කරගැට ගල් තැලුම් ඉක්මණින් සුව කරගන්න මෙන්න මේ ප්‍රතිකාර කරන්න

ප්‍රශ්නය – පසුගිය සති දෙක තුළ පාදයේ හට ගන්නා ගල් තැලුම් ගැන ඔබ අප දැනුවත් කළා එම ලිපි කියෑවීමෙන් පසු අපට ලැබුණු දුරකථන ඇමතුම් සහ විමසීම්වලින් පෙනී ගියේ ගල් තැලුම් සෑදුන දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මේ රටේ සිටින බවයි.

එයට කළ යුතු ප්‍රතිකාර ගැන අවබෝධයක්‌ නැතිකමින් ඔවුන් විශාල දුකක්‌ විඳින බව පෙනී ගියා

ආචාර්ය වෛද්‍ය ඒ පුෂ්පකුමාර – එයට හේතුව පාද සෞඛ්‍යය ගැන ජනයාට අවබෝධයක්‌ හෝ දැනුමක්‌ නැති කමයි. පාද කියන්නේ අපේ ශරීරයේ තිබෙන වටිනාම කොටසක්‌.

මහ පොළොව සමඟ කෙළින්ම ගනුදෙනු කරන මහ පොළොව සමඟ කෙළින්ම ගැටෙන සහ ස්‌පර්ශ වන ශරීරාංගය වන පාද සුරක්‍ෂිතව පවත්වාගෙන යැම සඳහා සෞඛ්‍යාරක්‍ෂක වැඩපිළිවෙළක්‌ දියුණු රටවල තිබෙනවා.

පාද සුරක්‍ෂිත කර ගැනීම කොතරම් වැදගත්ද යන්න ගැන අපේ ජනයාට දැනුම් දීමේ වැඩපිළිවෙළක්‌ නැහැග පාදයක හැදෙන සුළු තුවාලය පවා පාදය කපා ඉවත් කිරීම දක්‌වා දුරදිග යන අවස්‌ථා තිබෙනවා.

ප්‍රශ්නය – ගල් තැලුම්වලින් වැළකී පාද සුරක්‍ෂිත කරගැනීමට ආයුර්වේද ක්‍රමවේද තිබෙනවාද?

ආචාර්ය වෛද්‍ය ඒ පුෂ්පකුමාර – නූතන ආයුර්වේදයේ මට්‌ටම් දෙකක්‌ තිබෙනවා.

සමහරු නවීන උපකරණ යොදාගෙනල නවීන තාක්‍ෂණය යොදාගෙන ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිකාර කරනවාග තවත් සමහර වෛද්‍යවරු තනිකරම සාම්ප්‍රදායික විදියට ආයුර්වේද ප්‍රතිකාර කරනවා. මා මෙතැන් සිට සඳහන් කරන්නේ මේ ක්‍රම දෙකම එක්‌ කරගත් ඉන්දියානු ආයුර්වේද සම්ප්‍රදාය යටතේ පාද සෞඛ්‍යය සුරකින ක්‍රම කිහිපයක්‌.

දෙහි යුෂ කියන්නේ පාදවලට ඉතාම ගුණවත් ආලේපයක්‌ග දෙහි බෑවක්‌ අරගෙන ගල් තැලුම මත ඇතිල්ලීම දිනපතාම සිදු කළාම සහනයක්‌ දැනෙනවා.

පා ඇඟිලිවල එන ඇතැම් කරගැටවල දෙහි ඇතිල්ලුවාම එම කරගැට ගැලවී යනවා. හැබැයි මේ ප්‍රතිකාරය ටික කලක්‌ නොනවත්වාම කළ යුතුයි.

සෝඩියම් බයිකාබනේට්‌ හෙවත් බේකිං සෝඩා මේස හැඳි 3 ක්‌ උණු වතුර බේසමකට දමා කලවම් කර පාද එහි ඔබාගෙන විනාඩි 15 ක්‌ සිටිය යුතුයි.

ඊළඟට බේකිං සෝඩාවලින් තලපයක්‌ සාදා එය ගල් තැලුම හෝ කරගැට මත තවරා රෙදි පටියකින් වෙලා පැය 12 ක්‌ තැබිය යුතුයි. මෙසේ ටික කලක්‌ යද්දී කරගැට ගැලවී යනවා

පොල් විනාකිරිවල පෙඟවූ පුලුන් කැබැල්ලක්‌ ගල් තැලුම හෝ ඉන්නා මත තබා රෙදි පටියකින් වෙලා පැය 4 ක්‌ තැබූ විට ගල් තැලුම හෝ කරගැටය බුරුල් වීමට පටන් ගන්නවා.

මේ ආකාරයෙන් දිනකට දෙවරක්‌ සතියක්‌ පුරා කළ විට ගල්තැලුම ඉවත් කිරීම පහසු වන අතර කරගැටය ගැලවී වැටෙනවා.

අන්නාසි ලෙල්ලක්‌ කරගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක්‌ පුරා තබන්න මෙසේ දින කිහිපයක්‌ කළ විට කරගැටය ගැලවී වැටෙනවා.

තලන ලද සුදුලූනු බිකක්‌ කරගැටය මත තබා බැඳ රැයක්‌ තබන්නග දින කිහිපයක්‌ මේ ප්‍රතිකාර කළ විට කරගැටය ගැලවී වැටෙනවා.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

මුලාශ්‍රය – දිවයින

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *