කෙස් පැසීම වළකන පැෂන් කොළ

බොහෝ දෙනා නොදැන සිටියද පැෂන් කොළවල ඇත්තේ පුදුමාකාර ගුණයකි. පැෂන් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණයක් ලෙස කෙඳි ග්‍රෑම් 104, මෙහි කොලොස්ටරෝල් අන්තර්ගතව නැත. සම්පූර්ණ මේදය ග්‍රෑම් .7, විටමින් සී ග්‍රෑම් 20, විටමින් ඊ මයික්‍රෝ ග්‍රෑම් .02, විටමින් කේ මිලිග්‍රෑම් .7, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 23, පොටෑසියම් මිලි ග්‍රෑම් 348, සෝඩියම් අන්තර්ගතව නැත. එමෙන්ම විටමින් බී 2, බී 6, සැලකිය යුතු ප්‍රමාණයක් පැෂන් කොළවල අඩංගුව පවතී. විටමින් A, බවට පරිවර්තනය වන බීටා කැරොටික් මෙහි අන්තර්ගතව පවතී. මෙම බීටා කැරොටික් මඟින් දත් සහ අස්ථි නිරෝගීව තබා ගැනීමේ හැකියාව පවතී. කෙස්වලටත්, ඇස්වලටත්, සමටත් ඉතා ගුණදායක වන අතර කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට මෙන්ම ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. මෙමඟින් අස්ථි වර්ධනය වීමක් අස්ථි ආශ්‍රිතව ඇතිවන ආබාධ ඌනතා වළක්වා ගැනීමටත් උදව් වේ.විටමින් කේ සහ විටමින් ඊට අන්තර්ගතව පවතින හෙයින් වන්ද්‍යභාවය සහිත ස්ත්‍රී පුරුෂයන්ට ඉතා ගුණදායක වේ. මානසික ආතතිය, මානසික පීඩනය සහිත රෝගීන්ට මනස සන්සුන් කරගැනීමට පැෂන් කොළ උදවු කෙරේ.අකලට කෙස් පැසීම වැළැක්වීම මෙන්ම කෙස් වැටීම වැළැක්වීමටත් පැෂන් කොළවල ඇත්තේ ගුණදායක පෝෂණ ගුණයකි. කෙස්වලට උදවු වන විටමින් බී2, බී6, කොපර් සහ පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා මේ ගුණය වර්ධනය වේ.

එමෙන්ම ඔමේගා 6 මේද අම්ලය අඩංගුව ඇති නිසා සිරැරේ ආසාදන තත්ත්වයන් වළක්වන ශරීරයට ඉතා හිතකර මේද අම්ලයකි.පැෂන් කොළවල ජලයේ දියවෙන තන්තු කොටස් වැඩිපුර අන්තර්ගතව පවතී. ජලයේ දියවෙන කෙඳි මඟින් මහබඩවැලේ මහ අන්ත්‍රයේ එකතුවන විෂ ද්‍රව්‍යයන් ඉවත් කෙරේ. ආහාර මාර්ගයේ චලනයන් මුත්‍රා ලෙස ඇතිකර මළ පිටකිරීම පහසු කෙරේ.එක්රැස්වන විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීම මඟින් ආසාධන මාර්ග තුළ ආසාදන පිළිකා තත්ත්වයන් ඇතිවීම දුරලයි. පැෂන් කොළවල ඇති කෙඳි මඟින් මළ මුත්‍රා පිටකිරීම පහසු කරන හෙයින් අර්ශස් සහ ආහාර මාර්ගයේ ප්‍රදාහ තත්ත්වයන් වළකාලයි.පිළිකාමය තත්ත්වයන් සඳහා පැෂන් කොළ ඉතා ගුණදායක වේ. පැෂන්වල සැළකිය යුතු ප්‍රමාණයකින් ප්ලෙවනොයිඩ ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. ඒවා ප්‍රතිඔක්සිකාරකයන් වේ. එමඟින් ද පිළිකා ඇති වීමෙන් සිරැර ආරක්ෂා කෙරේ.පැෂන්වල කොලොස්ටරෝල් නැත. මේදයද අවමය. කෙඳි මඟින් මේද කොටස් අඩු කෙරේ. පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති හෙයින් හදවත් රෝග වළකාලයි. පැෂන් මල් සහ ඵලයේ ඖෂධීය ඇල්කොලයිඩ අඩංගු වේ. එමඟින් ස්නායු පද්ධතිය සැහැල්ලු කර නින්ද ඇති කෙරේ. මේ නිසා ඇස්ප්‍රීන් ඖෂධීය සමඟ පැෂන් ගැනීම සුදුසු නොවේ. එසේ ගැනීමෙන් රුධිර සාන්ද්‍රණය අඩු කෙරේ. එමෙන්ම මානසික රෝග සඳහා ඖෂධ ගන්නා අයද වෛද්‍ය උපදෙස් ලබා ගන්නට අමතක කරන්න එපා.පෙනීම සඳහා ද පැෂන් කොළ ඉතා ගුණදායක වේ. වර්තමානයේදී විවිධාකාර හේතූන් නිසා ළමුන් තරුණ පිරිස් අතරද ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙමින් පවතී, පැෂන් කොළවල පවතින විටමින් ඒ, සී, ප්ලෙවනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක මඟින් ඇහේ නිපදවන නිදහස් මුක්තඛණ්ඩක විනාශ කරනු ලබයි. එමෙන්ම යකඩ, විටමින් සී, සමඟ දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට විස්සක් පැෂන්වලින් ලැබේ. යකඩ සිරුරට උරා ගැනීමට විටමින් සී අත්‍යවශ්‍ය වේ. ඒවා සියල්ල පැෂන් කොළවල අන්තර්ගත වේ.

Author: admin