කර්කට යන්ත්‍රය

මහාවංශයේ 39 වන පරිච්ඡේදය ආරම්භයේ #සීගිරිය පිළිබදව දැක්වෙන්නේ මෙලෙසයි..”මිනිසුන් විසින් නැංග නො හෙන ඒ (පව්ව)”..එනම් මෙය කිසිම මිනිසෙකුටවත් පහසුවෙන් තරණය කිරීමට නොහැකි පර්වතයක් යන්නයි..

රාවණ රජ දවස ආලකමන්දාවේ ඉහළ මහළට බාහිරින් පිවිසීම සඳහා මිනිස් ශ්‍රමය ආධාරයෙන් එසවෙන #කර්කටක යන්ත්‍රය නම් සෝපානයක් භාවිතා කල බව රාමායනයේ සඳහන් කොට තිබේ..මෙය දඹ රත්තරනින් නිර්මවන ලදු යැයි රාමායනයේ විස්තරාත්මකව දක්වා ඇත..

සිංහ පාදයේ සිට ඉහළට නැගීම සඳහා වර්තමානයේ තිබෙනුයේ කෘත්‍රීමව ඉදිකරන ලද පඩිපෙළකි.නමුත් ඒ අසල මෙන්ම සීගිරි ගල අවටද පැහැදිලිව අපට දැකගැනීමට හැකියාව පවතිනවා ගලේ ඉදිකර තිබෙන #පඩිපෙල් වැනි#කට්ට කැපූ ඉදිකිරීම් පෙළක්.නමුත් බොහෝ අය පවසන්නේ මෙය සීගිරි ගලට නැගීම සඳහා පෙර භාවිතා කල පඩිපෙල් සමූහයක් යන්නයි.නමුත් එය පා තබා යාහැකි පඩිපෙල් සමූහයක් නොවන බව ඔබට බැලූබැල්මට දැකගැනීමට හැකිය..

පෙර සදහන් කල පරිදී රාවණ රජ සමයේ මිනිස් ශ්‍රමයෙන් එසවෙන කර්කටක යන්ත්‍රය/සෝපානය පිහිටා තිබූ එක් ප්‍රධාන ස්ථානයක් ලෙස වත්මන් සිංහ පාදය තිබෙන ස්ථානය සැලකිය හැක..මෙවැනි සෝපාන #සතරක් සීගිරි ගලෙහි සතර දෙසින් තිබූ බව රාමායනයේ සවිස්තරව සඳහන් කර තිබේ..ඔබ එම ස්ථානයට ගොස් ඉතා විමර්ශන ශීලිව බැලුවහොත් ඔබට දැකගැනීමට හැකිවේවි මෙම ගලෙහි පිහිටා තිබෙන කර්කටක යන්ත්‍රය ගමන්ගත් ගමන් මාර්ග වසා දමා නව ඉදිකිරීමක් ලෙස සිංහ පාද ඉදිකර ඇති බව..

මහාවංශය පරිශීලනයේදීද අපට කර්කටක යන්ත්‍රය පිළිබඳව සාක්ෂි සාධක හමුවේ.එක්ටැම් ගෙය තුල සිරකර සිටි‍ චිත්‍රා දේවිය සොයා #ගාමිනී කුමරු #එක්ටැම් ගෙය තරණය කරනලද්දේ කර්කටක යන්ත්‍රය ආදාර කරගෙන බව මහාවංශයේද සදහන් කරතිබේ

උපුටා ගැනීම – අපේ පරපුරේ ලේ උරුමය-රාවණා-

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *