කොලෙස්ටරෝල් සදහා ගුණ අගුණ අහාර සහ කොලෙස්ටරෝල් නසන විශ්මිත ස්වභාවික සත්කාර කිහිපයක්

මොනවාද මේ කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් යනු අප ශරීරයේ සෛලවල බිත්තියේ ඇති මේදමය සංඝටකයකි. ඒවා ශරීරය තුළ ඇති ඇතැම් හෝමෝන, පිත් අම්ල, විටමින් D සහ වෙනත් සංඝටක නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනවත් වේ. එබැවින් රුධිර සංසරණය තුළ කොලෙස්ටරෝල් ගමන් කිරීම ඉතා වැදගත්. කොලෙස්ටරෝල්වලට තනිවම රුධිරයේ ගමන් කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ගමන් කරන්නේ ලිපෝප්‍රෝටීන් නැමැති ලිපිඩ හා ප්‍රෝටීන් අඩංගු සංඝටක සම්බන්ධ වීමෙන් අනතුරුවය. මෙසේ කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරන ලිපෝ ප්‍රෝටීන් වර්ග දෙකක් වන අතර අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන් (Low – density lipoprotein – LDL) හා වැඩි ඝන්තව ලිපෝප්‍රෝටීන් (High – density lipoprotein –HDL) ඒ වර්ග දෙකයි.

LDL සැලකෙන්නේ නරක කොලෙස්ටරෝල් වර්ගයක් ලෙසයි. LDL මගින් රුධිරය ඔස්සේ කොලෙස්ටරෝල් ශරීරයේ පටක වෙත ගෙනයාම සිදුකෙරෙන අතර රුධිරයේ ඇති කොලෙස්ටරෝල් වලින් බහුලවම ඇත්තේ LDLය. එමෙන්ම රුධිරයේ ඇති LDL ප්‍රමාණය වැඩිවීම හෘද රෝග වැළඳීමේ අවදානමද අඩුකරයි. HDL මගින් සිදුකරන්නේ ශරීරයේ පටකවල සිට අක්මාව දක්වා කොලෙස්ටරෝල් ප්‍රවාහනයයි. එවිට අක්මාව මගින් ශරීරයෙන් කොලෙස්ටරෝල් ඉවත්කරයි. එම නිසා මෙය සැලකෙන්නේ හොඳ කොලෙස්ටරෝල් වර්ගයක් ලෙසයි. රුධිරයේ ඇති HDL ප්‍රමාණය අඩුවන තරමට හෘද රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත. VLDL ලෙසින් හැඳින්වෙන කොලෙස්ටරෝල්ද ඇතුළත් වන්නේ සිරුරට අහිතකර කාණ්ඩයටය.

කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ

අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව කොලෙස්ටරෝල් හෙවත් “මේධෝවෘද්ධි” වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් – ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ “මේධවෘද්ධි” ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද “මේධවෘද්ධි” ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

මොනවද කන්න හොඳ?

බහුලවම කන්න හොඳ දේ සෝයා බෝංචි සහ සෝයා නිෂ්පාදනයි. කව්පි, බාර්ලි, බෝංචි, පොඩි මාළු (හුරුල්ලා, සාලයා, හාල්මැස්සා ආදී) මුරුංගා, කංකුං, ගොටුකොළ වැනි පලා වර්ග ද නිවිති, කොහිල, මුරුංගා, තක්කාලි වැනි එළවළු, දොඩම්, ඇඹරැල්ලා, අඹ, දිවුල්, නෙල්ලි වැනි පලතුරු ගෙදර සාදාගත් තුනපහ, ඇඹුල් සඳහා ගොරකා ද රස ගැන්වීමට කුරුඳු පොතු ද සුදුසුය. කුරුඳු පොතු කුඩුකර තේ මෙන් වත්කර සතියකට දිනක් දෙකක් බීම ද ගුණයි.

කරපිංචා සහ සුදුලූනු සම්බෝලයක් මෙන් අඹරා දෙහි සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර කෑමට ගැනීම ද බොහෝ ගුණදායකයි. සීනි රහිත තක්කාලි යුෂ, දෙහි යුෂ ආදී යුෂ වර්ග, සෝඩා වතුර, කොළ කැඳ, තැඹිලි, බෙලිමල්, රණවරා, එළවළු සුප්, යොදය රහිත කිරි සහ එම කිරිවලින් සාදන ආහාර (උදාහරණ ලෙස මේදය අඩු යෝගට්) ගෝවා, ලීක්ස්, මුකුණුවැන්න, වම්බටු, පතෝල වැනි පිටි නැති එළවළු වර්ග සහ එළවළු සලාද, හාල් පිටි, කුරක්කන් පිටි, උළුදු පිටිවලින් සාදන ලද ආහාර වර්ග, පැස්ටා, ඕට්ස්, ගස්ලබු, පේර, බෙලි, දිවුල්, මුං ඇට, කව්පි, කඩල පරිප්පු වැනි මාංස භෝග.

බහුලව ගතහැකි ආහාර

තක්‌කාලි යුෂ, දෙහි යුෂ (සීනි රහිත) වැනි යුෂ වර්ග.

සෝඩා වතුර, කොළ කැඳ, තැඹිලි. බෙලිමල්, රණවරා, එළවළු සුප්, බ්‍රෑන් ක්‍රැකර්, බිස්‌කට්‌, කෝපි.

යොදය රහිත කිරි හෝ එම කිරි වලින් සාදන ලද ආහාර වර්ග (උදා- මේදය අඩු යෝගට්‌)

ගෝවා, ලීක්‌ස්‌ වැනි කොළ එලවළු සහ ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං වැනි පලා වර්ග.

වම්බටු, මුරුංගා, පතෝල වැනි පිටි නැති එලවළු වර්ග සහ එලවළු සලාද,

හාල් පිටි, කුරක්‌කන් පිටි, උළුදු පිටි වලින් සාදන ලද ආහාර වර්ගල.

පැස්‌ටා, ඕටිස්‌.

කුඩා මාළුවර්ග. උදා – හුරුල්ලා, සාලයා, හාල් මැස්‌සා.

බිත්තර සුදුමද. දොඩම්, ඇපල්, ගස්‌ ලබු, කෙසෙල්, පේර, බෙලි, දිවුල් වැනි පලතුරු වර්ග.

මාංශ බෝග වර්ග. (උදා – මුං ඇට, කව්පි, කඩල, පරිප්පු.)

මධ්‍යස්ථව ගත හැකි ආහාර

මේවා කෑම හොඳයි. ඒත් වැඩිය කන්න එපා. සතියකට හතර සැරයක් පමණ මාළු සහ සම රහිත කුකුළු මස් කන්න. අඩුම තරමින් සතියකට දවස් දෙකක් හෝ වැඩි ගණනක් මාළු ආහාරයට ගන්න. අල, බතල, මඤ්ඤොක්කා වැනි පිටි සහිත ආහාර, පොල් තෙල්, සෝයා තෙල්, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල්, ඉරි¼ගු තෙල්, සම්පූර්ණ යොදය සහිත කිරි සහ එම කිරිවලින් සාදන ලද ආහාර (උදාහරණ මීකිරි), ලුණු එකතු නොකළ ඇට වර්ග, බඩ ඉරිඟු, අලිගැටපේර, ආනමාලු, කෝලිකුට්ටු වැනි පලතුරු, කෝපි.

මධ්‍යස්‌ථව ගත හැකි ආහාර –

සතියකට හතර වතාවක්‌ පමණ මාළු හෝ කුකුළු මස්‌ (හම රහිත)

අඩුම තරමින් සතියකට දවස්‌ දෙකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ මාළු ආහාරයට ගන්න.

සම්පූර්ණ යොදය සහිත කිරි සහ එම කිරි වලින් සාදන ලද ආහාර (උදා – මුදවපු කිරි)

අල, බතල, මයියොක්‌කා වැනි පිටි සහිත එළවළු වර්ග.

ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්.

ලුණු එකතු නොකල ඇට වර්ග, බඩ ඉරිඟු.

අලිගැට පේර, කෝලිකුට්‌ටු, ආනමාලු වැනි පලතුරු. කෝපි.

නුසුදුසු ආහාර මොනවද?

චීස්, බටර්, සත්ත්ව තෙල්, රතු පාට මස් (හරක් මස්, ඌරු මස්) පීකුදු, සම සහිත මස් (කුකුළු මස් කන්නේ නම් සම රහිතව ස්වල්පයක් කෑම සුදුසුය) කෘත්‍රිම රසකාරක දැමූ ආහාර, කල්තබා ගැනීමට රසායන ද්‍රව්‍ය දැමූ ආහාර, සීනි, අයිස්ක්‍රීම්, ෆාම් තෙල්, කුකීස් වර්ග, පේස්ට්‍රි, ඩෝනට්, කේක්, ක්‍රැකර් වර්ග, බිස්කට් වර්ග, තෙලෙන් බැදපු කෑම වර්ග, තෙල් කෑම වර්ග, එළවළු තෙල්, ෆාස්ට් ෆුඩ්ස්, ටින් කළ බීම වර්ග, පිටරටින් ගෙන්වන තෙල් වර්ග (කෘත්‍රිම තෙල් වර්ග), සොසේජස්, බේකන් වර්ග, බිත්තර කහ මදය සහ කහ මද යොදා සකසන කෑම වර්ග (උදාහරණ ලෙස මයෝනේස් සෝස්) ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන්, එළඟිතෙල්, පීසා, සබ්මැරීන්, යෝගට්, පුඩිං වර්ග, වටලප්පන් ආදී හකුරු හා සීනි යොදා සකසන ආහාර, හකුරු යොදා සකසන අතුරුපස වර්ග, බෝතල් කළ ලෙමනේඩ්, පැණි බීම හා බෙවරේජ් වර්ග, චොකලට්, ලුණු එකතු කරන ලද ඇට වර්ග, තෙලේ බදින අල පෙති, පේස්ට්‍්‍ර, රෝල්ස්, පැටිස්, පාන්, සෝස්, ටින්වල ඇසුරූ හෝ වියළි මාළු (අධික ලුණු සහිත කරවල ආදිය), අධික ලුණු සහිත ආහාර වර්ග, අච්චාරු වර්ග, සුප් කැට, සුප් පැකට්.

පීකුදු, හරක්‌ මස්‌, ඌරුමස්‌, සොසේජස්‌, බේකන් වර්ග.

බිත්තර කහ මද සහ කහමද වලින් සාදන ලද ආහාර වර්ග (උදා මයෝනේස්‌)

බැදපු ආහර වර්ග (ගැඹුරු තෙලේ බැදි හෝ තෙම්පරාදු කළ)

ඉස්‌සන්, කකුළුවන්, පොකිරිස්‌සන්.

එළඟිතෙල් බටර්, චීස්‌ වර්ග.

පීසා, යෝගට්‌,

පුඩිං වර්ග, වටලප්පන්, අයිස්‌ක්‍රීම් වැනි සීනි, පැණි හෝ හකුරු යොදා සාදන ලද අතුරු පස වර්ග.

පෙප්සි, කොකාකෝලා, µeන්ටා, ලෙමනේඩ් වැනි පැණි රස බීම වර්ග. චොක්‌ලට්‌, කේක්‌, පැණි රස බිස්‌කට්‌, ලුණු එකතු කරන ලද ඇට වර්ග.

තෙලේ බදින ලද අල පෙති සහ පාන් වලින් සාදන ආහාර වර්ග වන පේස්‌ටි්‍ර, රෝල්ස්‌, පැටිස්‌.

සෝස්‌ වර්ග.

ටින්වල ඇසූරු හෝ වියලි මාළු.

අධික ලුණු සහිත ආහාර වර්ග වන අච්චාරු වර්ග, සුප් කැට සහ සුප් පැකට්‌ අනෙකුත් ලුණු යොදා සංරක්‍ෂණය කරන ලද ආහාර වර්ග.

පිළිපැදිය යුතු උපදෙස්‌.

මෙම ආහාර වට්‌ටෝරුව හොඳින් කියවා තේරුම් ගෙන නියමිත පරිදි අනුගමනය කරන්න.

නියමිත පරිදි ආහාර වේල් නියමිත වේලාවට ගත යුතුය.

ඔබගේ ශරීර බර වෙනස්‌වීම පිළිබඳ සැලකිලිමත් වන්න.

ආහාර තෙලෙන් බදිනවා වෙනුවට ආහාර තම්බා හෝ පුළුස්‌සා හෝ මයික්‍රොවේව් උඳුනක දමා හෝ පිළියල කිරීම වඩා සුදුසුය.

ආහාරවල තෙල් බේරී යැමට හෝ උරාගැනීමට සලස්‌වන්න.

ආහාර වේල් තුනම කුඩා ප්‍රමාණයෙන් ගන්න.

ආහාරවලට ලුණු එකතු කිරීම අඩුකළ යුතුය.

පළතුරු යුෂ වශයෙන් පානය කරනවාට වඩා පළතුරු ලෙස ආහාරයට ගැනීම වඩා සුදුසුය.

දිනපතාම නිසි ව්‍යායාම්වල යෙදීම ඉතා සුදුසය.

මාළු වැඩියෙන් ආහාරයට එක්‌කර ගන්න.

උදා – සැමන්, හුරුල්ලා, සාලයා ආදිය.

වේල් අතර අතුරු පසක්‌ ලෙස ඇට වර්ග සතියකට වරක්‌ දෙවරක්‌ සුළු ප්‍රමාණයන්ගෙන් ගැනීමෙහි වරදක්‌ නැත. උදා – රට කජු, කජු වැනි සුදු ළුනු ව්‍යාජනවලට එකතු කර ආහාර පිස ගැනීමට වඩා සුදුසුය.ව්‍යාංජන පිළියෙල කිරීමේදී පමණ ඉක්‌මවා නොයන පරිදි පොල් කිරි හෝ තෙල් එකතු කිරීම සුදුසුය.

කොලෙස්ටරෝල් නසන බෙහෙත් වට්ටෝරු

සුදු ලූණු

සුදුලූනු කියන්නේ රුධිර රුධිර නාළ අවහිර වීම වැළැක්වීමට කියාපු බෙහෙත. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට මහඟු දායකත්වයක් සපයනවා. සුදුලූනු බික් තුනක් කිරි වීදුරුවකට දාලා උණු කරලා නිවෙන්න තියලා නින්දට යන්න කලින් බොන්න . මේක දිනපතා කරන්න. ක්ලෝස්ටරෝල් ඉක්මණටම අඩු වෙලා යයි.

වියළි කහ

අවහිර වුණු රුධිර නාළිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ . උණුසුම් කිරි විදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඩ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න .ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කර ගන්න.

ලෙමන්

ලෙමන්වල අඩංගු විටමින් C නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනීවල ආසාදනයන් ඇතිවිම අවම කර ගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගන්නත් ධමනි පිරිසිදු කර රුධිර සංසරණය ක්‍රමවත් කරන්නත් පුළුවන් .

ගම්මිරිස් සහ මී පැණි ලෙමන් විදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් හෝ පානය කරන්න . ඔයාට අවශ්‍ය නම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩ් 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කර ගන්න. මෙයින් කෝප්පයක් දවසකට තුන්වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න .

ඉඟුරු

ඉඟුරු මඟින් රුධිර වාහිනීවල මේදය තැන්පත් වීම අවමකරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරනවා. ගාගත් ඉඟුරු තේ හැන්දක් දාලා තේ එකක් හදා ගන්න . ඉඟුරු ටික හොඳින් පෙඟෙනකම් විනාඩි පහක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ ඒක පෙරලා අරන් මී පැණි පොඩ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩ ඉඟුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටිස් පිත්තාශයේ ආබාධ තියෙනවනම් ඉඟුරු ප්‍රතිකාර ඒ තරම් හොඳ නෑ.

උළුහාල්

උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාලා තියෙන පැයක් තියෙන්න හරින්න. ඊළඟ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න ,මේක කරන්න ඕනි හිස් බඩමයි. තවත් ක්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාලා නටන තුරු උණු කරන්න. ඊටපස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඩ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

රතු නිවුඩු හාල්

ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ ඇති වීමේ අවදානමෙන් ඔබව මුදා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා . ශරීරයේ කොලෙස්ටරෝල් අඩුකිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල්වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල්වල ඇති පෝෂ්‍ය සංඝටක නිසා කොලෙස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගි බව පවත්වාගෙන යන්න විශාල රුකුලක් සපයනවා .උපුටා ගත්තේ රසට එල්ක් අඩවියෙනි

ග්‍රීන් ටී

ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ.

නිවිති

නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ රෝග වලට සුවය දෙන ඖෂධිය ගුණය අතින් ඉතා ඉහළ පලා වර්ගයක්. නිවිති වල අඩංගු නයිට්‍රික් ඔක්සයිඩ් ධමනි සංකෝචනය වීමට එරෙහිව ක්‍රියාකරන අතරම රුධිරය කැටි ගැසීම මේදය තැන්පත්වීම වළක්වමින් හෘදයාබාධ ඇති වීම අවම කරනවා.

නිවිති වල අඩංගු විටමින් A සහ C, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය මගින් අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති තුල තැන්පත් වීම වලක්වන බැවින්, ධමනි සිහින්වීමේ අවධානම අඩු කරනවා. නිවිති ව්‍යාංජනයක් ලෙස හෝ දිනපතා නිවිති කොළ හුමාලයෙන් තම්බා ආහාරයට එකතු කර ගන්න ඔයාට පුළුවන්.

අලිගැට පේර

අලිගැට පෙර කියන්නේ මේදය අඩංගු ආහාරයක් නිසා කොහොමද කොලෙස්ටරෝල් වලට හිතකර වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති. අලිගැටපේර වල අඩංගු වෙන්නේ හිතකර මේදය. ඒ වගේම රුධිර පීඩනය අවම කරන පොටෑසියම් සහ එහි අඩංගු අනෙකුත් වැදගත් පෝෂක, රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ධමනි අවහිරවීම වලක්වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරනවා..

සව්

රසවත් වගේම ඉතාමත් ගුණවත් ආහාරයක් තමයි සව් කියන්නේ. සව් වල ඔමේගා-3 මේද අම්ල, තන්තු, අඩංගු වන නිසා සව් හදවතට වඩාත් ගුණදායකයි. අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම සහ ධමනි පිරිසිදු කිරීමේ හැකියාව සව් වලට තියෙනවා.

ජමනාරංවල ඇති ලැවනොයිඩ් නොබිලිටින් වර්ණකය මගින් කොලෙස්‌ටරෝල් පාලනය කරයි.

දිනපතා ආහාරය සමඟ රතුලූනු, සුදුලූනු ආහාරයට ගැනීම

කරපිංචා, ගොරකා, සුදුලූනු අඹරා ආහාරයට ගැනීම

කොල්ලු තම්බා බීම. රසකිඳ කළාඳුරු අල කසාය ගැනීම මෙන්ම ස්‌වභාවික ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීම මගින් කොලෙස්‌ටරෝල් හෙවත් අධික රුධිරගත මේදය සුවපත් කරගත හැකිය.

කොලොස්ටරෝල් සදහා බෙහෙත් වට්ටෝරුවක්

අවශ්‍ය වන ද්‍රව්‍ය :

වස විස නැති වට්ටක්කා පලුවක්

ජලය ස්වල්පයක්

ප්‍රථමයෙන් වට්ටක්කා පලුව ලෙලි ඉවත්කර කුඩා කැබලි වලට කපාගන්න. ඉන් ඔසුව කපාගත් වට්ටක්කා කැබලි සහ ජලය ඇඹරුම් යන්ත්‍රයකට එක්කර ස්මූති එකක් බවට පත්වන තුරු අඹරා ගන්න.

මේ ස්මූති පානයඋදෑසන ආහාර වේලට විනාඩි 20 කට පමණ පෙර පානය කරන්න.

මේ පානය මාසයක කාලයක් දිනපතා පානය කරන්න. ඔබට අත්වන ප්‍රතිඵල දැක ඔබම පුදුමයට පත්වේවි!

ඔබ මේ ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් රුධිර පර්යේෂණයක් සිදුකරන්න. මසකින් පසුවත් නැවතත් රුධිර පර්යේෂණයක් සිදුකරන්න. ඉන් පසුව මේ ප්‍රතිකාරයේ සාර්ථකත්වය ගැන මැන බැලීම සඳහා රුධිර පර්යේෂණ ප්‍රතිඵල දෙක සසඳා බලන්න.

වට්ටක්කා මගින් ධමනි තුල සිරවුණු තෙල් දියකර මුත්‍රා සමග පිට කරවන නිසා ලෙහෙසියෙන්ම අහිතකර වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නට පුළුවන්.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *