පිටසක්වළ යානයකින් පැහැරගත් තරුණියෝ

1961 සැප්තැම්බර් 19 වැනිදා හැම්ෂයර්හි (ඇමෙරිකාවේ) සිදුවූ පිටසක්වළ යානයකින් බෙටී සහ බාර්නි පැහැර ගැනීම ගැන කලින් ශ්‍රී ලංකාදීපයේ පළවූ ලිපියට ඔබේ අවධානය (මාර්තු 31) යොමු කරමි.

බාර්නි හා බෙටී සිද්ධිය පිළිබඳ ඔවුන් මාධ්‍ය හරහා කතා කිරීම හේතුවෙන් එය මහජන අවධානයට විශාල වශයෙන් යොමුවිය. ඔවුන්ගේ කතාව මවාගත් නිර්මාණයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම කිසිලෙසකත් කිරීමට නොහැකි ශක්ති සම්පන්න සිද්ධියක් විය.

පිටසක්වළ යානා පිළිබඳ ඇමෙරිකාව සතු වාර්තා පොතේ බ්ලූ බුක් (Blue Book) මේ සිද්ධිය සම්පූර්ණයෙන් වාර්තා වෙයි. මේ පිටසක්වළ යානාවේ සිද්ධිය හා අදාළව මේ දෙදෙනාට මතකයේ නොමැති කොටසක් ඇත. එනම් පිටසක්වළ යානයේ නියෝග අමතකව ගිය අවස්ථා ඇත. නැවත සිහියෙන් කරුණු කියන අවස්ථාව එන විට ඔවුන් සිටියේ සිද්ධියට මුහුණ දුන් ස්ථානයට සැතැපුම් තිස් පහක් ඈතින් තම යානය තුළය. වාහනය පදවාගෙන ආ බවක් වත් ඔවුන්ට මතක නැත.

මේ කාලපරාසයේ සිදුවූ දේ සෙවීම සඳහා කළ හැකි සුදුසුම දෙය නම් ඔවුන් මෝහනය කිරීම යැයි තීරණය වීය. මොවුන්ගේ මතකය නැති වී ඇති කාල පරාසය පැය හතරක් ලෙස ගණනය කර තිබුණි.

සිද්ධියෙන් දින දහයක් ගතවූ පසුව බාර්නි මේ අමතක කාල පරාසයට අදාළ තොරතුරු සිහිනයෙන් දකින්නට පටන් ගත්තාය. සිහි නැතිවූ අවස්ථාවේ පරසක්වල ජීවීහු දෙදෙනෙක් තම කාරයට විත් දෙදෙනාව වාහනයෙන් පිටතට ගත්තා. ඔවුන් අඩි පහක් තරම් උස මිනිස්සු. ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳ සිටියා. ඔවුන් කියන සියලු දේට දෙදෙනා අවනත වූවා.

ඔවුන්ගේ හැඩය ද ඇයට මතකය. තොල් නිල්පාටයි දුටුවේ. ඔවුන්ගේ ඇඳුම් හමුදා ඇඳුම් වගේ හරියටම ආවරණය වෙලා.

“අපි දෙන්නව දෙපැත්තකට ගත්තා. ඔවුන් කතා කළ භාෂාව අපට තේරුණා. භාෂාවක් කතා කළද අදහස් අපේ හිතට යෝජනා කළා දැයි හිතෙනවා. මගේ හිසකෙස් ටිකක් කපා ගත්තා.

මගේ උපැස් යුවළ බැලුවා. නියපොතු කපාගත්තා. හම හූරලා සුරක්ෂිතව ඔතා ගත්තා. ස්නායු පද්ධතිය බැලුවා. මගේ පෙකනියෙන් කූරක් වගේ ඇතුළට යැවුවා. දැඩි වේදනාවක් දැනුණා. නමුත් ඒ වේදනාව නැති වෙන්න යමක් ඔවුන් කළා.

“ඔයාට දැන් මතක නැති වුණාට පස්සේ සේරම මතක් වෙයි යයි ඔවුන් ඉතා හිතවත්ව කීවා.

පසුව අප වාහන​ෙයන් ගෙනා දෙන්නාම අපිම වාහනයට ගෙන ගියා.

“අපි පිටත් වෙන තුරු ඔහොම ඉන්න. ඊට පස්සේ යන්න”යි ඔවුන් යෝජනා කළා යි ඇය දකින සිහිනය ගැන තොරතුරු කීවාය.

මේ නිසාම මෝහනය කිරීම අත්‍යාවශ්‍ය යැයි ගවේෂණ කටයුතුවල නිරතවූවෝ කල්පනා කළහ. 1964 ජනවාරි 4 වෙනිදා සයිමන් හිල්ස් බාර්නි හා බෙටී වෙන වෙනම මෝහනය කිරීමට යොදාගත්තා. මේ කාර්යය කළේ මෝහනය කිරීමේ දක්ෂයකු වූ සයිමන් හිල්ස් නමැත්තාය.

මුලින්ම මෝහනයට පාත්‍රවූයේ බාර්නිවයි. දෙදෙනාම සාර්ථක ලෙස මෝහනයට පත් කිරීමට හැකි වීය. බාර්නි මෝහනයෙන් සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී ඇතිවූ බිය කියා සිටියාය.
“විශාල බියක් දැනෙනවා. ඔවුන් අපව පැහැර ගන්නයි එන්නේ. සේරම ඉවරයි. යානයෙන් බැසගත් දෙන්නෙක් එනවා. ඔවුන්ගෙන් හිරිහැරයක් නොවෙන පාටයි. සැර පරුෂ නැහැ. ඔවුන් කියන දේ අපට තේරෙනවා. අපි ඔවුන්ගේ වාහනයට ගෙනියනවා. අපි දැන් යානය ඇතුළේ කාමරයක ඇඳක. මා වටා හය දෙනෙක් ඉන්නවා. ඔවුහු එතන ප්‍රධානියෙක් හැටියට කෙනෙක් ඉන්නවා.

“මට ඇස් වහගන්න කියනවා. මම ඇස් වහගන්නවා. මට දැනෙන්නේ මගේ ඇස් මගේ ඇඟ ඇතුළට කිදා බහිනවා වගේ. දැන් මට දැනෙනවා මගේ ඇස් ඇඟට සම්බන්ධ නෑ වගේ.
“ඔව්…. මා සම්පූර්ණයෙන්ම නිරුවත්. ඔවුන් මාව නොයෙකුත් පරීක්ෂණවලට ලක් කරනවා. මගේ හම සියුම් පිහියකින් සූරනවා. ඇස් කන් පරීක්ෂා කරනවා. මගේ ගුද මාර්ගයට බටයක් යවනවා. වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒවා ඔවුන් ගුද මාර්ගයේ බටය ඇතුළටම යවනවා. මොනවා බලවා දැයි මට හිතා ගන්න බැහැ. මාව මුනින් අතට හරවනවා. මං දැන් යටිකුරුව ඇඳේ වැතිර ඉන්නවා. මගේ කොදු නාරටියේ පුරුකෙන් පුරුක ඔවුන් බලනවා. හරියට කොඳු ඇට ගණන් කරනවා වගේ.

“දැන් ඔවුන් මගේ කලවා ඈත් කර මගේ රහස් පෙදෙස පරීක්ෂා කරනවා. මං විරෝධයක් නොදක්වා ඇඳේ වැතිර සිටිනවා. මට ලොකු සතුටක් දැනෙනවා. මගේ සතුට වැඩි වෙනවා. මගේ ශරීරයෙන් පිටවෙන ද්‍රව්‍යය ඔවුන් යම් බඳුනකට එකතු කර ගන්නා බව මට තේරෙනවා……” යි ඇය විස්තර කර කීවාය.

තමන් පරීක්ෂා කළ මිනිසුන් ඇඳ පෙන්වන්නැයි ඇයට යෝජනා කරන්නේද මේ මෝහනයේදීමයි. ඇය ඒ කාර්යයද ඇගේ ඇඳීමේ කුසලතාව අනුව ඉටු කරන්නීය. මෙයින් අනාවරණය වූයේ ඇය සිහිනෙන් දකින මිනිස්සුන් සහ මෝහනය කළ අවස්ථාවේ විස්තර කළ මිනිසුන් අතර ඔවුන්ගේ උස හා ප්‍රමාණය අතර වෙනස්කම් ඇති බවයි.

තවද බාර්නි හා බෙටී වෙන වෙනම මෝහනය කළ අත්දැකීමේදී අසමාන කතාවලට වඩා ඔවුන්ගේ කතාවල සමානකම් වැඩි බව දැක ගත හැකියි. බර්නි හා බෙටී එක් වතාවක් නොව 1996 ජූනි 06 දක්වා අවස්ථා කිහිපයකදී මෝහනයට පාත්‍ර කරන ලද අතර, ඔවුන්ගෙන් විමසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරුවල වෙනස්කමක් නොවීය.

යානයෙන් පිටතට මා ගෙනාවේ පුංචි ඉනිමගක ආධාරයෙන්. මාව වාහනයට ගෙන එනවා. මං ආවේ ඇවිදගෙන. බෙටී වාහනයට ගෙනාවේ දෙවනුවයි. ඔවුන්ගේ යානය ඉහළට නගිනවා. අපි දෙන්නා සුරක්ෂිතයි. මං හිතුවේ ඔවුන් අප පැහැරගෙන යාවි කියලයි. එහෙම වුණේ නැහැ” යි ඇය මෝහනයෙන්ම කීවාය.

ආචාර්ය නිමල් සේදර

උපුටා ගැනීම -http://www.lankadeepa.lk

Author: admin