නගුලෙන් අත්ට්‍රැක්ටරයට ලොවම ගෙන ගිය රේවත

ගුවන් යානා නියමුවෙක් වීමේ දැඩි ආශාවක් තිබුනත් ඔහුට එම ක්ශේත්‍රයේ රැකියාවක් ලැබෙන්නේ නෑ. මෙවන් අවස්ථාවක ඔහුගේ පියා ඔහුට මෙහෙම කියනවා.

” පුතා ඔයාට මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තියනනවා” .ඒ අනුව ඔහු කෘෂිකාර්මික වැඩ වලට තමන්ගේ දැනුම යොදන්න තීරණය කරනවා.

ඔහු නමින් රේවතයි.ලොව හදුනන්නේ “රේ” කියලයි.

1955 අපේ රටේ කෘෂිකර්මයට වැදගත්ම අවුරුද්දක් වෙනවා.ඒ ලොකයේ ප්‍රථම රෝද දෙකේ ටැක්ටරය නිපදවෙන නිසා. ගමේ ගොවීන් සී සෑමට මී හරක් පසු පස ගිය දුරයි කාලයයි ගැන සිතු මෙතුමා,තමන්ගේ කාර්මික දැනුම භාවිතා කරමින් අත් ටැක්ටරය නිපදවනවා.නමුත් එහි නියම ප්‍රයෝජන ගන්නට එවකට සිටි පාලකයන් අසමත් වෙනවා.තමන්ගේ නිර්මාණය සඳහා කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැනිසා මේ රෝද දෙකේ ටැක්ටරය මෙරට නිශ්පාදන කරන්නේ නෑ. නොයෙක් මාදිලි නම් වලින් අපටම අද විකුණන්නේ ඒ රේ තරුණයා සෑදු ලෑන්ඩ් මාස්ටර් අත් ටැක්ටරයයි..

තමා ඉගෙන ගත් හෑම විෂයක් තුලින්ම මෙරට සාමාන්‍ය ජනතාවට සෙතක් සලසන්න බෝහොම කැමැත්තෙන් හිටියා.

අවම සීසෑම, සරල වල් පැළෑටි මර්දන ක්‍රම හා වෙනත් පරිසර හිතකාමි ක්‍රම තුලින් මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ දැඩි උත්සහයක් ගත්තා.

වසර 50 ටත් වඩා, පොල් පර්යේෂණ ආයතනයේ, සංවර්ධන වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කරනවා.පොල් ඉඩමක ඉහළ පලදාව මෙන් ම, ඉහළ ලාභයක් ලබා ගැනීමේ ක්‍රම පෙන්වා දෙනවා.

තේ පර්‍යේශන ආයතනයේ හා නව නිපයුම් කරුවන්ගේ කොමිසමේ මුලසුන දැරුවා.මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කලා

ඔහු මෙතැනින් නවතින්නේ නැහැ.

ඔහු අතින් නිපදවූ සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් වලට ලාංකික අනන්‍යතාවක් සහිත ලිහිණියා ,කූරා,සූටික්කා යන අපූරු නම් දැම්මා. ඔහු නිපදවූ සැහැල්ලු ගුවන් යානා ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට සඳහා ද යොදාගත් බව දන්නේ බොහෝම ටික දෙනයි.මෙවැනි ගුවන් යානා නිපදවීමට ඔහු රජයෙන් අවසර ඉල්ලා සිටියත්,එය ජාතික ආරක්ෂාව තර්ජනයක් බව පවසමින් ප්‍රතික්ෂේප වෙනවා.

මෙවන් බාදක මැද පසුබට නොවී ඉදිරියට ගිය “රේ” සැබැවින් ම ශ්‍රී ලාංකික පුත්‍රයෙක් පර්යේෂකයෙක්. ප්‍රායෝගිකව සියල්ල ප්‍රගුණ කළ ගුරුවරයෙක්. ඉතාමත්ම යහපත් උතුම් මිනිස් ගුණාංග සහිත පුරවැසියෙක්.අද ඔහුගේ නමින් නව නිපැයුම් කරුවන් දිරිගැන්වෙන තිළිණයක් ප්‍රධානය කරනවා.

” රේ ” අද අප අතහැර ගියත් ඔහුගේ නාමය රට තුල තාමත් රැව්දෙනවා.ඔහුගේ ජිවිත කතාවෙන් තවත් ලාංකිකයන් දිරි ගන්වන්න ශෙයා කරන්න ඔහුගේ කතාව
( තොරතුරු අන්තර්ජාලයෙන් )

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *