මධුෂ්ගේ ප‍්‍රබලයෝ 3ක් දැලේ


පොලිස් විශේෂ කාර්ය බළකාය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (10 වැනිදා* සිදු කළ විශේෂ මෙහෙයුම් තුනකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් කල්ලියේ ප‍්‍රබල සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම උණ්ඩ 12 ක් සහ අත්බෝම්බයක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ පෙරවරුවේ මෝදර මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබුණේ මාකඳුරේ මධුෂ්ගේ සමීප සගයකු වූ අන්දරවත්තේ චාමර නමැත පාතාල සාමාජිකයෙකි.

මොහුට එරෙහිව මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා රැුසක් තිබෙන බව පොලිසිය සඳහන් කරයි. අත්බෝම්බය පොලිසියට හසුවී ඇත්තේ මොහු සන්තකයේ තිබියදීය.

මාකඳුරේ මධුෂ් කල්ලියේ තවත් ප‍්‍රබලයකු වන අකුරැුස්සේ අසේල නමැත්තා ඊයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ වැටලීමකදී සූරියවැව විහාරගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගනු ලැබීය.

අකුරැුස්ස, තෙලිජ්ජවිල, තල්ගස්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 හැවිරිදි අසේල එරංග නමැත්තා දැනට මිනී මරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින මධුෂ්ගේ තවත සගයකු වන රොටුඹ අමිල නමැත්තා භාවිත කළ ටී 56 ගිනි අවිය සැඟවීමට රැුගෙන යමින් සිටියදී මෙසේ පොලිසියට කොටුවී ඇත.

ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ටී 56 ජීව උණ්ඩ 29 ක්ද සොයාගෙන ඇත. මොහු මාකඳුරේ මධුෂ්ගේ පියා පදිංචිව සිටි නිවසේ ගිනි අවිය සැඟවීමට සූදානම් වූ බවද පොලිස් ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත.

p1 6මාකඳුරේ මධුෂ් සමඟ ඍජුවම දුරකථනයෙන් සබඳතා පවත්වා ඇති මොහු මධුෂ්ගේ පියා මියගිය අවස්ථාවේ අවමංගල්‍ය කටයුතු මෙහෙයවමින් සියල්ල සංවිධානය කළ පුද්ගලයා බවද අනාවරණය වී තිබේ.

තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදු කළ සෝදිසියකදී ඊයේ දහවල් මාකඳුරේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරමේ ප‍්‍රබලයකු මත්කුඩු ග‍්‍රෑම් දෙකක්ද සමඟ සූරියවැව බස්නැවතුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

38 හැවිරිදි නාලද සුසන්ත නමැති මෙම සැකකරුට එරෙහිව මිනී මරුමක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් සහ මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක් නිකුත් කර තිබෙන බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මාකඳුරේ මධුෂ්ගේ පියාගේ තුන්මාසයේ දානය සඳහා පිටතින් පැමිණි සගයන්ට නවාතැන් ගැනීම සඳහා හෝටල් පහසුකම් ලබාදී ඇත්තේ මොහු විසින් බවද හෙළි වී ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයානන්ද සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කුමාර දඩල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවේ.

මේ අතර මධුෂ්ගේ හිතවතකු වන ශිවා නමැත්තා සොයා ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය කොච්චිකඬේ ප‍්‍රදේශයේ නිවසක් සෝදිසි කර තිබේ.

එම අවස්ථාවේ ශිවා නමැත්තා නිවසින් බැහැරව ගොස් සිට ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත.

p1 5මෙරටින් පලා ගිය මාකඳුරේ මධුෂ්ට විදේශගත වීම සඳහා සම්පූර්ණ සහාය ලබා දී ඇත්තේ ශිවා නමැත්තා බවද හෙළි වී ඇත.

මාකඳුරේ මධුෂ් ඉකුත් 2013 වසරේ අගභාගයේදී මෙරටින් පලා ගොස් ඇත්තේ විජිත යන නමින් ජාඇළ ප‍්‍රදේශයේ ලිපිනයකට සකසා ගත් ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයකින් බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සමන් ගමගේ – මත්තල දිලීප, එන්. ජයසේකර

p1 7

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *