පිළිකාව මට්ටු කරන ආහාර පාන

🔴 දෛනික ප්‍රතිපිළිකා ආහාර :-

ප්‍රතිපිළිකා ආහාරයක් මූලික වශයෙන් සමන්විත වන්නේ, එළවළු, ඔලිව් තෙල් හෝ කාබනික බටර්, සුදු ලූණු, මිංචි සහ කුළුබඩු වලිනි. විකල්පයක් වශයෙන් මස් හෝ බිත්තර යොදාගත හැකි වුවත්, ඒ අමතර රසය සඳහාම පමණි. ( මේ කතාකරන්නේ විශාල මස් පෙත්තක් සමඟ එළවළු ස්වල්පයක් පමණක් සමන්විත වන බටහිර ආහාර වේලක් ගැන නම් නොවේ.)

🔴 කොළ තේ :-

විවිධ විෂබීජ නාශකවලින් පොහොසත් කොළ තේ, ට්‍යුමර වර්ධනයටත් ( ට්‍යුමර යනු, පටක අසාමාන්‍ය ලෙස වර්ධනය වී සෑදෙන ගෙඩියකි. ) , ද්විතීයික ට්‍යුමර හට ගැනීමටත් අවශ්‍ය නව රුධිර නාළිකා වර්ධනය අඩු කරයි. ඊට අමතරව මෙය දිවි නසා ගැනීමට පිළිකා සෛල පොළඹවන අක්මාවේ එන්සයිම සක්‍රිය කර ශරීරයේ විෂ ඉවත් කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මෙන් ම විෂ නාශකයක් ද වේ.

කළු තේ ලබාගැනීම සඳහා තේ කොළ පැසවීමේ දී, විෂ බීජ නාශක විශාල ප්‍රමාණයක් විනාශ වෙයි.

ජපන් කොළ තේ, චීන කොළ තේ වලටත් වඩා පොහොසත් ය. කොළ තේ වල ඇති විෂ බීජ නාශක මුදා හැරීම සඳහා ඒවා මිනිත්තු 10 ක් පමණ පෙඟවිය යුතුය. දිනකට කොළ තේ කෝප්ප 6 ක් පානය කිරීම සුදුසු ය.

කොළ තේ අසුරා නොතැබිය යුතු ය. එවිට එහි ඇති විෂ නාශක ගුණය නැති වී යයි.

🔴 වියළි කහ :-

කහ පැහැති ව්‍යාංජන සඳහා යොදනු ලබන කහ කුඩු, දැනට හඳුනාගෙන ඇති වඩාත්ම ප්‍රබල ස්වභාවික ප්‍රතිප්‍රදාහකය යි. පිළිකා සෛල විනාශ වීම උත්තේජනය කර, නව රුධිර නාළිකා උත්පාදනය එමඟින් වළක්වනු ලැබේ.
ශරීරයට අවශෝෂණය වීම සඳහා වියළි කහ, කළු ගම්මිරිස් සමඟ මිශ්‍ර කළ යුතු ය. එය ඔලිව් තෙල් වල දිය කිරීම වඩාත් උචිත ය.

🔴 ඉඟුරු :-

ඉඟුරු ප්‍රබල ප්‍රතිප්‍රදාහකයකි. විටමින් E වලට වඩා සාර්ථක ප්‍රතිඔක්සිකාරකයකි. නව රුධිර නාළිකා හටගැනීම අඩු කරයි. එපමණක් නොව, රසායනික සහ විකිරණ චිකිත්සා වලදී ඇතිවන ඔක්කාර ගතිය තුරන් කරයි.

🔴 ගෝවා වර්ග :-

සියලුම ගෝවා වර්ග වල, ප්‍රබල ප්‍රති පිළිකා අණුක අඩංගු ය. එමඟින් පූර්ව පිළිකා සෛල දරුණු ට්‍යුමර බවට වර්ධනය වීම වළක්වයි.

ගෝවා තැම්බීමේදී ප්‍රතිපිළිකා අණුක විනාශ විය හැක. ඔලිව් තෙල් ස්වල්පයක් යොදා හුමාලයෙන් තැම්බීම වඩා සුදුසු ය.

🔴 සුදු ලූණු, රතු ලූණු, ලීක්ස් :-

සුදු ලූණු ඉතා පැරණි ඖෂධ ශාකයකි. ක්‍රි.පූ. 3000 ක් පැරණි සුමේරියානු ශිලා පුවරුවල සුදු ලූණු භාවිතය ගැන සඳහන් වේ. 1858 වර්ෂයේ දී ලුවී පාස්චර්, සුදු ලූණු වල ඇති ප්‍රති බැක්ටීරියා ගුණාංග නිරීක්ෂණය කළේ ය. ප්‍රථම ලෝක සංග්‍රාම සමයේ දී, ආසාදනය වැළැක්වීම සඳහා වෙළුම් පටි වලට සුදු ලූණු බහුල වශයෙන් භාවිතා කරන ලදී. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී ප්‍රතිජීවක හිඟයක් ඇති වූ විට රුසියානු හමුදා භටයින් විසින් ද සුදු ලූණු අධික ලෙස භාවිතා කළ බැවින් “රුසියානු පෙනිසිලින්” යනුවෙන් එය හැඳින්විණි.

සුදු ලූණු වල අඩංගු සල්ෆර් සංයෝග මඟින්, පමණට වඩා බදින ලද මස් වලත්, දහනය වන දුම්කොළ වලත් අඩංගු පිළිකා කාරක අඩු කරයි. අන්ත්‍ර, පියයුරු, පෙනහළු, පුරස්ථි ග්‍රන්ථි යන තැන්වල හටගන්නා පිළිකා වල ද, ලියුකේමියාවේ ද පිළිකා සෛල විනාශයට අනුබල දේ.

ඊට අමතරව, රුධිරයෙහි සීනි මට්ටම ක්‍රමවත් බවට පත්කරයි. පිළිකා සෛල වර්ධනයට අනුබල දෙන ඉන්සියුලින් ස්‍රාවය අඩු කරයි.

සුදු ලූණු පොඩිකර තෙල් වල පෙඟ වූ විට, එහි අඩංගු සක්‍රිය අණුක මුදා හැරේ.

🔴 විටමින් A වලින් පොහොසත් එළවළු හා පළතුරු :-

කැරට්, බතල, අල වර්ග, පුහුල් වර්ග, තක්කාලි, බීට් රූට් සහ දීප්තිමත් වර්ණයෙන් යුත් සියලුම පළතුරු සහ එළවළු වලින් පිළිකා සෛල වර්ධනය යටපත් කරයි.

🔴 තක්කාලි :-

අවම වශයෙන් සතියකට දෙවරක් වත් තක්කාලි සෝස් පරිභෝජනය කළ විට, පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැළඳුණු පිරිමින් වැඩි කලක් ජීවත් වූ බව තහවුරු වී තිබේ. ඔලිව් තෙල් යොදා තැම්බූ විට, තක්කාලි සාරය වඩා හොඳින් අවශෝෂණය වේ.

🔴 සෝයා :-

ගැටවර වියේ සිට සෝයා පරිභෝජනය කළ ආසියානු කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් බෙහෙවින් අඩු ය.පියයුරු පිළිකා වැළඳුණු විට පවා ඒවා එතරම් ආක්‍රමණශීලී නොවන අතර, ඔවුන් ජීවත් වන කාලය ද වැඩි ය.

🔴 බිම්මල් :-

සියලුම වර්ගයේ බිම්මල් වලින් ප්‍රතිශක්ති සෛල හට ගැනීමත් එහි ක්‍රයාකාරීත්වයත් වැඩි දියුණු කෙරේ. රසායනික චිකිත්සාව ලබා දෙන විට, ප්‍රතිශක්ති පද්ධතියට සහාය වීම සඳහා ආහාරයට බිම්මල් එකතු කිරීම ජපානයේ සිදු කෙරේ.

🔴 ශාක සහ කුළු බඩු :-

ආහාර පිසීමේ දී යොදාගනු ලබන මින්චි වැනි සුවඳ පැළෑටි, පිළිකා සෛල විනාශයට අනුබල දී, යාබද පටක ආක්‍රමණය කිරීමට අවශ්‍ය එන්සයිම අවහිර කර, එහි පැතිරීම අඩු කරයි.

පාස්ලි සහ සැල්දිරි වල නව රුධිර නාළිකා උත්පාදනය වළක්වන ප්‍රතිප්‍රදාහක බලයක් තිබේ.

🔴 මුහුදු පැළෑටි :-

ආසියාවේ පරිභෝජනය කරනු ලබන මුහුදු පැළෑටි වර්ග වල, පියයුරු, පුරස්ථි ග්‍රන්ථි, චර්ම ආදී පිළිකා වල වර්ධන වේගය අඩු කරන අණුක අඩංගු වේ. එමෙන්ම ප්‍රතිශක්ති සෛල උත්තේජනය ද ඉන් සිදු වේ.

🔴 ඔමෙගා – 3 මේද අම්ල අඩංගු ආහාර :-

තෙල් සහිත මාළු වල අඩංගු මේද අම්ල මඟින් ප්‍රදාහය අඩු කෙරේ. සතියකට අවම වශයෙන් දෙවරක් වත් මාළු අනුභව කරන අය කෙරෙහි පිළිකා හට ගැනීමේ අවදානම බෙහෙවින් අඩු බව අධ්‍යයන වලින් පෙන්වයි.

මාළු විශාල වන තරමට ( උදා :- තලපත්, මෝරා ) සාගර අපවිත්‍ර කරන රසදිය, පළිබෝධ නාශක, අපවිත්‍ර කාරක ආදිය නිසා දූෂණය වන ප්‍රමාණය ද වැඩි ය. හුරුල්ලන්, සාඩින් වැනි තෙල් සහිත කුඩා මාළු වඩාත් උචිත ය. ශීත කරන ලද මාළු වල ඔමෙගා – 3 මේද අම්ල අඩු ය.

හණ ඇට තෙල් ද ඔමෙගා – 3 ප්‍රමාණයේ මේද අම්ල සහිත ය. එමඟින් පිළිකා වර්ධනයට අනුබල දෙන හෝමෝන වල හානිකර ස්වභාවය අඩු කෙරේ.

🔴 සෙලනියම් නම් ඛණිජයෙන් පොහොසත් ආහාර :-

සෙලනියම් යනු පසෙහි අඩංගු ඛණිජයකි. කාබනික වශයෙන් වගා කරනු ලබන එළවළු සහ ධාන්‍ය වර්ග වල, සෙලනියම් විශාල ප්‍රමාණයක් අඩංගු ය. උපරිම පලදාව අපේක්ෂාවෙන් කරනු ලබන අධිවේගී කෘෂිකර්මයේ දී, සෙලනියම් ප්‍රමාණය අඩු වේ. මාළු, මුහුදු බෙල්ලන්, පීකුදු ආදී ආහාර වල ද සෙලනියම් දක්නට ලැබේ. සෙලනියම් වලින් ප්‍රතිශක්ති සෛල, විශේෂයෙන් ස්වාභාවික ඝාතක සෛල උත්තේජනය වේ. එමෙන්ම ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක යාන්ත්‍රණය ද ශක්තිමත් කෙරේ.

🔴 විටමින් – D :-

හිරු රැසට ඍජුව නිරාවරණය වූ විට, චර්ම සෛල විටමින් D නිපදවයි. සමකයේ ඈත වාසය කරන අයගේ විටමින් D නිෂ්පාදනය අඩු ය. ග්‍රහණියෙන් වැළකීම සඳහා උතුරු අක්ෂාංශවල ජීවත් වන දරුවන්ට මෝර තෙල් දෙන ලෙස නිර්දේශ කර ඇත්තේ, හිරු රැසට නිරාවරණය වීම අල්ප බැවිනි. දිනපතා විටමින් D ලබා දීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම අඩු වන බව මෑතක දී පෙන්වා තිබේ.

කැනේඩියානු පිළිකා සංගමය විසින් නිර්දේශ කර ඇති පරිදි සියලුම කැනේඩියානුවන් හේමන්ත සහ ශීත ඍතු වල දී දිනපතා විටමින් D ලබාගත යුතු ය. ( කැනඩාව හිරු රැසට නිරාවරණය වීම සීමිත ය.) ආගමික හේතු සහ ජීවන රටාව නිසා, හිරු රැසට අල්ප නිරාවරණයක් ලබන අය ද, අවුරුදු 65 ට වඩා වයසැති හැම දෙනා ද, වර්ෂය පුරාම විටමින් D ලබාගත යුතු ය.

මෝර තෙල්, සැමන්, හුරුල්ලන්, සාඩින්, ආඳා යන මාළු වර්ග වල විටමින් D බහුල වශයෙන් අඩංගු ය.

🔴 හිතකර බැක්ටීරියා :-

ආහාර ජීර්ණයත්, විධිමත් මල පහ කිරීමත් පහසු කරවන මිත්‍රශීලී බැක්ටීරියා, අන්ත්‍ර වල අඩංගු ය. ප්‍රතිශක්ති පද්ධතිය ස්ථාවර ලෙස පවත්වා ගැනීම සඳහාත් වැදගත් කාර්යභාරයක් ඒ බැක්ටීරියා මඟින් සිදු කෙරේ.

මේ මිත්‍රශීලී බැක්ටීරියා වලින් අන්ත්‍ර වල පිළිකා සෛල වර්ධනය වළකන බව ද, සනාථ වී තිබේ. මල පහ කිරීම පහසු වන විට, ආහාර වල ඇති පිළිකා කාරක ද්‍රව්‍ය වලට අන්ත්‍ර නිරාවරණය වන කාලය අඩු නිසා, අන්ත්‍ර පිළිකා හටගැනීමේ අවදානම ද අඩු වේ.

කාබනික යෝගට්, ගෝවා, රාබු, පිපිඤ්ඤා, සුදු ලූණු, රතු ලූණු, තල, තක්කාලි, රට හාතවාරිය, කෙසෙල්, තිරිඟු යන ආහාර වර්ග වල හිතකර බැක්ටීරියා බහුලව දක්නට ලැබේ.

🔴 පැඟිරි වර්ගයේ පලතුරු :-

දොඩම්, ජවනාරන්, ලෙමන් සහ ග්‍රේප්ෆෘට් වල ප්‍රතිප්‍රදාහක ගුණාංග අඩංගු ය. අක්මාව මඟින් සිදුවන පිළිකා කාරක වල විෂ ඉවත් කිරීමේ කාර්යය උත්තේජනය කරයි. ජවනාරන් පොතු වල ඇති රසායන, මොළයේ පිළිකා සෛල තුළට කා වැදී ඒවා විනාශ කරයි. මේ සඳහා කාබනික ජවනාරන් යොදා ගත යුතු ය.

🔴 දෙළුම් යුෂ :-

පර්සියානු වෛද්‍ය ප්‍රතිකාර සඳහා, අවුරුදු දහස් ගණනක් තිස්සේ දෙළුම් යුෂ භාවිත කර තිබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකා වර්ධනය බොහෝ දුරට අඩු කිරීමේ බලයක් දෙළුම් යුෂ වල තිබේ.

🔴 අනෝදා :-

නිතර කටු අනෝදා ආහාරයට ගැනීමෙන් එහි ඇති annonacin නම් පිළිකා නාශක රසායනය ශරීරයට ලැබීම නිසා සිරුර තුළ පිළිකා සෛල ඇතිවීම වළක්වනු ලබනවා.

🔴 රතු වයින් :-

පැසවීමේ දී ලබා ගත් විෂ නාශක රැසක්, රතු වයින් වල අඩංගු ය. එහි සාන්ද්‍රණය මිදි යුෂ වලට වඩා බෙහෙවින් වැඩි ය. ඒවා කල්තබා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රම වලින්, අම්ලකර වායුවෙන් ආරක්ෂා වේ. වේගවත් ඔක්සිකරණයට නිරාවරණය වන බැවින් මිදි යුෂ වලත්, වියළි මිදි වලත් විෂ නාශක බහුතරයක් විනාශ වේ. ආරම්භය, වර්ධනය සහ ප්‍රගතිය යන පිළිකා වල අවස්ථා තුනම අඩාල කිරීම ද රතු වයින් වලින් සිදු වේ.

දිනකට එක් රතු වයින් වීදුරුවක් පමණක් පරිභෝජනය කළ යුතු ය. ඊට වැඩි වුව හොත් පිළිකාව තවත් වැඩි වීමට ඉඩ තිබේ.

🔴 තද දුඹුරු චොක්ලට් :-

තද දුඹුරු චොක්ලට් වල, ප්‍රතිඔක්සිකාරක සහ විෂ නාශක කිහිපයක් ම අඩංගු ය. කොළ තේ කෝප්පයකට සමාන වූ ද, රතු වයින් වීදුරුවක් මෙන් දෙගුණයක් වූ ද, විෂ නාශක ප්‍රමාණයක් චොකලට් පෙත්තක අඩංගු ය. පිළිකා සෛල වර්ධන වේගය අඩු කර, නව රුධිර නාළික හට ගැනීම සීමා කිරීමට තද දුඹුරු චොක්ලට් සමත් ය.
අමතර කිරි යෙදූ ලා පැහැති චොක්ලට් පරිභෝජනයෙන් වැළකිය යුතුය. කොකෝවා අණුක වල ඇති වාසිදායක ගුණාංග, එවැනි චොක්ලට් වල නැත.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *