මේ වේලාවන් වලට දෙවියන්ට පහන් පුජා කරන්න

අප කුඩා කල සිටම පහන් දැල්වීම විවිධ අවස්ථාවන් හිදී සිදු කරයි. ප්‍රථමිකවම රාත්‍රි කාලයේ තමන්ගේ නිවස ආලෝකමත් වීම උදෙසා පහන් දල්වනු ලබයි. පහනක් කී විගස අපට මතකයට නැගෙන්නේ විහාරස්ථානයට හෝ කෝවිලට ගොස් බුදුන් උදෙසා හෝ දෙවියන් උදෙසා දල්වන මැටි පහනයි. ඊට අමතරව පිත්තල පහන්, විවිධ ලෝහ වලින් සෑදූ පහන්, ශෛලමය පහන්, දොළොස්මහේ පහන, පහන් වැටවල්වල පහන්, දෙහි ලෙල්ල කනපිට හරවා දල්වන පහන්, ගස්ලබු ගෙඩිය දෙකට කපා තෙල් දමා දල්වන පහන් ප්‍රධාන තැනක් ගනී.නිවසේ දල්වන බල්බයද පහනකි.එයින්ද අපට ලැබෙන්නේ ආලෝකයයි. කුමන වර්ගයේ පහනක් දැල්වුවද එහි අරමුණ එම ස්ථානය ආලෝකමත් කිරීමය. නමුත් එම පහන දල්වන ස්ථානය අනුව, එහි අර්ථය වෙනස් වේ. විහාරස්ථානයකට ගොස් පහන් දල්වන්නේ පිං ලබා ගැනීම, ලෙඩ දුක් සුවකර ගැනීම, දුක් කරදර අපල උපද්‍රව දුරුකර ගැනීම ආදි දේ සඳහාය. එමෙන්ම කෝවිලට ගොස් පහන් දල්වනුයේ දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතාය. එමෙන්ම අඳුර සහිත අවස්ථාවක නිවසේ හෝ යම් ස්ථානයක පහන් දල්වනුයේ ආලෝකය ලබාගැනීම සඳහාය. එමෙන්ම මෘත දේහයක් අසල හා මෘත දේහය සොහොනට ගෙන ගිය පසු එම ස්ථානයේ පහන් දල්වනුයේ මෘත දේහයෙන් පිටවන විෂබීජ නැසීමටය. මීට අමතරව අධිෂ්ඨාන පූජා තැබීමට, මියගිය තැනැත්තන් සිහිකිරීමට සොහොන් කොත්වල, ගෙවල් ආරක්‍ෂා කිරීමට නිවසේ 8 කොනේද පොල් තෙල් පහන් දැල්වීම දැකගත හැක. තවද අෂ්ඨ කර්ම කිරීමේදී මෙන්ම ශාන්ති කර්ම කිරීමේදී ද පහන් දල්වනු ලබයි. දැරිවියක් වැඩිවිය පත්වූ පසු ඇයව රඳවා තබන කාමරය තුළ පහනක් දැල්වීම සිදු කරයි. එපමණක් ද නොව ඕනෑම උත්සව අවස්ථාවක ආරම්භය සිදුවනුයේ පොල් තෙල් පහන දැල්වීමෙන්ය. එමෙන්ම වෙසක්, පොසොන්, නත්තල්, තෛපොන්ගල් වැනි ආගමික උත්සවවලදී ද පහන් දැල්වීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී උපයෝගී කර ගන්නා පහන් දැල්වීම අතරින් බුදුන් උදෙසා මෙන්ම දෙවියන් උදෙසා පහන් දැල්වීම සුලභව සිදු කරන්නෙකි ලක්‍ෂ්මී දේවිය උදෙසා පහන් දල්වා යස ඉසුරු ප්‍රාර්ථනා කරනවා සේම ගන දෙවියන් උදෙසා පහන් දල්වා ඥානය හා බුද්ධිය ප්‍රාර්ථනා කරයි. එමෙන්ම සරස්වතී දේවිය උදෙසා පහන් දල්වා සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ටද හැකියා, දක්‍ෂතා වැඩි වේවායි ප්‍රාර්ථනා කරයි. කතරගම හා විෂ්ණු දෙවියන් උදෙසා පහන් දල්වා ව්‍යාපාර දියුණුව, රථවාහන ලාභ ආදිය ප්‍රාර්ථනා කරයි. කාලි මෑණියන්, සූනියම් දෙවියන්, දැඩිමුන්ඩ දෙවියන්, කඩවර දෙවියන් වැනි දෙවිවරු උදෙසා පහන් දල්වා ජීවිතයට ආරක්‍ෂාව, අනවින කොඩිවින ආදී දෝෂ නිවාරනය භූත, ප්‍රේත දෝෂ වලින් ආරක්‍ෂාව, වැරදි කරන අසත්පුරුෂයන්ට දඬුවම් ලබාදීම ආදිය ප්‍රාර්ථනා කරයි.ඉහත දෙවියන් උදෙසා පහන් දැල්වීම, පූජා කිරීම ක්‍රම දෙකකට සිදු කරයි. එනම් අදාළ දෙවියන් වැඩසිටින දේවාලයට හෝ කෝවිලට ගොස් දවසේ ඕනෑම වේලාවක පහන් දල්වා තමන්ගේ අවශ්‍යතාවය පවසා දෙවියන්ට කන්නලව් කිරීම අනෙක් ක්‍රමය වන්නේ තම නිවසේ දිනපතා දෙවියන් උදෙසා පහන් දැල්වීමයි. මෙසේ කිරීමට තමා පිහිට පතන දෙවියන්ගේ බැල්ම වැටෙන වේලාව සොයා එම වේලාවේ පහන් දැල්විය යුතුයි. එසේ අදාල වේලාවට පහන් දැල්වීම තුළින් පමණක් එම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙනු ඇත.එක් එක් දෙවියන් උදෙසා පහන් තැබිය යුතු නිවැරැදි වේලාවන් මෙසේය.
හවස ගොම්මන –

  • 5.00 – 5.24 – ධර්ම දේවතා දිෂ්ටිය
  • 5.24 – 5.48 – මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය – බුදු පහන තබයි.
  • රාත්‍රී මුල යක්‍ෂ දිෂ්ටි සඳහා පහන් තබයි –
  • 6.00 – 6.24 – මහ සොහොන් දිෂ්ටිය
  • 6.24 – 6.48 – රීරි යක්ෂ දිෂ්ටිය
  • 6.48 – 7.12 – සූනියම් මඞ්ඩි යක්ෂ දිෂ්ටිය
  • 7.12 – 7.36 – කඩවර දිෂ්ටිය
  • 7.36 – 8.07 – කළුකුමාර දිෂ්ටිය
  • 8.07 – 8.24 – භද්‍රකාලි දිෂ්ටිය
  • 8.24 – 8.48 – මදන යක්‍ෂ දිෂ්ටිය
  • 8.48 – 9.12 – ගොපලු යක්‍ෂ දිෂ්ටිය
  • 9.12 – 9.36 – බහිරව දිෂ්ටිය
  • 9.36 – 10.1 – කොහොඹ යක්‍ෂ දිෂ්ටිය
  • රාත්‍රී මැදියම දේවතාවුන් උදෙසා පහන් තබයි –
  • 10.01 – 10.23 – ගම්භාර සූනියම් දේව දිෂ්ටිය
  • 10.23 – 10.47 – දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය
  • 10.47 – 11.36 – කතරගම දේව දිෂ්ටිය
  • 11.36 – 12.00 සත්පත්තිනි දේව දිෂ්ටිය
  • 12.00 – 12.12 – සරස්වතී දේව දිෂ්ටිය
  • 12.12 – 12.24 – විෂ්ණු දේව දිෂ්ටිය
  • 12.24 – 12.36 – ඊශ්වර දේව දිෂ්ටිය
  • 12.36 – 1.00 – සතරවම් දේව දිෂ්ටිය
  • 1.00 – 1.24 – සුමන සමන් දේව දිෂ්ටිය
  • 1.24 – 1.48 – විභීෂණ දේව දිෂ්ටිය
  • 1.48 – 2.00 – ශක්‍ර දේව දිෂ්ටිය
  • 2.00 – 2.24 – නව ග්‍රහයන්
  • 2.24 – 3.00 – යම රජු
  • 3.00 – 3.24 – මරු
  • 3.24 – 3.48 – මුහුදු මණිමේඛලා
  • 3.48 – 4.00 – අසුර
  • 4.00 – 4.24 – පංච ශිඛ
  • 4.24 – 5.00 – චිත්‍රිනී මරදුති
  • 5.00 – 5.24 – ධර්ම දේවතාවා
  • 5.24 – 5.48 – මහා බ්‍රහ්මයන්
  • 5.48 – 6.00 – සන්නි දේවතාවා
  • මෙයිට අමතරව
  • 4.30 – 6.00 ලක්‍ෂ්මී දේවිය
  • 4.30 – 4.56 – දෙවොල් දෙවියන්
  • 6.12 – 6.24 – නාථ දෙවියන්

මෙම වේලාවන් භාවිතයේදී එදින ඉර උදාව අනුව සංශෝධනය විය යුතු බවද වටහා ගත යුතුයි. එය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙම එක් දෙවියෙකුට පහන් තැබිය යුතු නිවරැදි වේලාව සාදා ගන්නා ආකාරය පහත වේ.2018.7.3 පහන් තබන්නේ නම්,7.3 ඉර උදාව = 5.59
දෙවියන් උදෙසා පහන් තබන ඉහත වේලාවන්, ඉර උදාව උදේ 6.00 ට සිදුවූවා යැයි සලකා සාදා ඇත.එම නිසා 7.3 වන දින ඉර උදාව සිදුවී ඇත්තේ 5.59 ටය. එනම් සම්මත වේලාව වන උදේ 6.00 ට වඩා විනාඩියක් අඩුවෙනි. එමනිසා ඉහත දෙවියන් උදෙසා පහන් තබන සියලු වේලාවන් හා අවසන් වන වේලාවන් විනාඩියක් අඩුකර සාදා ගත යුතුය. උදාහරණයක් ලෙස කාලි මෑනියන් උදෙසා ජුලි 3 වන දින පහන් තැබිය යුත්තේ රාත්‍රි 8.7 ට නොව 8.6 ටය. ඉර උදාව උදේ 6.00 ට සිදුවන ඕනෑම දිනක ඉහත සඳහන් වේලාවන් කිසිදු සංශෝධනයක් නොකර ගත හැක.උදාහරණයක් ලෙස 2018.7.5 සිට 2018.7.9 දක්වා ඉර උදාව ලිතේ සඳහන්ව ඇත්තේ උදේ 6.00 ටය. මෙම දිනයන් හි කාලි මෑණියන් උදෙසා තබන පහන රාත්‍රී 8.7 ටම තැබිය හැක.පහන් දැල්වීම උදෙසා බහුලව භාවිතා කරන පොල්තෙල්වලට අමතරව විවිධ තෙල් වර්ග භාවිතා කරගනු ලබයි. ඒ අතර එලඟිතෙල්, පස්තෙල්, අබතෙල්, ප්‍රධාන තැනක් ගනී. මෙම එක් එක් තෙල් වර්ගය එක් එක් දෙවියන්ට විශේෂ වේ. එනම් සූනියම් දෙවියන්, ගන දෙවියන් හා විෂ්ණු දෙවියන්ට එලඟිතෙල් පහන් දැල්වීම විශේෂ වේ. ලක්‍ෂ්මී දෙවියන්ට පස්තෙල් පහන් ද, ශිව දෙවියන්ට, කතරගම දෙවියන් හා සමන් දෙවියන්ට අබතෙල් පහන්ද විශේෂ වේ.
බුදුන් උදෙසා එනම් බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධරත්නය උදෙසා, සර්වඥ ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන දල්වන පහන් මහා බලයක්, මහා ශක්තියක් ලැබෙන දෙලොව හිත සුව පිණිසම හේතුවන උතුම් පිංකමක් වනු ඇත

මිහිපිට ජීවත් වන ඕනෑම මනුෂ්‍යකුට ඔවුන් නොදන්නා අන්තර් විෂ්වය සමග විවිධ මට්ටමේ සම්බන්ධතාවයන් පවතී. එය කර්මය හා කර්ම පලය සමගද බැදී පවතින අතර දැන සිටීම නුවණ හුරු නමුත් ගැති වීම මෝඩ කමකි. යකුන් පෙරේතයන් අමතක කර මෙම ලිපිය තුලින් අප ඔබට පිහිට අති දෙවි වරුන් ගැන කෙටි සටහනක් තබන්නෙමු. ඕනෑම මනුස්සයකුට බොහෝ දුරට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ නමක් ඇති අතර එතුමන් අප මෙහි කරනා විවිධ කාර්‍යන් වලට නන් අයුරින් උපකාර කරයි. නූලෙන් බේරයි. කලින් ඉවෙන් මෙන් දන්නයි, බාදා කර ගලවා ගනී,විවිධ අය මුණ ගස්සවා අපව ගොඩ දැමීමට මූලිකත්වය ගනී,සමහර විට අපි දන්නෙම නැතිව අපව බේරයි. මෙය සරල කාරණාවක් උවත් එක හෙලා පිලිගැනීම තාර්කික ඔබට භාරයි. අපට සම්බන්ද මළගිය ඥාතීන් නැවත උපදින භවයේදී විවිධ දෙවියන්ගේ පිරියෙහි සෙස්සන් වී ඉපදුනොත් ඔවුන්ගේ පිහිට අපට නිරන්තායෙන් ලැබේ. යාන වාහන, ඉඩකඩම් ලැබීමට වාසනාව හා මාර්ගයන් ඔවුන් විවෘත කරයි. ඔවුන් අපේ සතුටෙන් පිනෙන් ජීවත් වෙයි. අපට කල හැකි කෘතගුණ සැලකීම නම් උදේ හවස තමන්ගේ ඉෂ්ඨ දෙවියන්ට පින් ලබා දීමයි. අවශ්‍ය නම් ඉෂ්ඨ විය යුතු කාරණ කීවද කම් නැත.යමෙකුට කාලයක සිට යම් දෙවියෙකු පිලිබද භක්තියක් ඉබේම ඇතිවේනම් එහි අරුත ඔබ ඉෂ්ඨ දෙවියන් හදුනාගෙන අවසන්‍. මේ ලිපියෙන් පලක් නැත නොපමාව වතාවත් කරන්න. කිසි විටක අන්තගාමී නොවන්න. ප්‍රායෝගික ලෝකයේ ජීවත් වී මේ දේවල්ද අත්හදා බලන්න.

  • ලග්නය අනුව වඩා පිහිට ඇති දෙවියන්
  • මේෂ ලග්නය – කතරගම දෙවියන්, බ්‍රහමයන්
  • වෘශභ ලග්නය – පාර්වතී මෑණියන් ,සරස්වතී මෑණියන්,විශ්ණු දෙවියන්
  • මිථුන ලග්නය – විශ්ණු දෙවියන්, ලක්ෂ්මී මෑණියන්
  • කටක ලග්නය – පත්තිනි මෑණියන්, බ්‍රහ්ම්මයන්
  • සිංහ ලග්නය – ඊශ්වර දෙවියන්, ශිව දෙවියන්, කතරගම දෙවියන්
  • කන්‍ය ලග්නය – ලක්ෂමී මෑණියන, විෂ්ණු දෙවියන්, පාර්වතී මෑණියන්, ගණ දෙවියන්
  • තුලා ලග්නය – සරස්වතී මෑණියන්,විශ්ණු දෙවියන්
  • වෘශ්චික ලග්නය – කතරගම දෙවියන්,පත්තිනි මෑණියන්
  • ධනු ලග්නය – බ්‍රහම්‍මයන්,ඊශ්වර දෙවියන්,ශිව දෙවියන්
  • මකර ලග්නය – විශ්ණු දෙවියන්, ගණ දෙවියන්
  • කුම්භ ලග්නය – විශ්ණු දෙවියන්, සරස්වතී මෑණියන්
  • මීන ලග්නය – බ්‍රහම්මයන්,කතරගම දෙවියන්,ගණ දෙවියන්

Author: admin