කැකිරි පානය හදන විදිය

මේදිනවල පවතින දැඩි උණුසුම නිසා ඉන් වකුගඩු මෙන්ම ඇස් සහ සිරුර බේරාගැනීමට ඔබ සැම උනන්දුවන්නමේසදහා කැකිරි භාවිතය මගින්බොහෝ ලෙස අපට වාසි ලැබේ කැකිරි යනු

  • සිරුර ඉතාමත් සිසිල්කරණ මුත්‍රාකාරකයක්
  • සිරුරේ විඩාව නිවන
  • වකුගඩුවල ගල් ඇතිවීම වලකන මෙන්ම ඇති ගල් දියකර හැරීමේ ගුණය
  • පිපාසය සන් සිදුවාලන
  • නින්ද නොයන රෝගයන්ට සුවදෙන
  • වකුගඩුවෙ තැම්පත්වන බැරලෝහ ඇතුළු විස ඉවත්කරනා
  • ගුණයන්ගෙන් පිරි ආහාරයකි

කැකිරි යනු හෙළයින්ගෙ ආහාර රටාවේ මෙන්ම හෙළ ගොවිතැනේදී සුවිශේෂි බෝගයක් මෙන්ම අවුළුවකි එක් කරුනක්නම් රටේ ඕනෑම පරිසර තත්වයක් යටතේ අවම සාත්තුවලින් හොදින් වැඩීම මෙන්ම අහාරයක් හැටියට විස හරන ආහාර අතරේ ඉහලින්ම ඇති ආහාරයක් වීමයි අදවනවිට මේ ආහාරය අපෙන් ඌණ භාවිතයට ලක්වෙමින් ඊට ආදීනව සිරුරේ කොටස් ලෙඩ කරගනිමින් සිටී

සාදාගන්නා ආකාරය -හොදින් පැසුනු ඉතා සුළුවෙන් කහ පැහැයට හුරුවූ කැකිරි ගෙඩියක් ගෙන ගලායන ජලයෙන් හොදින් සෝදා නැට්ට ඇති පෙදෙසෙන් පෙත්‍තක් කපා තිත්ත ඉවත්කොට පොත්ත ඇතුවම කුඩා කොටස් වලට කපාගන්න ඇට ඉවත් කිරීමක් නොකරම පසුව ඇඹරුම් යන්ත්‍රයක ආධාරයෙන්හෝ වනේ කොටා (වංගෙඩියක ) එය සම්පූර්ණයෙන්ම පානය කරන්න ජලය එක්කර ගැනිමක් සීනි එක්කර ගැනීමක් අවැසි නොවේ

විශේශයෙන්ම එලිමහනේ වැඩකරන අයගේ වකුගඩු දුර්වලවීමේ විශාල අවදානමක් පවතිනවා එනිසා ගතවන සෑම මිනිත්තු විස්සකට (20විනාඩි) වරක්ම ජලය උගුරු හතරක් වත් බොන්නට හුරුවන්න වියලිකලාපයේ වකුගඩු රෝග ඇතිවීමට කැකිරි භාවිතය අවම වීමත් එක් සාධකයක් බවයි පෙනීගියේ මා කල සමීක්ෂණ කටයුතු වලදී අප රටේ වියලි කලාපයෙ ඉතාමත් යහමින් වැවෙනා මේ හෙළයන්ගෙ භෝගය සොභාදහමින්ම අපට ලැබුනු අපූරු දායාදයකි.

විශේශයෙන් කිව යුතුයි මේ කැකිරි වල ඇට වල සුවිශේෂී හැකියාවක් තිබෙනවා මුත්‍රා කාරක ගුණය මෙන්ම අප බොන ජලයේ ඇති බයිකාබනේටයන් වකුගඩුවේ රැදීමට ඉඩ නොදීමේ සහ බැරලෝහ ඉවත් කිරීමේ එනිසා ඔබ කිසිවිටෙකක් ආහාරයක් ලෙස මෙය පිසීමේදීද කැකිරි ඇට ඉවත්කොට පිසීම නොකරන්න අපගේ හෙළ ආහාර සැකසීමේදීනම් කැකිරි ඇට පොල් තුනපහ ඇතුළු කුළුබඩු සමගම ගලේ අඹරා තලපයක් ලෙස අවුළුවට එක්කර ගත්තා අද ඒ දැනුම ඒ ආහාර විහරණ රටාව අපෙන් ඈත්වෙලා

ඉතින් නැවතත් අප අපගේ නිවැරදි හෙළ ආහාර රටාව හෙළ බෝග වගාවට පණ පොවා නිරෝගීවෙමු සොභාදහම සුරකිමු සොභාදහමේ සරදමින් මිදෙමු නිවැරදි හෙළ ආහාර රටාවක් තුළින් නිරොගී පරපුරක් ශක්තිමත් ආර්ථිකයක් නැවතත් සැබෑ හෙළ දේශයක් ගොඩනගමු

Author: admin