ලංකාවට හදුන්වාදුන් අලුත් පළතුර….

“ගැක් පළතුර” (GAC Fruit)

❌මම මේ පළතුර promote කරනවනම් නෙමෙයි යාලුවනේ…. මම අළුතින් දැනගත්ත දෙයක් ඔයාලත් එක්ක බෙදා හදාගන්නව විතරයි….

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට ලංකාවට හදුන්වාදී තිබෙන අලුත්ම පළතුරු විශේෂය ගැනයි මම කියන්න හදන්නේ… මේ ගැන ඔයාලනම් දන්නව ඇති.. ඒත් නොදන්න යාලුවන්ට දැනගන්නත් එක්ක පුංචි විස්තරයක් කියන්නම්… මේ වන විටත් මෙම පළතුර අගුනකොලපැලැස්ස, එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගාකරලා තියනවා…

ගැක් ෆෘට් නමින් හදුන්වන මේ පළතුර කියුකබටේසියේ පවුලට අයත් වෙනවා…sweet Gourd නමින්ද කියවෙන අතර Momordica cochinchinensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා…

ගැක් පළතුර ලංකාවේ වියළි හා තෙත් දේශගුණික කලාපයන්හි වගාකලහැකි බව තහවුරු කරගන තියනවා… වැල් වශයෙන් වැවෙන මේ පළතුරෙහි, වැලෙහි ස්වාභාවය බොහෝදුරට පැෂන් පෘට් වැලට සමානකමක් දක්වනවා… හරිම දැකුම් කළු පළතුරක් විදිහට හදුන්වන්න පුලුවන් පළතුරක් තමයි මේ ගැක් පෘට් කියන්නේ… කොළ පැහැයේ සිට කහ පැහැති, තැඹිලි පැහැය දක්වා අලංකාර පැහැයක් ගන්නවා… ඵලාවරණය තරමක කටුමය ස්වරූපයක් පෙන්නුවත්, බොහෝදුරට පැෂන් පෘට් ඵලාවරණයට සමානකමක් දක්වනවා… ඇතුලතද කුඩා බීජ රාශියකින් සමන්විත, ඒ එක් එක් බීජය වටා මාංශලමය අහාරයට ගතහැකි කොටස් අඩංගුවෙනවා… පෙනුමින් හරියටම හොදින් ඉදුනු තුඹ කරවිල ගෙඩියක ඇතුලත වගේමයි… (ප්‍රමාණයෙන් නෙමෙයි)

මෙහි සුවිෂේෂිතම ලක්ෂණය තමයි ලපටි ඵලය එලවළුවක් විදිහටත් ඉදුණු ඵලය පළතුරක් විදිහටත් ආහාරයට ගන්නට හැකිවීම… ඒ වගේම තමයි පත්‍ර කොළ එලවළුවක් විදිහටත් ආහාරයට ගන්න හැකියාව පවතිනවා…

ඒ වගේම ඉදුණු පළතුරෙන්, පළතුරු යුෂ,ජෑම් වර්ග වගේම තෙල් වර්ගත් අගය එකතු කල නිෂ්පාදන විදිහට සකස් කරගන්න පුලුවන්… විටමින් අඩංගු කැප්සූල් සැකසීමටත් උපයෝගී කරගනු ලබනවා…

කැරට් වලට වඩා දස ගුණයකින් කැරටිනොයිඩ්ස් අඩංගු බව සොයාගන තියන අතරම තක්කාලි වලට වඩා හැත්තෑ ගුණයකින් ලයිකොජෙන් අඩංගුවන බවද සොයාගන තිබෙනවා… මීට අමතරව විටමින් A, බීටා කැරොටින්, ලයිකොපේන් වැනි මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය වෙන පෝෂ්‍යපදාර්ථයන් රැසක් අඩංගු වෙනවා…

මෙම ගැක් පෘට් වලට හදවත් රෝග වලකාලීමට, පිළිකා මර්ධනයට වගේම අධිරුධිර පීඩනය වලකාළීමටත් මහගු හැකියාවක් පවතිනවා… අන්න ඒ නිසාවෙන් මෙම පලතුරෙහි වැඩි වටිනාකමක් තියනවා…

ලංකාව තුල පහසුවෙන් වගාකල හැකිබවත් එමගින් වැඩි ආර්ථික වාසි ලබාගන්න පුලුවන් වෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා…

ඉතින් යාලුවනේ මතකයිනේ ඩ්‍රැගන් පෘට් අපි අතරට ආපු විදිහ, අන්න ඒවගේ ගැක් පෘට් අපි අතරට ඒවි… මුලදි සුපිරි වෙළදසැල්වල විතරක් දකින්න පුලුවන් වෙලා පස්සේ නිතර අපිට මිලදීගන්න ලැබේවි, ඊට පස්සේ අපේ ගෙවල්වලත් වැලක් දෙකක් හදාගන්න පුලුවන් වෙන විදිහට අපි අතරට ඒවී…”සමිත්‍රී”

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *