවිතය දිහා බැලුවොත්.. දශක හතරකය කලින් මිනිස්සු අත්විඳිමින් සිටපු නිදහස් ජීවිතය දිහා බැලුවොත්.. මට නම් හිතෙන්නේ මේ සංවර්ධනය කියන්නේම මිරිඟුවක්.. අද පෝර්ට් සිටි, හයිවේ, වරායවල්, මත්තල ගුවන් තොට හදලා පාරම් බාන මිනිස්සුන්ගෙයි. එදා වික්ටෝරියා එක දැකලා සංවර්ධනයේ හීනය එක්ක යහන්ගත උන මිනිස්සුන්ගෙයි වෙනසක් නෑ. 
හැබැයි අද සංවර්ධන ව්‍යාපෘති වලට මූල්‍ය ණය ලැබෙන්නේ අදාල මූල්‍ය සම්පත් සපයන්නාගේ ව්‍යාපාරික අරමුණක් ලෙස. හැබැයි එදා ඕක ඊට තරමක් වෙනස් එදා ව්‍යාපෘතියේ අවශ්‍යතාව උපයෝගීතාව එහි ප්‍රතිලාභ ප්‍රමුඛ උනා අදට සාපේක්ෂව.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *