බාර්ලි උළුහාල් සමඟ තම්බා පානය කරන්න

කොරස්ටොල් අවම කරන බාර්ලි
බාර්ලි, සංයෝජනය අතින් තිරිඟුවලට සමාන වුවත් රසයෙන් අඩුය. ලෝකයේ බොහෝ ප්‍රකට ධාන්‍යයක් වන මෙය ඈත අතීතයේ සිට පැවත එන මිනිසාගේ මෙන්ම සතුන්ගේ ද ආහාරයකි. එමෙන් ම මත්පැන් පැසවීම හා පෙරීම සඳහා යොදාගනී.

පෙරදිග පාරම්පරික වෛද්‍යවරුන් බාර්ලි නිරන්තරයෙන් යෙදා ගන්නේ දිරවීමේ පද්ධතිය ශක්තිමත් කිරීමට හා සුව කිරීමේ කටයුතු පිණිසයි. දිරවීමේ පද්ධතියේ අමාරුවලට සරල, එහෙත් ඵලදායී අත් බෙහෙතක් ලෙස බාර්ලි පානයක් සේ සාදා දිනය මුළුල්ලේම එය ටිකෙන් ටික ගැනීම කළ හැකියි. මින් වෙනත් ආහාර ගැනීම වැළකේ. මෙම අත් බෙහෙත අද දින දක්වා බෙහෙවින් භාවිතා වේ. බාර්ලි පානය සාදා ගන්නේ බාර්ලි ඇට කෝප්ප කාලක් ජලය ලීටර් 2.5ක දමා තැම්බීමෙනි. දිය බාගයකට සිඳුණු පසුව එය ප්‍රවේශමෙන් පෙරිය යුතුයි.

බාර්ලි පානය ආහාර දිරවීමේ අපහසුතාවලට දෙආකාරයකට බලපානු ලබයි. එහි සිනිදු කාරක බලපෑමක් අති අතර බඩේ දැවිල්ල නැති කරයි. මෙහි ඇති මැලියම් කාරක ක්‍රියාකාරීත්වයෙන් තෙල් වැනි ද්‍රව්‍යයක් ඇති කරන අතර ඉන් සීරුණු ඕජස් සහිත සිවිය ආරක්ෂා කරන්නට උදව් වෙයි. මේ අනුව දිරවීමේ පද්ධතිය සිනිදුව තිබීමෙන් ආහාර හොඳින් ජීර්ණ කරගන්නට හැකි වෙයි. උණ රෝගයන්හි හා සියලුම දැවිලි කාරක ගතිවලදී ධාන්‍යයක් වන්නේ එහි ඇති සිනිදු කාරක ගතිය නිසාවෙනි. මෝරු මිශ්‍රිත බාර්ලි කැඳ හා දෙහි යුෂ මුත්‍රා කාරක කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වෙයි. වකුගඩු ඉදිමීම් වැනි මුත්‍රා සම්බන්ධ ආබාධවලට සුදුසුයි.

ඖෂධීය වටිනාකම
තිත්තත රසයෙන් යුක්තයි. ශීත ගුණය ඇත. මල හොඳින් බුරුල් වෙයි. ආහාර රුචිය වැඩි කරයි. ශක්තිය ලැබීමට ඉතාමත් හොඳ ආහාරයකි. රුධිරය පිරිසිදු කරයි. උණ රෝගයට හිතකර වෙයි. පිපාසය සංසිදුවයි. උණ නාශක ගුණ ඇත. ආමාශගත පිළිකා දුරු කරයි.

කොලෙස්ටරෝල්ට බාර්ලි
සිරුරට අවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් (HDL) වැඩි කරයි. එසේම සිරුරට අවශ්‍ය නැැති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර දමයි. ඊට අමතරව එහි අඩංගු triglyzeride ප්‍රතිශතය අඩු කිරීමට උපකාරී වේ. එවිට (HDL) හිතකර කොලෙස්ටරෝල් ඇති කිරීමට හැකියි. අධික රුධිර පීඩනය අඩු කරයි. ශරීරයේ බර අඩු කරයි.

වෙනත් ගුණ
බුද්ධිය වර්ධනය කිරීමට උදව් වෙයි. කටහඬ පැහැදිලි වේ. උගුරට එන විවිධ ආබාධ දුරු කරයි. සමේ රෝගවලට හිතකරයි. මේදය හා අධික ස්ථුල හා උෂ්ණාධිකයන්ට අගනා ඔසුවකි. බාර්ලි 100ඨ ක ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය

ප්‍රතිකාරවලට යොදන ආකාරය හා ප්‍රයෝජන
බාර්ලි උළුහාල් සමඟ තම්බා බීමෙන් කොලෙස්ටරෝල් අඩු වේ.

බාර්ලි කුඩු කර වතුර දමා ලිප තබා 1/4ට සිඳුවා ලිපෙන් බා පැයක් පමණ නිවෙන තුරු හැඳි ගාමින් පොඩි කර බීමට දීමෙන් වකුගඩු වේදනා මුත්‍රාශ හා මුත්‍රා මාර්ග ආශි‍්‍රත වේදනා ආසාදන දුරු වේ.

බාර්ලි කුඩු සම ප්‍රමාණයට සීනි එකතු කර ජලයේ දියකර පානය කිරීමෙන් ගර්භපාතනය (Abortion) දුරු වේ.

බාර්ලි ඇට හෝ කුඩු තම්බා පානය කිරිම

බාර්ලි ඇට කබලේ බැද කුඩු කර කෝපි මෙන් වත්කර බොන්න.

බාර්ලි පොරි කැඳ සාදාගත හැකියි.

සුප් වර්ගවලට යොදා ගනියි.

කොලෙස්ටරෝල් හා සීනි වැඩි අයට බාර්ලි ඇට හෝ කුඩු දිනකට

3g – 12g දක්වා භාවිතා කළ හැකියි.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *