රජගල සැගවුණු විශ්මිත හෙළිදරව්වක් මෙන්න අද රජගල එදා රජගහනුවරද?

සිසිර කිත්සිරි
ඡායාරූප – ප‍්‍රසන්න බ‍්‍රාහ්මණ

ශ‍්‍රී ලංකාව බුදුන්ගේ දේශය යැයි ඇතැමෙක් කියති. ජම්බුද්වීපය උතුරේ තිබූ බවත්” බුදුන්වහන්සේගේ ඉපදීම” ශ‍්‍රී සම්බුද්ධත්වය හා පරිනිර්වාණය ද මෙහිම සිදුවිණැයි ද විවිධ තර්ක ඉදිරිපත් කරති. දිවයිනේ පෞරාණික ප‍්‍රදේශ අරබයා නේරංජනා ගංගාව” රජගහනුවර” කිඹුල්වත්පුර” සැවත්නුවර ආදී ප‍්‍රදේශ අද ශේෂ වී පවතින්නේ යැයි ද ප‍්‍රලාප දොඩවති. වසර පන්දහසක් කල් පවතින්නේ යැයි දෙසූ ශ‍්‍රී සද්ධර්මය වසර දෙදහස් පන්සියය ඉක්ම යද්දීම කලියුගයේදීම තුරන් වන සෙයක් අපට හැෙඟ්. බුදු දහම අනුව මේ සියල්ල අනිත්‍ය ධර්මයන් ය. නොනැසෙන කිසිවක් ලොව නොමැත්තේය. මේ මිථ්‍යා දෘෂ්ටිකයන් කෙරෙන් බොදු සැදැහැතියන් හැකි පමණින් හෝ ගලවාලනු වස් මේවායේ අක්මුල් සොයා යන ගමනකදී අප දිගාමඬුල්ලට ද ගොඩවීමු. මේ ඒ එක් සැඟවුණු පුද බිමක කථාවයි.

අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන ප‍්‍රා. ලේකම් කොට්ඨාශයේ අම්පාර – මහඔය මාර්ගයේ කි. මී. 26 පමණ ගිය පසු බක්කිඇල්ල නම් මංසන්ධියක් හමුවෙයි. එතැනින් හැරී කි. මීටර් 1 ක් පමණ වන ලැහැබ දෙසට ගමන් කළ අයෙකුට ඉතා නිසොල්මන් වටපිටාවකින් සුසැදි පර්වත පාමුලක් හමුවෙයි. රූස්ස ගහකොළ වලින් හෙබි මෙම ප‍්‍රදේශය තුළින් වැටී ඇති අඩි පාර ඔස්සේ කඳු මුදුන වෙත ළඟා වන අයකුට ඉතා මනරම් භූමිතික දර්ශනයක් දැක ගත හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 1038 පමණ උසකින් යුතු මෙම වනගත කඳු මුදුනේ සිට හාත්පස බලන්නෙකුට බටහිරින් දිව්ලාන වැවද” වාලිම්බහෙල කඳුවැටිය ද උතුරු දෙසින් පෞරාණික වැව් සමූහය ද” තොප්පිගල පර්වතය හා මඩකලපුව ප‍්‍රදේශය ද දිස්වෙයි. නැගෙනහිර දෙසට වන්නට ඇත්තේ ගල්ඔය ජනපද ආශ‍්‍රිත මනරම් කෙත් වතු සමූහයයි. එමෙන්ම දකුණු දෙසින් සුමංගල” ඉඟිනියාගල කඳුවැටි හා අම්පාර නගරය ද ඇතුළුව දිස්වන චමත්කාර දර්ශන පෙළ මෙහි පිවිසෙන්නෙකු අමන්දානන්දයට පත් කරවයි. පුරා අක්කර දහස් ගණනක දිස්වන ඉපැරැණි ලෙන් හා අවශේෂ වී ඇති ස්මාරක”අතීතයේ මෙම ස්ථානයේ ආරාම සංකීර්ණයක් හෝ වන සෙනසුනක් තිබූ බවට සාක්‍ෂි පවසන්නේය. මහාවංශය” පුරාවිද්‍යා අභිලේඛන හා ඉපැරැණි ශිලා ලිපි අනුව මෙය ගිරකුම්භීල විහාරය. කුම්භීලතිස්පව් විහාරය” අරියාකර විහාරය” අරිත්තරා ආදී විවිධ නම් වලින් හැඳින්වුවද” අද එය හඳුන්වන්නේ රාස්සහෙල හෙවත් ‘රජගල. ලෙසය.

 

අනුරාධපුර යුගයේ රජකළ සද්ධාතිස්ස රජුගේ ජ්‍යෙෂ්ඨ පුත් ලජ්ජිතිස්ස කුමරු මෙම පුදබිම ආරම්භ කළ බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබී ඇති අතර” සද්ධාතිස්ස රජු අනුරාධපුරයේ රජ කරන කාලවකවානුවේ (ක‍්‍රි. පූ. 137 – 119) ලජ්ජිතිස්ස කුමරු දිගාමඬුල්ල ප‍්‍රදේශය භාර ප‍්‍රාදේශීය පාලකයා ලෙස සිට ඇත. පසු කලෙක පිය රජු ඇවෑමෙන් අනුරාධපුරයේ රජවන ලජ්ජිතිස්ස කුමරු මෙම පුදබිම තවදුරටත් වැඩිදියුණු කළ බව ඉතිහාස මූලාශ‍්‍ර පවසයි. රජතුමා තවදුරටත් වැඩිදියුණු කළ බව ඉතිහාස මූලාශ‍්‍ර පවසයි. රජතුමා හා සිය බිසෝවරුන් මෙම පුදබිමට ලෙන් සිය ගණනක් කරවා පූජා කළ බවත්” එලෙස සඟසතු කොට පුදබිම පූජා කළ උත්සවයට 60”000 ක් භික්‍ෂුන් වහන්සේලා වැඩම කළ බව සඳහන් ශිලා ලේඛනයක් ද මෙහිදී හමු වී ඇති අතර රජතුමා එලෙස වැඩම කළ සියලූම භික්‍ෂුන් උදෙසා තුන් සිවුරු පූජා කළ බවත්” මහා වංශයෙහි ද සඳහන්ව ඇත. ලජ්ජිතිස්ස රජුගේ කාලයේ ඉතා දියුණු මට්ටමක පැවැති මෙම රජගල වනසෙනසුන ඉන් පසුව රජකළ රජවරු ද” ප‍්‍රභූවරුද” රුහුණේ කටයුතු භාරව සිටි ප‍්‍රාදේශීය යුව රජවරු ද” වරින් වර පැමිණ නව අංගඑක්කර වැඩිදියුණු කර ඇත්තේය. එම රජවරු අතර කූඨකණ්ණතිස්ස” භාතිකතිස්ස” මහසෙන්” බුද්ධදාස. 1 වන මහින්ද ආදී ප‍්‍රධාන වන අතර. අදටත් අක්කර 1025 ක් පුරා විහිද පැතිර ඇත්තේ ඒ අතීත ශ‍්‍රී විභූතියේ නෂ්ඨාවශේෂයන් වීම විශේෂය.

today2පුරාවසර දහස් ගණනක් කාලයේ වැලිතලාවට යටවෙමින් රූස්ස වනගහනයක සැඟව තිබූ මෙම අනගි වන සෙනසුන” පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්” ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයත් එක්ව සිදුකළ සාමූහික සංරක්‍ෂණ ප‍්‍රයත්නය නොවන්නට අදටත් ලොවට හෙළි පෙහෙළි නොවනු ඇත. ඒ පිළිබඳව මුලින්ම ඔවුනට අපගේ ශීර්ෂ ප‍්‍රණාමය පුද කළ යුතුය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ක‍්‍රි. ව. 10 පමණ වනතෙක් වූ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ මතුකර ගැනීමට ඔවුන් දරන වෙහෙස පිළිබඳ අප ජාතියක් ලෙස සදා අගය කළ යුතුය.

පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කාර්යාල ගොඩනැඟිල්ල පසුකර එක්වරම ඇති කළුගල් තලාව නැඟගිය අපට මුලින්ම හමුවූයේ ගරාවැටුණු තවම ක‍්‍රමවත් කැණීමකට හෝ තහවුරු කිරීමකට ලක් නොවූ චෛත්‍යයන්හි නටබුන් සමූහයකි. පසෙකින් විහාර ගෙයක් හා තවත් ගොඩනැඟිලි කීපයක අවශේෂ දක්නට ලැබුණි. සෑම ගෘහයක්ම පොළොව මට්ටමෙන් මඳක් උස්ව ඉදිකර ඇත. පිවිසීමට ශිලාමය පඩි පෙළකින් යුතු ද්වාරයකි. පඩිපෙළ දෙපස කොරවක්ගල් 2 ක් ද එහි කෙළවර මුරගල් (Guard Stone) 2 ක් ද වන අතර මධ්‍යයේ ඉතා සරල සඳකඩපහණ (Moon Stone) කි. ඒවායේ පිටත කවයට ඇතුළතින් අර්ධ කවාකාර රේඛා කිහිපයකට පමණක් බොහෝ විට සීමා වී ඇත. කොරවක්ගල් ද එසේමය. පූර්ව අනුරාධපුර යුගයට නෑකම් කියන මේවායෙහි බොහෝ කොටස් කැඞී බිඳී ගොසිනි. එහි සඳහන් හොඬයක් කටින් ගත් මකරා හෝ භේරුණ්ඩ පක්‍ෂියාගේ සටහන් ශේෂ වී ඇත.

ශිලාමය පඩිපෙළෙහි පඩිවල නැග්මයන්හි කුඩා වාමන හෝ බහිරව රූප 4 බැගින් දක්වා ඇත. කොරවක් ගල් අවසන් වනුයේ සරළ බවින් නිමවා ඇති මුරගල් දෙකකිනි. පශ්චාත් අනුරාධපුර යුගයේ මුරගලට වඩා මෙහි නිමවා ඇති රූප සරළය. එහි ඇත්තේ මලින් පිරි පුන්කළසක් දෑතින් ඔසවා ගත් රූපයකි. දේවාභරණ පැහැදිලිය. මකුටය පැහැදිලිය. හිසට පසුපසින් නයිපෙණ හතකින් හැදී ඇති නාග රූපයකි. වාමනයකුගේ හෝ අතවැසියෙකුගේ වඩා උස් නොවූ රූපයක් පහතින් දෙපා අසල දක්වා ඇත. මෙම පඩි කිහිපය නැඟ ගොඩනැඟිලිවලට ඇතුළුවන ස්ථානයේ ගෙබිම උළුවස්සක් තිබූ බවට සලකුණු පැහැදිලිව දක්වා ඇත. එම උළුවහු පාදම තනි කළුගලින් අඩි 2 ක් පමණ පළලට සාදා ඇත. ගල් උළුවස්ස හොඳින් ඊට වැද්දීම සඳහා සෘජුකෝණීව කැපූ හතරැස් සිදුරු දක්නට ඇත. මේවායේ සූක්‍ෂ්ම බව එදා ගල් වඩුවාගේ නිසග කුසලතාව විදහා දක්වයි. පබ්බත විහාර (Rock Monastery) සම්ප‍්‍රදායට අයත් මෙම ගොඩනැඟිලි ගල් තලා මත ඉතා ශක්තිමත්ව ඉදිකර තිබූ බව පෙනේ. සමහර ගොඩනැඟිලි කවාකාරව ඉදිකර ඇති බවට ඒවායේ පාදම්වරි සාක්‍ෂි දරයි.

today3ඊළඟට දක්නට ඇත්තේ විශාල පොකුණු සංකීර්ණයකි. ඉතා කර්කශ දේශගුණයකින් හෙබි නැගෙනහිර පළාතේ වැසිදිය හා වනපෙතින් ගලා බසින කුඩා දිය දහරා එක්කර ආරාමවාසී භික්‍ෂූන් වහන්සේලා උදෙසා පැන් සනහාලනු වස් මෙය ඉදිකර ඇති බව පෙනේ. පොකුණට පිවිසුමට විශාල පියැගට පෙළකි. මිහින්තලේ පියගැට පෙළ මෙන් ඉතා පුළුල්ව පඩි නිමවා ඇති මෙහි සංරක්‍ෂණ කටයුතු තවම අවසන් කර නොමැත. රූස්ස වෘක්‍ෂයන් හා යෝධ පුස්වැල්වලින් ගහන මෙම ප‍්‍රදේශය දිවා කාලයේ පවා ආයුධ සන්නද්ධ ආරක්‍ෂක භටයන්ගේ රැකවල්වලින් යුක්තය. ඒ මෙය නැරඹීමට එන බැතිමතුන් සංචාරකයන් වනසතුන් (අලි ඇතුන්) ගෙන් ආරක්‍ෂා කරගනු පිණිසය. පොකුණ පසුකර තවත් ඉහළට වනගහණය තුළ නැඟගිය අපට ඊළඟට දිස්වූයේ විශාල ගල්ලෙන් සමූහයකි.

ඉන් එක් ලෙනක් තවත් විශාල ගල් තලාවක් මත ඉදිකර තිබුණි. මේවා ස්වාභාවිකව පිහිටි ගල්ගුහා” පසුව පියස්සේ කටාරම් කොටා ලෙන් බවට සකස් කර තිබුණි. ලෙන් තුළ කළුගල් පතුරු”මැටි බදාමයෙන් බැඳ ඉතා සරළව බිත්ති ඉදිකර තිබේ. සමහර ඒවායේ කුටි කීපයක් එම බිත්ති මගින් වෙන්කර තිබිණි. ඇතැම් ලෙන් තුළ ආලින්දයක් වැනි කොටසක්ද ඊට ඇතුළතින් පෙර කී ලෙස බිත්ති බැඳ කුටිද වෙන්කර තිබිණි. එදා භික්‍ෂූන් වහන්සේලා කීප දෙනකු එකවර මෙම විශාල ගල්ලෙන් තුළ වැඩ හිඳින්නට ඇතිබවට මේවා නිදසුන්ය. ලෙන් පියස්සේ කටාරම් කෙටීමෙන් වැසි කාලයේදී ගල් පර්වතය දිගේ ගලා එන වැසිදිය ලෙන තුළට වෑස්සීම වළක්වයි. එම කටාරමට යටින් බ‍්‍රාහ්මීය අක්‍ෂර යොදා” එම ලෙන කරවා පූජා කළ අයගේ නම සඳහන් කර තිබීමෙන් එදා සමාජයේ පැවැති ආරාම පූජා විදිය ස්ථූට වන්නේය. සමහර ලෙන් එහි භාවනානුයෝගීව විසූ තෙරුන් වහන්සේ නමින් නම්කර ඇත. ‘දම රුචි තෙරශ ලෙණ. ලෙස එක් ලෙනක සඳහන් වේ. එහි අදහස නම්

‘දම්මරුචි තෙරණුවන්ගේ ලෙන. යන්නයි. මෙම ලෙන් ඉදිකිරීම එදා කි‍්‍ර.පූ. 2 වන සියවසට අයත් බැව් මෙහි හමුවී ඇති අභිලේඛනයන්ගෙන් මෙන්ම කටාරම්හි පවතින පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරවලින් හෙළි වන්නේය. එනම් එකල මෙම වන සෙනසුන ඓන්ද්‍රීය විහාර හෙවත් ලෙන් විහාර (Organic Monastery) සම්ප‍්‍රදායට අයත්ව ඉදිකර ඇත. කි‍්‍ර.පූ. 300 සිට මෙම ලෙන් විහාර සම්ප‍්‍රදාය ආරම්භ වී ඇති අතර මිහිඳු හිමියන් ලක්දිව බුදුසසුන පිහිටුවූදා සිට දිවයිනේ සතර දිගට වැඩම කර වන ගතව ලෝකෝත්තර විමුක්තිය සෙවූ භික්‍ෂූන් වහන්සේලාගේ පහසුව උදෙසා මේවා ඉදිකර පිදූ බව ඉතිහාසයේ සඳහන් වේ. පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂර සහිත ලෙන් ලිපි අඩංගු වීමත්” ගල්ගුහා පියසිවල යටි පැත්තේ ශේෂවී ගිය සිතුවම් පැවතීමත්” කටාරම් සහිත වීමත්” ගල්ගුහාවේ ඉදිරිපස මැටියෙන් බැඳි

ගඩොල්” කළුගල් පතුරු බිත්ති තිබීමත්” කැණීම්වලින් ලබා ගන්නා ද්‍රව්‍ය සංසන්දනාත්මකව සමාන කිරීමත් යන මූලික කරුණු මගින් පුරාවිද්‍යාවේදී මේවා ලෙන් විහාර (Organic Monastery) වශයෙන් හඳුනාගනු ලබයි. මේවා ඉදිකිරීමේදී ඉතා සරළ බව චාම් බව මූලික කොට ගැනීම තුළින් භික්‍ෂූන් වහන්සේලා සතු අල්පේච්ඡු බවද ගම්‍ය වූ බැවින් එමඟින් ථෙරවාදී බුදුදහම එවක මුළු දිවයින පුරා පැතිර යෑමට බෙහෙවින් ඉවහල් වූවාට සැක නැත. විවිධ හැඩයන් ගත් ලෙන් මෙම රජගල වනදහන පුරා පැතිර පවතී. ඒවා එදා තිබුණු ආකාරයටම ආරක්‍ෂා කරමින් ලෙන් කුටි ඉදිකර තිබීම විශේෂිතය. ‘කුඩ ලෙන. ලෙස නම්කර ඇති ලෙන ඊට නිදසුනකි. ඉහිලූ කුඩයක් සේ එක් කුඩා ගල් කුට්ටියකින් පොළොවට සම්බන්ධවී කවාකාරව විහිදී ඇති පියස්සක් සහිත මෙම ලෙනද කටාරම් කොටා භික්‍ෂූන්ට පිදු එකකි. මෙහි භික්‍ෂූන් විශාල පිරිස් එකට රැස්ව ධර්ම කථිකාවන්හි යෙදුණු බවට විශ්වාස කෙරේ. ඊට යාබදව ඇති තවත් ලෙනක පියස්සේ යටි පැත්තේ ශේෂවී ගිය සිතුවම් සමූහයකි.

එහි හුණු මිශ‍්‍ර මැටි බදාමයක් අතුරා ඒ මත සිතුවම් ඇඳ ඇති බව පෙනේ. ගුරු වර්ණයත් තැඹිලි” කහ වර්ණයත් මෙම සිතුවම් සඳහා යොදාගෙන ඇත. බෞද්ධ දර්ශනයට අදාළව මෙම සිතුවම් නිර්මාණය කර ඇති බවට යම් ඉඟියක් ගත හැකි රේඛා සටහන් තවමත් ශේෂව පවතී. විධිමත් සංරක්‍ෂණ ක‍්‍රමයක් මගින් මේවා තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමේ හැකියාව ඇත. තවදුරටත් පර්වතය මුදුනට වන්නට විශාල ලෙනක් හමුවේ. එහි විශාලව පවතින පර්වත පියස්ස හොඳින් කටාරම් කොටා ඇත. පහසුවෙන් භික්‍ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකට වැඩ වාසය කළ හැකි විවෘත ලෙනකි. මෙම ලෙනෙහි විශේෂත්වය වන්නේ එහි ඇති පර්වත බිත්තියෙහි ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර දැකිය හැකි වීමයි. සුදු පැහැති වර්ණයක් උපයෝගී කරගෙන ඉතා සරළව ඇඳ ඇති මෙම චිත‍්‍ර පිළිබඳව තවම විධිමත් සංරක්‍ෂණයක් සිදුකර නොමැත. මෙම දැවැන්ත ලෙන් ගුහාව තුළ පතුලත භූමියේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් කීපයක වළවල් දක්නට ඇත. ඒවායේ තොරතුරු තවම එළි දක්වා නොමැති අතර ඒවා තවම පර්යේෂණ මට්ටමේ පවතී.

මෙම විශාල ලෙන පසුකර තවත් ඉහළට නැඟ ගිය අපහට යම් විශේෂිත බාහිර ලක්‍ෂණයන්ගෙන් හෙබි ලෙන් පෙළක් හමු විය. ඒවාට පිවිසෙන දොරටුව පවා මැටියෙන් බැඳ පියගැට පෙළවල් පවා නිර්මාණය කොට තිබිණි. බිත්ති මැටි බදාමයෙන් වූ කපරාරුවකින් යුක්තය. කුඩා ජනේල බඳු කවුළු කීපයක් පිටතට විවෘතව තිබිණි. ඉහින් කනින් ඩා බිඳු වගුරමින් ගමන් තෙහෙට්ටුවෙන් විඩාබරව එහි පිවිසි අපට යම් ක්‍ෂණික පහසුවක් ගතට දැනෙන්නට විය. තවදුරටත් එම ලෙන තුළට වන් අපට එහි කුඩා කුටීර කීපයක් තිබෙන බව පෙනුණි. අපට අදහාගත නොහැකි වූයේ ඒවා තුළ ඇති තද සීතල පරිසරයයි. ඩා බිඳු” විඩාව මොහොතකින් නිවිණි. එම ලෙන් වායුසමනය කළ නවීන කාමර මෙන් තද සිසිලසකින් යුතු විය. ඒවා පිහිටා ඇති භූගෝලීය තත්ත්වය අනුව සලකා ඒවායේ පිටුපස කෙළවරින් ද්වාරයකින් හමා එක සිසිල් වායු ධාරාවන්” විවිධ ප‍්‍රමාණයේ පාෂාණ පතුරු” ගල් කෝණිකව හරස්කර තැබීමෙන් මෙම කුටි එකිනෙකට මෙම සිසිල් වායු ධාරා යොමුකරගෙන ඇත. මේ හැම කුටියකම පරිසරය වායුසමනය කළ කුටියකට සමානය.

රජගලදී හමුවන එක් ශිලා ලේඛනයක විශේෂයෙන් මෙම ලෙන් පිළිබඳව සඳහන් කර තිබේ. ඒ කි‍්‍ර.පූ. 1 වන සියවසේදී සිටි ලජ්ජිතිස්ස රජතුමා ‘සීතලෙන්. 25 ක් කරවා මෙම ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේලා හට පිදූ බවය. එමගින් මෙම ලෙන් සමූහය කි‍්‍ර.පූ. යුගයේම ඉදිකළ බව සනාථ වේ. එකල මෙවැනි තාක්‍ෂණයක් ඔවුනට ලැබුණේ කෙසේද? මේවා හැසිර වූවෝ කවරහුද? ප‍්‍රාග් ඓතිහාසික මානවයා එදා වාසය කළ මෙම ගල් ගුහා පසු කලෙක වනගත භික්‍ෂූන් වහන්සේලා උදෙසා නැවත සකස් කර පූජා කිරීම දක්වා වූ අපගේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග මින් විද්‍යමාන නොවන්නේද?

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *