දියවැඩියාව නිට්ටාවටම නැති කරන පෙර

ලොකු කුඩා කාගෙත් සිත් ගත් පේර

ඖශදීය වටිනාකමක් ඇති පලතුරක් ලෙස පේර හැදින්විය හැකිය.. පේර ගෙඩිය පොත්ත දලු.කොල මල් මුල් යනාදී සියලුම අංග ඖශදීය ගුනයෙන් යුක්ත වේ… එමෙන්ම ගෙවතු අලංකරනයට ඖශධ ලෙස මෙන්ම පලතුරක් ලෙස ඈත අතීතයේ පටන් මිනිසුන් පේර වගා කර තිබුනි.

පේර ශාකයේ නිජබිම මෙක්සිකෝව වේ.ලංකාවේ මෙන්ම වෙනත් රටවලලද පේර බහුලව ව්‍යාප්ත වී ඇත.පේර තුල කැල්සියමොස්පරස් පොටෑසියම් සෝඩියම් යන ඛනිජ වර්ග හා අයන් වර්ග ඇතුලත් වේ පේර ශාකය මීටර් 3 4 ක් උසටවැඩෙන අතර ලංකාවේ කහ රතු කොල ආදී ලෙස පෙර වර්ග කිහිපයකි..

ඈත අතීතයේ දරුවන්ගෙ දත්ශක්තිමත්දැයි දැන ගැනීමට පේර කෑමට දී ඇත් ශක්තිමත් බව අඩු නම් පේර ආහාරයට ගැනීමට හුරු කර ඇත. පේරවල විදුරුමස් ඉයවීම වලක්වන ඖශධීය ගුනයක් අන්තර්ගත වේ.එමෙන්ම ඖශධීය ගුනයෙන් යුක්ත පේර පිලිබද ලංකාව ඉන්දියාව බංග්ලාදේශය පර්‍යෙශන සිදුකර ඇත

විදුරුමස් වලින් ලේ ගැලීමේදී හා විදුරුමස් ශක්තිමත් කිරීමට පේර ගුන දායී වේ

ලේ වල සීනි මට්ටම අඩු කරයි.

දිනකට පේර ග්‍රෑම් 10 15 අතර ගැනීමේදී ඖශ්ධ වලින් තොරව සීනි මට්ටම පාලනය කර ගත හැක.

පේර කොල තම්බා එයට නැවත වතුර එක් කර පින්නේ තබා පසුදින හිස්බඩ පානය කිරීමෙන් දියවැඩියාව පාලනය වේ..

එසේම පේර කොල වේලා තම්බා තේ මෙන් දිනකට තෙවරක් බොන්නදියවැඩියාවට ගුනය

පෙර කොල අමු කහ අබරා අලුහම් වල ගා විනාඩි 20 පම්න සෝදා හරින්න දින කිහිපයක් කිරීමෙන් අලුහම් සුවවේ

පේර කොල තම්බා කල් ගත සුව නොවෙන තුවාල සෝදා පිරිසිදු කර බෙහෙත් දමන්න

එමෙන්ම පේර අනුබවයෙන් ජීර්න පද්දතිය ආශ්‍රිත රෝග ආමාශ ගත රෝගද සුව වේ…

අපි වස විස නැති පලතුරු වවා කමු නිවසේම පේර පැලයක් සිටුවා ගන්න නිවැසියන්ගෙ ජන්ම දිනයට ප්‍රයෝජනවත් ඔසු පැල පලතුරු වැනි ශාකයක් සිටුවන්න… එයින් අනාගත පරපුරට හෝ සෙතක් වන්නේය..❤️❤️❤️

තෙරුවන් සරනයි….

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *