දවසට මෙන්න මෙච්චරක් වතුර පානය කරන්න

දිනකට ජලය කෙතරම් ප්‍රමාණයක් පානය කල යුතුද? මේ ගැන පහත දැක්වෙන පොත ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුනා. අවසානයේ මෙම පොත ලියපු ජපන් ජාතික කර්තෘ වරයා මියගියේ වැඩිපුර ජලය පානය කිිරීම නිසා. කර්තෘ තුමා මිය ගියත් අදටත් මේ පොත විකිණෙනවා. අපේ රටේ අයත් ඇති තරම් වතුර බොන ලෙසට උපදෙස් දෙනවා. ඇත්තටම අපි දිනකට හැකි තරම් ජලය පානය කල යුතුද? නැතිනම් යම් නිශ්චිත ජලය ප්‍රමාණයක් පානය කල යුතුද? එක් එක් අයගේ සිරුරේ බර මත මෙම ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතිද?
විද්වතුන්ගේ අවධානය පිනිසයි.

අපි සිරුරට දෙන්න අවශ්‍ය දේවල් මේ අකුරු තුනෙන් වග්‍රහ දැක්වෙනවා NOW

N-Nutrition

O-Oxygen

W-Water

මේ තුනෙන් එකක්හෝ අඩු වුනාම අපි ලෙඩ වෙනවා.ඒ කියන්නේ ලේ වල ශක්තිය අඩ වෙනවා. දැන් වෙනදා වගේ ශක්තිමත් කෙනෙක් ලෙස ඉන්නට බැහැ. සෛල ඇතුලේ වෙනදා කරන දේවල්කරන්න බැහැ. ඉතිං නිදිමතයි. මොකද ශක්තිය නැත්නම් කරන්නට ඇති එකම දේ මේ සිරුර නිදි කරවන එක ඉව අපගේ සිරු දන්නවා. ඉතිං නිදි මතයි. කෙනෙකුඩේ සිරුරේ සෛල වලට Oxygen ගෙනියන ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙලා හීනි වෙලානම් ඉතිං සෛල වලට Oxygen ගෙනියන්න අපහසුයි. මේ නිසා සිරුර දුර්වල වෙනවා. ඇග රිදෙන්නට ගන්නවා. නිදිමත නිතර නිතර එනවා. ඈනුම් යනවා. මේ වගේ මහා කම්මැලි දිනචරියාවක් තමයි ගෙවන්න වෙන්නේ.

මේ වගේ මයි Nutrition. දෛනික ක්‍රියාවන් සිදු කරන්නට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නැත්නම් සෛල දුර්වල වෙනවා. ඉතිං අර ඉස්සෙල්ලා කියපු තත්වය තමයි ඇත්වෙන්නේ.

මේ දෙකම තිබ්බත් අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය. ජලය අඩු වන විට අපගේ මොලය ජලය ඉල්ලා සිටිනවා.මේක අපි පිපාසය කියලා කියනවා. නමුත් අපේ ශරිරයේ ජලය 2% කට වඩා වැඩියෙන් අඩු වුනොත් අර පිපාසය නැතිවී යනවා. ඉන් පසු අවශ්‍ය තරම් කාලයක් විජලනය වි වැටෙන තුරම ඉන්නට පුලුවන්. පපාසයක් නැහැ.සමහරුන්ට පිපාසය හැදෙන්නත් සමහරුන්ට පිපාසය නො දැනෙන්නත් හේතුව මෙයයි.

තවත් දෙයක්. යම් කෙනෙකුගේ මොලයයේ ජලය 2% කට වඩා අඩුවුවහොත් එවිටමොලය තමා විසින් කරන බරවැඩ නතර කරනවා. අපි දැකලා තියෙනවා දරුවන් විභාගයට යන විට වතුර බොන්නේ නැහැ.ඇයි මුත්‍රා කරන්නට යන්න වෙයි කියලා. වතුර බෝතල් විභාග ශාලාවට ගෙනියන්නටත් අවසර නැහැ සමහර පාසල් වල. දැන්මේ දරුවා මොලය සමග විශාල ගණු දෙනුවක් කරන්නේ. මෙතරම් කාලයක් උගත් දේ කොලයක ලියනවා. ඉතිං මොලය වෙහෙසන්න වෙනවා. මේ අතර තුර මොලය 2% කින් විජලනය වුවහොත් කුමක් වේද? ඊට පිලිතුර ඔබ දන්නවා. සමහර දරුවන් හොදට ඉගෙන ගන්නවා හැබැයි විභාගයේදී ලකුණු අඩුයි දරුවාවත් හේතුව දන්නේ නැහැ. හේතුව ජලය නැති වීමයි.

දැන් ප්‍රශ්නය වූයේ කොපමණ ජලය අවශ්‍යද කියන එකයි. සාමාන්‍යෙයන් කියන්නේ රාත්තල් 100 ක් බර කෙනෙක් ජලය අවුන්ස 32 ක් බැගින් දෙවරක් පානය කල යුතු බවයි. මේක කිලො ග්‍රෑම් සහ ලීටර් වලින් ගත්තොත් අර ඉහල තියෙන රෑප සටහනට ගැලපෙනවා. වෛද්‍ය ජයකොඩ් මහතා දක්වා තියෙන ප්‍රමාණයත් ඒ වගේමයි. කෙසේ හෝ සාමාන්‍ය සිරුරක් ඇති කෙනෙක් දිනකට වතුර ලීටර් 2 1/2 ක් වත් බොන්න ඕනි. මේ කියන්නේ ජලය මිස ජලයෙන් සාදන බීම වර්ග නොවෙ. වතුර වුනත් ඕනෑවට වඩා බීම සුදුසු නැත. නමුත් වැඩියෙන් දාඩිය දානවානම් ඒ අවස්ථාවේදි වැඩියෙන් වතුර බොන එක හොදයි. උදේම ජලය වැඩි ප්‍රමාණයක් බොන එකත් හොදයි. නමුත් කෑම කන අතර වාරයේ වතුර වැඩිපුර බීම නිර්දේශ කරන්නට බැහැ. එමගින් ආමාශයේ ඇති ජීරණය කිරි්මේ එන්සයිම සහ අම්ල දුර්වල වෙනවා. මේ නිසා ප්‍රෝටීන ජීරණය කරගැනීමට නොහැකි වීම නිසා මහා කරදර ගොඩකට මැදිවෙනවා. කැම කාලා වතුර ටිකක් බොන්න. පැයක් විතර ගිහින් තමයි වතුර බොන්න ඕනි.

මෙත් සිතිනි.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *