දියවැඩියාව හැදිගෙන එනවනම් මේ රෝග ලක්ෂණ ඔබේ සිරුරෙන් මතුවෙනවා දියවැඩියාව මට්ටු කරන බලගතු බෙහෙත් වට්ටෝරු මෙන්න

 

අද ගොඩක් දෙනෙක් මුහුණ දෙන රෝගයක් තමයි මේ දියවැඩියාව කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මේ රෝගයෙන් බේරෙන්න ඔබ දැනගන්න ඕන වැදගත් කරුණු හා ප්‍රතිකාර ක්‍රම ගැන ..අපි ඔබට මේ දේවල් ඉතා සරල විදියට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හොදයි එහෙනම් අපි මේ රෝගය ගැන වැඩි විතර දැනගමු ….

දියවැඩියා රෝගය හැදෙන්න බලපාන කරුණු

Image result for Diabetes

සිංහල වෙදකමට අනුව

දියවැඩියාව හැදෙන්න හේතු 7ක් බලපානවා. එක: පරම්පරාවෙන් පරම්පරාවට එන ජාන නිසා, දෙක: කෘත්‍රිම ආහාර, ජාන තාක්ෂණයෙන් හැදූ ආහාර වැඩිපුර පරිභෝජනය නිසා, තුන: මළ- මූත්‍ර වේග දරා සිටීම, හතර: බටහිර හා දේශීය ඖෂධ මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම, පහ: අධික තරබාරුව හෙවත් ස්ථුලතාව. මෙය ඇති වන්නේ නැවුම් ආහාර නිතර වැඩිපුර ගැනීමෙන් පෝෂණය වැඩි වීම නිසයි. හය: මානසික ආතතිය. සඵල කරගත නොහැකි ඉලක්ක ගැන ඇතිවන අනවශ්‍ය සිතිවිලි නිසා තමයි සියයට 90ක් දෙනාට දියවැඩියාව ඇති වන්නේ. අවසාන වශයෙන් කම්පනයත් දියවැඩියාවට හේතුවක්

වෛද්‍ය විද්‍යාත්මක මතය

වැරදි ආහාර රටාව

සුදුසු ව්‍යායාමයක නිරත නොවීම

ස්ථූලතාව

මානසික ආතතිය

ජානමය හේතූන්

ලංකාවේ වැඩිපුරම දියවැඩියාවට ගොදුරුවෙන රෝගීන් නගනා ​ෙචා්දනාවක් වෙන්නේ තම මවට පියාට තිබුණ නිසා හෝ ජානමය හේතූන් නිසා තමා දියවැඩියාවට පත් වූ බවය. නමුත් නිවැරදි ආහාර රටාවකට හුරුවීම සුදුසු ව්‍යායමයක නිරත වීමෙන් අයෙකුට දියවැඩියාවට අභියෝග කොට නිරෝගී ජීවන රටාවක් පවත්වා ගත හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දේ.

දියවැඩියාවේ මුලික රෝග ලක්ෂණ

Image result for Symptoms of diabetes

 

1′ අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ වලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි’ ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමටද අවශ්‍ය වේ’ මෙම තත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ’ මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක්ද ඇති වේ’

2′ ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම

ඔබ බර අඩුකරගැනීම සදහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනයන් වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුල ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය’ මාස හයක කාලයක් තුල ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්‍යය උපදෙස් ලබාගත යුතුවේ’

3′ නිදන්ගත තෙහෙට්ටුව
ඔබට සෑම අවස්තාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියලීමයි’ ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුල ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත’ මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි’

4′ ඇස් බොදවීම
ඔබගේ ඇස් යම්කිසි අවස්ථාවන්හි බොදවනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි’ මෙහිදී පටක තුල ඝණ රුධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවීම මගින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොදවනු ලැබේ’

5′ තුවාල සෙමින් සුවවීම
තුවාල සෑදුනු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුවවීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි’ රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි’

6′ නිරන්තරයෙන් ආසාදන ඇති වීම
නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ’

7′ අත් සහ පාදවල හිරිවැටීම” දැවිල්ල සහ වේදනාව ඇති වීම
මෙම රෝග ලක්ෂණද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානිවීම මගින්ය’

8′ සමෙහි ඇතිවන ක්ෂණික ගැටළු
දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම” කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි’

9. වතුර වැඩි ප්‍රමාණයක් පානය කල පසුවත් පිපාසයක් දැනීම.

10. ප්‍රමාණවත් තරමේ විවේකයක් ලබා ගත්තත් ශරීරයෙන් දුර්වල ස්වභාවයක් දිස්වීම.

11. කිහිප වාරයක්ම නැවත නැවත මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් රාත්‍රියේදී ඇති වීම.

12. රාත්‍රියේදී ඇස් පෙනීමේ දුර්වල තාවයක් ඇතිවීම.

13 සමෙහි ඇතිවූ තුවාලයන් සහ ආසාදනයන් සුව වීමට ඉතාමත්ම වැඩි කාලයක් ගත වීම.

14 ලොකු ආහාර වේලක් අනුභව කලත් මිනිත්තු කිහිපයකින් නැවතත් බඩගිනි දැනීම.

 

දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර

Related image

ඕනෑම රෝගියකු හට සුදුසු ආහාර සේම නුසුදුසු ආහාර ද ඇත. ආයුර්වේදයේදී ආහාරවල ගුණ ස්වභාවය මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය ලෙස කොටස් පහකට වර්ග කෙරේ. ඒ අතරින් කටු, තිත්ත, කෂාය කියන රස ත්‍රිත්වය මධුමේහ චිකිත්සාවේදී බහුලව යොදා ගනී. බැදපු යව (බාර්ලි), යවවලින් සාදන ලද ආහාර, අමුනම් ධාන්‍යය, කඩල, කොල්ලු, උඳු, මුං ඇට, පැරැණි සහල් වර්ග (හැමදා සහල්) මධුමේහ රෝගීන් සඳහා සුදුසුය. ත්‍රිපලා (අරළු, බුළු, නෙල්ලි) නෙල්ලි යුෂ, පැරැණි මී පැණි, හාල්, තිත්ත රස පලා වර්ග (කිරි අගුණ, අගුණ, කුරිඤ්ඤං කොළ, තෙබු, කතුරුමුරුංගා) ආදිය ද මධුමේහය සඳහා සුදුසුය. මධුමේහ රෝගීන්ගේ බහුල රක්තහීනතාවයක් ද දක්නට ලැබෙන බැවින් ඔවුන්ට යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබාදිය යුතුය. ඉහත සඳහන් කළ පලා වර්ගවල යකඩ, ඛණිජ ලවන ආදිය අඩංගු බැවින් දියවැඩියා රෝගීන්ට එවැනි ආහාර වඩාත් සුදුසු වේ.

එළවළු

කැලරි ප්‍රමාණය අඩු ආහාර කාණ්ඩයක් ලෙස එළවළු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර ය. ඒ වාගේම කෙඳි සහිත එළවළුවල පවතින තන්තුමය කොටස් මඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුකර ගැනීමට පුළුවන. එළවළු මඟින් කාබෝහයි‍ඩ්‍රේඩ් මෙන් ම, ඉන්සියුලීන් ප්‍රතිරෝධතාව වැඩිකරන සංතෘප්ත මේදය සිරුරට ඇතුළු වන ප්‍රමාණය අවම කර ගත හැකි ය. කෙඳි සහිත ආහාර වශයෙන් කොහිල, කෙසෙල්බඩ වැනි දෑ ආහාරයට ගැනීමට පුළුවන.

01. බ්‍රොකොලි
දියවැඩියාව සදහා සුදුසු ම ආහාරයක් වේ. ඒ මෙහි අන්තර්ගත අධික තන්තු හා අඩු කැලරි ප්‍රමාණයයි. එමෙන්ම බ්‍රොකොලි වල විටමින් A හා C අන්තර්ගත වේ. මේවා බර අඩු කරගැනීමට ද සුදුසු ය.

02. කැරට්
දියවැඩියා රෝගීන්ට ඉතාම සුදුසු එළවලුවකි. මෙහි ඇති බීටා කැරොටීන් මගින් ශරීරයේ ඉන්සියුලීන් මට්ටම අඩු කරයි.

03. බෝංචි
ප්‍රෝටීන අඩංගු වන එළවලුවක් වන බෝංචි කොලෙස්ටරෝල් අන්තර්ගත නොවන එළවලුවකි. එමෙන්ම යකඩ, පොටෑසියම්, vitamin A, folate හා මැග්නීසියම් ද අඩංගු ය. මෙහි ඇති තන්තු මගින් කාබෝහයිඩ්‍රේට සීනි බවට බිද හෙළා ඉක්මණින්ම කැලරි දහනය කරවයි.

04. ගෝවා
ගෝවා යනු දියවැඩියා රෝගීන්ගේ ආහාර වේලට vitamins A හා K එක් කරන එලවලුවකි. මෙහි මැග්නීසියම්, තන්තු හා vitamin B6 අන්තර්ගත වේ. මෙහි ඇති ප්‍රතිඔන්සිනාරකයන් දියවැඩියාව සදහා ඖශධයක් ලෙස ක්‍රියා කරයි.

05. ගෝවා මල්
මෙය අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් අඩංගුය. එහි දෛනික vitamin C ප්‍රමාණය අන්තර්ගත වේ. එමෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරවන යකඩ, කැල්සියම් හා තන්තු අඩංගු වේ.

06. පිපිඤ්ඤා

මෙය අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් අඩංගු දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයකි.

07. තක්කාලි
මෙහි vitamin C හා A මෙන්ම පොටෑසියම් හා තන්තු ද අඩංගුය. එනිසාම තක්කාලි දියවැඩියා රෝගීන්ට ඉතා යෝග්‍ය වේ.

දියවැඩියා රෝගීන්ට බත් ප්‍රමාණයට වඩා අමු එළවළු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර ය. එහිදී, පිසින ලද එළවළු කෝප්ප භාගයක් හා අමු එළවළු කෝප්ප භාගයක් ආහාරයට ගැනීම සුදුසු ය. එහෙත් අර්තාපල් හා තිරිඟු වැනි පිෂ්ඨය අධික ආහාරවලින් දියවැඩියා රෝගීන් ඈත්විය යුතු ය.

පලතුරු

පලතුරු ද එළවළු මෙන් කැලරි අඩු ආහාර කාණ්ඩයකි. පලතුරුවල ද කෙඳි බහුල වශයෙන් අඩංගු වේ. මේවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් මිනිසාගේ ස්නායු, ඇස් හා හෘදයවස්තුව ආරක්ෂා කරයි. ඒ කෙසේ වූවත්, පලතුරුවල ද ස්වභාවික සීනි හා කැලරි අඩංගු වන නිසා, අධික ලෙස පලතුරු ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට එතරම් සුදුසු නොවේ. හැකි තරම් මෙවැනි රෝගීන් පලතුරු යුෂ පානයට වඩා අමුවෙන්ම ආහාරයට ගන්නවා නම්, එය සුදුසු ම ක්‍රමයයි. පලතුරුවලින් ද වඩා වැදගත් වන්නේ කෙඳි සහිත පලතුරු ය. කාමරංගා වැනි පලතුරු දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු ය.

බෝ නොවන රෝග අතර දියවැඩියාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ආයුර්වේදයට අනුව දියවැඩියාව යනු, ශරීරයෙන් වැඩි වශයෙන් දිය පිටවීමයි.

දියවැඩියාව සම්බන්ධයෙන් සමාජයේ පවතින වැරැදි මතයක් ලෙස, ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම සුදුසු බවට ඇති මතය හැඳින්විය හැකි ය. එහෙත් නිවැරැදි මතය වන්නේ, භාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල් පමණක් දියවැඩියා රෝගීන්ට සුදුසු බව ය.

කාමරංකා පමණක් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කළ හැකි බව ද එවැනි තවත් මතයකි. එහෙත්, එය සම්පූර්ණයෙන් ම සත්‍ය නොවේ. කාමරංකාවල, අම්ල රසය, කසට රසය හා මධුර රසය අන්තර්ගත ය. දියවැඩියා රෝගීන්ට කාමරංකා වඩාත් උචිත වීමට හේතුව, එහි අඩංගු අම්ල රසය හා කසට රසය නිසා ය. කාමරංකා, පානයක් ලෙස ගැනීමට වඩා, අමුවෙන් අහාරයට ගැනීම, දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු ය.

නෙල්ලි ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු ය.එහෙත් මෙවැනි රෝගීන්ට, අලි පේර, පේර වැනි අධික කැලරි ප්‍රමාණයක් අන්තර්ගත පලතුරු ආහාරයට ගැනීම සුදුසු නොවේ.

පලතුරුවල පෝෂ්‍යපදාර්ථවලින් බහුතරය අඩංගු වන්නේ, එම පලතුරුවල පොත්තේ, මදයේ හා ඇටවල ය. පලතුරු යුෂ වශයෙන් සැකසීමේදී ඒවා ඉවත් කෙරෙන අතර, එමඟින් සීනි ප්‍රමාණය වැඩි වශයෙන් ශරීරයට අවශෝෂණය වේ.

මාංශ අනුභවය

මාංශ අනුභවය යේදී දියවැඩියා රෝගීන් තෝරාගත යුත්තේ මේදය අඩු මස් වර්ගයි. ඌරු මස්, හරක් මස්, කුකුල් මස් තෙල් සහිත බැවින් ඉන් හැකිතාක් ඈත්වීම යෝග්‍යය වේ. නමුත් මේ සියලු දේ ලබාගතයුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුවය. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාළු වර්ග වැඩිපුර ගැනීමත් මධුමේහයට හේතුවන අතර මෙහිදී තෝර මාළු, පරා මාළු, අමු හාල් මැස්සො ආහාර සඳහා උචිතය.

මාංස භෝග

මාංස භෝග යනු තන්තු වැඩි වශයෙන් පවතින ආහාර කාණ්ඩයකි. මේ ආහාර ගැනීමෙන් බොහෝ වෙලාවක් යනතුරුම කුසගිනි නොදැනේ. මාංස භෝග මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේගය අඩුකර ගැනීම හරහා රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වළක්වා ගත හැකි ය. බෝංචි, මෑ හා සෝයා බෝංචි ආදිය දියවැඩියා රෝගියකු අනිවාර්යයෙන් ගත යුතු ආහාර වර්ග වේ.

මාළු

මාළුවල ප්‍රෝටීන් සංඝටකය බහුලව තිබේ. මේද බහුල මස් මාංශ වෙනුවට පරිභෝජනය කළ හැකි හොඳ ම ආහාරය වන්නේ මාළුයි. මාළුවල අන්තර්ගත ඔමේගා 3 සංඝටකය මඟින් මිනිස් සිරුරේ කිරීටක ධමනිය පිරිසුදු කරයි. එම නිසා දියවැඩියා රෝගීන්ට මාළු අනුභව කිරීම වඩාත්ම සුදුසු ය. නිවැරැදිම පිළිවෙත වන්නේ, සතියකට දෙවරක් මාළු ආහාරයට ගැනීම ය. ඔමේගා 3 බහුලව පවතින සැමන්, කුම්බලා හා කෙළවල්ලන් වැනි මාළු වර්ග දියවැඩියා රෝගීන්ට ඉතාමත් ම යෝග්‍ය වේ.

ඇට වර්ග

හෘද රෝග අවම කරගත හැකි මේද සංඝටක ඇට වර්ග තුළ අන්තර්ගතව ඇත. මේවායේ අන්තර්ගත මේද මඟින් ඉන්සියුලින් ප්‍රතිරෝධතාව අවම කර, රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට පුළුවන. ස්නායුගත ආබාධ හා අක්ෂි රෝග වළක්වා ගැනීමටත් ‍ ඇට වර්ග ආහාරයට ගැනීම මඟින් හැකියාව ලැබේ.

ඇට වර්ගවල බහුල වශයෙන් අඩංගු වන්නේ විටමින් E යි. ඇට වර්ගවල තිබෙන කෙඳි ස්වභාවය හා මැග්නිසියම් බහුල බව නිසා එහි පවතින ස්වභාවික කැලරි ප්‍රමාණය ද වැඩි ය.

ඔලිව් තෙල්

හෘදයාබාධ අවම කරන හිතකර මේදය අන්තර්ගත ඔලිව් තෙල් මඟින්, ඉන්සියුලින් ප්‍රතිරෝධතාව අවම කර, රුධිරගත සීනි මට්ටම පාලනය කරයි. ඒ කෙසේ වූවත්, දියවැඩියා රෝගීන්ට මේ තෙල් වැඩි වශයෙන් භාවිතය එතරම් සුදුසු නොවන්නේ, ඔලිව් තෙල් හැන්දක කැලරි 119ක් අඩංගු වන නිසා ය. එම නිසා දියවැඩියාව පවතින රෝගියකු තම සීමාව දැනගෙන ආහාරයට ගත යුතු දෙයක් ලෙස ඔලිව් තෙල් හැඳින්වීමට පුළුවන.

යෝගට්

ප්‍රෝටීන් බහුලව පවතින ආහාරයක් ලෙස යෝගට් හඳුන්වාදීමට පුළුවන. ශරීරයේ ස්ථුලතාව අඩුකර ගත හැකි කැල්සියම් සංඝටක ද එහි අඩංගු වේ. ඉන්සියුලින් ප්‍රතිරෝධතාව ඇතිවීම අවම කරන නිසා දියවැඩියා රෝගීන්ට යෝගට් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඔබගේ උදෑසන ආහාරයට හෝ ආහාර වේල් දෙකක් අතරතුර මේද සහ සීනි රහිත යෝගට් ආහාරයට ගන්නේ නම් , එය ඉතාමත් ම උචිත ය.

කුරුඳු

ඔබ පිසගන්නා ව්‍යංජනයට කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර ගන්නේ නම්, ඔබේ ශරීරයේ නිපදවන ග්ලුකෝස් ප්‍රමාණය අඩුකර , රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට පුළුවන. නවතම අධ්‍යයනයකට අනුව පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු විසින් දිනකට කුරුඳු තේ හැඳි භාගයක් ලබා ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම අඩුකර ගතහැකි බවයි. කුරුඳු ආහාරයට එක්කර ගැනීමේදී , කුරුඳු කුඩු ව‍ශයෙන් හා කුරුඳු පොතු තම්බා පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට මහඟු ප්‍රතිඵල උදාකරගත හැකි ය.

දියවැඩියා රෝගීන්ට මේ දේවල් නුසුදුසුයි

දුම්පානය, මත්පැන් පානය, කිරි ආහාර වැඩි වැඩියෙන් ගැනීම, එළඟි තෙල් වැනි තෙල් වර්ග නිරතුරුව ආහාරවලට එක්කර ගැනීම, මුදවපු කිරි, පිටි කෑම වර්ග මේ සෑම දෙයක්ම දියවැඩියාට අගුණය. එසේම වර්තමානයේ කුඩා දරුවන් ඇතුළු බොහෝදෙනා හුරුවී සිටින කෙටි කෑම වර්ග බොහොමයක්ම දියවැඩියා රෝගීන් සඳහා නුසුදුසුය. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන්හි දරුවන් නිවසේ සාදන කෑමවලට වඩා කඩකෑමවලට වැඩි නැඹුරුතාවයක් දැක්වීමත්, බොහෝවිට ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට හුරුවීම එනම්, නව තාක්ෂණික මෙවලම් සමඟ වැඩිපුර කාලය ගතකිරීමත් දියවැඩියාව ඇතුළු තවත් රෝග බොහොමයකටම අතවැනීමකි.

දියවැඩියා රෝගය පාලනය කර ගත හැකි ආහාර, පලා වර්ග

Image result for , පලා වර්ග

කූරිඤ්ඤා කොළ – මෙහි තිත්ත රසය ඇත.

තෙබු කොළ – ඇඹුල් හා කහට රසයන් ඇත. මඩු දළු, කොහිල දළු, පෙනෙළ කොළ, කිරි අගුණ කොළ, තෝර කොළ, එරබදු කොළ, වැල් දොඩම් කොළ, වට්ටක්කා දළු, වාත බංග කොළ, ජපන් බටු දළු, කතුරුමුරුංගා කොළ, මැල්ල කොළ, වල් කොත්තමල්ලි කොළ, තැල් කොළ, කර කොළ, නිවිති, තුඹ දළු, කළු කම්ඹිරියා, රණවරා, ගොටුකොළ, කංකුං, මුකුණුවැන්න, එරබදු දළු, සාරන, සලාද කොළ.

දිනපතා මේවා නොගෙන අවශ්‍ය පමණ මාරුවෙන් මාරුවට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එකම පලා වර්ගය දිනපතා නුසුදුසුයි.

ඔබ දියවැඩියා රෝගීයෙකු නම් පිළිගත්, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර ඊට සුදුසු ඖෂධ ප්‍රතිකර්ම ලබා ගන්න. ඊට අමතරව ආහාර පරිභෝජන රටාව ද වෛද්‍ය උපදෙස් මත සකසා ගත යුතුයි. පිෂ්ඨය අඩංගු ආහාර අවම කර ඉහත දැක්වූ ආහාරවලින් ඔබගේ ආහාරවේල් සපුරා ගන්නවා නම් දියවැඩියාවට වැටකඩොළු බැඳ තබාගත හැකියි.

උදෑසන ආහාරයට පිටි මිශි‍්‍රත නම් ඊට කුරක්කන්වලින් සෑදූ පිට්ටු, තලප හෝ නිවුඩු හාල් පිටි ඉඳිආප්ප, පිට්ටු, කෙසෙල් මුව හෝ කූණිස්සන් හොදි සමඟ ගත හැකියි. තෝසෙ නම් සාම්බාරු කදිමට ගැලපේ.

කිරි වර්ග ආහාරයට ගැනීමේදී මේදය අඩු කිරි ගැනීම වඩාත් සුදුසුයි. දියවැඩියාවේ අතුරු ආබාධ ලෙස රෝග ගණනාවක් ඔබට වැළඳිය හැක. මළ බද්ධය ද දියවැඩියාව නිසා ් හට ගන්නා බැවින් වතුර පානය කිරිම බෙහෙවින් යෝග්‍ය වේ.

දියවැඩියාව වළකන එළවළු වර්ග

පතෝල, බණ්ඩක්කා, වැටකොළු, කෙහෙල් මුව, පොළොස්, දඹළ, මුරුංගා, මාළු මිරිස්, හතු වර්ග, කැකිරි, වට්ටක්කා, ගෝවා මල්, තුඹ කරවිල, පිපිඤ්ඤා, කරවිල, පුහුල්, සෝයා බෝංචි, රතු තම්පලා, සුදුළූණු, රතුළූණු,තක්කාලි, වම්බටු, ලුණු කොළ

දියවැඩියාව වළකන පලතුරු

ඇඹරැල්ලා, මාදං, බෝවිටියා, කිරිල්ල, දිවුල්, කෙසෙල්, නාරං, දොඩම්, දූරියන්, උගුරැස්ස, කොමඩු, නස්නාරං, අන්නාසි, රඹුටන්, වෙරළු යන මේවා සුදුසුයි.

දියවැඩියාව වළකන අල වර්ග

ඉන්නල, නෙළුම් අල, කිරි අල, රාජා අල, හුළංකීරිය අල, බතල, යෝග්‍ය වුවත් මඤ්ඤොක්කා, අර්තාපල්, කොස් හා දෙල් සතියකට හෝ සති 2කට වරක් දෙවරක් ආහාරයට ගැනීම හෝ ගැනීම අවම කිරීම ගුණදායක වෙයි.

දියවැඩියාව වළකන ධාන්‍ය වර්ග

මුං ඇට, කුරක්කන්, මෙනේරි, තල, බඩ ඉරිඟු හා සහල් සුදුසුයි. සහල් තෝරා ගැනීමේදී කුරුට්ට සහිත නිවුඩු සහල් ගුණයෙන් ඉහළ නිසා එය තෝරා ගැනීම කළ යුතු වෙනවා. එහි ශරීරයට පිෂ්ඨය උරා ගැනීම ස්වල්ප වශයෙන් සිදුවන බැවින් දියවැඩියාවට අගුණ නැහැ.

නමුත් ඔබ අවශ්‍ය ප්‍රමාණයට ගත යුතුයි. ඒ නිසා දේශීය සහල්, දියවැඩියා රෝගයට සුදුසු පරිදි සැකසෙන මඩතවාලු, හීනටි, රත්නැල්, සුවඳැල් වැනි සහල් යෝග්‍ය යැයි නවීන පර්යේෂකයෝ මත ඉදිරිපත් කර ඇත.

මේ ආහාර නම් දියවැඩියා රෝගීන්ට කොහෙත්ම සුදුසු නැහැ

අද බහුලව දැකිය හැකි කෙටි ආහාර (පැටිස්, රෝල්ස්, කේක් වර්ග) නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත. බීම වර්ග අතර පැණි බීම, උකු කිරි, සරුවත් වර්ග, බීම පැකට් වර්ග සුදුසු නැත. එසේම පැණි රස කෑම වර්ග අවම කිරීම ඉතාම යෝග්‍යයි.

පැණි වළලු, පැණි බූංදි, අයිසිං කේක් වර්ග, ටොපි වර්ග, කිරි ටොපි, ක්‍රීම් බිස්කට්, පුඩිම් වර්ග , වටලප්පන්, බොම්බෙ ස්වීට්ස් වර්ග, පුහුල් දෝසි, ජෑම් වර්ග සුදුසු නැති නිසා ප්‍රයෝජනයට ගන්නා විටදී ප්‍රවේශම් විය යුතුයි.

දියවැඩියාව වලකන පාන වර්ග

තේ, රණවරා, ඉරමුසු බෙලිමල්, හකුරු කැබැල්ලක් සමඟ ගන්න පුළුවනි. කොමඩු, මිදි, දොඩම්, නස්නාරං ආදියෙහි යුෂ පානය කළ හැකියි. කොතල හිඹුටු තම්බපු වතුර ද මේ සඳහා විශේෂිත

දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර ක්‍රම

Related image

දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත් බෙහෙත් කීපයක්

සුදුසු විහරණ

1. උදෑසන ආහාරය ලෙස සිංහල පාරම්පරික රතු හාල්වලින් සෑදූ ආහාර (පිට්ටු ආප්ප රොටී ඉදිආප්ප) මුංඇට කඩල, කවුපි, මෙනෙරි, කුරක්කන් ආදී ධාන්‍ය වලින් සෑදූ ආහාර හෝ කොල කැද බොහොම අගෙයි.

2. දහවල ආහාරය තම්බාපු රතු හාල් බත් හා එමෙන් දෙගුණයක් එලවලු/කොල මැල්ලුම/කොල සම්බොල (නිර්මාංශ වීම බොහොම ගුණදායක වේ) රාත්‍රී ආහාරය බර අඩු සැහැල්ලු ගුණ ඇති ආහාර, පිට්ටු ආප්ප ඉදිආප්ප ආදී රතු සහලින් කල ආහාර හෝ බත් කැද, කුරක්කන් කැද, ධාන්‍ය කැද, කුරක්කන් රොටී වැනි සරල දෙයක් සුදුසුවේ.

3. සීත ආහාර වැටකොලු කැකිරි පතොල ආදී පිෂ්ටය රහිත එලවලු වර්ග වඩාත් ගුණදායකවේ සියලුම කොල වර්ග සුදුසුවේ.

4. කොවක්කා කොල මැල්ලුම, රණවරා මැල්ලුම්, ගොටුකොල මැල්ලුම, මදටිය කොල මැල්ලුම, තෙබු කොල සම්බෝලය සතියකට දෙවරක්

දියවැඩියා රෝගීන් සදහා සුදුසු අත් බෙහෙත් ක්‍රම පහත දැක්වේ….

1. රනවරා කොල කැද, නීරමුල්ලිය කොල කැද, කෝවක්කා කොල කැද, බෙලිකොල කැද, සතියකට එකවර්ගයක්වත් බීම බීම සුදුසුවේ

2. රනවරා කොල මල් මුල් ඇට පොතු සම සමව වේලා කුඩුකර කලවම් කර තේහැදි 1ක් බැගින් උණු වතුර කෝප්ප 1කට දමා නිමුන පසු බීම උදේ සවස..

3. ඉදුනු වරකා, කොස්කොල 10පමණ තම්බා බීම

4. මාදම් පොතු කුබුක්පොතු තම්බා බීම

5. අට්ටික්කා පොතු තම්බා බීම

6. බෙලිමුල් තම්බා බීම

7. මුකුනුවැන්න කොටා වන්ඩුවේ තම්බා මිරිකා බීම

8. මාදම් පොතු, කුබුක් පොතු, මාදම් ඇට කොටා කුඩු කර වත්කර බීම

9. කොටදිබුලා ගෙඩි මාලුව උයා කෑම

10. අට්ටික්කා ගෙඩි මාලුව උයා කෑම

11. කුරුඳු පොතු, කුඩු ආහාර වලට එක්කර ගැනීම

12. මුරුංගා කොල හෝ කුඩු දිනපතා බීමට ගැනීම හෝ ආහාර වලට එක්කර ගැනීම

මෙම අත් බෙහෙත් භාවිතා කිරිමෙන් දියවැඩියාව පාලනය වන අතර දිනපතා හොදින් ව්‍යායාම කිරීම සුදුසු වේ…
තවද යෝග ව්‍යායාම වඩාත් සුදුසු වේ…දියවැඩියාව සඳහා නිරතුරුවම වෛද්‍ය උපදෙස් ගැනීමෙන් සුවදායී ලෙස ජීවිතය ගතකල හැක…

සිංහල වෙදකමෙහි ඇති අති සාර්ථක රහස්‍ වට්ටෝරුවක් මෙසේ අප ඹබ වෙත ගෙනහැර දක්වන්නෙමු.

අවශ්‍යය ද්‍රව්‍යය.

01.සුදු හඳුන් ග්‍රෑම් 25

02.සත් සඳ ග්‍රෑම් 50

03.රනවරා ග්‍රෑම් 50

04.කටුවැල්බටු ග්‍රෑම් 50

05.නෙලුම් මල් රේණු ග්‍රෑම් 50

06.බෙලි මුල් ග්‍රෑම් 50

07කොත්තමල්ලි ග්‍රෑම් 50

08.පොල් පලා ග්‍රෑම් 50

09.නාමල් රේණු ග්‍රෑම් 50

10.වෙනිවැල් ගැට ග්‍රෑම් 50

11.බෙලි මල් ග්‍රෑම් 50

12.කොතල හිඹුටු ග්‍රෑම් 50

13.අරලු ග්‍රෑම් 50

14.රසකිඳ ග්‍රෑම් 50

මේවායින් 1/4 බැගින් ගෙන නාමල් ,නෙලුම් රේණු හැර අන් සියලුම බෙහෙත් හොඳින් සෝදා ජලය බෝතල් 5ක් 6ක් පමණ අල්ලන මුට්ටියකට පිරෙන්න ජලය දමා පැය තුනක් මද ගින්නේ බෙහෙත් ටික තම්බා ගන්න .වෙනම භාජනයකට වතුර උතුරවා අර පලමු බෙහෙත් තැම්බීමේදී අඩු වූ ජලය ප්‍රමාණය පුරවා ගන්න. ඉන්පසු හොඳින් රස්නය අඩු වූ පසුව බෝතල් වලට පුරවා ශීතකරණයක හෝ මද සිසිල් ස්ථානයක තබාගෙන උදයට ,දවල්ට , රාත්‍රියට , කෑමට පෙර මෙය පානය කරන්න. මෙම බෙහෙත් වට්ටෝරුව ඉංග්‍රීසි බෙහෙත් භාවිතා කරන අතරතුර වුවද භාවිතයට ගත හැකිය .

මෙය මාස 3ක් පමණ භාවිතය අතරතුර ඔබගේ ලේ, මුත්‍රා , සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු ලවා පරික්ෂා කර බලන්න. එවිට සීනි අඩුවී තිබේනම් වෛද්‍ය උපදෙස් මත දියවැඩියාව වෙනුවෙන් භාවිත කරන ඉංග්‍රීසි බෙහෙත් හා එන්නත් නවතා දමන්න. මෙම බෙහෙත මාස 6ක් නොකඩවා පානය කිරීමෙන් ඔබගේ දියවැඩියාව රෝගය නිට්ටාවටම සුව වෙයි.මෙය දියවැඩියාව නොමැති අය පානය කිරීමෙන් සදහට එම රෝගය නොවැලඳේ. දියවැඩියාවට අගුණ දේ කෑමෙන් වැලකී සිටින්න. දවසකට වරක් ස්නානය කරන්න.

දියවැඩියාව සුව කර ගන්න පුළුවන් ස්වභාවික ක්‍රම 6ක්

1. හැමදාම උදේට ලා උණුසුම් උණු වතුර වීදුරුවක අලූතෙන් කුඩු කරපු උළු හාල් තේ හැන්දක් දිය කරලා බොන්න. උළු හාල් කියන්නේ වෙනත් ප්‍රයෝජන ගණනාවක්ම ලබා දෙන වගේම ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන්නත් ඉහළ හැකියාවක් තියෙන ඇට ජාතියක්. ඒ වගේම ආහාර ජීර්ණය පමා කරලා සීනි හා කාබෝහයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා.

2. උළු හාල් ඇට, සූදුරු ඇට, නීම් ඇට (කොහොඹ) හා කාරල් ඇට (අන්තිම දෙක ආයුර්වේද වෙළඳ සැලකින් ගන්න) සම ප්‍රමාන වලින් අරගෙන එකට අඹරා ගන්න. දැන් මේකෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් වතුර එකකට දාල බොන්න.

3. පනීර් ඩොඩා මල් (මේවා සුපිරි වෙළඳසැල් වල බෝතල් විදිහට තියෙනවා – ඡ්බැැර ෘදා්) 8ක් 10ක් විතර වතුරට දාල රෑ පුරාවට තියලා උදේට පෙරලා බොන්න. ඉන්දියාවේ හැදෙන මේ මල් ගස හඳුන්වන්නේ ඉන්සියුලින් ශාකය කියලා, ඒ තරමටම දියවැඩියාව නැති කරන්න හැකියාවක් තියෙනවා. මේක කරාම ඉතා ඉක්මනින් දියවැඩියාව අඩු කර ගන්න පුළුවන්.

4. අම්ලා යුෂ (නෙල්ලි යුෂ) තේ හැඳි දෙකක් හා කහ කුඩු තේ හැඳි ¼ක් එකට මිශ්‍ර කරලා උදේට බොන්න. අම්ලා කියන්නේ ලේ වල සීනි අඩු කරන්න කාලයක් පුරා පාවිච්චි වුන පලතුරක්. කාබෝහයිඩ්‍රේට් දහනය වේගවත් කරන ක්‍රෝමියම් ලවණ මෙහි බහුලව අඩංගු වෙනවා. ඒ නිසා ඉන්සියුලින් වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඕනෑම සුපිරි වෙළඳසැලකින් අම්ලා මිලට ගන්න පුළුවන්.

5. ඉදුණු කරවිල ගෙඩි ½ ක්, පිපිඤ්ඤා ගෙඩි ½ ක්, සෙලරි දඩු 2ක් හා කොළ ඇපල් ගෙඩි ½ ක් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගෙන බොන්න. මේක දවසකට පාරක් ගන්න අවශ්‍යයි.

6. මස්බැද්ද කොළ තේ හැන්දක් විතර අරගෙන කොටලා වතුරේ දිය කරලා බොන්න. කෑම කන්න පැය ½ කට වගේ කලින් මේක බොන එකයි හරි ක්‍රමය. ආයුර්වේද වෙළඳසැල් වලින් ගන්න පුළුවන් මේ කොළ වර්ගය කාබෝහයිඩ්‍රේට් ශරීරයට උරා ගන්න එක පාලනය කරනවා. මේ නිසා පහසුවෙන්ම ග්ලූකෝස් මට්ටම පාලනය කර ගන්න පුළුවන්.

අහිතකර සීනි මට්ටම අඩු කරන වට්ටෝරු 5 ක්

දියවැඩියාව නිසා පිඩා විදින ඔබ වෙනුවෙන්ම ය අද අපි ඔබ වෙත ගෙන එනවා.මෙහි ස්වාභාවිකවම ඔබේ අහිතකර සීනි මට්ටම අඩු කරන වට්ටෝරු 5ක් ගැන කියලා දෙනවා.මේ සත්කාර ක්‍රම ඉතාමත් ප්‍රතිපලදායකයි වගේම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

බණ්ඩක්කා+හාල් වතුර ප්‍රතිකාරය
බණ්ඩක්ක හාල් වතුර හදන්නේ කොහොමද කියලා දැන් බලමුකෝ..මුලින්ම කරන්න ඕන බණ්ඩක්කා පොඩි කෑලි වලට කපාගන්න එක.ඊට පස්සේ හාල් කැටයක් අරන් හොදට තැබෙන්න තියන්න වතුර දාලා.මේ හාල් තැම්බුන වතුර ටික අරන් පෙරාගෙන නිවෙන්න තියන්න හොදට.

පොඩි වීදුරුවකට මේ පෙරලා නිවා ගත්ත හාල් වතුර ටික දාන්න.මේකටම අර අපි මුලින්ම කපා ගත්ත බණ්ඩක්කා කෑලි ටිකත් දාලා රැයක් තියන්න. මේක බොන්න ඕන උදෙන්ම හිස් බඩට.සතියක් වගේ කරලා බලන්නකෝ ඔයාගේ සීනි මට්ටම අඩු වෙලා තියනවා බලාගන්න පුළුවන් වෙනවා.මිනිසුන්ගේ දියවැඩියාව වර්ග 2 තත්වය පාලනය කිරීමට බණ්ඩක්කා වතුර උදවු දෙන බව එය භාවිතා කල අය පෙන්නවා දෙයි.

රාබු වලින් නියම බෙහෙතක්
ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්. එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි. කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .බොහෝවිට සති පොළවල රාබු වෙළෙන්දා ළඟට යන්නේ කුඩා පිරිසක් පමණයි. එය එතරම්ම අඩුවෙන් මිලදී ගන්නා එළවළුවක් වීම එයට හේතුවයි.

සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා. රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි. ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.

මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා. රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා. රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා. වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා. මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි. සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැරස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි. ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.

කරන්න ඕන මෙන්න මේකයි..හීනියට දිග පටි ආකාරයට රාබු ගා ගන්න ඕන.මොකද දන්නවද මේක කන්නේ අමුවෙන් නිසා හීනි වෙන තරමට හොදයි.ඉගුරු ටිකක් කැරට් ටිකක් ලුණු ටිකක් දාලා ගත්තම කන්න පුළුවන්.ගුණය තියෙන්නේනම් අමුවෙන්ම කෑවොත් තමයි.

දියවැඩියාවට බුලත් කොළ වලින් රහස් ප‍්‍රතිකාරයක්
ඔබට පුලුවන්නම් බුලත් කොලයක් දෙකක් නිකන් ඉන්න ගමන් කන්න පුළුවන්.බුලත් වල සීනි අඩු කරන ගුණ තියනවා.

මෙන්න රහස් බෙහෙත හදන හැටි..බුලත් කොළ කිහිපයක් අරන් හොදට වංගෙඩියේ දාලා යුෂ එන්න කොටා ගන්න.මේකට වතුර ටිකක් එකතු කලත් කමක් නෑ..මේක බොන්න අමාරුයි තිත්ත නිසා.ඔයාට පුළුවන් පැණි ටිකක් එකතු කරලා පානය කරන්න.දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකටම මේක හොදයි කියලා තමයි කියන්නේ..

මේ කුරුඳු හා මී පැණි එකට මිශ්‍ර කලහම බොහෝමයක් රෝගවලට ස්ථිර වශයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්

මෙන්න හදා ගන්න හැටි…මුලින්ම ඔයා කුරුදු කෑලි අරන් වතුරට දාලා හොදට තම්බ ගන්න.සිසිල් වෙන්න දෙන්න.කුරුදු කුඩු තියනවනම් උණු වතුරට දාලා ගැනීම ප්‍රමාණවත්.ඊට පස්සේ බොන වෙලාවට පැණි ටිකක් එකතු කරලා බොන්න.දවසට මේස හැන්ද බැගින් තුන්වරක් වගේ බොන්න.

මේ බලවත් ස්වභාවික මිශ්‍රණය මගින් දියවැඩියාව,කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස්, උණ සහ සෙම්ප්‍රතික්ෂාව වැනි ලෙඩ රෝග රාශියකටද සුවය ලබා දෙනවා

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *