උදෑසන ආහාරය

කාර්යබහුලත්වය නිසා අපි ගොඩ දෙනෙකුට දැන් මේක පුරුද්දකට ගිහින් නේද? එහෙනම් ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපියක් මේ.

මේ පණිවිඩය, අවුරුදු 17ක් තිස්සේ වැඩිහිටියන් 6550ක් යොදාගෙන සිදු කරපු ලොකු පර්යේශණයකින් තමයි ඉදිරිපත් වෙන්නේ. මෙහිදී ලැබුණු ප්‍රතිඵල වලට අනුව, දිනපතා නොවරදවා, උදෑසන ආහාරය ලබාගත් පිරිසට සාපේක්‍ෂව, එය මඟහැරි පිරිසට, හෘද රෝග ඇතිවීමේ අවධානම 87%ක් වූ බවත්, එමඟින් ඔවුන් මරණයට පත්වීමේ අවධානම 19%කින් වැඩි බවත් අනාවරණය වී ඇත. ඊට අමතරව, මෙසේ උදෑසන ආහාරය මඟහැරීමට පුරුදු වී සිටි අයගේ ශරීර බරත්, ලේ වල කොලෙස්ටරෝල්ද සාපේක්‍ෂව ඉහළ මට්ටමක පැවති බවද කියැවේ.

මේ පිළිබඳව Journal of the American College of Cardiology හී පළකල වෛද්‍ය පර්යේශණ වාර්තාවේ තව දුරටත් සඳහන් වෙන්නේ, හෘද රෝග ඇතිවීමට මෙය වැදගත් සාධකයක් ලෙස බලපාන අතර, ඒ සඳහා බලපාන වෙනත් පාරිසරික, ශාරීරික හේතූන් කීපයක්ම ඇති බවයි.

මේ විතරක් නෙමෙයි, මේ නරක පුරුද්ද නිසා අපේ සෞඛ්‍යට වෙන තවත් හානි කීපයක්ම තියනවා!

උදෑසන ආහාර වේල මඟහරින අයට, දියවැඩියාව (ඉන්සියුලින් අත්‍යාවශ්‍ය නොවන 2න වර්ගයේ දියවැඩියාව/ Type 2 Diabetes) ඇතිවීමේ අවධානම වැඩිය. එමෙන්ම දියවැඩියාවෙන් පෙළෙන අයත්, ලේ වල සීනි මට්ටම ඒකාකාරීව තබාගැනීමට නම්, ක්‍රමානුකූලව දවසේ අහාරවේලවල් නියමිත වේලාවට ගත යුතුය.

ශරීර බර වැඩි වීම. මහත් අඩු කර ගැනීමට බලාපොරොත්තුවෙන්, උදෑසන ආහාරය මඟහරිනවානම් දෙවරක් සිතන්න. දිගු වේලාවකින් ආහාරයක් නොලැබුණු විට කුසගින්න වැඩිවන අතර, ශරීරයෙන්ද ඉල්ලන ශක්තිය වැඩි වේ. මේ නිසා ඊලඟට වෙන්නේ, දවල් ආහාරය සඳහා පාලනයකින් තොරව ගොඩක් ගිල දැමීමයි!

ශක්තිය හා මානසික තත්ත්වය කෙරෙහි ඍඉණාත්මකව බලපායි. ඇඟ පණ නැති බවක් දැනීම මෙන්ම සුළු අමතක වීම් මෙයට අයත් වේ. මේ බව එංගලන්තයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පර්යේශණාත්මකවත් ඔප්පු කරලා තියනවා. ඉතින් සුභදායි ලෙස පටන් ගන්න ඕනා දවසක ආරම්භය ඒ වගේ වෙන්න ඕනේ නෑ නේද?

පාසල් යන වයසේ ළමුන්ට දිනපතා සමබර උදෑසන ආහාරයක් ලැබීමෙන්, ඔවුන්ගේ දැකීමේ, සිතීමේ, මෙන්ම තර්කන හැකියා පවා සාපේක්ෂව ඉහළ මට්ටම ඇති බව පර්යේශණ වලින් සොයාගෙන තිබෙනවා.

හිසරදය, ඉරුවාරදය වැනි රෝග ලක්ෂණ මතු විය හැක. මෙයට හේතු වන්නේ, දිගු වේලාවක් ශරීරයට ආහාරයක් නොලැබීම නිසා, ලේ වල සීනි මට්ටම අඩු වීමත් එය පාලනයට ලේ වලට ඇතැම් හෝමෝන ස්‍රාවය වීමෙන් රුධිර පීඩනය ඉහළ යෑමයි.

හිසකෙස් වල මනා වර්ධනය හා ප්‍රෝටීන බහුල උදෑසන ආහාරයත් අතර හොඳ සම්බන්ධයක් ඇති බවට සොයාගත් පර්යේශණ වාර්තා ඇත.

මොන වගේ උදෑසන ආහාරයක් ගැනීමද වැදගත්?

කෙටියෙන් කිව්වොත් සමබර වේලක්!

හොඳ කොළකැඳ කෝප්පයකට නම් මේ කිසිවක් සම කරන්න බැහැ!!

තන්තු සහිත කාබෝහයිඩ්‍රේට අඩංගු (ඕට්ස්, කඩල, කවුපි, මුං, රතු හාලේ හෝ නාඩු බත් ස්වල්පයක්, පරළු පාන්, කුරක්කන්)

ප්‍රෝටීන (එළකිරි, මුදවපු කිරි, බිත්තර, ඇට/ ධාන්‍ය/ බීජ)

පළතුරු

තැම්බූ එළවලු හෝ මිශ්‍ර සළාදයක්

එහෙමත් නැත්නම්, දැන් දැන් ප්‍රචලිත උදෑසන ආහාරයක් වන,
පළතුරු, කැරට්/ පිපිඤ්ඤා වැනි එළවළු හෝ යෝගට් තවත් ඇට වර්ග කීපයක් සමඟ අඹරා පානයක් ලෙස.

හොඳ වතුර වීදුරුවක් බොන්නත් අමතක කරන්න එපා!

ඉතින් උදෑසන ආහාරය ‘රජෙක්‘ වගේ ගන්න ඕනේ කියලා අපේ පැරැණ්නන් කියලා තියෙන්නේ නිකම් නෙමෙයි නේද?

ඔබට සුව දවසක්! ❤️

උපුටාගැනීමකි.

ලොව පුරා හර බර පුවත් එසැණින් දැන ගන්න, විදුර සමඟ එක් වන්න. සැමවිටම මූලාශ්‍ර සහිත සත්‍ය දැනුම, නූතන විද්‍යාත්මක පර්යේෂණ රසවත් තොරතුරු ඉතා වගකීමෙන් ඔබට ලබා දෙන්නේ විදුරයි.

විදුර – Like කරන්න – Share කරන්න – Follow කරන්න

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *