කැස්සට ඇදුම නිට්ටාවට හොද කරන කළුදුරු

කළුදුරු – ( Nigella Satina )

මෙරට වැඩ විසූ අවසාන මාර්ග පල ලාහි තෙරණුවන් ලෙස හැඳින්වෙන මලියදේව මහ රහතන් වහන්සේ, ගිලන් කල්හි කළුදුරු මිශ්‍ර ඔසු කැඳක් පිළිගැන්වුණු බව පැරණි ලේඛනවල සඳහන් වෙනවා. පුරාණ ග්‍රීසියේ ඇදුම, කල්ගිය කැස්ස , වැනි ශ්වසන රෝගීන් සුවය සඳහා කළුදුරු දුම ඉරූ බවට සටහන් දක්නට ලැබෙනවා .ඓතිහාසික ආගමික ග්‍රන්ථයක් වන ශුද්ධ කුරානය කියන්නේ කළුදුරු මිනිසාගේ මරණින් පෙර ඇතිවන සියලු රෝග සුවකර දෙන්නක් බවයි. මරණය පෙනි පෙනී ඉන්නා, නියඟලා විස ශරීර ගතවූවන්ගේ ජීවිත බේරාගන්නට ප්‍රතිකාර කිරීමේ හැකියාවත් කළුදුරු සතුයි. කළුදුරු ආශ්‍රිතව පැවැති නොයෙකුත් හිතකර අත්දැකීම් නිසා ඒගැන විශේෂ අවධානයක් යොමුවූ අතර 1964 සිටම ඒගැන විවිධ පර්යේෂණ පැවැත්වුණා. ඒ වායින් අනාවරණය වූයේ නොයෙකුත් රෝග සුවකිරීමට එහි ඇති සුවිශේෂ හැකියාවයි.

කළුදුරු, ඇත්දල හැඩැති මණි පත්‍රවලින් සැරසී, අලංකාර සුදු හා නිල් පැහැති මල් පුබුදුවන, ප්‍රභේද දෙකකින් යුතු ශාකයක්. ඒවායේ කළු පැහැති සුවඳවත් ඇට මෙන්ම ඇටවලින් සිඳිනු ලබන තෙල්ද බොහෝ රෝගවලට ඖෂධ ලෙස යොදාගනු ලබනවා. ඉන් දැකගත් විස්මිත ගුණ නිසා දෝ black seed- (කළු ඇට ), නම් වූ එය blessed seed-(ආශීර්වාද ලත් ඇට) ලෙස ද හඳුන්වනවා.
කළුදුරු තෙල් ආහාර පිසීමටද යොදා ගනු ලබනවා.තෝසේ චපාති රොටී වැනි ආහාර සැකසීමේදී කළුදුරු තෙල භාවිතා කෙරෙන අතර තේ කෝපි ආදියටද කළුදුරු කුඩු මිශ්‍ර කරගන්නා බව සඳහන්.

දේශීය වෙදකමේත්, ආයුර්වේදයේ ත් , වා සෙම් රෝග සුවයට කළුදුරු යොදාගනු ලබනවා.
කළුදුරු A B C විටමින් කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් සින්ක් ආදි පෝෂක ගණනාවකින් යුක්තයි. ප්‍රති ඔක්සිකාරක හා ප්‍රතිජීවක ගුණ සහිතයි. විස නාශකයක් , වේදනා නාශකයක්, වයිරස් බැක්ටීරියා නාශකයක්, අසාත්මිකතා නාශකයක් සේ සිරුරේ ක්‍රියාත්මක වෙනවා. පිළිකා රෝග පාලනයට යොදාගන්නා කිමෝ තෙරපි යේ කාර්‍යය ඉටුකර දෙන කළුදුරු, විකිරණ හානිවලින් තොරව ම මොළයේ පිළිකා, රුධිර පිළිකා, බඩවැල් පියොයුරු හා මුඛ පිළිකා අවදානම් අවම කිරීමට උපකාරි වෙනවා.

රුධිරගත මේද දහනය කරන කළුදුරු කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටම් පාලනය කරමිත් හදවත ආරක්ෂා කරනවා. සීනි අඩුකර දෙමින් දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරනවා .බර අඩුකර දෙමින් තරබාරුකම පාලනය කරනවා.සිරුරට ඇතුළුවන විෂ අවශෝෂණය කරගනිමින් අක්මාව ඉදිමීමත් ඊට ඇතිවන වෙනත් හානිත් වළකාලීමේ හැකියාව කළුදුරු සතුයි. මත්පැන්, සැර බෙහෙත් වර්ග ආදියෙන් ඇතිවන විස එය දුරුකර දෙනවා. එසේම ඊයම්වලින් මොළයට ත්, බර ලෝහයක්වන කැඩ්මියම් වලින් වකුගඩුවලටත් වන හානි වළකනවා.

පෙණහළු ආශ්‍රිත ඇදුම, බ්‍රොන්කයිටිස්, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව හා උණ රෝග සඳහා කළුදුරු සුව සහන ලබා දෙනවා. සමේ ඇතිවන කුරුළෑ සැරවගෙඩි, වණ තුවාල සුවකරමින් සම නිරෝගිකර පැහැපත් කරනවා. කැඩුම් බිඳුම්, තැලුම් ඉදිමුම් සුවපත් කරනවා.ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහායවෙමින් අජීර්ණ අර්ශස් රෝග දුරුකරනවා. ආහාර මාර්ගයේ තුවාල සුවකර දෙනවා. ආහාර රුචිය වර්ධනය කරනවා. එය කිරි දෙන මවුවරුන්ගේ බොහෝ ගැටළු විසඳමින් සහන සලසන්නක් . කාන්තා ආර්තව චක්‍රද ක්‍රමවත් කරනවාකළුදුරු හිසකෙස් නිරෝගි කිරීමටත් සහායවනවා අකලට පැසීම ,කෙස් වැටීම ,කෙස්අග පැලීම, වළක්වන්නටත් හිස්සොරි දුරුකිරීමටත් එය සමත්. හිස කෙස් නිරෝගිව වැවීම සඳහා කළු දුරු පොල්තෙලට දමා කල්තබා හිසගැල්වීමත්, පොල්තෙල් උළුහාල් රතුලූනු කරපිංචා ආදිය සමග රත් කර හිස ගැල්වීමත්, අතීතයේ සිට ම පවත්නා පුරුද්දක් .

ප්‍රතිජීවක ඖෂධවලට බැක්ටීරියා ප්‍රතිවිරෝධය දැක්වීමේ ගැටළුවට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව කළුදුරු සතු ව්ශේෂ ශක්තියක්. එහිදී ප්‍රතිජීවකයක් ලෙස එය ක්‍රියා කරන අතර කළුදුරු හා අළුත් ඉඟුරු සමවගෙන දිනකට තේ හැන්දක ප්‍ර මාණය ගැනීම ඊට සෑහෙනවා. එය ඔක්කාර , උණ , මස්පිඩු වේදනා වැළැක්මට ද සුදුසුයි.අපස්මාර -ස්නායු රෝග, වලිප්පුව පොතු කබර , වාතරෝග මුඛ හා දන්ත රෝග ආදියට ද කළුදුරු මගින් ප්‍රතිකාර කෙරෙනවා. අසාත්මිකතාව සුවකිරීමට මෙන්ම නිදන්ගත රෝග දුරුකිරීමට ද ඊට හැකි බව සඳහන්.

රාත්‍රියේ නින්දට පෙර කළුදුරු ඇට කීපයක් සපා කා වතුර බීම සිරුර බොහෝ සෙයින් නිරෝගිවීමට හේතුවනවා. සුව නින්දක් ලබාදීමට ද කළුදුරුවලට හැකියි. ගැබිණි මවුවරුන්ට හා දරුවන් බලාපොරොත්තුවන කාන්තාවන්ට කළුදුරු එතරම් හිතකර නැහැ, වකුගඩු දියවන රෝගීන්ට ද කළුදුරු අහිතකර බව සඳහන්. කවරකුට වුවද එය ඉතා අධික ලෙස ගැනීම සුදුසු නැහැ.

කළුදුරු වලින් අත් බෙහෙත්

*බර අඩුකර ගැනීමට
කළුදුරු තෙල් හා මීපැණි තේහැඳි බාගය බැගින් මිශ්‍රකර උදේ පානය කිරීම.

*සුව නින්දට දැවිල්ල දුරුකිරීමට
කළුදුරු ඇට ස්වල්පයක් දියේ දමා තබා රාත්‍රි නින්දට පෙර පානය කිරීම

*මැලේරියා උණට
කළුදුරු ඇට සියුම්ව චූර්ණකර උක් හකුරු සමග කෑම

*කැස්සට ඇදුමට අසාත්මිකතා වලට
කළුදුරු තේ පානය සහ හුමාලය ඇල්ලීම

*අර්ශස් ගෙඩිවලට
කළුදුරු දවන දුම ඇල්ලීම

*මුහුණේ කළු ලප කැළැල් දුරුකර සම පැහැපත් කරගැන්මට
කළුදුරු සූදුරු අබ හා තල එළකිරෙන් අඹරා ගෑම

*කොලෙස්ටරෝල් පාලනයට
කළුදුරු කරපිංචා උළුහාල් සමව ගෙන කුඩුකර මීපැණි දමා තේ හැන්දක් උදේ බීම

*මස්පිඬු පෙරළීම මාංශ පේශි වේදනා සඳහා
දිනකට දෙවරක් කළුදුරු තෙල් ගෑම
රාත්‍රි නින්දට පෙර කළුදුරු තේ හැන්දක් දැමූ තේ පානය කිරීම

*හිසකෙස් වැටීම නැවතී වර්ධනය වීමට
දොඹ දලු, බුලත් රතුලූනු ගොටුකොළ සමවගෙන කොටා කළුදුරු හා තලතෙල් සමග මඳ පමණට උතුරුවා හිස ගැල්වීම

රුධිරගත මේද දහනයට , තරබාරුව පාලනයට,දියවැඩියාවට අධි රුධිර පීඩනයට
කළුදුරු සුදුලූනු, ගොරක කරපිංච දලු ඉඟුරු උළුහාල් කුරුඳුපොතු සමව ගෙන ගම්මිරිස් ඇට කීපයක් සමග ඇල්දියෙන් අඹරා ඉන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණය බත් සමග කෑමට ගැනීම.

25

(මූලාශ්‍ර හා සේයාරූ- අන්තර්ජාලය පුවත්පත් හා වෛද්‍යලේඛන)

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *