යක්ෂ ගෝත්‍රිය

ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිත කොට ගෙන රන් රිදී ආදිය නිර්මාණය කිරීමේ විෂයේ හෙළයන් සක්වලටම සිටී විශිෂ්ටයන් බව අවිවාදයෙන්ම පිළිගන්න කරුණකි. ඛනිජ කොටස් රත් කොට සිසිල් කොට එක එක ක්‍රමවේද ඔස්සේ ලබාගන්න ලෝහ වෙදකම තුලට පවා මුසු කිරීමට පවා හැකි ලෙස යක් පරපුරෙන් පැවතෙන හෙළයන් ඇති දක්ෂ විය.යකඩ කර්මාන්තය පිලිබදව බැලූ කල එය රන් රිදී ආදිය නිපදවීමට වඩා මදක් අසීරු කර්තව්‍යක් විය.ඒ මක් නිසාද යත් යකඩ නිෂ්පාදනයේදී එක හා සමාන වූ උෂ්ණත්වයක් දීර්ග කාලයක් අදාළ මිශ්‍රනයන්ට ලබා දී යකඩ නිපැයීම සිදු කරයි.

යකඩ නිෂ්පාදනය පිලිබදව තාක්ෂණය පුරාණ ඉසිවරුන් විසින් තම අධිමානසික ශක්තීන් ඔස්සේ ආකාශ මාලිගා හරහා හෝ වෙනත් නොපෙනෙන බලවේග වලින් ලබාගත් බව සදහන් වේ. යකඩ නිෂ්පාදනයට යොදාගත්තේ යපස් නම් ස්වභාවික නිධියයි.ආචාරී පංගුව ජලාචාරී පංගුව හා නවන් පංගුව යන පරම්පරා තුනට ඉසිවරුන් ලබාගත් ඒ යකඩ නිෂ්පාදන වට්ටෝරු ලබා දෙනු ලැබීය.

අතීතයේ සිටම යුදමය කටයුතු සදහා අවි ආයුද සෑදීමටද, කෘෂිකාර්මික කටයුතු සදහා ආයුධ නිෂ්පාදනයටද, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයද යන සියල්ලටම පාහේ යකට යොදා ගැනීම සිදුවිය.පුලස්ති ඉසිවරයානන් තම වාස භූමිය ලෙස තෝරාගත් රත්නපුර පෙදෙසේ අදටත් ස්වභාවික යපස් නිධි ඇති බව දැකගත හැක. එකල්හී මරං , පත්බේරිය හා දඹ ආදී ශාක කදන් ගිනිගසීමට යොදාගනිමින් උෂ්ණත්වය එක දිගටම පාලනය කරගැනීම සිදුවිය. ඌව හා සබරගමු පළාතේ පිහිටි උදුන් මගින් ලෝහ නිස්සාරණ කටයුතු සිදු කර ඇති අතර බෙලිහුල් ඔය අතර ඇති ස්වභාවික කදු දෙක මධ්‍යයේ ඇති කපොල්ලෙන් එන සුළං රැලි යොදාගනිමින් පැය 24 පුරාම උෂ්ණත්වය එකාකාරවම යෙදීම සිදු කළහ. රාවණ සමයේ ස්වභාවික ලෙස යපස් නිස්සාරණය සිදු කල පෙදෙස් ගණනාවක්ම තිබුන ද කොත්මලේ ප්‍රදේශය ද ඒ කාර්යයට යොදා ගැනී ඇත.

ශ්‍රී ලාංකේය හෙළ තාක්ෂණය මුසු කොට යපස් නිස්සාරනයෙන් තැනූ අවි ආයුධ ලෝකයේ විදෙස් රටවල සංග්‍රාමයන් සදහා ද අතීතයේ ගෙනගොස් ඇති බවට ප්‍රදානම ලෙස සාධක ලෙස දැක්විය හැක්කේ ඩැමස්කස් කඩු ය. වසර සියයකට පමණ සිට කඩු නිපදවීම හිතේ හැටියට සිදු කෙරුණත් රාවණ සමයේ සිට එය සිදු කෙරුනේ විශේෂ වත් පිළිවෙත් කිහිපයක්ම ඇසුරු කොටගෙනය.

මුල් කොටම කඩුව අත දරන්නාගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර බලා කඩු සෑදීම ඔහුට සුදුසුද නැද්ද යන්න වග පිළිබද මුලින්ම සැලකිලිමත් වේ. රාක්ෂ ගණය සහිත අයට රාක්ෂ කඩු ද දේව ගැන සහිත අයවලුන්ට දේව කඩුද සෑදවූ අතර මනුෂ්‍ය ගනයේ අයට කදු සෑදීම තහනම් කය.ඒවා ජය කඩු යයි නම් කළෝය.

හෙළ තාක්ෂණය අනුව කඩු සෑදීම පිලිබදව සවිස්තරාත්මක විස්තර ඇතුලත් කොට තිබු ග්‍රන්ථයක් වන වෛජයන්තය නම් ග්‍රන්ථය පසුකාලීනව අතුරුදන්ව ඇත.යුද බටයන්ට සාදනු ලබන කදු ඔවුනොවුන්ගේ හදහන්වලට ගැලපෙන නැකත් බලා සාදවා ලෙයින් පන පොවනු ලැබීය. රජවරුන් සදහා කඩු වර්ග දෙකක් සාදවනු ලැබීය.ඒවා මංගල කඩුව සහ යුද කඩුව නම් විය. රජුන් සදහා තැනූ යුද කඩු පන පෙවුයේ ගිතෙල් වලිනි. මගුල් කඩු සෑදවුයේ රාජ කේන්ද්‍රයට ශුබ මොහොතකදී දෙවතාකර්ශනයන්ද පිහිටන සේය. එසේම රජු පමණක් භාවිතා කල කඩු වෙනත් අයෙකු අතට ගත විට එම පුද්ගලයාට වස් වදින ලෙස නිමවූයේ ගුරු පරපුරයන් හී මූලාසන හොබවන ආචාර්යවරුන්මය. අති ප්‍රභල නැකත් වේලාවන්ට නියමිත ලෙස බල පිහිටුවා සාදනුලැබූ කඩු යුධමය කාලයන්හිදී ජයග්‍රහණය ගෙනදීමටද ප්‍රධානතම සාධකයක් විය.

කඩු හා ඊ හිස් අගට විෂ පෙවීමද සිදු කල හෙළයන් එකල්හී යකඩ අවි ආයුධ පෑස්සීම සදහා ශාක වලින් ලබාගත් යුෂයන් කලවම් කොට විවිද රසායනික ද්‍රව්‍යන් සාදාගත් බව පොත පතෙහි සදහන් වේ.නම්‍යශීලී ලෝහ නිෂ්පාදනයේදීද මේ රසායන ද්‍රව්‍යම භාවිත කොට ඇත.

ලාංකේය යක් පරපුරෙන් පැවත ආ ලෝහ කර්මාන්තයේ තරම වටහාගත් පිටරැටියන් හා ඉන්දියානුවන් මේ කර්මාන්ත අඩපන කිරීම සදහා සියුම් උපායක් ලෙස විවිද කුල අනුව හෙළයන් වර්ගීකරණය කරන්නට ක්‍රමවේදයක් සකසා ජනතාව අතරට මුසු කල බව ඉතිහාස කරුණු ඔස්සේ පැවසේ.
(උ :ගැ)

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *