පිටි කිරි බොන හැමෝම කියවන්න ඕනෑම ලිපියක්

බොහෝ දෙනා කිරි පිටි හෙවත් පිටි කිරි වලට ඇබ්බැහි වී සිටිති. එහෙත් එයින් ලැබෙන කිසිදු ප්‍රයෝජනයක් නැති බව නොදනිති. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙයින් සිදුවන හානිය බරපතල වන්නේ ඔවුන් ගේ සෞඛ්‍ය ප්‍රශ්න වලට ද මේ කිරි පිටි හේතුවක් වන නිසාය. ළදරු පිටිකිරි දරුවාගේ සංවේදී ආහාර ජීර්ණ මාර්ගය තුළ ජීරණය සඳහා වැඩි කාලයක් ගත වන නිසා දරුවාගේ කුස දිගු කලක් පිරි තිබේ. බොහෝ බිළිඳුන්ට කිරිපිටි පහසුවෙන් ජීරණය කරගත හැකි නමුත් එළකිරි වල අඩංගු ප්‍රෝටීන වලට ආසාත්මිකතාවයක් ඇති සමහර ළදරුවන්ට ඒ මගින් දැඩි ආසාත්මිකතා ඇති විය හැකිය.

පිටිකිරි දෙන දරුවන්ට වඩා මව්කිරි දෙන දරුවන් ආරක්ෂිත වන්නේ ඔවුන්ට විවිධ රෝගකාරක විෂබීජ ආසාදනය අවස්ථා අඩු නිසාය. එසේම පිටිකිරි ලබාදෙන දරුවන්ගේ මොළයේ වර්ධන වේගය අඩු වෙනවා මෙන්ම පාරිසරික විස විශේෂයෙන්ම PCBs සහ ඩයොක්සින් වැනි විෂ සමග සටන් කිරීමට අඩු හැකියාවක් ඇත. ළදරු පිටිකිරි වලට හුරු වූ දරුවන් පසු කාලීන ජීවිතයේදී හා වැඩිහිටියන් වන විට දියවැඩියාව හා අන්ත්‍ර ආශ්‍රිත රෝග වැනි විවිධ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානමට මුහුණ දෙයි. විවිධ පර්යේෂණ මගින් හෙළි වී ඇති අයුරින් කිරි පිටි වලට හුරු වූ දරුවන් හට පහසුවෙන් ඇදුම, හතිය හෝ වෙනත් හුස්ම ගැනීමේ අපහසුතාවන් වැළඳෙන අතර ඒවා ඇතිවීමේ අවදානම මව්කිරි, නැවුම් ආහාර ගන්නා දරුවන්ට වඩා 40% ක වැඩි වේ.

කිරි පිටි වල මෙලමයින් අඩංගු බවට පසු ගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති විය. මෙලමයින් යනු රසායනය රසක් නැති, ගඳක් නැති ඉතා මිල අඩු ද්‍රව්‍යයකි. මෙම රසායනයෙහි එක් අණුවක නයිට‍්‍රජන් අණු 07 ක් ඇත. මෙම රසායනය කිරිපිටිවලට කලවම් කිරීමේ හේතුව වන්නේ දියර කිරි වල අඩංගු ප්‍රෝටීන 2% ක් වන නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන කිරි පිටි වල ප්‍රෝටීන් ප්‍රතිශතය ව්‍යාජ ලෙස පෙන්වීමේ උපක්‍රමයක් ලෙසය. මෙකී ප්‍රෝටීන් කිලෝග්‍රෑම් 01 ක් නිස්සාරණය කරගැනීමට කිරි ලීටර් 500 කට වඩා අවශ්‍ය වන අතර එය ඉතා මිල අධිකය. යම් සමාගමක් මෙම ප්‍රෝටීන නිපදවා ඉතිරිවන දියරය ඉවතලනවා යැයි ඔබට සිතිය හැකිද? විශාල සමාගම් වල දෛනික ප්‍රෝටීන නිෂ්පාදනය ටොන් 13 ක් පමණ වේ.

එසේම DCD ද නයිට‍්‍රජන් අණු 04 කින් යුත් රසක්, ගන්ධයක් නැති ජලයේ ද්‍රාව්‍යවන රසායනිකය ද කිරි පිටි වල තිබී සොයා ගනු ලැබිණ. මේ ආකාරයටම කිරි වලින් වෙන් කරගත් මේදය අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු අවශ්‍ය මට්ටම පවත්වා ගැනීමට වෙනත් තෙල් වර්ග එකතු කරනු ලබයි. එසේම කිරි දෙනුන් හැට දෙන විවිධ වර්ධක හෝමෝන, ප්‍රතිජීවක ආදී සියලු ඖෂධ කිරි පිටි වල නැති බවට සහතිකයක් නැත. එනිසා කිරි පිටි බීමෙන් පෝෂණයට හෝ සෞඛ්‍යයට ඇති වන බව කියන වාසි ගැන මිසක් ඒවායේ අඩංගු වන හා විය හැකි රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන හානි ගැන නොකියැවේ.

සමාජය තුළ කිරිපිටි ප‍්‍රචලිත කිරීම සඳහා විශාල ප‍්‍රචාරණ ව්‍යාපාරයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙනයාමෙන් ජනතාව සංස්කෘතික විපර්යාසයකට බඳුන් කොට කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට ඇතුළත් කොට තිබේ. එපමණක් නොව එය දේශපාලන මාතෘකාවක් බවට ද පත් කොට කිරි පිටි මිල පාලනය නොකළහොත් රට අස්ථාවර වන්නේ යැයි දේශපාලඥයින්ව බිය ගන්වා අයවැය තුළ ද බදු සහන වටිනාකමක් ලබා ගෙන තිබේ. අවසානයේ සිදු වූයේ මෙම බදු සහන හා වෙඳාමෙන් ලැබෙන අධික ලාභය උපයෝගී කරගෙන විශාල මාධ්‍ය ප‍්‍රචාරණ ව්‍යාපාරයක් මගින් කිරිපිටි ව්‍යාපාරයට එරෙහිව පළ වන ලිපි පවා නතර කිරීමට තරම් ඔවුන් මාධ්‍යය තුළ බලවත් වීමයි.

ලෝකයේ අවි ආයුධ වෙළඳාම, කෘමිනාශක වෙළඳාම, දුම්වැටි වෙළඳාම, මත්පැන් වෙළඳාම හා ඖෂධ වෙළඳාම වැනි මාෆියා ගණයේ බලවත් ව්‍යාපාර ගණයට වැටෙන කිරි පිටි වෙළඳාම අද වන විට රටක ආණ්ඩු වෙනස් කිරීමට තරම් ප්‍රබල ගෝලීය දේශපාලන බලයක් අත්පත් කරගෙන තිබේ. අපේ රටේ වාර්ෂිකව කිරි පිටි සඳහා පිටරට ඇදී යන විදේශ විනිමය කෙතරම් විශාල ද කිවහොත් රුපියල් කෝටි 6500 කි. මේ සියලු මුදල් අපේ සාක්කුවෙන් පිටරටට ඇදෙන ඩොලර් පමණක් නොව එයින් අපිට ඇතිවන රෝග සඳහා ගිල දමන බේත් ගෙන්වීමට ද නැවත ගෙවන්නේ විදේශ විනිමය වේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *