කිණිහිරියා මල් තුනක් සුමේධ බුදුරජාණන් වහන්සේට පූජා කර ලැබූ ආනිසංස

අප සම්බුද්ධ සාසනයේ මහා පිනැති තේජවන්ත මහ රහතන් වහන්සේ නම්ක් වැඩ සිටියහ. උන් වහන්සේ නමින් උත්තර නම් විය.කල්ප තිස්දාහකට පෙර සුමේධ නමින් බුදුරජාණන් වහන්සේ නමක් මෙලොව පහල වූහ.උන් වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ලග තිබූ ගසකින් කිණිහිරියා මල් තුනක් කඩා ගෙන බොහොම ගෞරවයෙන් භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලයේ තබා පූජා කලේය.මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක් අවබොධ කළේද?. එම ධර්මය මටද අවබෝධ කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරන ලදී

එදා පටන් මේ බුදුසසුන දක්වා කාලය කල්ප ගනනින් තිස් දාහක් විය.මේකාලය තුල එම මල් පූජාකිරීමේ පුණ්‍ය බලයෙන් සතර අපාදුකින් මිදුනේය. දෙවිමිනිසුන් අතර ලබන්නට තිබෙන සියළු සම්පත් ලබන ලදී.දිර්ඝායුෂ,නිරෝගී බව ,දර්ශනීය ජීවිත,පරිවාර සම්පත්,ඇති ජීවිත ,උසස් කුල සම්පත් ,මහා ධන සම්පත්,මහා ප්‍රඥාවන්ත ජීවිත,මහේෂාක්‍ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක්‍රවර්ති රජකම වරක්ද, සක්විති පදවිය වරක්ද,ලබන ලදී. එසේම රට රට වල්පාලනය කරන රජකම් ඇමැතිකම් ලැබූවාර ගණන සීමාවක් නොමැත.

මල් තුනක් සුමේධ බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංශ වශයෙන් මෙතරම් උසස් අනුසස් රාශියක් සසර ගමන තුල උත්තර මහ රහතන් වහන්සේ ලබා ගත්හ.
අවසානයේ උතතර කුමරුවා ගෞතම බුදුසසුනේ පැවදිවී සිව්පිළිසිඹියා ඥාණ ,ෂට් අභිඤ්ඤා,ත්‍රිවිද්‍යා ලබා උතුම් අරහත්වයට පත්විය අරහත්වය දක්වාම මල් තුනක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ පිංකම උත්තර මහ රහතන් වහන්සේට හේතු උපනිශ්‍රය විය.

ඔබත් මෙවැනි උතුම් කුසල කර්මයන් සිදුකර සසර යහපත් කරගෙන් නිවන් සුව ලබන්නට අදිටන් කරගන්න තෙරුවන් සරණයිධර්ම දානය පිණිසයි

කර්මවිපාක -රිදියගම සුදම්මාභිවංශ ස්වාමීන් වහන්සේ

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *