උළුහාල් තම්බා මීපැණි සමග පානය කරන්න කෙට්ටු වෙනවා

ආහාර රස ගැන්වීම සඳහා යොදනු ලබන ධාන්‍ය වර්ගයක් ලෙසින් උළුහාල් හැඳින්විය හැක. ගුණයන් ද ඇති අතර ආහාර සුවඳවත් කිරීමට ද උපකාරී වේ.උළුහාල්වල ඇති පෝෂණ ගුණයන් මෙසේ සඳහන් කළ හැක. ශරීරයට අත්‍යවශ්‍ය වන ඛනිජ කොපර්, පොටෑසියම්, සින්ක්, කැල්සියම්, සෙලිනියම්, යකඩ වැනි පෝෂණ ගුණයන් උළුහාල්වල අන්තර්ගතව පවතී.එමෙන්ම විටමින් ඒ, විටමින් සී, විටමින් බී6, ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ ගුණ ද කෙඳි බහුලව ද අන්තර්ගය.උළුහාල් ග්‍රෑම් 100 කෙඳි ග්‍රෑම් 24.6 හෝ සියයට 65කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. මෙහි මේදය ග්‍රෑම් 28ක් ද, ප්‍රෝටීන් ග්‍රෑම් 23ක් ද අඩංගුය.උළුහාල් මඟින් රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් වන එල්.ඩී.එල් මට්ටම පහත දමයි. අප විසින් ගනු ලබන ආහාරවල ඇති විෂ ද්‍රව්‍යයන් උළුහාල් මඟින් අවශෝෂණය කර මහා අන්ත්‍රයට පිළිකා මඟින් ඇති විය හැකි අනතුරු වළකාලන්නට උදවු කෙරේ. එමෙන්ම උළුහාල් මඟින් ආහාර මාර්ගයේදී ආහාර හොඳින් කැටි කර හොඳින් මළ පිට කිරීමට උදවු කරන අතර එමඟින් මළබද්ධය වළකාලයි. එයට බොහෝවිට උදව් වන්නේ උළුහාල්වල ඇති පිෂ්ඨමය නොවන පොලිසැකරයිඩ් නම් කාබෝහයිඩ්‍රේට් විශේෂයයි.උළුහාල්වල ඇති හයිඩ්‍රොජසි අයිසොලියුසීන් නම් රසායනික සංයෝගය මඟින් ඉන්සියුලින් ස්‍රාවය නිපදවීමට උදවු කෙරේ. එමඟින් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතා ගුණදායක වේ. මෙහි පවතින කෙඳි මඟින් ආහාර මාර්ගයේ ග්ලූකෝස් අවශෝෂණය අඩු කෙරේ. කැස්ස සහ ශ්වාසනාල ප්‍රදාහ සඳහා ද උළුහාල් ඉතා ගුණදායක වේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට ද උළුහාල් බොහෝ උපකාරී වේ. එමෙන්ම කිරිදෙන මව්වරුන්ට කිරි නිපදවීමටත් උණ රෝගය වැළඳුණු විට දිය හැකි ඖෂධයක් ලෙසින් ද උළුහාල් හැඳින්විය හැක. උගුරේ ආසාදන අඩු කිරීමට උළුහාල් උපකාරී වේ. මේ සඳහා උළුහාල් කුඩු තේ හැඳි එකක් මී පැණි තේ හැඳි එකක් සමඟ මිශ්‍ර කර එයට දෙහි ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න. උගුරේ ආසාදනයන්ට ඉතා ගුණදායක වේ.දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා ද ගර්භාෂයේ සංකෝචනය කිරීමට ද ප්‍රසූති වේදනාව අඩු කිරීමට ද උළුහාල් ඉතා ප්‍රයෝජනවත් වේ. මේ අවස්ථාවලදී උළුහාල් තැම්බූ වතුර පානය කරන්න. කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේදී වැඩිපුර රුධිරය පිටවීමේදී ඇති වන වේදනාව අඩු කරගැනීමටද උළුහාල් උපකාරී වේ.

කුරුලෑ, කළු ලප මුහුණේ ඇති වීම, සම රැලි වැටීම මෙන්ම සමේ ඇති වන විවධ චර්ම රෝගවලට උළුහාල් ඉතා හොඳ ඖෂධයකි. උළුහාල් තැම්බූ මඳ රස්නය ඇති වතුර මුහුණට සහ හිස කෙස්වලට ඉතා ගුණදායක වේ.පිරිසුදු පොල් තෙල් ස්වල්පයක උළුහාල් ස්වල්පයක් රැයක් පමණ පොඟවා අඹරා එය හිසේ ආලේප කරන්න. පසුව විනාඩි විස්සක් පමණ හොඳින් හිස සම්භාහනය කරන්න. මෙයින් හිසකෙස් අකලට වැටීම හා තුනී වීම වළකාලයි.ගෘහණියෝ උළුහාල් ආහාරවලට එක්කර ගනිති. එමගින් ආහාර දිරවීම පහසු කරයි. ප්‍රෝටීන් වැඩි තන්තු සහිත මස්, මාළු වැනි ආහාරවලට එක් කිරීමෙන් හොඳින් දිරවා හොඳින් මළ පිටකිරීමට උදවු කෙරේ. ව්‍යංජන පිසිද්දී උළුහාල් තේ හැඳි භාගයක් එක් කරන්න. මෙයින් ආමාශයේ සහ අක්මාවේ පිළිකා ඇති වීම වළකාලයි. එමෙන්ම උදරය පුරවා දැමීම වළකාලයි.වමනය, හිස කැසිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය වැනි ආහාර නිසා ඇතිවන ආසාත්මිකතා වළකාලීමට උළුහාල් උපකාරී වේ.උළුහාල්වලින් අත්බෙහෙත්

  • වාත අමාරු, බඩ පුරවා දැමීම් වලදීඋළුහාල් සුදුළූනු සමග තම්බා බීම.
  • හිස් සොරි ඇතිවිට දෙහි සමග තම්බා හිසේ ගෑම උළුහාල් තේ හැඳි 3 ක් රැයේ පෙඟෙන්නට තබා උදේ අඹරා හිස ගල්වා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම.
  • දිය වැඩියා රෝගීන්ට, රුධිරගත සීනි පාලනයට උළුහාල් කබලේ බැද කුඩුකර අසුරා තබාගෙන, තේ හැන්දක් දමා තේ මෙන් උණු දියෙන් සකසාගත් කෝප්පයක් , උදේ හිස්බඩ බීම.උළුහාල් රැයෙහි පෙඟෙන්නට තබා එම දිය උදෑසන හිස්බඩ පානය කිරීම (උළුහාල් ද සපා කන්න).
  • තරබාරුව ,පාලනයට මඳක් රත්කළ උළුහාල කුඩුකර මීපැණියෙන් අනා කෑම
    එය උළුහාල හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීම
  • කොලෙස්ටරෝල් පාලනයට ආහාර, ගැන්මෙන් පසු උළුහාල් ඇට කීපයක් සපා කෑම.
  • උළුහාල් කොටස් දෙකකට, කළුදුරු, ගොරකා, කුරුඳු , කරපිංච දලු කොටස් එක බැගින් ද ගම්මිරිස් ඉඟුරු, කොටස් බාගය බැගින්ද ,දමා ලුණු ස්වල්පයක් එක්කර අඹරා ගන්න.සම්බෝලයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් බත් සමග කෑම .(මෙය තරබාරුව පාලනයටත් සුදුසුයි.)
  • තරුණ පෙනුම හා ජවය ලැබීමට උළුහාල් පිටි කර කැඳ සකසා බීම.
  • උළුහාල් වලින් වෑංජනයක් සකසා ගන්නේ මෙහෙමයි.උළුහාල් ග්රෑම් 200 ක්, පොල් තෙල් මේස හැඳි 2 ක් යොදා බැදගන්නතුනපහ කුඩු ටිකක් බැද පසෙක තබාගන්නපොල් කිරි, මිරිස් කුඩු, ලූනූ කරපිංච ආදිය යොදාගෙන උළුහාල් ටික උයාගන්නඅන්තිමට බැදපු තුනපභ කුඩු ටික දමා වෑංජනය බාගන්න.මෙය වරින්වර සකසා ගෙන බත්වේලට එක්කර ගන්නේ නම් ඔබේ ශරීර සුවතාවට විපුල පල අත්වේවි.

Author: admin