ලස්සන වෙන්න චීන රහස්

චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවා. මේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින් ඉන්නවා. ඉතින් එවන් සුන්දර පැහැපත් සමකට උරුමකම් කියන්නේ කොහොමද කියලා.

සම නිසි ලෙස සැකසීම සඳහා හාල් වතුර පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්නට හරින්න. දැන් පිරිසුදු කපු පුළුන් කැබැල් ලකින් මුහුණේ ආලේප කරන්න. මෙය ටෝනර් එකක් ලෙසයි ඔවුන් භාවිතා කරන්නේ.සමේ සහ හිස කෙස්වල නිරෝගී බව සඳහා කැමිලියා ඔයිල් භාවිතා කිරීම කැමිලියා ඔයිල් චීන කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තෙල් වර්ගයක්. හිස කෙස්වල වර්ධනය වැඩි කිරීමට මෙන්ම කන්ඩිෂනර් එකක් ලෙසත් ක්‍රියාකිරීමට මෙම තෙල් වර්ගය සමත් වනවා. සමේ කැළැල් මෙන්ම ස්ට්‍රෙච් මාක් ඉවත් කරගැනීමට මේ තෙල් වර්ගය ඉතාමත්ම සුදුසුයි.

කුරුලෑ සඳහා මුන් බීජ වසර දහස් ගණනක සිට චීන රූමතියන් ෆේස් මාස්ක් සාදා ගැනීම සඳහා මුන් ඇට යොදාගන්නවා. ඔවුන් මුන් ඇට වතුර සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරනවා. මිනිත්තු තිහකින් පමණ සෝදා හැරීම ප්‍රමාණවත්.

ග්‍රීන් ටී සමග තරුණ වෙමු ග්‍රීන් ටී කියන්නෙත් තවත් විශ්මිත රුපලාවන්‍ය රහසක්. ග්‍රීන් ටී වලින් සමේ පැහැය වර්ධනය කරලා සම නිරෝගී කරනවා. සමේ ඇති කැළැල් සුවපත් කිරිමටත්, විෂ ඉවත් කිරීමටත්, සමේ ඇදෙන සුළුබව වැඩි කිරීමටත් ග්‍රීන් ටී වලට තියෙන්නේ පුදුම හැකියාවක්.

මින්ට් පත්‍ර නැවුම් මින්ට් කොළ හොඳින් අඹරා මුහුණේ ආලේප කරන්න. මෙය සම පැහැපත් කිරීමට සමත් වනවා. එපමණක් නෙවෙයි. සමේ සෑම කොටසක්ම ඒකාකාරී ලෙස පැහැපත්ව තබා ගැනීමටද එය සමත් වනවා.

මුහුණ සම්භානය මුහුණ සම්භාහනය චීන කාන්තාවන් අතර සාමාන්‍ය දෙයක්. මෙමගින් මුහුණේ ස්ථුලතාවය, සම එල්ලාවැටීම ඇති වන්නේ නැහැ.

සමේ පැහැය ඒකාකාරිව පවත්වා ගැනීමට කහ අතීත චීන කාන්තාවන් සමේ ඒකාකාරී පැහැපත් බව රඳවා ගැනීම සඳහා ෆේස් මාස්ක් එකක් විදියට කහ භාවිතා කර තිබෙනවා.

Author: admin