තට්ටය පෑදීම වළක්වා ගන්න ඔබට කරන්න පුළුවන් හොදම ප්‍රතිකාර ක්‍රම මෙන්න

වර්තමානයේ ස්ත්‍රී පුරුෂ භේදයකින්, තරුණ මහළු භේදයකින් තොර ව තට්ටය පෑදීම හෙවත් හිසකෙස් අඩු වී යාම දක්නට ලැබෙනවා. මේ සඳහා බලපාන හේතු නිශ්චිතව සොයාගෙන නැහැ. එහෙත් මානසික ආතතිය, ආහාර රටාවේ වෙනස්කම් ආදිය මේ සඳහා බහුලව බලපාන සාධක ලෙස දක්වන්න පුළුවන්. එසේම බාහිරින් වර්ධක හෝමෝන ගැනීම ත් මේ සඳහා තවත් එක් හේතුවක්.

ඉතින් මේ තත්ත්වයට මුහුණ දෙන අයට ප්‍රතිකාර රාශියක් දැන් තියෙනවා. එනම්, ආලේපන ප්‍රතිකාර, මුඛ මාර්ගයෙන් ගන්නා පෙති වර්ග, නික්ෂේපන හෝ එන්නත්, හිසකෙස් සිටවීම සහ ලේසර් ප්‍රතිකාර එවැනි කිහිපයක්.

ඉහත සඳහන් ප්‍රතිකාර ක්‍රම අතරින් කෙනෙකුට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයකට යොමු විය හැකියි. හිසකෙස් අකලට ගැලවී යාම හේතු බොහොමයක් නිසා සිදු වෙයි. සාමාන්‍ය වශයෙන් මේ සඳහා හේතු වන්නේ ශරීරයේ යකඩ ප්‍රමාණය අඩුවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවනඅ සාමාන්‍ය හෝමෝන ශ්‍රාවය හා පෝෂණ දුබලතා වැනි දෑ ය. මේ හැර වෛරස් උණට ගොදුරු වූ විට එනම් ඩෙංගු වැනි රෝගවල දී දෙන ඖෂධ වර්ග සහ ඇතැම් ශාරීරික රෝග ආදිය යි.

තට්ටය පෑදෙන අයට ආලේපනයක් මගින් ද ප්‍රතිකාර ගැනීමට පුළුවන. ආලේපන වර්ග තිබේ. වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්‍රාව දැනගෙන භාවිතා කළ යුතුය. වෙළඳ පොළේ විවිධ ආලේපන වර්ග තිබුණත් හැම කෙනාටම හැම ආලේපනයෙන් ම එක සේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව වටහා ගත යුතු ය. ඔබට හිස්සොරි තිබේ නම් ප්‍රථමයෙන් එය සුව කර ගත යුතු ය. මන් ද මේ ආලේපන ගැල්වීමට එය බාධාවක් වන බැවිනි.

මුඛ මාර්ගයෙන් ද මෙම රෝගයට ප්‍රතිකාර බොහොමයක් තිබේ. මේ සඳහා රෝගියා වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු ය. ශරීරයේ යකඩ ප්‍රමාණය අඩු නම් හිසකෙස් ගැලවී යාමට එය හේතු ව ලෙස වටහා ගත්තේ නම්, එය සුව කිරීමට යකඩ පෙති ගත යුතු ය. තයිරොක්සීන් ගැටළුවක් නිසා නම්, ඒ සඳහා තයිරොක්සීන් පෙති ලබා ගත හැකි ය. මේ නිසා ඖෂධ නියම කිරීමට කලින් වෛද්‍යවරයා විසින් තට්ටය පෑදීමට හේතුව සොයා ගත යුතු අතර, ඒ සඳහා විවිධ පරීක්ෂණවලට පෙනී සිටීමට රෝගියාට සිදු වේ. අඩු වයසින් තට්ටය පෑදීම සඳහා ඇති නවතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ ප්ලාන්ට් රිච් ප්ලාස්මා ප්‍රතිකාරය යි. මෙහි දී සිදු කරන්නේ රෝගියාගේ ශරීරයෙන් රුධිරය ගෙන එහි ඇති රුධිර පට්ටිකා වෙන් කරන එය නිවත හිසකෙස්නැති ප්‍රදේශවලට එන්නත් කිරීම යි. මෙය ඉතා සාර්ථක සහ අතුරු ආබාධ රහිත ප්‍රතිකාර ක්‍රමයකි. මෙහි දී සිදු වන්නේ රුධිර පට්ටිකාවල ඇති හිසකෙස් වර්ධක කාරක රසායන ද්‍රව්‍ය මගින් හිසකෙස් පෝෂණය කිරීම ය. මෙම ප්‍රතිකාරය කිහිපවරක් කළ යුතු වේ. සාමාන්‍යයෙන් මසකට වරක් කළ යුතු ය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම මෙය සුදුසු වේ.

හිසකෙස් වර්ධනය සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රමයක් ද ඇත. මෙය පනා සහ තොප්පි ලෙස ඇති අතර මේවායින් නිකුත්වන ලේසර් කිරණ මගින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. මේ සඳහා රෝගියාට නිවසේ දී භාවිතා කළ හැකි උපකරණ විවිධ මිළ ගණන් යටතේ මිල දී ගත හැකි ය. මේවායේ ප්‍රතිඵල ලැබීමට නම් නොකඩවා දීර්ඝ කාලයක් භාවිතා කළ යුතු ය.

 

මේ ක්‍රම සියල්ල අසාර්ථක වූ විටක කළ හැකි අවසාන ප්‍රතිකර්මය ලෙස හිසකෙස් බද්ධ කිරීම දැක්විය හැකියි. එමගින් කරන්නේ රෝගියාගේ ම හිසකෙස් නැවත හිසකෙස් අඩු තැන්වල සිටුවීමයි. එසේම හිසකෙස් ලෙස දර්ශනය වන තන්තු වර්ග ද දැන් නිපදවා ඇත. එමගින් කරන්නේත් හිසකෙස් වෙනුවට තන්තු වර්ග සිටුවීම ය.ඉතින් හිසකෙස් වර්ධනයට බොහෝ ප්‍රතිකාර ක්‍රම තිබුණත් තමාට ගැළපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරා ගත යුතු ය. එසේ තෝරා ගැනීමෙන් පසු යොදන පිළියම මගින් ඉතා සාර්ථකව නැවත හිසකෙස් ලබා ගත හැකි වෙයි.
සිරිකත

 

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *