මුළුතැන් ගෙයි සැඟවුණු රන් යාළුවා

අබ -( Brassica juncea )

සිරුර වර්ධනයට අපට උපකාරීවන සුළු පෝෂක වර්ග 60 ක් පමණ ඇති අතර රත්රන් ද ඒ අතර වන බව ඔබ දන්නවා ද?

ඒ අවශ්‍යතාව සිරුරට සපුරා දෙන්නේ මුළුතැන් ගෙයි බඳුනක සැඟවී ඉන්නා රන් යාළුවා අබ යි.

අබ අනෙකුත් පෝෂක ගණනාවක් සමග සිරුරට රන් ද ලබා දෙනවා.

අබ කියන්නේ කෑම රස කරන්න නැතිව ම බැරි දෙයක් බව කුස්සියේ උයන පිහන අපේ යුවතියන් දන්නවා.

කොස් මැල්ලුමක් වට්ටක්කා වෑංජනයක් රස වෙන්නෙ අබ ටිකක් අඹරල දැම්මොත් තමයි.

අච්චාරුවක් හදා ගන්නෙ කොභොමද අබ නැතුව?

කුස්සියේ තියෙන සිරුර නිරෝගි කරන්න දායක වන ගම්මිරිස් කරාබු නැටි එනසාල් කුරුඳු වැනි කුළුබඩුත් සමග එක පෙළට හිඳින රසකාරකයක් තමයි අබ.

ඉන්දියාව බෙංගාලය චීනය ආදි රටවලත් මෙරට ඇතැම් ප්‍රදේශවලත් අබ වගා කරනු ලබනවා.
රන් මිශ්‍ර අබවල, යකඩ පොස්පරස් ප්‍රෝටීන් මේදය කැල්සියම් කැරොටීන් නියැසින් විටමින් රයිබෝෆ්ලේවින් සෙලනියම් කොපර් වැනි පෝෂක ගණනාවක්ද, ප්‍රතිඔක්සිකාරක සහ වාෂ්පශීලි තෙල් ද අඩංගුයි.

ආයුර්වේදයේ මධුරිකා, සර්ෂප, සිද්ධාර්ථ නම්වලින් අබ හැඳින්වෙනවා.
මහා සිද්ධාර්ථ තෙල හිඳිනු ලබන්නේද අබවලින්.

එල රතු හා කළු වශයෙන් ප්‍රභේද තුනකට බෙදා දැක්වෙන අතර එල ප්‍රභේදය ලද පස් මල් වලට අයත් සේ සැළකෙනවා.

අබ වලින් සිඳිනු ලබන තෙල් ග්‍රහ අපල දුරුකිරීම සඳහා පහන් දැල්වීමට යොදා ගන්නා අතර අබතෙල ආහාර පිසීමේදී පොල් තෙලට ආදේශකයක් සේ ද භාවිතා කරනවා.

අබ වා සෙම් රෝග දුරුකිරීමේ හැකියාවෙන් යුක්තයි.

රත් පිත් උපදවනවා.

, හන්දිපත් වේදනා, ප්ලීහා රෝග කුෂ්ට, කනේ රෝග හිසේ රෝග සුවකිරීමට දායකවනවා..

. එසේ ම දත් කැක්කුම , අර්ශස් කහ උණ පණුරෝග ආදියට එරෙහිව ද ප්‍රතිචාර දක්වනවා.

.

ආහාර ගැනීමට පෙර අබ ඇට දෙක තුනක් සපාකෑමෙන් ආහාර රුචිය වැඩෙනවා.

ආමාශයේදී බඩවැල් වලදී ආහාර නො දිරවීමේ අපහසුතා ද අබවලින් සමනය වනවා..

ශ්වාස දුර්වලතා, හුස්ම ගැන්මේ අපහසුතාවලදී පැලැස්තර දැමීමට අබ යොදා ගැනෙනවා.

. මුත්‍රා මාර්ග ආසාදන හේතුවෙන් කුඩා දරුවන්ට රාත්‍රියේ මුත්‍රා පහවීමේ තත්ත්වයට ප්‍රතිකාරයක් ලෙස අබ කිරි සමග යොදාගන්නා බව සඳහන්.

සිරුරේ ගෙඩි සෑදී පැසවූ විට සැරව ඉවත්කිරීමට අබකොළ ත් ඇටත් අඹරා ගානවා.
වමනය ඇතිකිරීමට අබ කුඩු ජලය සමග ම්ශ්‍රකර දෙනවා.
එසේ ම කටු ඇනුණු විට ඇදී ඒමට අබතෙල් මී පැණි සමග මුසුකොට ගානවා.

අබ තෙල් අර්ශස් ගෙඩිවලින් ඇතිවන අපහසුතාවට ද ගල්වනු ලබන්නක්.
එය අත පයේ ගෑවිට ඛණ්ඩරා ශක්තිමත්වී සම සිනිඳුව දීප්තිමත් වෙනවවා.
අබ තෙල් යොදා පිසින ආභාර ගැනීමෙන් තරබාරුකමත් අඩුවෙන වා.

අබ කොළ සමේ රෝග වලට එරෙහිව ප්‍රතිචාර දක්වන්නක්.
අබ කොළ අයත් වන Brassicaceae පවුලට.
අයත් කැලරි අඩු, විටමින් A C E K සහිත කෘසිෆෙරස් එළවළුවල පිළිකා නාශක ගුණ ද ඇති බව විද්‍යාත්මක පර්යෙෂණවලින් හෙළිවී තිබෙනවා

මේවායේ අක්ෂි වර්ධනයට හිතකරවන බේටා කැරොටීන් Lutein හා zeaxanthin අඩංගුයි. ෆෝලේට් හා තන්තු වලින්ද යුක්තයි.

එසේ ම කොලෙස්ටරෝල් පාලනයකිරීමේ ශක්තියක් ද පවතිනවා.

එය ආතරයිටිස්, මුත්‍රා ගල්, ඇදුම සීත උණ ආදි රෝග තත්වයන්ට එරෙහිවත් ක්‍රියාත්මකවන්නක් .

හිසේ කැක්කුම ට කොළ නළලේ ආලේප කරනවා.

අබ ශාරීරික සෞඛ්‍යයට පමණක් නොව මානසික සෞඛ්‍යයටද හිතකර බව සඳහන් වනවා.

එවන් ගුණැති අබ කොළ, සලාදයක් සම්බෝලයක් , මැල්ලුමක් කලවම් පලාවක් ලෙස ආහාරයට එක්කරගත හැකියි.

අබවලින් කිරිදෙන මවුවරුන්ගේ මවුකිරි වර්ධනය වෙනවා.
සිරුරේ ලේ වැඩෙනවා.
වාත සෙම් සමනය කෙරෙනවා.

චීනයේ පිත්තාශ රෝග හා ඉදිමුම් බැහැර කිරීමට සුප් පානය කරන බව සඳහන්.
එසේ ම කොරියාව ජාවා රටවලද අබ ඔසුවක් ලෙස යොදාගන්නා බවට සටහන් දක්නට ලැබෙනවා .

සෙම හා කැස්ස ඇතිවිට පොල් පුළුස්සා අබ දමා හදන පොල් සම්බෝලය රසවත් මෙන් ම ගුණවත්.

වෑංජනවලට නොයෙක් ආකාරයෙන් අබ මුසු කර ගත භැකියි. පිපිඤ්ඤා සලාදයටත් වෑංජනයටත් අමුවෙන් අඹරාගත හැකියි.

කැකිරි අඹ ඇඹරැල්ලා වැනි වෑංජන පිස , බිමට ගන්නා විට කබලේ බැද කුඩුකර ඉස මුසුකර ගැනීමෙන් අමුතු මිහිරි රසක් ලැබෙනවා.

එසේ කළවිට එයට මැස්සන් ළංවන්නෙත් නැහැ.

නටන තෙලට අබ දමා තෙම්පරාදුකළවිටත් පරිප්පු එළබටු වැනි වෑංජන රස වත් වෙනවා.

කෑමට යොදන තෙල් මුඩුවූ කල , වතුර ස්වල්පයක් සමග අබ ටිකක් දමා රන්වන් පැහැවනතෙක් රත් කිරීමෙන් එය දුරු කරගත හැකියි,
නිවෙස් සුවඳවත් කිරීමට දුම් ඇල්ලීමේදී දුම්කබලට ලුණු සමග අබ ස්වල්පයක් දැමීමෙන් විෂබීජ හා සියලු දොස් දුරුවී යන බව සඳහන්.

අබවල ඇති උෂ්ණ ගතිය නිසා සෙම් ගති ඉක්මනින් සුව වුවත් අම්ලපිත්ත, උදරාබාධ, බඩදැවිල්ල , යටි පතුල් පැලීම් වකුගඩු රෝගවල දී නම් ආහාරයට සුදුසු නැභැ.

ලිපිය සැකැසුම -2017.03. 15
Indra Rathnay
( මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය අපේ ඔසු පැළ හා වෛද්‍ය ලේඛන ඇසුරිනි.)

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *