කාන්තා ගර්භාෂයේ ගෙඩි ඇතිවෙන වැරදි දේවල්

කාන්තාවකගේ ගර්භාෂය යනු ඉතාමත් වැදගත් ශාරීරික අවයවක්‌. දරු පිළිසිඳ ගැනීම මෙන්ම එම ගැබ වර්ධනය වී දරුවකු බිහිවීම දක්‌වා වන සියලු කාරණාවන් සිදුවන්නේ මෙම ගර්භාෂය තුළයි. මීට අමතරව මාසිකව වන ඔසප්වීම සඳහා ද මූලික වන්නේ මෙම ගර්භාෂයයි. ඒ අනුව ගර්භාෂය ගැහැණියකට කෙතරම් වැදගත්කමක්‌ දක්‌වන්නේ දැයි ඔබට පැහැදිලි අදහසක්‌ ඇති.

උතුම් මවු පදවිය ලැබීමට මෙන්ම ආර්ථවහරණය (Menopause) වන තෙක්‌ම හා ඉන් පසුවත් කාන්තා ඔබ ගර්භාෂය පිළිබඳව සැළකිලිමත් විය යුත්තේ ඇයි දැයි මෙම ලිපිය කියෑවීමෙන් ඔබට අවබෝධයක්‌ ලබාගත හැකි වෙයි.

වයස අවුරුදු 50 පසුවූ කාන්තාවන්ගෙන් 70% – 80% ක්‌ පමණ දෙනෙකුට සුළු වශයෙන් හෝ විවිධ ප්‍රමාණයේ ගර්භාෂ ගෙඩි ඇතිවිය හැකි නමුත් ඒවා විශාල බලපෑමක්‌ ඇති නොකරයි. ශාරීරික හෝමෝන වෙනස්‌වීමත් සමඟ ඒවා හැකිලී යයි.

ගර්භාෂයේ ඇතිවන මාංශමය ගෙඩි ගර්භාෂ ගෙඩි ලෙස හඳුන්වයි. මෙය ආයුර්වේදානුකූලව අර්බුද ලෙස ද දේශීය චිකිත්සාවේ ගෙඩි ලෙස ද විස්‌තර කර ඇත, කෙසේ වෙතත් මේවා පිළිකා නොවන සෛල වර්ධන ලෙස හැඳින්විය හැකියි.

දරුවකු පිළිසිඳ ගැනීමකට මෙය බාධාවක්‌ද?

ඉහත රූපයේ ඇති ගර්භාෂ ගෙඩි වර්ග හතරින් මූලික වශයෙන් වර්ග දෙකක්‌ දරුඵල නැතිවීමට බලපෑමක්‌ ඇති කරයි.

මෙවැනි අවස්‌ථා වලදී ඩිම්බ සංසේචනයක්‌ සිදුවුවද එය කලලයක්‌ ලෙස ගර්භාෂය තුළ වර්ධනය වීමට ගර්භාෂය ඉඩ ලබා නොදෙයි.

මෙවැනි රෝගී අවස්‌ථාවලදී පිළිසිඳ ගැනීම් සිදුවන්නේ කලාතුරකිනි. බොහෝ රෝගීන් අපට හමුවන්නේ දරුඵල නොමැතිව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විටයි.

මෙවැනි රෝග ලක්‍ෂණ තිබුණ ද ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ගණන අතළොස්‌සකි. ඒවා මුල් කාලයේ මෙම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ඉතා පහසුවෙන් හා ඉක්‌මනින් රෝගය සුවකර ගත හැකියි.

මෙවැනි රෝග ඇතිවීමට බලපාන හේතු?

  1. වැරදි ආහාර රටාව එනම් නිතර නිතර ක්‍ෂණික ආහාර ගැනීම
  2. ව්‍යායාම අඩුකම
  3. ක්‍ෂණික ආහාර වර්ග හා නිතර ගැනීම
  4. විවිධ කෘතීම රසකාරක යෙදූ ආහාර
  5. විවිධ පැණි බීම වර්ග
  6. කෘතීම ඖෂධ වර්ග (හෝර්මෝන හා විටමින් වර්ග අධිකව ගැනීම)
  7. රූපලාවන්‍ය සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග
  8. මානසික අසහනකාරී බව දිගටම තීබීම
  9. පානීය ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම
  10. ජානමය හේතු මේ සඳහා බලපායි

එවැනි හේතු නිසා ඇති වන හෝර්මෝන අසමතුලිතතාවය හා ලේ විෂවීම ආදී විවිධ හේතු කාරණා නිසා මෙවැනි විකෘතිකාරී ගෙඩි ඇති වෙයි.

මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවා දැයි සොයා බලමු.

ඉහත ලක්‍ෂණ හඳුනා ගත් විට තරුණ වියේදී හෝ විවාහ වී ඇතිවිට හෝ ඉතා ඉක්‌මනින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර කීරීමෙන් මෙම රෝගයන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි වෙනවා. ශල්‍ය කර්ම කිරීම අවශ්‍ය වන්නේ නෑ.

ශරීරය අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද ඇති වන මෙවැනි ගෙඩි සඳහා ආයුර්වේදයේ ඉතාම සාර්ථක හා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ඕනෑ තරම් දක්‌වා ඇත. මේ පිළිබඳව නොදන්නා බොහෝ රෝගීන් ශල්‍යකර්ම සිදුකර ඉතා අවාසනාවන්ත අවස්‌ථාවන්ට මුහුණ දෙනවා අපට ඕනෑ තරම් හමුව තිබෙනවා.

උපුටා ගැනුමකි.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *