පිරමීඩ නිර්මාණය කරේ හෙළයින්

මීට වසර පන්දහසකට පෙර මෙරට සිටි යෝධ හෙළයින් අදටත් අපට කතා කරන්නට මහා ඓතිහාසික සාධක ඉතුරු කර තිබෙනවා. බොහෝ අය සිදුකරන්නේ ඒවා ඉදිරිපිට සිට පින්තූර ගැනීම පමණක් බවයි අද අපට දැක ගත හැක්කේ. වීරත්වය එය නොවේ. ගවේෂණය හෝ පරීක්ෂණය වීරත්වයක් වන්නේ ගවේෂණය කරන්නට යමක් නිර්මාණය කර තිබීම බව මම ඔබට මතක් කරන්නට කැමතියි. එහෙම නම් සැබෑ වීරත්වය හිමි විය යුතු වන්නේ ගවේෂකයාට නොව නිර්මාණකරුවාට නොවේ ද….?පිරමීඩ නිර්මාණයට පමණක් මම ඔබේ අවධානය යොමු කළොත් ඔබට එය ප්‍රමාණවත් වේවි මීට වසර 5000කට එපිට ඉතිහාසයේ තාක්ෂණික භාවිතයන් පිළිබඳව සිතා ගැනීමට. පිරමීඩ නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ හෙළයින්ට බවයි සත්‍ය ය. ඊජිප්තු පිරමීඩ තුළින් හමු වූ රන් පත්තිරුවල මෙසේ සඳහන් ” අහසින් ආ සිංහ මිනිසුන් පිරමීඩ තැනීම සඳහා මූලික වූ බව “. ඔබේ මීළඟ ප්‍රශ්නය මම ඉතා හොඳින් දන්නවා. පිරමීඩ තැනීම උදෙසා ඉන්ජිනේරුවන් ඊජිප්තුවට ගියේ නම් මෙරට පිරමීඩ දැකිය නොහැක්කේ ඇයි…? තීරණ ගැනීම සඳහා ඉක්මන් වීම යහපත් පුරුද්දක් නොවේ. මේ මාතෘ භූමියේ හතර මායිම් තුළ දී ඔබට පිරමීඩ පෙන්වීමට මම සූදානම්. නමුත් ඒවා සමාජගත කිරීමට ප්‍රථම ඔබ දැනගත යුතු ම කරුණු අපි සාකච්ඡා කර විසඳා ගත යුතු යි.මහා රාවණා යුගයෙන් පසු ව එකල සිටි මිනිසුන් යළි යළිත් මේ මාතෘ භූමියේ ඉපදී ඉපදී මිය ගියා. නමුත් මම ඔබට කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්. එකල සිටි සුවිශේෂී චරිත කීපයක් ම වර්තමානය වන විට මනුෂ්‍යභවයන්ට පැමිණ තම තමන්ගේ රාජකාරිය සිදු කරමින් සිටිනවා. මනුෂ්‍යභවයන්ට නො පැමිණ ආත්මික ව සිටිමින් ඒ අය ව මෙහෙයවන පිරිසක් ද සිටිනවා පුළත් , රකුස් , ජන්තු , අමර , මකර , මහාකාල , රගා , විකුම් ආදීන් ඒ අතර ප්‍රධානීන් වන බව මම ඔබට කියන්න කැමති. ඉතිහාසය පිළිබඳ ඔබ සමග මෙලෙසින් සාකච්ඡා කිරීම ඇතැම්විට ඔබේ ගැටලුව තවත් උත්සන්න කරාවි. ඒ නිසාම රාවණ යුගය පිළිබඳව එක් කේන්ද්‍රීය ස්ථානයක සිට සාකච්ඡා කරන්නට මම කැමතියි.

මුලින් ම අපි අපේ මනස නිවැරදි ලෙස සකස් කර ගනිමු. මිෂනාරි අධ්‍යාපනය තුළින් මේ රටේ මිනිසුන් අමුඩය හැඳි ජනතාවක් බවට හංවඩු ගසා තිබෙනවා. එය ඔබ දන්නවා. මගේ ප්‍රශ්නය, දේව සංකල්පය වසර දහස් ගණනක සිට පවතින්න්ක්. සරලව එතන සිට පමණක් මේ සාකච්ඡව කළත් ඔබට මිෂනාරි අධ්‍යාපනය වැරදි මතයක් බවට සනාථ කරගත හැකිය. මේ කියන කතාව ඇත්ත ද බලන්න හැකි නම් ඔබ දේවාලයකට යන්න. දැඩිමුණ්ඩ දෙවියන්ගේ ස්වරූපය හොඳින් බලන්න. උන්වහන්සේ ඇඳ සිටින්නේ කලිසමක් ඊට උඩින් ජෝතිය ඇඳ බඳ පටියක් පැළඳ සිටින අයුරු ඔබට දැකගත හැකිවේවි. උඩු කයට ද ඇඳ සිටින්නේ කබායක් , දෙකකුලෙහි මේස් සහ සපත්තු පැළඳ සිටිනවා නොපෙනෙන තරමටම මිනිසා අන්ධ වුණු අයුරු ඛේදජනකයි. එසේ නම් සත්‍ය කුමක් ද..?මේ රටේ ඉතිහාසය තුළ එකඳු දෙවියකු හෝ රජෙකු අමුඩය හැඳ ගෙන සිටිනවා ඔබ දැක තිබෙනවා ද..? පුංචි දරුවන්ට පරිශීලනය කිරීමට තිබෙන පිංතූර කොළයක හෝ අමුඩය හැඳි එකදු රජකු ඔබ දැක තිබෙනවා ද..? සත්‍යවන්නේ බටහිර ජාතීන් විසින් අපිව එතනට ලඝු කිරීමයි. ඒ ඒ ස්ථානවලට ගැලපෙන පරිදි ඇඳුම් ඇන්දා මිස සමස්ත ජාතියක් අමුඩ පමණක් ඇඳි ජාතියක් බවට හංවඩු ගසද්දී අපට නම් ඊට එකඟ විය නොහැකි ය.අපට එකඟ විය හැකි එක ම කරුණ වන්නේ මඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව ද සුදුසු බවයි. ලෝකයේ මුල් ම රජු වන්නේ ද මේ මාතෘ භූමියෙන් පහළ වූ ගොවියෙක්. එතුමන් නමින් මහා සම්මත මනු රජු. මනු ලොවැ මුල්වරට තෝරා ගැනුණු එලෙසට රජු වූයෙන් ඔහුට නම ද මනු නිසි උනාට අරුතට ලෙසින් අරිසෙන් අහුබුදු සූරීන්ගේ යට ගිය වංශයේ කෘතියේ මනු රජු අබිසෙස් නම් කොටසේ ද ඒ පිළිබඳ ව කරුණු ඇතුළත් ය.

ඇතැමුන් ගේ අදහස වන්නේ හෙළයින්ගේ ලෝකය ඉන්දියන් සාගරයෙන් වට වූ මේ පුංචි දිවයින පමණක් පමණක් කියායි. ඉන් එහා ලෝකයක් දුටුවේ විවෘත ආර්ථිකයෙන් පසු ව බවටත් සිතා සිටින අය සිටින නිසා මම මීට වසර 5000කට පෙර මහා රාවණා රජු ලෝකය හඳුනාගත් ආකාරය පිළිබඳ ව ඔබට මතක් කරලා දෙන්න කැමතියි.මහා රාවණා රජුට නමස්කාර කරන සුවිශේෂී ස්තෝත්‍ර ගණනාවක් ම තිබෙනවා. ඉන් එක් ස්තෝත්‍රයක ආරම්භයේ මෙසේ සඳහන් ” නමම් මම් ජිත් රාවෝසදං මං මෙන් ලිවු සුකම් ” ලෙසින් රාවනා රජුගේ පරපුර රාවෝ පෙළපත ලෙස ලොව ප්‍රකට වූ බව සත්‍යයක්. ඊජිප්තු වාසින් පවා රාවෝ පෙළපතට ගෞරව කලා. නායකයෙකු සිටින විට උප නායකයකු සිටින්නා සේ රාවෝ පෙළපතට උප පෙළපතක් ලෙස ඊජිප්තුවේ පාරාවෝ පෙළපත ආරම්භ කළා. ඔබට මම පවසන කරුණු අවශ්‍ය නම් අන්තර්ජාලයේ හෝ පරික්ෂා කල හැකි ය. ඔවුන් අදටත් අදහන්නේ රා දෙවියන්ව. ඒ මහා රාවණා රජු ය. රා දෙවියන් ආකාස ඔරුවෙන් පැමිණ ඔවුන්ගේ ආත්මය සූර්යයා කරා රැගෙන යන බව පාරාවෝ පෙළපතේ විශ්වාසයයි. පිරමීඩ ආශ්‍රිත ව අදටත් රාවණා මහා රජ්ජුරුවන්ගේ මුත්තණුවන් වන පුලස්ති සෘෂිවරයාගේ ප්‍රතිමා ඉදි කර ඇති අයුරු දැක ගත හැකි ය. එපමණක් නොවේ රාවණා මහ රජුගේ ප්‍රතිමා පවා අදටත් දැකගත හැකි ය. ලංකාපුරේ මිනිසුන් සිංහ මිනිසුන් අහසින් ආ යානා පිළිබඳ අපූර්ව විස්තර ඉතා පැහැදිලි ලෙස ඔවුන් සටහන් කොට තිබෙනවා. අදටත් මේ සියලු සම්බන්ධතාවන් නොනැසී පවත්වාගෙන යන බව සත්‍යයක් වුවත් ඒ විශ්ව පාලනය තුළ පමණයි. ඔබ අප දකින රාජ්‍ය පාලනය තුළ මේ සියලු සම්බන්ධතා විනාශ වී හමාර ය. මේ සම්බන්ධතා නැවත ඇති කළ හැකි රාවණ යුගයකට මුළු ලොවම ගෙන යා හැකි දියුණු අධ්‍යාත්මික ගනුදෙනුවකට පිවිසිය හැකි ක්‍රමවේදයක් තිබෙනවා ද…? ඔව්. ලබන සතියේ ලියන්නම්…..(කියන ඔහු – සහස්‍රමුඛ රාවණ ලියන මම – මනු කුල සූර්ය)

Author: admin