යටි සිති දියුණු නිවැරදිව ඇති කරගන්න විදිය මෙන්න

යටි සිතේ විශ්මිත බලය

ඔබේ යටි සිත යනු මේ ලෝකයේ ඔබට ලැබී ඇති වටිනාම වස්තුවයයි කීවොත් එහි වරදක් නැත. ඔබේ යටි සිතෙන් ඔබට ගත හැකි ප්‍රයෝජන අසීමිතය, නමුත් බොහෝ දෙනෙක් යටි සිත පිලිබදව අසාතිබුනත් එහි ශක්තිය හරි හැටි බාවිතා කිරීමට නොදැනීම නිසා එම ශක්තිය මුලු ජීවිත කාලයම තමන් තුල රදාවගෙන කිසිත් නොකර ජීවත් වෙයි.

ආගමික දේෂණා අනුව බැලුවොත් මිනිසෙකු වී ඉපදීමම මහත් වාසනාවකි. සැබවින්ම එය එසේමය. මේ ලෝකයේ කිසිදු සත්වයෙකු සතු නොවන සුවිශේෂී ශක්තියක් වන මානසික ශක්තිය සහිත මිනිසෙකු වී ඉපදීමම, ඔබ කවුරු වුවත්, කොහේ ජීවත් වුවත් ඔබ වාසනාවන්තයෙකු බව පැවසීමට හැකි සාදකයකි. එසේ බැලුවොත් සැබවින්ම මේ ලෝකයේ සෑම මිනිසෙකුම උපතින්ම වාසනාවන්තයන්ය. නමුත් ඒ වාසනාවන්තයන්ගේන් 80ක්ම වගේ තමන්සතු මේ ශක්තීන් හදුනා නොගැනීම නිසා නිකරුනේ අසාර්ථක අසතුටු දායක ජීවිත ගත කිරීම කනගාටුවට කරුණකි. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබත් එයින් කෙනෙකු වන්නට පුලුවන්. එසේනම් මේ ලිපිය කියවීමෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරගැනීමේ පළමු පියවර තබන්නට මම ඔබට ආරාධනා කරමි.

අපගේ සිත , උඩු සිත හා යටි සිත ආකාරයෙන් කොටස් 2ට බෙදා දක්වන්න පුලුවන්. මෙයින් උඩු සිත අපගේ එදිනෙදා සිතුවිලි මෙහෙයවීමේ කාර්යය ඉටු කරයි. යම් යම් දේ පිලිබදව තාර්කිකව සිතමින් තීරණ ගනිමින් ක්‍රියාත්මක වෙයි. දකින අසන කියවන දෙයට සාපේක්ෂව සිතුවිලි මෙහෙයවමින් ක්‍රියාත්මක වෙයි.

මේ ආකාරයෙන් ඔබේ උඩු සිත ක්‍රියාත්මක වීමට බලපාන ප්‍රධාන මූලයන් ඇත්තේ ඔබේ යටි සිත තුලයි . ඔබේ උඩු සිත කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වුවත් එය ක්‍රියාත්මක වන්නේ යටි සිත තුල වන දත්ත වලට සාපේක්ෂවයි.

උදාහරනයක් ලෙස,

ඔබට ගෙදර තිබෙන කුනු ගොඩ දෙස බලා මෙය මහා වදයක් ලෙස සිතන්නත් , ඒ වගේම එය දෙස බලා මෙයින් කොම්පෝස්ට් පොහොර නිපදවන්න හෝ ස්වභාවික වායුන් නිපදවා ප්‍රයෝජනයක් ගන්න හෝ එය අලෙවි කර අමතර ආදායමක් ලබන්න පුලුවන් යයි සිතන්නත් ඔබට පුලුවන්. මේ ආකාරයෙන් සිතීමේ කාර්යයය කරන්නේ ඔබේ උඩු සිත. මේ ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔබේ උඩු සිත සිතනවාද යන්න තීරණය වෙන්නේ ඔබේ යටි සිතේ තිබෙන ආකල්පමය තත්වයන් මත.

ඔබ ඔබේ ජීවිතයේ කුමන ආකාරයේ සාර්ථකත්වයක් ලබා ගන්නවාද යන්න තීරණය වන්නේ ඔබ එම සාර්ථකත්වය ලගා කරගැනීමට අවශ්ය පරිදි ක්‍රියා කරනවාද යන්න මත. හරි ආකාරයෙන් ක්‍රියා කලොත් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. ඔබට හරි ආකාරයෙන් ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඔබේ උඩු සිත මගින් ගන්නා තීරණ මත. මේ ආකාරයෙන් උඩු සිත තීරණ ගැනීම වෙනුවෙන් කෙලෙස ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඔබේ යටි සිත තුල තිබෙන

ගැනීම වෙනුවෙන් කෙලෙස ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඔබේ යටි සිත තුල තිබෙන ස්වභාවය මත.

මෙන්න මේ හේතුව නිසා ඔබට අවශ්‍ය සාර්ථකත්වය කුමක්ද යන්න හරියට වටහාගෙන එයට අවශ්‍ය පරිදි මූලිඛ ආකල්පමය තත්වයන් ගොඩනගාගෙන ඔබේ ‍යටිසිත ධනාත්මක ආකාරයකින් පවත්වාගෙන යාම ඉතා වැදගත්.

සාර්ථකත්වය අපේක්ෂා කරන බොහෝ දෙනෙක්ට තිබෙන සුලභ ගැටලුවක් නම් යම් ධනාතමක් චින්තන වැඩමුලුවන් හෝ, පොතක් හෝ වෙනත් යමක් පරිශීලනය කිරීමේන් පසු සිතට යම් ජවයක් දැනුනත් කාලයත් සමග නැවතත් පැරනි තත්වයටම පත්වීමයි. මෙයට හේතුවත් අපි කලින් කියූ ආකාරයට උඩු සිත හා යටි සිත අතර වන ක්‍රියාකාරීත්වයි. බොහෝ විට ඔබ ධනාත්මක යමක් පරිශීලයනය කිරීමේදී සිතුවන්නේ එයට සාපේක්ෂව ඔබේ උඩු සිත ක්‍රියාත්මක වීමයි. ඒ අනුව ඔබට තාවකාලික ධනාත්මක බවක් හා ජවයක් දැනීමට පටන් ගනී.

නමුත් ඔබේ උඩු සිත ධනාත්මක වූවාට ඔබේ යටි සිත තුල තිබෙන මූලයන් , ආකල්පමය තත්වයන් ධනාත්මක නොවන බැවින් කාලයත් සමග ඔබේ උඩු සිත තුල වන තාවකාලික ධනාත්මක බව අඩුවී ඍනාත්මක තත්වයන් නැවත නැවතත් ඇති වීමට පටන් ගනී. මේ නිසා ඔබට සාර්ථක වෙන්න අවශ්යනම් ඔබ තාවකාලිකව උඩු සිත ධනාත්මක කරගැනීම කරනවා මෙන්ම ඔබේ යටි සිත ධනාත්මක කිරීමේ ක්‍රියාවලියකද නිරත වීම අත්‍යවශ්‍ය වේ.

ඔබේ යටි සිත ධනාත්මකනම් නිරායාසයෙන්ම ඔබේ උඩු සිත ගන්නා තීරණ ධනාත්මක වීමට පටන් ගනී. එමෙන්ම ඒ අනුව ඔබ ක්‍රියාකරන ආකාරයත් , ඔබේ චර්යාවනුත් ධනාත්මක වීමට පටන් ගනී, ඒ අනුව නියත වශයෙන්ම ඔබට ලැබෙන ප්‍රතිඵ්ලත් ධනාත්මක වේ!

සැබවින්ම සාර්තක වීම යන්න අපහසු දෙයක් නොවේ. සාර්ථක වීමට ඕනෑ තරම් අවස්ථාවනුත් මේ ලෝකයේ ඕනෑ තරම් ඇත. නමුත් ඍණාත්මක මනසකට එම අවස්ථාවන් ග්‍රහනය කරගත නොහැක. ග්‍රහනය කරගත්තත් සැකය බිය වැනි දේ ඇති වීම නිසා ක්‍රියාත්මක වීමට අවශ්‍ය තීරණ ගැනීම සිදු කිරීම ඍණාත්මක මනසක් ඇත්තාට හරි ආකාරයෙන් කල නොහැක.

මේ නිසා ඍණාත්මක මනසක් ඇත්තාට සාර්ථක වීමට දැඩි ආයාසයක් , වෙහෙසක් දැරීමට සිදු වේ. නමුත් ධනාත්මක මනසක් ඇත්තාට එසේ නොවෙයි, කුමන බාදක පැමිනියත් නිරායාසයෙන්ම ඔහු තුල ධනාත්මක සිතුවිලි ඇති වේ, ඒ අනුව ධනාත්මක තීරණ ගැනීම සිදු වේ. එමෙන්ම නිරායාසයෙන්ම ඔවුන් ධනාත්මකව ක්‍රියාත්මක වේ. ඔවුන් සාර්ථකත්වය වෙත නිරායාසයෙන්ම ගමන් කරයි.

එමෙන්ම අපේ යටි සිතට චිත්ත තරංග නිකුත් කිරීමේ හැකියාවක් ඇත. ධනාත්මක චිත්ත තරංග ඍණාත්මක චිත්ත තරංග වලට වඩා සාපේක්ෂව බලවත්ය. මේ නිසා ඔබේ යටි සිතේ තිබෙන ස්වභාවය වෙනස් වීමත් සමග ඔබේ ධනාත්ම චිත්ත තරංග වල වැඩිවීමක්ද සිදුවේ. මෙය අනෙක් පුද්ගලයන්ගේ චිත්ත තරංග හා විශ්වයේ තිබෙන අනෙකුත් තරංග සමග ක්‍රියාත්මක වෙමින් ඔබට අවශ්ය සාර්ථකත්වය ඔබ වෙතට ආකර්ෂණය කිරීමට කටයුතු කරයි. මෙය ආකර්ෂණ නීතිය ලෙස හදුන්වයි.

මෙය ක්‍රියාත්මක වීමත් සමග ඔබට මෙතෙක් සාර්ථකවීමට තිබූ බාදාවන් ඉවත්වීම සිදුවේ, ඔබේ සාර්ථකත්වයට බාදාවක් වන පුද්ගලයන් සිටීනම් ඔවුන් ඔබෙන් ඉවත්වීම හෝ ඔවුන්ගේ සිතුවිලි වෙනස් වීම තුලින් ඔබට වාසි දායක තත්වයන් ඇතිවීම සිදුවීමට පටන් ගනී. එමෙන්ම ඔබ උදවු වන පුද්ගලයන් ඔබ වෙතට ආකර්ෂනය වීමට පටන් ගනී.

එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය ඇතුලු සියලු සාදක වෙනස් වෙමින් ඔබව සාර්ථක වීමට පටන් ගනී. එමෙන්ම චිත්ත තරංග අනුව ඔබ අවට තිබෙන අජීවී වස්තූන්ගේ පවා වෙනසක් වන බව විද්‍යාත්මකව පවා ඔප්පු වී ඇත. මේ නිසා ඔබේ ජීවිතයේ සියලුම දේවල් පාහේ ඔබේ යටි සිතේ වෙනසත් සමග වෙනස් වීමට පටන් ගනී.

යටි සිත වෙනස් කරගන්නේ කොහොමද?

බොහෝ දෙනෙකු සිතන්නේ යටි සිත වෙනස් කිරීමට ධනාත්මක දේවල් පරිහරනය කිරීමේන් කල හැකි බවය. නමුත් ඒ තුලින් බොහෝ විට සිදුවන්නේ උඩු සිත තාවකාලික ධනාත්මක වීම තුලින් තාවකාලික වෙනසක් ඇතිවීමයි. යටි සිත වෙනස් කිරීමටනම් ඔබට එතැනින් එහාට ගොස් ඔබේ යටි සිත ගොඩනැගීමේ අභ්‍යාස හරහා ඔබේ යටි සිත ප්‍රථිනිර්මානය කිරීමක් කිරීම කල යුතු වේ.

පසුගිය වසර තුළදී ඔබට බලාපොරොත්තු ගණනාවක්‌ තිබෙන්නට ඇති.

“විභාගය සමත් වෙන්නට” වගේම, “විවාහයට” සුදුසු සහකරුවකු සොයා ගන්නටත්, හොඳ රැකියාවක්‌, නව නිවසක්‌, නවීන වාහනයක්‌, විදේශ ගතවීමක්‌ වැනි බලාපොරොත්තු ගොන්නක්‌ ඔබ තුළ තිබෙන්නට ඇති.

ඔබට පමණක්‌ නොවෙයි, බොහොමයක්‌ දෙනාගේ ආශාවන්ට සිමාවක්‌ නැහැ. නව වසරක්‌ සමඟ අරමුණු රැසක්‌ ඉටුකර ගන්නට සිතා ගත්තත්, වසර අවසානයේ ඉන් කිහිපයක්‌වත් ඉටුකර ගන්නට බැරි තරම්. අවසානයේ ඉතිරිවී ඇත්තේ අසහනය පමණයි.

ඔබ අතට එක්‌ ඊතලයක්‌ දීලා ඉලක්‌ක කිහිපයක්‌ පෙන්වුවොත් ඔබට කුමක්‌ සිදුවේවි ද? ඔබ අසරණ වෙනවා නේද? ඔබ කොහොමද එකවර ඉලක්‌ක හතර – පහකට විදින්නෙ. ඔබට එක ඊතලයකින් විදිය හැක්‌කේ එක්‌ ඉලක්‌කයකට පමණයි. ඒ නිසා ඔබට එක්‌ ඉලක්‌කයක්‌ පළමුව තෝරා ගන්න වෙනවා. එකවර සියලු ඉලක්‌කවලට විදින්න ගියහොත්, ඔබ අසාර්ථක වෙනවා.

ජීවිතයේ අරමුණු පිටුපස හඹා යද්දීත් ඔබට සිදුවන්නේ මේ දෙයමයි. අරමුණු ගණනාවක්‌ ඇතිවිට, ඔබ වෙනුවෙන් ඒවා ඉටුකර දීමට වගකීම භාර ගන්නෙ “යටි සිත”. යටි සිතේ ශක්‌තිය අරමුණු ගණනාවකට බෙදිලා ගියවිට, එක්‌ එක්‌ අරමුණු වෙත යෙදෙන සිතේ බලය අඩු වෙලා යනවා. ඒ නිසා අරමුණු ඉටුවීම ප්‍රමාද වෙනවා.

මේ වසරේදි ඔබට වඩාත් ම අවශ්‍ය දේ පමණක්‌ පළමුව සොයා ගන්න. එය විභාගය සමත් වීම හෝ විවාහයක්‌ සිදුකර ගැනීම විය හැකියි. පළමුව වඩාත් වැදගත් දේ සොයා ගන්න. එයයි වැදගත්.

ලියන්න… නැවත නැවත ලියන්න

අලූත් අවුරුද්දක්‌ ලබන විටම, ඔබට ලැබෙන දෙයක්‌ තමයි දින පොත. පසුගිය වසරවල ඔබ එහි ලියුවේ මොනවා ද? එදිනෙදා සිදුවීම්, බිඳ වැටුණ බලාපොරොත්තු, වේදනාබර මතකයන්, අය-වැය සටහන්?

නමුත්, මේ වසරේදී ඔබ දින පොත භාවිතා කළ යුත්තේ සිහින දිනාගැනීමටයි. ඒ නිසා ඔබ තෝරා ගත් ඉලක්‌ක පැහැදිලි අත් අකුරෙන් දින පොතේ ලියන්න.

උදා- මම මේ වසරේදී A සාමාර්ථ 3 ක්‌ සමඟ උසස්‌ පෙළ විභාගය සමත් වෙමි.

මෙලෙස ඔබේ ඉලක්‌කය වඩාත් පැහැදිලිව හා සවිස්‌තරාත්මකව ලියන්න. ඔබේ ඉලක්‌කය වාහනයක්‌ නම්, එහි වර්ගය හැඩය, පැහැය, එය මිලදී ගන්නා දිනය, ඒ සඳහා මුදල් උපයා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රම ආදිය පවා එයට ඇතුළත් විය යුතුයි. හැකිනම් ඔබේ ඉලක්‌කයට අදාළ රූපයක්‌ සොයා එය ද එහි අලවන්න.

මතක තබාගන්න. ඔබ අරමුණක්‌ තීරණය කළ පසු, එය ලේඛන ගත කිරීමෙන් අරමුණ සැබෑවීමේ සම්භාවිතාවෙන් සියයට 50 ක්‌ සපිරෙන බව මනෝ විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

වරක්‌ ලියූ පමණින් නොනැවතී ඔබේ අරමුණ වඩාත් ප්‍රබල, සිත් ගන්නා තනි වාක්‍යයක්‌ සේ සකසා ගෙන එය දිනකට අඩුම තරමින් දස (10) වාරයක්‌ බැගින් නැවත ලිවීම සිදු කිරීමෙන් ඔබේ සිහින සැබෑවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම වේගවත් වෙනවා.

කියවන්න… ඔබට ම ඇසෙන සේ කියවන්න.

ඔබගේ අරමුණ සහිත ප්‍රකාශය සෑම උදෑසනකම හා සෑම රාත්‍රියකදීම (නින්දට පෙර) ඔබට ම ඇසෙන සේ කියවන්න. කියවනවිට මහත් විශ්වාසයෙන් ම කියවන්න. ඔබේ වචන සමඟ විශ්වාසය මිශ්‍ර කරන්න. වරක්‌, දෙවරක්‌ නොවේ කිහිප වාරයක්‌ කියවන්න.

සිතින් එය දකින්න… ඔබ කුඩා දරුවකුව සිටි කාලය සිහි කරන්න. ඔබට ඕනෑ වූ බෝනික්‌කා නැතහොත් වෙනත් සෙල්ලම් බඩුවක්‌ හෝ ඇඳුමක්‌ දෙමාපියන් ගෙනවිත් දීමට පෙර, ඔබ එය ගැන සිහින දකියි. බෝනික්‌කාගේ හැඩය, උස, පැහැය එහි ඇස්‌වල දිලිසීම පවා ඔබ මනසින් දුටු දේට බෙහෙවින් ම සමාන ය.

එහෙත් වැඩුණු අය බවට පත්වීමේදී අප මනසින් සිහින දැකීම සීමා වෙයි. දකිතත් දකින්නේ ජීවිතයට විය හැකි අහිතකර සිදුවීම් ගැන යි. ජීවිතයට සිදුවිය හැකි යෑයි ඔබ කලින්ම බියපත් වූ දේ බොහොමයක්‌ සිදු වී ඇත. එවැන්නක්‌ සිදු වූ විට, ඔබ මෙසේ කියති.

“මං හිතපු විදිහටම ඒක සිදුවුණා…” අනාගතය මනසින් දැකීමේ හැකියාව ඔබ මෙතැන් සිට භාවිතා කළ යුත්තේ ඔබේ ජීවිත ජයග්‍රහණ සඳහාම පමණි. ඒ නිසා ඔබගේ අරමුණ ගැන සිහින දකින්න විශාල සිහින දකින්න එය සැබෑවන බව විශ්වාස කරන්න. සිහින තුළ ජීවත් වන්න. නිවැරදිව සිහින දැක එය සැබෑ කරගන්න.

ක්‍රියාත්මක වන්න…

ඉහත ලෙස ක්‍රියාත්මක වනවිට “යටි සිත” ඔබට යම් යම් සංඥා ලබා දෙයි.

උදා – හදිසියේ ඔබට උපකාර කළ හැකි පුද්ගලයකු හෝ ආයතනයක්‌ හමුවෙයි.

ඔබට ඇවැසි දේ ලබා ගත හැකි තැනක්‌ ගැන හෝඩුවාවක්‌ ලැබෙයි.

අලූත් ඉපැයීම් මාර්ගයක්‌ ගැන ඔබට සිත දැනුම් දෙයි. එවන් මොහොතක එසැණින් ක්‍රියාත්මක වන්න.

ඔබ ඉහත පියවර 5 ම සිදුකළත් සුදුසු සංඥාව ලත්විට ක්‍රියාත්මක නොවේ නම් කිසිත් සිදු නොවේ.

ඒ නිසා ආරම්භ කිරීමේ උත්සාහය මෙන්ම එය පවත්වා ගෙන යාම හා ක්‍රියාත්මක කිරීමේ උත්සාහයද අත්‍යාවශ්‍යය.

නිවැරදි අවස්‌ථාවේ ක්‍රියාත්මක වුවහොත්, ඔබේ සිහින ඉටුවී ඇති බව නොබෝ කලකින් ඔබට අත්දකින්නට ලැබෙනු ඇත.

මේ සදහා ඔබේ ජීවිතයේ අරමුණු හරි ආකාරයෙන් හදුනා ගනිමින්, ඒ අනුව ඔබේ යටි සිත තුල ධනාත්මක ආකල්ප හා ස්වභාවයන් වර්ධනය වන පරිදි සිතුවිලි රටාවන් හා චර්යාත්මක රටාවන් ඇතිකිරීම වඩාත් ප්‍රායෝගික හා ඵලදායී ක්‍රමයකි.

සිතේ ශක්තිය බලයක් බවට පත් කර ගනිමු .

මෙය විද්‍යාත්මක විමසා බැලුව හොත් මෙසේ විග්‍රහ කළ හැක.

යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විච්ඡේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්ටන් බූර් 1935 දී නව සොයාගැනීමක් කළ නමුත් ඒ ගැන විද්‍යාඥයන ්ගේ අවධානය යොමු වූයේ 1972 ඔහු පළ කළ ‘Blue Print for Immortality’ නමින් සුප්‍රසිද්ධ වූ පොතෙනි. මිනිසා ඇතුළුව සියලු ජීව වස්තු තුළ විදුලිය හා කාන්දම් ශක්තිය මුසු වූ ශක්ති පද්ධතියක් (Electro Magnetic Field) ඇති බවත් එය ශරීරයෙන් ඈතට විහිදෙන බවත්ය.

මෙය සිතුවිලි සමග සම්බන්ධ වූවත් මේවා ගහකොළ සතුන් හා මනුෂ්‍ය ජීවිත වලට බලපාන බවත් කෙනෙකුගේ සිතුවිලිවලට අනුකූලව මේ ශක්ති කිරණ යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ඇති කරන බවත් ආචාර්ය ග්‍රෑඩ් පෙන්වා දී ඇත.

(The Secret life of plants- Peter Tompkins and Christopher Bird- Arkana- England 1991)

නිව් ෙ‌යා්ර්ක් රොවෙස්ටර් සරසවියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයේ දොස්තර ගිල්බට් බී. ෙෆාබ්ස් ශරීරයෙන් විහිදෙන කෙටි කිරණ මැනීමේ උපකරණ නිපදවා තිබේ. අප තුළින් නික ්මෙන ශක්තිකිරණ පද්ධති හඳුනාගත හැකි උපකරණයක් ‘බයෝ ෆිල්ඩ් ඩිටෙක්ටර්ස්’ නමින් හඳුන්වනු ලැබේ.

ශරීරයට අඩි දොළහක් ඈතක සිට මෙම කිරණ මනින උපකරණ ආචාර්ය ගෙර්නාඩ් සර්ගයෙව් නම් ගණිත විද්‍යාඥයා විසින් නිපදවා ඇත.

තෙල්යා මිකයිලෝවා නම් කාන්තාවට තම සිතේ බලයෙන් භෞතික ද්‍රව්‍ය චලනය කිරීමේ හැකියාව තිබිණි. ඇයගේ ශරීරය වටා ඇති සියලු ශක්ති කිරණ පද්ධති ඇයගේ සිත යොමු කරන දිසාවටම යොමුවී ස්පන්දනය වීමට පටන් ගන්නා බව සෝවියට් පොපෝව් විද්‍යාඥ කණ්ඩායම වටහාගත්තේ එම කණ්ඩායමේ සාමාජික මෙම ගර්නාඩ් සර්ගයේව් විද්‍යාඥයා නිපදවන ලද ඒ උපකරණ තුළිනි. (Psychic Discoveries Behind the Iron Curtain- Shella Ostrander and Lynn Schroeder- Bantam Books – U.S.A- May 1971)

ලෙනින් ග්‍රෑඩ් සරසවියේ ආචාර්ය ගාර්නාඩ් ගුල්යාර්ඩ් ඇතුලු විද්‍යාඥ කණ්ඩායමද සිතුවිල්ලක් සමග සිරුරේ මාංශපේශියක ඇතිවන සුළු වෙනස් කම් පවා මැනිය හැකි උපකරණ නිපදවා ඇත. ශරීරයට ඈතින් සිට වේතානාවක් සමග ගමන් කරන ශක්ති කිරණ මැන ඒ තුළින් සිතුවිලි වල ස්වභාවය හඳුනා ගැනීම මේ උපකරණ වලින් කළ හැක. එසේම එම සිතේ ශක්ති කිරණ මෙම උපකරණ මගින් තීවු කර භෞතික ද්‍රව්‍ය චලනය කිරීම වැනි ක්‍රියාදාමයන් හි යෙදවීමටද මේ විද්‍යාඥයෝ පර්යේෂණ කරති.

මෙම සියුම් උපකරණ නිපදවන ඇමරිකන් ජාතික ඩේවිඩ් තොම්ප්සන් හා ආචාර්ය ජැක්වෝර්ඩ් පවසන අන්දමට එක පුද්ගලයකුගේ සිරුරෙන් පිටවන ශක්ති කිරණ පද්ධති තවත් පුද්ගලයකුගේ එම කිරණ පද්ධතියට බලපෑම් ඇති කරන බවත්, පුද්ගලයෙකුගේ සිතකින් තරහ වෛර, බිය, දුක, ආදරය, කරුණාව, මෛත්‍රීය ආදි සිතුවිලි සමඟ පිට කරන තරංග කිරණ තව කෙනෙකුට වහා දැනෙන බවත් ඉහත ග්‍රන්ථය පෙන්වා දෙයි.

විද්‍යාවේ විශිෂ්ට සොයාගැනීම් බොහෝමයක්ම අහම්බෙන් සොයාගත් අයුරින්ම, විද්‍යුත් උපකරණයක් අලුත් වැඩියා කිරීමේදී අහම්බෙන් ලත් අත්දැකීමක් මත රුසියන් ජාතික විදුලි කාර්මික සිමියොන් ඩෙවිඩොවිව් කිරිලියන් විසින් තම බිරිඳ වූ වැලන්ටිනා ක්‍රියන් ෙෆා්නාගේ සහයද ඇතිව අප වටා ඇති රශ්මි මාලාව ඡායාරූපයට ගත හැකි ‘‘කිරිලියන් උපකරණය’’ නිපදවන ලදී. එයට සම්බන්ධ කළ ඉලෙක්ට්‍රෝන් අන්වීක්‍ෂ මගින් එම රශ්මි මාලාවේ කිරණ විහිදීම දෙනෙතින්ම බලා ගත හැකිය.

1939 දී නිපදවන ලද මෙම උපකරණය 1960න් පසුව විද්‍යාඥයන්ගේ අධිමානසික (පාරමානසික) පරීක්‍ෂණවලට නැතිවම බැරි උපකරණයක් විය. අධි සංඛ්‍යාත විදුලි පද්ධතියක් යටතේ ක්‍රියාකාරී වන මෙම උපකරණය අපගේ හා සතුන්ගේ ශරීරයෙන්ද, සියලු ගහකොළ ඇතුලු ජීව වස්තූන්ගෙන්ද පිටවන රශ්මි කිරණ ඡායාරූප ගත කරන අතර ඊටත් වඩා සියුම් වූ ශක්තීන්ගෙන් සෑදුනු ශරීරයක්ද ඡායාරූපගත කරයි.

මුලදී ඇමරිකන් විද්‍යාඥයින් මෙම කිර්ලියන් ඡායාරූප පිළිබඳ තොරතුරු පිළිගැනීමට මැළිවූවත් මහාචර්ය ඩග්ලස් ඩීන් කළ විශිෂ්ට පර්යේෂණ මාලාවකින් නිවැරදි විද්‍යාත්මක තොරතුරු කිරිලියන් උපකරණයෙන් පෙනෙන බව ඔප්පු කළේය. අපගේ ශරීරයෙන් පිටවන කිරණ තුළින් යම් රෝගයක් අප ශරීරයෙන් ඇතිවීමට පෙර එය හඳුනාගැනීමට මේ උපකරණය ආධාර වේ. සිතුවිලි අනුව කිරණවල වර්ණය වහා වෙනස්වන බවද මෙයින් පැහැදිලි වේ.

එහෙයින් සිතුවිලිද හඳුනා ගැනීමට හැකි වේ. මිනිසා වෙනුවෙන් සතුන් ගහකොළ වෙනුවෙන් කිරිලියන් උපකරණයෙන් සිදුවන ආශ්චර්යවත් තොරතුරු විශාල සංඛ්‍යාවක් ඇත. (Psychic Discoveries…. වෙත)

හින්දු දර්ශනයට අනුව විශ්වය පුරා ප්‍රාණ ශක්තිය නම් ශක්තියක් පැතිර පවතී. සිත දියුණු කර මේ ප්‍රාණ ශක්තිය පාලනය කරගත හැකි තැනැත්තාට මුළු ලොව තමන්ට රිසිපරිදි හැසිරවිය හැකිය. අප ආශ්වාස කරන වාතයේ ඇති මෙම ප්‍රාණ ශක්තිය තමන්ට රිසි පරිදි හසුරුවා නීරෝගී බව සද‌ා තාරුණ්‍යය මෙන්ව ශරීරය තුළ ඇති කුණ්ඩලිහී නමැති ශක්තිය පුබුදු කර වීමටද, ප්‍රාණයාව නැමැති හුස්මගැනීම හා පිටකිරීම සම්බන්ධ ව්‍යායාම කරනු ලැබේ.

චීන දර්ශනයේද පොලිතිසියානු හූනා දර්ශනයේද, මැක්සිකෝ රතු ඉන්දියානු දර්ශනයේද වෙනත් නොයෙක් දර්ශනයන් හිද අප තුළ මෙන්ම විශ්වයේද පැති ඇති විශේෂ ශක්තිය ගැන සඳහන් වේ. මෙම විශ්ව ශක්තිය කුමක් හෝ වේවා එය සිත මගින් හසුරුවා ක්‍රියා කරන උපකරණයක් නිෂ්පාදනය කර ඇත්තේ චෙකෝස්ලෝවැකියානු විද්‍යාඥයකු වූ රොබට් පැව්ලීටා විසිනි. සියලු මිනිස් සත්ව ගහකොළ තුළද විශ්වයේ ඇති මෙම ශක්තිය විද්‍යාඥයන් හඳුන්වන්නේ සයිකෝට්‍රෝනික් එනර්ජි (Psychotronic Energy) යන නමිනි (නවීන විද්‍යාඥයන්ගේ පරික්ෂන නිසා සිතේ) බලය ශක්තිය ගැන අපගේ දෙනෙතින් වූවද ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමේ හැකියාවක් අද අපට ලැබී ඇත. එහෙයින් ඒ තුළින්ම කර්මයේ ක්‍රියාකාරීත්වයද යම් දුරකට තේරුම් ගැනීමේ හැකියාවක් අපහට ඇති වී තිබේ.

මෙත් වඩන්නා තිරිසන් සතුන් පවා ප්‍රියවන බවත් හානියක් නොකරන බවත් අප අදහන අතර විද්‍යාඥයන්ගේ මේ පර්යේෂණවලින් එය තවදුරටත් පැහැදිලි වේ. මෙත් සිතින් කෙනෙකුගේ ශරීරයෙන් නිකුත් කරන කිරණ අනුනට දැනෙන හෙයින් ඔහුටද කවුරුත් ප්‍රියවීම සිදු වේ. එසේම දෙනෙතින් යහපත් කිරණ නිකුත් වීමත්, මුහුණේ මාංශපේෂීන්ගෙන් පවා යහපත් කිරණ නිකුත් වීමත් නිසා ප්‍රසන්න බව අැතිවීම වැනි ශාරීරික ප්‍රතික්‍රියා සිදුවීම කෙසේ සිදුවන්නේද යන්නන් පිළිබඳව අපට අවබෝධයක් ඇති කර ගත හැක. මේ අනුව මා ලිපිය ආරම්භයේදී දැක් වූ සත්‍ය සිදුවීම කෙසේ සිදුවන්නේ දැයි විද්‍යාත්මකවද බුදු දහමට අනුවද විස්තර කළ හැකි වේ.

වෛර කිරීම වේවා මෛත්‍රී කිරීම වේවා හුදෙක් ශරීරය තුළ උපදින සිතුවිල්ලක් පමණක් නොවෙ අවකාශය හරහා විශ්වය හරහා ගමන් ගන්නා ශක්ති විශේෂයක් බව මේ තොරතුරු වලින් පැහැදිලි වේ. එයින් නානා ඵලද ඇති වන බවද අපට වටහා ගත හැක. වෛර නොකිරීමටත් මෛත්‍රී වැඩිමටත් බුදු දහම පුන පුනා උගන්වන්නේ මන්දැයි මේ තොරතුරු වලින් මොනවාට වැටහෙන්නේද?
මේවා සියල්ල සමාලෝචනය කර බලන විට මේ තරම් ස්වභාවික විපත් පවා ඇති වන්නේ මිනිසුන්ගේ මෙම වෛර ක්‍රෝධ සිතුවිලි නිසා බව නොවැටහෙන්නේද. විශ්වයේ තරංග සාගරයක ගිලී සිටින අප එහි සමතුලිත බව නැතිකරගන්නේ අපේ සිතුවිලි වලින් අයහපත් තරංග පිටකරන විටය. මේ තරම් සත්ව ඝාතන කරන විට දළ පූට්ටුවා වැනි අැත් රජුන් වෙඩි තබා මරණ විට, අහිංසක ගව, එළු, කුකුල් වැනි සතුන්ද වන සතුන් ද ඝාතනය කර මස් මාංශ අනුභව කරන විට මේ විශ්වයේ ඇති විශ්ව ශක්තියේ සමතුලිත බවට කුමක් සිදුවනු ඇත්ද?

ඒ තරංගවල ප්‍රතික්‍රියාව අයහපත් ප්‍රතිඵල ගෙනදෙන ව්‍යසනයක්ව වනු ඇත. මේ තරම් ස්වභාව ධර්මයේ අහඹු ප්‍රතිඵල ඇති වන්නේද ඒ අයුරිනි. අහිංසක සතුන්ගේ මාංශ අනුභවයද මේ ව්‍යසනවලට වක්‍ර හේතුවක් වනු ඇත. මස් හෝ මාළු හෝ වේවා, ඒවායින් තොරව මිනිසුන්ට ආහාර රටාව හද‌ාගන්නට හැකිනම් එයද ස්වභාවික විපත් අඩුකර ගැනීමටද තමන්ගේ නිරෝගී බව ඇතිකර ගැනීමටද හැකිවනු ඇත.

හැම සිතකම ඇති වන්නේ විරෝධ ආකල්ප නම් ආත්මාර්ථකාමී හැඟීම් නම් අනෙකා විනාශකොට තමන් පමණක් නැගී සිටීමේ එකම පරමාර්ථය නම් සතා සිව්පාවා ගහ කොළ විනාශ කොට මුදල් පමණක් එකම පරමාර්ථය කොට ක්‍රියාකරනවා නම් වන සතුගෙන් පමණක් නොව ස්වභාව ධර්මයෙන්ද මිනිසාට විශාල ව්‍යසනයක් ඉදිරියේදීද සිදුවිය හැක. ඒ ගැන සියලු නායකකාරකාදීන් ද සියලු රටවැසියන්ද තරයේ සිතා ගත හොත් යහතින් ජීවත් වන්නට හැකිවනු ඇත.

අවසාන වශයෙන් මා මෙසේ ඔබට යෝජනා කරමි. ඔබ ඔබට ආදරේ නම් ඔබ සිටින පරිසරයට ආදරය කරන්න. වැලි කැටයට, ගස්වැල් වලට, සතා සිව්පාවාට, ආශ්වාස කරන සුළං රැල්ලට ආදරය කරන්න. සියලු මිනිසුන්ට කිසිම භේදයකින් තොරව ආදරය කරන්න. එවිට කිසිම පරිසර දූෂණයක් සිදු නොවන වැඩ ඔබ අතින් කෙරේවි. එක එක පුද්ගලයා එසේ සිතනවා නම් ඒ ඒ මිනිසුන්ගේ සිත්වලින් මෙම පරිසරයට නිකුත් වන යහපත් තීරණ තුළින් ලස්සන පරිසරයක් නිර්මාණය වේවි.

එවිට සතා සිව්පාවා ආරක්‍ෂා වේවි. ගහකොළ ආරක්ෂා වේවි. ස්වාභාවික විපත් කිසිවක් සිදු නොවේවි. සියලු ආගම් කතුවරුන් මේ අසීමිත ආදරය ගැන කතා කර අැත්තේ මිනිසා රැකෙන්නේ එසේ ආදරය කරුණාව, දයාව, මෛත්‍රීය අන් හැම දෙනාටම හැම දෙයකටම තිබුණොත් පමණක්ම වන නිසාය.

අපි මෙම විද්‍යාත්මක පර්යේෂණ අනුවත් ඒ ඒ අය අදහන දහමට අනුවත් අවංකව සිතා බලා කටයුතු කරන්නට සිතා ගත්තේ නැත්නම් ඉදිරියේදී මේ ලොව වෛර, ක්‍රෝධ තරංගවලින් විනාශ වී යනවා ඇත. අපේ සිතුවිලි ගමන් කරන ආකාරය අනුව අපට පැහැදිලි අනාවැකියක් එසේ කියන්නට හැකියාව ලැබෙනු ඇත. එසේ නම් අපේ විනාශය හෝ එහි විරුද්ධ පැත්ත වන යහපත් දියුණුව ඇති වන්නේ අපේ සිතෙන් නිකුත් වන සිතුවිලි තරංගයට සාපේ‍ක්‍ෂවය.

පොත පත ඇසුරිණි

සුබ දිවියක්!!

නේරංජනා කස්‌තුරිආරච්චි ❤️

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *