ඔබත් මේ ආහාර දින ගණන් ශීත කරණයේ තියනවද?ආය කවදාවත් මේ වැරැද්ද කරන්න එපා

ශීත කරණය කියන්නේ වර්ථමානයේ නිවසකට අත්‍යවශ්‍යම අංගයක්. ශීත කරණයක් විශේෂයෙන් වැදගත් වෙන්නේ ආහාර කල්තියා ගැනීම සදහා. ආහාර කල් තබා ගන්න ශීත කරනය වැදගත් කියලා කිව්වට මාස ගණම් ආහාර ශීත කරණයේ තියෙන එක නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.

අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් කරණ අයහපත් දෙයක් තමයි මේ විදියට ශීත කරණ ඇතුලේ පරණ කෑම තියලා ඒවා රත් කර ආහාරයට ගන්න එක. එළවළු , පළතුරු වගේ ආහාර වුණත් ශීත කරණයක දවස් 05කට වඩා තියෙන ඒක ඒ තරම් හොද නැහැ. පිසූ ආහාර නම් දින ගණන් ශීත කරණයේ දමා රත් කර ආහාරයට ගැනීම කොහොමත් සුදුසු නැහැ. ඊට අමතරව මේ ආහාර ශීත කරණයේ දමන එක ගැන හිතන්නවත් එපා.

අල වර්ග
බීට්, අල, බතල, ඉන්නල මෙන්න මේ වගේ අල වර්ග ඔයත් පොලෙන් අරන් ඇවිත් වැඩි හොඳට කියලා ශීතකරණයේ දමනවාද ? එහෙනම් ඔන්න ආයේ කවදාවත් මේ වගේ පොලවෙන් ගන්න අල වර්ග නම් ශීතකරණයේ තියන්න එපා. ඔබ දන්නවද පොළව තුල හැදෙන මේ වගේ අල ජාති වලට ඉක්මනින්ම ජලය උරා ගන්නවා. ඒ මගින් එම අල ක්ෂුද්‍රජීවීන්ගේ වාසස්ථානයක් වෙන්න පුළුවන්.අනික අල තුලට එහෙම වතුර උරා ගත්තම ඒවා ඇතුලතින් තැම්බෙන්න බලනවා. එහෙම වුනාම ඒවා ආහාරයට නුසුදුසු වෙනවා. අන්න ඒ නිසා අල ජාති ශීතකරණයේ තියද්දි නම් ටිකක් හිතන්න වෙනවා. එහෙනම් ඔයා කවදාවත් මෙන්න මේ වගේ අල වර්ග නම් ශීතකරණයේ තියන්න එපා.

තක්කාලි
ගොඩක් අය තක්කාලි නම් කල් තබා ගන්න ශීතකරණයේ අසුරනවා. ඒත් ඔයාලා දන්නවාද තක්කාලි කියන්නෙ ඇසිට් සහිත එළවළු, පළතුරු කියන මෙන්න මේ දෙකටම පොදුවේ ආහාරයට ගන්න පුළුවන් දෙයක්. නමුත් තක්කාලි වල තිබෙන වතුර සහිත ස්වභාවය වැඩි වෙලා තක්කාලි ගෙඩියෙහි උඩ සිවිය සහිත පට්ටය ඉක්මනින්ම තැම්බෙන්න ඉඩ තියෙනවා ශීතකරණය තුල ඇසුරුවොත් නම්. ඒ වගේම තක්කාලි ගෙඩියෙ තියෙන පෝෂ්‍ය නැති වී යන්න පුළුවන්. ඒ නිසා කවදාවත් තක්කාලි නම් ශීතකරණයේ අසුරන්න එපා .

ලීක්ස්, ලූණු කොළ
ලීක්ස් වගේම ලූණු කොළත් ඉක්මනින්ම ජලය උරා ගන්නා සුළු එළවළු වර්ග දෙකක්. ඉතින් මෙම ආහාර ජාති දෙකත් ශීතකරණයේ නම් තියන්න එපා. මොකද මේවා ඉක්මනින්ම වතුර උරා ගෙන තැම්බෙන්න පුළුවන් ජාතියෙ ආහාර වර්ග. ගුණ ඇතිව ආහාරයට ගන්න නම් ශීතකරණයේ නොදා පත්තර පි‍ටුවකින් ආවරණය කරලා එළවළු රාක්කයෙන් අසුරලා තියන්න.

මාළු මිරිස්
මාළු මිරිස් කියන්නෙත් ඉක්මනින්ම ජලය උරා ගන්න සුළු ආහාර වර්ගයක් නිසා මාළු මිරිස් කරල් ඇතුලතින් ඉක්මනින්ම තැම්බෙන්න පුළුවන් එම නිසා කවදාවත් මාළු මිරිස් වගේ ඒවා නම් ශීතකරණයේ දාන්න එපා.

පතෝල, වැටකොළු
පතෝල වැටකොළු කියන්නෙත් ඉක්මනින්ම ජලය උරා ගන්න ආහාර වර්ග දෙකක්. මෙම ආහාර වර්ග ශීතකරණයේ දැමීමෙන් ඒවා දිය ගතියට හැරෙන්න පුළුවන්. එහෙම වුනොත් නම් මොන තරම් රසට ව්‍යාංජන පිසුවත් දිය රහ වෙන්න පුළුවන්. ඒ වගේම ඒවායේ තියෙන පෝෂ්‍ය ගුණයත් නැති වෙලා යන්න ඉඩ තියෙනවා.

කේක් වර්ග
අපේ ගොඩක් දෙනෙක් කරන තව දෙයක් තමයි ගෙදරට ගේන කේක් ජාති වගේ ඒවා ශීතකරණයේ තියලා කවුරු හරි ගෙදරට ආවොත් ඒවා කපලා කන්න තියනවා. ඔබ දන්නවාද කේක් වලට බිත්තර, බේකින් පවුඩර් මිශ්‍ර කරන නිසා කේක් ශීතකරණයේ බහාලුවොත් ඒකට වතුර උරා ගන්න පුළුවන්.එහෙම උනොත් ඒවා ඉක්මනින්ම පුස් බැදෙනවා . එතකොට නම් කඩෙන් ගෙනත් කනවා වගේ නම් කේක් කන්න වෙන්නෙ නෑ වතුර උරා ගෙන පුස් රස වුන කුඩු හැලෙන කේක් තමයි අමුත්තන්ට පිළි ගන්වන්න වෙන්නෙත් ඔන්න.

ඉහත සඳහන් කර ආහාර ජාති වලට අමතරව ලූණු , ගෝවා , ලීම කරල්, කරවිල , තුඹ වැනි ආහාර වර්ගද ශීතකරණයේ දැමීමෙන් වලකින්න. හොඳ මවක්, බිරිඳක් , ගෘහණියක් විදියට නිතරම තම පවුල වෙනුවෙන් හොඳම දේ දීමට ඔබත් වග බලා ගන්න.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *