ලක්දිව පහළවෙන බෝසත්වරු කියන “දියසේන” කුමරු කවුරුද? බුද්ධ ශාසනය රැක ගන්න ඇත්ටම දියසේන කුමරු එනවා

බුදුවසින් දෙදහස්‌ පන්සිය වසක්‌ ඉක්‌ම ගිය තැන්හි බුද්ධ ශාසනය අවුල්වී ගොස්‌ ශාසන අන්තර්දානයට ආසන්න තත්වයක්‌ උදා වෙයි. එකල්හි තුසිත දෙව්ලොව සිටින බෝසත්වරු සත්දෙනෙක්‌ ඉන් චුතව මනුලොව උපදිති. බුදුසසුන රැක ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස්‌ කරනුයේ ඔවුන් විසිනි.

ශාසනයේ පුනර්ජීවනය වෙනුවෙන් ධර්මඝෝෂා නම් ක්‍රියාවක්‌ පළමුව සිදු කළ යුතුය. මෙකල්හි මාර්ගඵල ලද හැකිය. මෙකල්හි මාර්ගඵල ලද්දෝ වෙති. මාර්ගඵල ලැබීමේ ප්‍රතිපදාව පවසමි. ආදී වශයෙන් ධර්ම ගෝෂාවක්‌ දේවාරාධනය පරිදි මා විසින් සිදු කරනු ලැබීය.

ධර්ම ඝෝෂාවෙන් පසු සැදැහැවත් පිරිස්‌ එක්‌ව ධර්ම මාර්ගයේ අනුන්ද සමාදන් කරවනු පිණිස ධර්ම චාරිකා නම් පුණ්‍ය කර්මයක්‌ කළ යුතුය. දුර බැහැර පෙදෙස්‌ වලට ගොස්‌ බෞද්ධයන්ට ධර්ම මාර්ගයේ අගය කියාදී ඔවුන් මාර්ගඵල ලැබීමේ මාවත වෙත තල්ලුකර හැරීම ධර්ම චාරිකාවයි. මම එයද හැකි පමණින් කළෙමි.

මෙයාකාරයෙන් ධර්ම ඝෝෂා සහ ධර්ම චාරිකා යන පියවර දෙකෙහි යෙදෙමින් සිටින කල්හි බෝසත්වරු මෙලොවට පැමිණ සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රය දේශනා කරති. පාරමී බල සම්පූර්ණ වූ අයට නිවැරදි උත්සාහය තුළින් මේ ආත්ම භාවයේම මාර්ගඵල ලද හැකිය යන පණිවිඩය එමගින් තහවුරු කර දෙනු ලැබෙයි. මහායානයෙන් ඉවත්ව මුල් බුදුසමය වෙත ආපසු හැරෙනු යන පණිවුඩය බෝසත්වරුන් විසින් මිනිසුන්ට සන්නිවේදනය කරනු ලැබෙයි.

සදධර්ම පුණ්‌ඩරීකය ප්‍රසිද්ධ වීමත් සමඟම අපූරු හාස්‌කම් දෙකක්‌ සිදුවෙයි. සියලු සද්ධර්ම ප්‍රතිරූපක මවන්නෝ එකිනෙකා හා ඇණකොටා ගැනීම අරඹති. අසද්ධර්මවාදීහු නිසරු වාදවිවාද වල යෙදී නගුටේ සිට නාසය දක්‌වාම ගොම ගා ගනිති. එයින්ම අසදධර්මවාදීන් හෙළිවෙයි. ඔවුන් මවාගත් ව්‍යාජ ප්‍රතිරූප සියල්ල බිඳවැටෙයි.

සද්ධර්ම පුණ්‌ඩරීකය ප්‍රකාශයට පත්වූ තැන් පටන් ලක්‌දිව පාලන තන්ත්‍රය තුළ විවිධාකාර පෙරළි ඇතිවෙමින් බෞද්ධ පාලන තන්ත්‍රයකට අවශ්‍ය පසුබිම ඉබේටම සකස්‌ වෙයි. එතැන් සිට පූර්ව නිමිති වශයෙන් බෞද්ධයන්ට ප්‍රකටවම ගැහැට ඇතිවෙයි. එබැවින් බෞදධ පිරිස්‌ ජීවිතාරක්‍ෂාව පිණිස වාදභේද දුරලා එක්‌රැස්‌ වෙති. අප මෙතෙක්‌ භේදව සිටි බැවින් අපගේ විනාශය ලංවී යයි කියමින් භික්‍ෂූන්වහන්සේලාද සිය`ථ වාදභේද දුරලා සමගි වීමට පටන් ගනිති. එම පියවර ධර්ම සාමග්‍රී නම් වෙයි.

දැනට යෙදී ඇත්තේ ධර්ම සාමග්‍රි යන පියවර බව පෙනී යයි. භික්‍ෂූන් වහන්සේලා වාද භේද දුරලමින් පරණ කෝන්තර ලිහා දමමින් සමගිව පෙරට ඇදෙමින් සිටින ආකාරය කාහටත් දැන් දැකගත හැකිය.

බුද්ධ ශාසනය රැකගැනීමේ ක්‍රියාන්විතයේ ඊළග පියවර කුමක්‌විය හැකිද?

එහි ඊළඟ ජවනිකාවට එක්‌වන නළුවා තවම රඟබිමට පැමිණ නැත. ඔහු කවුද? ඔහු කරන්නේ කුමක්‌ද?

බෝසත්වරුන් කියන පරිදි දියසේන නම් ආධ්‍යාත්මික නායකයා ඉදිරිපත්ව ඉදිරි ක්‍රියාන්විතය ආරම්භ කරනු ඇත. දියසේන කොයිවගේ කෙනෙක්‌ද? ඔහු දැනටත් ඉපිද සිටීද? ඔහු සක්‍රිය දේශපාලනයේ දැනටත් යෙදී සිටින චරිතයක්‌ද?


මේ ගැන මා තවම නිශ්චිතව කියන්නට දන්නේ නැත. බාගෙවිට ඒ දියසෙන් කුමරු මේ ලිපිය කියවන අය අතර සිටින්නට බැරි නැත. දියසේන යනු කොණ්‌ඩය පැත්තට පීරන ජාතික ඇඳුම අඳින කෙනකු බව එක්‌ යෝගියෙක්‌ මට කීය. ඒ ඔහු දියසේන දුටු විධියයි. තවත් මතයකට අනුව දියසේන යනු ප්‍රචණ්‌ඩකාරී පුද්ගලයෙකි. බුදුදහමට වින කටින අයට සිංහල රජ කාලයේ නීතිය ක්‍රියාත්මක කිරීම දියසේනගේ ප්‍රධානතම රාජකාරියක්‌ බව ඈත රුහුණේ ශාස්‌ත්‍රකරුවකු විසින් අනාවැකි පළකර ඇත.

කෙසේ නමුත් අද වන විට මට ආරංචි වී ඇති පරිදි ඔය කියන දියසේන මේ වන විටත් ලංකා පොළොවේ ඉපිද අප අතරම සැරිසරමින් හිඳියි. කල් යවා හෝ කල් නොයවා ඔහු තමන්ගේ ක්‍රියාන්විතය ආරම්භ කරනු ඇත.

ලක්‌වැසියන්ගේ අනාගත ආධ්‍යාත්මික නායකයාගේ ගති ලක්‍ෂණ මට පහසුවෙන් විස්‌තර කළ හැකිය. මන්දයත් ආධ්‍යාත්මික දේශපාලන නායකයකු සතු ලක්‍ෂණ අක්‍ෂෝභ්‍ය කුමරා විසින් මට කල්තබා හෙළිදරව් කළ බැවිනි.

උපගේ අනාගත නායකයා කරළියට පැමිණි කල්හි දිව්‍යමය බලවේගයන්ගේ උදව් ඇතිව බොහෝ පිරිස්‌ ඔහු වටා

එක්‌රැස්‌වනු ඇත. බෞදAධ පුනරුදයේ ඊළඟ පියවර වන ධර්ම රාජ්‍යය වෙත යන පාර ඔහු විසින් පෙන්වා දෙනු ඇත.

සිරිලක ධර්ම රාජ්‍යයක්‌ බවට පත්වූ කල්හි බුදුදහමේ චිරස්‌ථිතිය සඳහා අවශ්‍ය වන ඊළඟ ක්‍රියාන්විතය ආරම්භ කෙරෙනු ඇත. ලොව පුරා විසිරී ඇති ධර්මය ඒකරාශී කරමින් නිවැරදි බුද්ධ ධර්මය තෝරා බේරා ගැනීම ඉන් එක්‌ ක්‍රියාවකි. එම ක්‍රියාව ධර්ම සංග්‍රහ නම් වෙයි. ධර්ම සංග්‍රහයෙන් පසු ධර්ම විග්‍රහය සිදුවෙයි. ධර්ම විග්‍රහ යනු ධර්මය පැහැදිළි කර දෙන අටුවා ටීකා සන්න ආදිය ලියා තැබීමයි.

ධර්ම සංග්‍රහ සහ ධර්ම විග්‍රහ යන පියවර වලින් පසු ධර්ම ස්‌ථිති නම් තවත් පියවරකි. බොහෝ කලක්‌ ධර්මය ආරක්‍ෂා කර ගනු පිණිස කල් පවතින සේ ධර්මය පොතපතෙහි ලියා ආරක්‍ෂිත ස්‌ථාන වල තැබීම ධර්මස්‌ථිති නම් වෙයි.

විවිධ දේශදීපයන්හි ධර්මය පතුරුවා හැරීමද ශාසන ශෝධන ක්‍රියාවලියේ එක්‌ අංගයකි. එම අංගය ධර්ම යාත්‍රා නම් වෙයි.

ඔබ අතිශය බුද්ධිමත් පාඨකයකු නම් ඔබට මෙය කියවන කල්හි කිසියම් වැදගත් ගැටලුවක්‌ පැනනැඟීමට ඉඩ ඇත. විනය විරෝධී ක්‍රියාවල නිරතවන ශ්‍රමණවේශධාරීන්ට එරෙහිව ගන්නා කිසිදු පියවරක්‌ මෙහි සඳහන් නොවේ. ඔවුන් ම`ගහැරුණාවත්ද? මේ කරුණු ලියන මා බියසු`ථව ඒ දේ නොලියා සිටියාවත්ද? නැත. නිවැරදි පිළිතුර ඒ කිසිවක්‌ නොවේ.

සදධර්මය නැවත විද්‍යමාන වන කල්හි විනය විරෝධී ධර්ම විරෝධී ක්‍රියාවල නිරතවන භික්‍ෂු පිරිස්‌ එකිනෙකා සමඟ ගැටුම් ඇතිකර ගනිමින් සිට අවසානයේ සසුන හැරදා ගොස්‌ උපැවිදි වන බව කියනු ලැබේ. මෙය මා විසින් බෝසත්වරුන්ගෙන් අසා දැනගත් කරුණක්‌ද නොවේ. මේ කරුණ මා විසින් තවත් යෝගියකුගෙන් අසා දැනගත් දෙයකි. මා බෝසත්වරුන්ගෙන් සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රය අසා දැනගත් දින වලදී මාගේ සමීපතම මිත්‍රයකු විසින් ඒ කරුණු බෝසත්වරුන්ගෙන් අසා දැනගත්තේය.

දැන් ඔබ මාගෙන් මෙවැනි ප්‍රශ්නයක්‌ අසාවි. ඔය කියන විධියටම සියල්ල සිදුවේවිද? මම ඊට පිළිතුරු දීමට පෙර ඔබෙන් පැනයක්‌ අසමි. ඔබ හලාහල වසකුප්පියක්‌ පානය කළහොත් කුමක්‌ සිදුවේද? නොවැරදීම ඔබ එයින් මිය යනු ඇත. සිංහල බෞද්ධයන් විසින් මේ වන විටත් හලාහල වසකුප්පියක්‌ පානය කර ඇත. ඒ වසකුප්පිය නම් රටට ජාතියට ආගමට ගරහමින් කරන පක්‍ෂ දේශපාලනයයි. එයින් පක්‍ෂවල මහමොළකරුවන්ට, ඔවුන්ගේ පවුල්වල අයට හැර අන් කිසිවෙකුට වැඩක්‌ නැත. පක්‍ෂ දේශපාලනය නම් වසකුප්පිය විරේකයක්‌ දී ඉවත් කරන තෙක්‌ මේ රට දැනට වැටෙමින් සිටින ප්‍රපාතයෙන් ගොඩ ගත නොහැකිය.

(සමථ භාවනාව ගැන තොරතුරු මීළඟ ලිපියෙන්)

නිලන්ත හෙට්‌ටිගේ

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *