මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු රාජ තෛලය

දකුණූ පළාත ගත් කල,මෙම දෙවිනුවර ප්‍රදේශය චිරප්‍රසිද්ධ වනූයේ මන්ත්‍ර ශාස්ත්‍රයට,හෙළ-වෛද්‍ය ශාස්ත්‍රයට,අංගං ශාස්ත්‍රයට හා කෘෂි ශාස්ත්‍රයටය.එසේම පෙරකල ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කල වීරෝධාර හෙළ නිරිඳුන් රැසක්ම ජනිත වී ඇත්තේ මෙම රුහුණෙනි .එමෙන්ම ලක්දිවට වැඩම කල උතුම් දෙවිවරුන්ද පළමුව ගොඩ බැස ඇත්තේද මෙම ප්‍රදේශයටම වීම මහත් පුදුම සහගත කාරණාවකි. මෙලෙස පෙර විසූ හෙළ රජදරුවන්ට උතුම් ශ්‍රී විෂ්ණූ දෙවිඳුනුත් කතරගම මහා දෙවිඳුනුත් උපකර වූ බවට ජනප්‍රවාදයේ එන විවිධ කතා වලින් අප අසා ඇත.(උදාහරණ ලෙස-පළමු පරාක්‍රමබාහු රජතුමාගේ බෑණනුවන් වන වීරභාහූ කුමාරයා ක්‍රි.ව.1257දී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි මැලේ ජාතික චන්ද්‍රභාහු නම් කුමාරයා සමග යුධවැදී.යුද්ධය දිනීමට උපුල්වන් ශ්‍රී විෂ්ණූ දෙවිදුන් උපකාර කල බැවින් උන් වහන්සේට තුටු පඩුරු ලෙස “නන්දන”නම් සංඝාවාසයක් කරවා පූජා කෙරීය.

ශාසනය රැකුමටත්,සතුරන් පරාජය කොට මේ රට සියලූ බලතල ගම්පල 5බුවනෙකබාහූ රජුට ලබා දෙන ලෙසත්,ධර්මකීර්ති මාහිමි ඇතුලු සඝ පරපුර රකින ලෙසත් ඇතුලු තවත් කාරණා රැසකට උපුල්වන් දෙවියන්ගේ උදව් ඉල්ලා මයුර සංදේශ කරවීම,තවද උපුල්වන් දෙවියන්ගේ උදව් ඉල්ලා පැරකුම්බා නිරිදු ඔහුගේ සතුරන් යටපත් කර දෙන ලෙසත්,රජුගේ දියණියවූ චන්ද්‍රාවති කුමරියට රටේ රජවීමට සුදුසු ගුණ නුවණැති පුත් රුවනක් ඇතුලු කරුණු රැසක් අරභයා පරවි සංදේශය කරවූ බවත්,රට රැකුමට උපුල්වන් දෙවියන්ගේ පිහිට පතා තිසර සංදේශය කෙරවු බවත්,එයින් සතුට පත් රජවරු තුටුපඬුරු ලෙස මහා ශ්‍රී විෂ්ණූ දෙවොල ප්‍රතිසංස්කරණ කොට ගම් නියම් ගම් තෑගී ලෙස දෙවියන්ට පූජා කල බවත්)මනා උදාහරණය ලෙස පෙන්වා දිය හැක.මෙලෙස පිහිට ලබන බොහො රජවරුන්ද බොහෝ අයවලුන්ද ඉතාමත් රහසිගත ලෙස විවිධ ශාස්ත්‍රීය ක්‍රම හරහාද දෙවියන්ගේ උපකාර ලබා ගෙන ඇත.

එලෙස පෙර විසූ මහ රජවරුන් රහසිගතව භාවිතා කල එක් ගුප්ත තෛලයක් නම් විෂ්ණු දෙවියන්ගේ මහානූභාව සහිතවූ ශ්‍රී විෂ්ණු රාජ තෛලයයි.ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ උපකාර ලබා ගැනුමට රජ වරුන් විසින් මෙම තෙල භාවිතා කල හෙයින් මෙය “විෂ්ණූ රාජ”තෛලය ලෙස හදුන්වා ඇත.මෙම කාරණා සදහන් පෞරාණික පතපොතෙහි සදහන් වන ආකාරයටම :”මෙම තෛලය ලඟ ඇති අයෙක් වී නම් ඒ තෙමේ දෙවියන් හා සමාන වන්නේය,දෙවියන්ගේ මහා බැල්ම ලැබෙනේය,දේව/නර/යක්ෂ/ඇත්/අස්/ගව/මහීශාදීහූන්ද මෙම තෛලය ඇති අය ඉදිරියේ හිස නො උස්සන්නේය.මන්ද මේ තෛලය දෙවිනුවර ශ්‍රී විෂ්ණූ දෙවියන්ගේම වන බැවිනි”.මෙම තෛලය සේම ආයූර්වේදයට අයත් බෙහෙත් තෙල් වර්ග කීපයක්ද ශ්‍රී විෂ්ණූ දෙවියන් නමින් හදුන්වා ඇත.පැරැන්නන් භාවිතා කල”රාජ තෙල්” නම් තෙල් කාණ්ඩයෙන් ඉතාමත් වටිනා උසස්ම තෛලයද මෙය වේ.

දෙවිනුවර ප්‍රදේශයේ සිටින පෞරාණික පරම්පරාගත හෙළවෛද්‍යවරුන් හා භූත වෛද්‍යවරුනුත්,කරන්දෙණිය මහදුරගේ අප පරම්පරාවත් අතර අති රහසිගතව තබාගෙන පාවිච්චිකල අති දුර්ලභ තෙල් වට්ටෝරුවකී “ශ්‍රී විෂ්ණූ දිව්‍ය රාජ තෛලය”.මෙම තෛලයේ බල අපමණය,, මෙමගින් යකුන්ගෙන්ද වැඩ ගැනීමට හැක.මෙය මාද දැන ගත්තේ මාගේ මුත්තනුවන්ද ඔවුනගෙන් වැඩ ගෙන ඇත්තේ මෙම තෛලයෙන් බව ලියා තැබු සටහනෙනි.මෙය මේ වන විට විවිධ පොත පතෙහි විවිධ ආකාරයෙන් ලියා සදහන් කර ඇත.එහෙත් බොහෝ ඒවා සමාන උවහත්ඒවා තුල බොහෝ වෙනස්කම්ද ඇත.එලෙස සදහන් වූ මෙම තෛලය හුදෙක් තවත් එක් ඉතිහාසයක්ම වීමට නොදී එය එලෙසම පැරණි පුස්කොල පොතෙහි තිබු ආකාරයටම ලීවීමට සිතා ගත් හෙයින් මෙය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ඇති දැඩි භක්තය නිසාවෙන්ම මෙලෙස සියලූ ලෝ සතුනට පූජා කරන්නෙමූ.එසේම මෙහි එන මෙම තෛලය මිස එහි බල ගැනිවීම් පිළිබදව නොලියන්නෙමූ.එය ඉදිරි ලිපි වලදී ලබා දීමට අපි සිතා සිටින්නෙමු.මෙය ඓතිහාසික රහසිගත කරුණක් හෙයින් රහසිගත ආකාරයටම එය ලියනෙමු.(මෙය හුදෙක් මේ ශාස්ත්‍රයේ කෙළ පැමිණියහුන් පමනක් සෑදීම කරනු. එසෙ නොවුනහොත් දෙවියන්ගේ උදහසට ලක්විය හැකි හෙයි මෙහි එන තවත් අතිරහසිගත කාරණා මෙතන නොලියා ඇත.)දැන කරනූ නොදැන දිවි තොරර නොකරගනු.මෙය හුදෙක් එක් ශාස්ත්‍රීය දැනුමක් මිස අත්හදා බැලිමක් නොවන බව තරයේ මතක තබා ගන්න.

°~•දෙවිනුවර ශ්‍රී විෂ්ණූ රාජ තෛලය•~°

“මගුලකරද වැල් රුකත්තන දෙස දොඩම්ද නාරං මුල් ගන්නේ….

නිකද වරා මුල් එල බින්තඹුරුද බැබිල සැවැන්නද මුල් ගන්නේ….

මිරිස් සිවිය මුල් ඉරිවේරිය සහ ඒකාවේරිය සම ගින්නේ….

පලොලුත් මුරුංග ඇද්දෙමටද ගෙන පාවට්ටා මුල් අර ගන්නේ….”

“කරල්සැබෝ පිටසුදු බැමිතිරියද මුකුනුවැන්න උදුපියලීන්නේ….

බෝදලූ දුම්මැල්ලද සරන මුල් සාමදානසුළුනයි ගන්නේ….

මෙකී මේ අවුසද සමබාගව ගෙන වනලා කොටමින් මිරිකන්නේ….

මෙකී ලෙසට සෝරස ගෙන වක්කර බදුනෙක තුන්දින තබමිනේ….”

“පසුව එතුන් දින ගියකල ඇදුරනි සෝරස පෙරමින් අරගන්නේ….

කළුදුරු සුදුදුරු කරාබු තිප්පිලි සාදික්කා හිංගුද අරගන්නේ….

කිරිගරුඩත් පල්ලමානික්කන් සහ සවිදළුනුද සමකර ගන්නේ….

මනෝසීල සහ වච්වනාවි රසදිය ගන්දක පුස්කර ගන්නේ….”

“තිපල් තිකලු අතිවිඩයම් සමගව ගරුඩපාසානන් ගන්නෙ….

මෙකි සරක්කුත් කලද කලද ගෙන අඹරාලා එහි යොදමින්නේ….

සකී පලමු ලෙස විහාර බෝමැඩ දෙවොල මුල පේවී ලිප බැදගන්නේ….

දෙහිකණු සතරක් සිව්කොන තබමින් පිරිත් නූල වට ඇදගන්නේ….”

“නවගුණ ගාතා මුලට පුරගෙන විෂ්ණූ දැහැන පුරවා ගන්නේ….

ආරක්සාකර තෙල් ලිප තබමින් ඇදුරා එහි ලැග සිටිමින්නේ….

ගිතෙල් එඩරුතෙල් කොහොඹද මීතෙල් තලතෙල් හා වත්කරපන්නේ….

පිච්ච පෙතන් සපු නාමල් දුනුකේ නෙලුම්ද මානෙල් මල් ගන්නේ….”

“සකී මෙකීමල් රේණූ පිටින් ගෙන අඹරාලා එහි යොදමින්නේ….

දෙහිද දොඩම් නාරං යකිනාරං කුරුදු දරින් ගිනි කරමින්නේ….

ලිපේ තියා තුන් උදයක් පසුකර පදම නියම ලෙස දැනගන්නේ….

රත්රන් පාටට බුබුළු නැගෙනකොට පදම තමයි රුසි පවසන්නේ….”

“දියපිට බා තෙල් සත් පැය ගිය තැන භාජනයකට වත්කරපන්නේ….

නියමෙට බොරුනැත රුසිවරු කී පද පලමු ලෙසට රුසි පවසන්නේ….

සත්තී ලැබීමට නුවන වැඩීමට පාඩම් සිටුමට දැනගන්නේ….

අනවින රෝගෙට යක්ස විකාරෙට ආරක්ශාවට පිහිටන්නේ….”

“රෝග නැසීමට කය තරවීමට රජුන් දැකීමට මෙලෙසින්නේ….

සුද්දවෙලා සිට පාඩම් සිටුමට තෙල් සත්දිනයක් වලදන්නේ….

සතියක් පැන් වත්කරමින් වෙදුනේ ලුනුත් ඇඹුල් වලකාගන්නේ….

සිරියාවට තෙල් නළල තිලකලනු නඩුහබයට දිනුමක් වන්නේ….”

“මහ දෙවොලද යදිමින් නැකැත්ද සිංවර දඩුමරණෙට ආවිකාරයන්….
නම කුරු නැකැත්ද කටු ගැසු මෙන් වන වියෝගයන්…
පිල්ලිද අංගම් බැදළුව් විනයකු නේය ගෙදර ඇව්ළුවොත් පහන්….
මෙකී සියලූ ලෙඩ නැතිවෙයි ඇත්තයි සත්දින තෙල් බැදගත් මෙලෙසින්….”

“මෙලක් දිවට තෙද පති ඇති මේ තෙල විෂ්ණූ දෙව් සිට පවසන්නේ…
සලක්ෂයෙක් ලොව නරයින් හට මෙ තෙල පිහිටකි දෙන්නේ….
කෙලක් සතුන් සමගව සිට ඉල්ලූවත් නොකී සකී දැනගන්නේ….
මෙලක් දිවට එවු නාරනන්දන ශ්‍රී විෂ්ණූ රාජ තෛලය දන්නේ….”

“මෙලක්දිවට තෙද අදිපති මේ තෙල ශ්‍රී විෂ්ණූ දෙව් පවසන්නේ….
ලොවේ මේ සැම නරයින් මේ කාටත් මේ තෙල පිහිටයි දැන ගන්නේ…..
දෙවිපුර පුත්පරපුරකට මිස නොම දෙනු තෙල වටිනා කම මින් දැන ගන්නේ….
මේලක් දිවටඑවු දෙවිපුර ශ්‍රීවිෂ්ණූරාජ නම් තෙදබල තෛල බවදැන ගන්නේ….”

මේ “ශ්‍රී විෂ්ණූ රාජ තෛලය” දෙවිනුවර කරන්දෙණිය මහදුරගේ පරම්පරාව සතුව ඇති දෙවිනුවර තෛල බෝක්ශය නම් පෞරාණික පුස්කොල ගන්ත්‍රය ඇසුරෙන්,අප පරම්පරාවම සතුවන දෙවන පරාක්‍රමබාහු රජ පෙළ පුස්කොල පොතෙනුත්,දෙවිනුවර පුරාණය නම් පොතෙනුත්,දෙවිනුවර සමරසේකර අබේගුණවර්ධන පරම්පරාවේ අත්පිටපතෙනුත්)ඇසුරෙන් හොදින් සෝදුපත් කියවා ලියන ලදී.
සටහන:-කරන්දෙණිය මහදුරගේ පසිඳු දේශාන්

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *