බඩ ඉරිගු බත හදන විදිය

හෙළයන්ගේ ආහාර අතර ද්‍යාන්‍යය සුවිශේශී ශක්තිජනක ආහාරක් වන අතර ගොවිතැනේදී ධාන්‍යය සදහා සුවිශේෂී තැනක් හිමි උනා ඒවගේම ඒ ඒ ධාන්‍යය වලින් විශාල ආහාර වර්ගයන් ප්‍රමාණයක් සකසමින් ආහාරයට ගනු ලැබුවා.
විශේෂයෙන් ආහාර හිගයන්ට ඉඩෝර කාලයන්ට අවැසි ආහාර කල්තබාගැනීමට අපේ හෙළය බොහෝ සැලසුම් සහගත ලෙස සිදුකලා ඒ අතර ධාන්‍යය සහ අල වර්ග ප්‍රදාන තැනක් ගනු ලැබුවා මෙකී ආහාර අතරේ බඩ ඉරිගු හේන් ගොවිතැනේ ප්‍රමුඛ තැනක් ගත් අතර ඒ නියගයට මනාලෙස ඔරොත්තු දීම සතුන්ගෙන් සිදුවන හානි සහ ලෙඩ රෝග ඇති වීම මේවාට නොමැති තරම් වීමයි (අද මෙරටේ කෘතීමව බෝකර ලඹු වසංගතය අපට අදාල නොවේ) තවද මේ බඩ ඉරිගු වගා කිරීමේදී රනිල කුලයේ බෝගයක් සමග එකට සිටුවීමෙන් ඒ ඒ බෝගයන්ගෙන් එකි නෙකාට අවැසි පෝශක ඔවු නොව්න් විසින් පසට සපයමින් වර්ධනය වේ තවද මෑ වැනි බෝගයන්ට අවැසි ආදාරකද මේ බඩ ඉරිගු ගස සමග සිටුවීමෙන් අවශ්‍යය නොවේ

එදා මෙරටේ බඩ ඉරිගු 

. කිරි බඩ ඉරිගු 

. රත් බඩ ඉරිගු 

. කහ බඩ ඉරිගු 

ලෙස තිබිනි අද ඒ වර්ග දැකීමට හෝ නැත 

බඩ ඉරිගු ලපටි කල අමුවෙන් ඉතාමත් කිරි රසයි තම්බා කෑමටත් අගුරු ගොඩේ පුළුස්සා කෑමටත් මේරූ කරල් ඇට ගලවා කබලේ බැද ආහාරයට ගැනීමටත් එකල කුඩා දරුවන් පවා බොහෝ ප්‍රියකලා මේරූ කරල් පහසුවෙන් පිට පොත්ත සමග දුමේ එල්ලා කල් තබාගැනීම එකල ගැමියන්ගේ පුරුද්දකි මෙසේ වියලුණු කරල් වල ඇට ගලවා විවිද ආකාරයෙන් ආහාරයට අත් අතර ඒවායෙන් බඩ ඉටිගු බත ඉතා පෝශයදායී හා බර ආහාරයක් විය උදෑසන ආහාරයක් ලෙස ඉතා ජනප්ප්‍රිය අතර වැඩෙන දරුවන්ට අවැසි සියළු පෝශ්‍යය පදාර්ත මෙහි අන්තර්ගතයි බර අඩු දරුවන්ට විශේශයෙන් මෙය බොහෝ වටිනා ආහාරක් විය

සාදන ආකාරය ~

වියළි බඩ ඉරිගු ඇට වනේ දමා හතරට පමණ කැඩෙන ලෙඩ කොටා කුල්ලෙන් පොලා එය ලිපේ තබා වතුරෙන් තැම්බීමට හැර මදක් තැම්බුනු පසු කඩල ඇට ,මුං ඇට හෝ කවුපි ඇට අහුර බැගින් දමා රතු හාල් මිටක්ද දමා (හීනැටි උරුළු තුඩ වැනි වර්ගයක් නම් බොහෝ වටී) නැවත නැම්බෙන්නට හැර පොල් කිරි දමා හොදින් බත ඉදුනු පසු බාගන්න මෙය නිමෙන්නට පෙර කෑම ඉතා ප්‍රියජනකයි

බඩ ඉරිගු තැම්බීම්ට බොහො කාලය යන බ්වින් පෙගෙන්නට පැය දෙකක් පමණවත් තබා ගැනීම ඉතා වැදගත් එකල දර ලිපේ පිසීමේදී රෑ මැදියම මෙය ලිප තබා දර ඉවත්කොට අගුරු මත මද රස්නයේ එලිවෙනතෙක් තැම්බීමට හැරීමෙන් උදෑසන ආහාරයට සූදානම් කරගන්නාලදි

මෙවැනි දේශිය වස විස නොමැති රස ගුණ ආහාර පිලියෙලකොට ඔබත් ඔබේ දරුවනුත් භුක්තිවිද නිරෝගීවන්න .

දේශීය වසවිස නොමැති ගොවිතැනටත් පාරම්පරික බීජ සම්පතටත් නිරන්තරයෙන් කඩාපනින වසංගත බෝකොට පතුරුවා හරින ත්‍රස්තයන්ට හසුනොවන්න හෙළ ගොවිතැන නගාසිටුවන්න ඔබත් මුල පුරන්න නිරෝගී මතු පරපුරක් උදෙසා 
මා හේනේ පැලේ අප්පුහාමි ඔබ සැමට තෙරුවන්සරණයි !

උපුටා ගැනීම -හේනෙ පැලේ අප්පුහාමි

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *